මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

May 26, 2012

මම කවුද ?


අපි අපි ගැන මොනවිදියටද හිතාගෙන ඉන්නේ?

සමහර වෙලාවට අපි හිතනවා තමන් තරම් අහිංසක කෙනක් මේ ලොකේ තවත් නැ කියලා. තවත් සමහර වෙලාවට අපි  හිතන්නේ තමන් තරම් නිවැරදි කෙනක් මේ ලොකේ තවත් නෑ කියලා.  ඒත් අපි අපි ගැන හිතන විදිය කොයි තරම් වැරදිද කියන දේ චුට්ටකට හිතලා බලන්න.

මාත් ඉස්සර හිතුවේ මම විතරයි හරි අනිත් හැමෝම වැරදියි කියලා. දැනටත් සමහර වෙලාවට මම එහෙම හිතනවා. ඒත් එහෙම හිතෙන වෙලාවට මම කල්පනා කරනවා එතනදි මම කොයිතරම් වැරදිද කියලා. ඒ නිසා මගේ හිතට එකඟ නොවෙන දේවල් මම කරනවා අඩුයි. ඒහෙම කරොත් කරන්නේ  ඉවසලා  ඉවසලා බැරිම තැනකදි උපරිම කේන්තියක් විසින් මටම මාව පාලනයක් කරගන්න බැරි උනොත් විතරමයි. මීට මාස කිහිපයකට කලින් එහෙම් සිද්දියක් වෙලා තාමත් මම ඒ ගැන කණගාටු වෙනවා.

ඉතින් මම අද කියන්න යන්නේ අපි අපි ගැනම පොඩි විශ්ලේෂනයක් කරගන්නේ කොහොමද කියලා. IT ඉගෙන ගන්න අපේ යාළුවෝ මේ tool  එක දන්නවා ඇති. ඒත් කවදාවත් ඒක අපේ ජීවිත වලට අදාල කරලා බලන්න නැතිව ඇති නේද.  මම ඒක කරලා තියෙනවා ඒකට අපි කියන්නේ personal swot analysis කියලා 

මේකට අපි කියන්නේ SWOT Analysis කියලා. අපි මෙතනදි කතා කරන්නේ ප්‍රධාන කරුණු හතරක් ගැන.
 
Strengths -  ප්‍රබලතාවයන්
Weaknesses - දුර්වලතාවයක්
Opportunities- අවස්ථාවන්
Threats-  තර්ජනයන්

ඔය කියන හතරට තමන්ගේ  විස්තර දාලා බලන්න දැන්

උදාහරණයක් විදියට මම ලිව්වොත් ලියන්නේ මෙන්න මෙහෙම.

Strengths -  ප්‍රබලතාවයන්

Self motivation
Talents
Honesty
Hard working
Friends
Parents
Good team player
Hard Working
Responsible
Public speaking skills
Good command in English
Writing skills
Experience

Weaknesses - දුර්වලතාවයක්

Bad spellings
Quick temper
Getting disappoint  quickly
Thinking too much
Eating chocolate
Watching films 
Wasting  time in Facebook
Not sleeping enough time
Sensitiveness
Honesty 

Opportunities- අවස්ථාවන්

Elder child in the family
Studying while working
Teaching
Independent
Contacts with grate personalities 

Threats-  තර්ජනයන්

Money
Weakness of mine
begrudge  and Demotivates  of others

 ඔන්න ඔක තමයි මම දැනට මගේ SWOT Analysis එක විදියට කියන්නේ. ඒත් සමහර වෙලාවට මේ දේවල් වෙනස් වෙන්න  පුළුවන්. අපේ ප්‍රබලතාවයන් සමහර වෙලාවට දුර්වලතාවයන් වෙන්න පුළුවන්. අන්න ඒක නිසයි මම අවංක භාවය මගේ දුර්වකමක් විදියටත් දාලා තියෙන්නේ.

ඒකට උදාහරණයක් කියනන්නම්..

