මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jul 14, 2012

අනේ අසරණයි සිත





ඉකි ගසන සිතුම් වැල්  දසත පාවී ඇදෙයි
ඔබ මතක සමඟ සිත කඳුලු සලමින් හඬයි
සිහිනයක සැඟවිලා අනේ ඔබ තව දොඩයි
අහිමි බව දැනි දැනී මිරිඟුවට සිත ඇදෙයි

පොත පතින් එහා සිත දුවන්නට මං සොයයි
අනේ අසරණයි සිත කෙනෙකු කරදර කරයි
අහිමි බව දැනි දැනි ඔහුත් පසුපසම එයි
ඔබට දුන් සිත යලිත් ගන්න මට නොම සිතෙයි

දුර ඇත සැඟිව යන්නට කලින් කිව් වදන්
පිත පුරා  රුව් දෙමින් යලිත් මතකයට එයි
ඔබේ සිහිනයත් මා සිහිනයට සම නිසයි
දුක දරන් නැඟි ඉන්නේ සිහින ඉකි ගහයි

යලි යලිත්  ගිලන් වන මා සිතුම් දුක්බරයි
ඔබ ඇවිත් දෙන සිහින පොඩි හිතට හරි බරයි
හිඳින්නට හැකියි මහ මෙරක් ලෙස සිත දොඩයි
ඔබේ සිත ලඟ තවත් මගේ පෙම අසරණයි



අහන්න නවතම තොරතුරු - 
www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk

7 comments:

  1. "දුර ඇත සැඟිව යන්නට කලින් කිව් වදන්
    පිත පුරා රුව් දෙමින් යලිත් මතකයට එයි"

    හරිම ලස්සනයි!!!

    ReplyDelete
  2. //ඔබේ සිත ලඟ තවත් මගේ පෙම අසරණයි//
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...:(

    ලස්සනයි!!! දුකයි!!

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. කිරිල්ලි.. දන්න දේවල් ඇ.. ප්‍රියන්ත අයියද කිව්වේ මෙහෙම ඇවිත් කමෙන්ට් කරන්න කියලා.. ඔන්න ඉතින් ප්‍රියන්ත අයියාත් වැරදි පාරෙ යන්න හදන්නේ...

    ReplyDelete
  5. නොදන්න මගුල්වලට හොට දාන්න ගිහිං වැඩි දවසක් යන්න කලිංම කිරිල්ලි හත්පොලේ ගාගන්නවට මොනවද ඔට්ටු ????

    ReplyDelete
  6. හික්zz මට පෙන්නෙ කස්ටියට අතල් එක වැඩි කමට ඇනො කියලා හිතන් තමන්ගෙම එවගෙන් කොමෙන්ටු කොටලා ..... හයියු සල්ලි ..........:D LOL :D

    මෙ හංසි අක්කෙ මෙ පොස්ටුවෙ දහන්කො ප.ලි: කියලා මෙය කා විසින් ? කවුරු හට ? කුමක් අරඹයා ? කුමන අවස්ථාවෙ ලියන ලද්දක්ද කියලා. මොළෙ මකුනො කන උන්ට තව ආතල් වැඩි වෙයි ....

    ReplyDelete