මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jul 8, 2012

කාල භක්ෂක ආත්මාර්ථකාමීන්ට





පිදුරු ගොඩ බදාගෙන
උඩුබුරුලන බල්ලන්ට
ගොනුන් දොස් කියන්නෑ
බල්ලාගේ මැටි කමට

තමන් කන්නේ නොමැති
පිදුරු ගොඩ අයිති කර 
නිකරුනේ උඩු බුරන
තකතීරු බල්ලන්ට 

රටට වැඩ නොම කරන
තමන්ටත් වැඩ නොවන
කාල භක්ෂකයින්ට
බලය විතරයි ඔන්න

නිසල දිය ගැඹුරු ලෙස 
ගොනුන් නිහඬව සිටිත
වැඩ කරන්නේ කවුද
බලු හිතින් විමසන්න

බදාගෙන පිදුරු ගොඩ
ඔය තරම් නැටුවාට
අද කරන දේ පමණි
ගෙනයන්නේ හෙට දිනට 



9 comments:

  1. එකෙන්ම ..........

    ReplyDelete
  2. අනිවා.... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. සහතික ඇත්ත ...

    ReplyDelete
  4. ලස්සනයි අක්කේ... :)

    ReplyDelete
  5. "බදාගෙන පිදුරු ගොඩ
    ඔය තරම් නැටුවාට
    අද කරන දේ පමණි
    ගෙනයන්නේ හෙට දිනට"
    සහතික ඇත්ත...

    ReplyDelete
  6. ඇත්ත ඇති සැටි ලෙසින්...
    මෘදු ලෙසින් ගැඹුරු සේ ....
    හැඩකාර නිය තුඩින් හෙටත් මට
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඕනෙ ඈ....... :D :D :D ( සුපිරි ඇ... )

    ReplyDelete
  7. මොකටද වචන නාස්ති කරන්නේ
    පට්ට

    ReplyDelete
  8. කවි රැල්ල

    ReplyDelete