අපේ ඉස්කොලේ පොඩි එකෙක් ඉන්නවා. කොල්ලාට අවුරුද්දේදි අම්මා නැති වෙලා, දැන් ඉන්නේ පුංචි අම්මා. තාත්තා හග්ගල  මල් වත්තේ කම්කරුවෙක්. ඒත් පොඩි එකට තියෙන ආදරේට අපේ ඉස්කොලේට දාලා වියදම් කරලා උගන්වනවා. කොල්ලාගේ පසුබිම මම දන්නවා වගේම අම්මා තාත්තා ඒකා වෙනුවෙන් විඳින දුකත් මම දන්නවා.  පොඩ්ඩා හැමෝගේම ආදරය ගොඩක් බලා පොරාත්තු වෙන බව දන්න නිසාම පන්තියේ දඟ කරද්දි මම සැර කරන සීමාව අඩුකලා. ඒත් කල් යද්දි මටම ඒක වදයක් උනා. පොඩි එකා පන්තියේ දැඟලිල්ල වැඩි උනා. බැරිම තැන මම කිව්වා පුතා ඔයා ඉගෙන ගන්තේ නැත්නම් ඔයාටත් තාත්තා වගේ  ගොවිතැන් කරන්න තමා වෙන්නේ කියලා.  පොඩි එකාට ඒක කිව්වේ හැදෙන්න. ඒත් පොඩි එකා ඒක ගත්තේ තාත්තාට කරපු අපහාසයක් විදියට.

පහුවදා උදේම ගේට්ටුව ගාවදි පොඩි එකා මගේ මුණට පැන්නා බැනගෙන. ටීචර් ආයේ එහෙම අපේ තාත්තාට එක එක ඒවා කියන්න එපා  කියලා. මට කට උත්තර නෑ!!  අවවාදයක් දුන්නාට කවදාවත් මම කාගෙත් එක්කවත් වාග් සංවාද වලට යන්නෑ. කියන්න තියෙන දෙයක් සාමෙන් කියලා එතනින් අයින් වෙනවා ඇරෙන්න. මගේ  ඉහ මොලත් එක්ක කීං ගෑවා., තව ළමයිනුත් බලාගෙන හිටියා එතන. මුළු රෑම පාඩම් කරලා මාත් අවුලෙන් හිටියේ.. මම එහෙමම අත්සන් කරලා පන්තියට ගියා. විනාඩියක් යන්න උනේ නෑ. සීනියර්  ශිෂ්‍යනායකයෙක් එනවා කොල්ලා එක්කගෙන.  ඇවිත් මගෙන් සමාව ගන්න කිව්වා. කොල්ල  මූණ රතු කරන් වැඳලා සමාව අරන් ගියා.

ඉතින් මම කල්පනා කලේ මගේ කරුණාව නිසා මම පොඩි එකාට පන්තියේ නටන්න දුන්නා. අන්තිමේ මගේ කරුණාව නිසාම මට පොඩි එකාගෙන් බැනුම් අහන්නත් උනා...

ජීවිතේ එහෙමයි යාළුවනේ. හැම පුංචි සිදුවීමකින්ම  ජීවිතේට  ලොකු පාඩම් ඉගෙන ගන්න පුළුවන්.

එහෙම නම් අද තව මුකුත් කියන්න යන්නේ නැහැ.

ඔයාලාත් SWOT Analysis එක ට්‍රයි කරලා බලන්න තමන්ගේ ජීවිතේ මේ වගේ සාරාංශ කර ගත්තහම තමන්ගේ වැරදි තේරුම් අරන් හදා ගන්නත් තමන්ගේ වටිනාකම් හඳුනාගෙන ඒවා වැඩි දියුණු කරගන්නත් පුළුවන්

එහෙනම් ඔයාලටයි මටයි හැමෝටම ජය!

