මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

May 13, 2012

මගේ හොඳම මිත්රිය | My Best Friend

විටෙක අත් වැල් පටලා ඇවිදන් යන්නට
එකිනෙකා වැළඳගෙන රස කතා මුමුනනන්නට

තව විටෙක උරණ වී දොස් කියන්නට
දින ගන්න එකිනෙකාට රහසින් හිනා සෙමින් තරහා වී සිටින්නට

මෙලොව අප ජීවිත සරනත උතුම් ආත්මයේ ආදරය 
වැඩිපුර ලබා ගන්නට පොර කන 

කැඩපතක් මෙන් මසිත කියවන ඔබ
පුරා හඳක් නොවේද මගේ දිවියට

අම්මා කියනවා වෙනුවට 
ආසයි මම
මගේ හොඳම මිතුරිය ඔබ යැයි කියන්නට 


එක දිනකට සීමා කල නොහැකි මුත් අපේ බැඳීම සංවත්සරය  

සදාකාලිකයි නොවෙද 

අම්මාවරැන්ගේ දිනය අද! 

3 comments:

  1. හ්ම්... අද අපේ අම්මගේ උපන් දිනේ...

    ReplyDelete
  2. a.....daraye ulpatha wu amma....

    ReplyDelete
  3. ගෑල්ලමයෙක්ට ඉන්න හොදම මිතුරිය අම්මලු.. අපේ අම්මයි අක්කයි දිහා බැළුවම ඒක හොදට තේරෙනවා..

    ReplyDelete