මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jul 10, 2012

අභියෝගය





ඔහු මට කලේ එකම එක අභියෝගයයි

ඒ ඔහු නැතිව ජීවත් වෙලා පෙන්වන්න කියලා

ඔහුව නොදැක

ඔහු හා කතා නොකොට

ඔහු ගැන නොවිමසා ජීවත් වෙන්න


මම එහෙම කලොත්

ඔහු මහ සඳහටම ආදරේ කරන බව කීවා!


මම එකඟ උනා

මම ඔහට කෝල් කලේ නෑ

එකම එක මැසේජ් එක්කවත් යැව්වෙත් නෑ

මුළු දවසම ඔහුගෙන් ඈත් වෙලා හිටියා


පහු වෙනිදා මම ගියා ඔහුව දකින්න ඔහුගේ නිවසට

දෙවියනේ ඇස් අදහ ගන්න බැරි උනා මට..

ඔහු ගන්න ගිහින්

යන්නම ගිහින්


අනේ ඔහුගේ නිසසල සිරුර තැම්පත් කර තිබුනු පෙට්ටියේ ඉඳන් ඔහුගේ 

ආත්මය මට මිමිණුවේ



ඔයාට පුළුවන් රත්තරන්.. මම නැතිව ජීවතක් වෙන්න ඔයාට පුළුවන්.... 

මම ආදරෙයි හැමදාම!!



අනේ මම දැනගෙන උන්නේ නැහැ.. ඔහු මට අභියෝග කරද්දි ඔහු ජීවත් 


වෙන්නේ තව පැය විසි හරතක් බව ඔහු දැනගෙන උන්නු බව 



ඉංග්‍රීසි කියමනක් ඇසුරෙන් ...................


අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk

7 comments:

  1. හරිම සංවේදී පොස්ටුවක්! :(

    ReplyDelete
  2. දුක සිතුනි. :/

    ReplyDelete
  3. නියමයි... ඉංගිරීසි නෙමේ දෙමළ උනත් :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. හිතට දැනුනා හුගාක් :/

    ReplyDelete
  5. හ්ම්ම්!

    ReplyDelete
  6. සංවේදියි,,,

    කෝ අක්කේ අර කතාව.. ඒක එහෙමම ඉවරදෝ?

    ReplyDelete