ප:ලි;
ආදරයෙන් සියල්ලන්ම වෙත.
මෙතන මම නොකියපු. ඔයාලා දකින මගේ දුර්වලකම් තියෙනවානම් මට කමෙන්ටුවකින්  හරි පෞද්ගලිකව හරි කියන්න අමතක කරන්නත් එපා. මොකද අපිට අපේ වැරදි පේනවා අඩුයි. ඒක අනිත් අයටයි වැඩිපුර පේනනේ :D




10 comments:

  1. සමහර වෙලාවල් වල හදිස්සියට ‍හරියි කියලා හිතන දේවල් පස්සේ කල්පනා කරද්දි තමා තේරෙන්නේ අපි මොනවද කරලා තියෙන්නේ කියලා. ඒත් ඉතිං කොච්චර හිතා ගත්තත් කල්පනා කරලා වැඩ කරනවා කියලා සමහර වෙලාවට හොදටම මග ඇරිලා.

    අපිට තව හදා ගන්න ගොඩක් දේවල් තියේ නේද ?.

    ReplyDelete
    Replies
    1. ඇත්ත යාළුවා සමහර වෙලාවට අපි හරියි කියලා කරන දේවල් ගොබක්ම වැරදි වෙන්න පුළුවන්

      අපිට අපේ වැරදි හදාගන්න එක ලේසි දෙයක් නෙවෙයි. ඒත් අපි අපේ වැරදි තේරුම් ගන්න එකම ලොකු දෙයක්.. වරදක් කර කර හොඳ කෙනක් කියා ගන්නවාට වඩා තමන් මේ වරද කරනවා කියලා තේරුම් ගන්න එකත් වැරදි හදාගන්න උදව් වෙනවා :D

      Delete
  2. ෂාහ් මේක හරි වටිනවා මං වගේ හැදෙන සූටි ලමයින්ට.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා රජ පැටියටත්!

      Delete
  3. වැදගත් ලිපියක් අක්කේ... :)

    ReplyDelete
  4. Anonymous6:41:00 AM

    ඔයාගේ දැකපු හොදම ලිපිය මෙයයි . මෙන්න මෙහෙම ලිපි ලියන්න . කියවලා බලන්න ඔයාගේ හිතටම කොච්චර සැනසිමක් එනවද කියල , අනිත් අයට හින්ට් නැතුව , හිත රිදවන්නේ නැතුව මෙහෙම ලිවිවාම හිතට දැනෙන සතුට .කියවන අපටත් ඒ වගේමයි . තමන්ගේ වැරදී හදුනා ගන්නවනම් ලොකුම දෙයක් .

    ජයෙන් ජය !

    ReplyDelete
  5. අක්කේ මේක නම් හොඳ ලිපියක්.. මටත් ඔය වගේ දේවල් අනන්තවත් වෙලා තියෙනවා. ඔය ශදුඅත විශ්ලේෂණය කරාට වැඩක් නෑ ඒක අවබෝධ කරගෙන තමන්ට අදාල කරගෙන වැඩ කරේ නැත්තම්. අපි ඔය තියරි පාට් ඔක්කෝම කරත් ප්‍රැක්ටිකල් කරද්දි තමයි ඇනගන්නේ...

    ReplyDelete
  6. ඉතාමත් හොද වටින ලිපියක් අනේ මට බැනේ මෙව්වා වගේ එව්වා ලියන්න

    ReplyDelete
  7. අපේ ප්‍රබලතාවයන් සමහර වෙලාවට දුර්වලතාවයන් වෙන්න පුළුවන්// හොද උපදෙසක්. මමත් හිතට ගත්ත.

    ReplyDelete
  8. අර පොඩි එකාගෙ සීන්කොන් එක කියද්දි මගෙ ජිවිතෙත් ඔවැනිම සිද්දි කීපයක්ම ආවර්ජනය උනා හංසි අක්කෙ . :( අපෙ කරුණාව දයාව පාගාදැමිමෙන් මෙ ලොකෙ බොහොමයක් ඇත්තො අසික්කිත සතුටක් විදිනව අක්කේ...... :(

    ReplyDelete