මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

May 18, 2012

මතකය අතරේ .........


පොඩිම දේටත් හිත රිදවගෙන  මම කේලම් කියාගෙන එද්දි හැම වෙලාවේම ඔයා කිව්වේ, මේ ලොකේ ඔහොම තමයි නඟේ කියලා.. ඇත්ත අයියේ ඔයා ලෝකේ තේරුම් ගත්ත විදිය හරි. ඒ තේරුම් ගැනීම නිසාම වෙන්න ඇති හරි ඉක්මනට ඔයා මේ ලෝකේ දාලා ගියේ.. ඒත් ඔයා යද්දි ඔයා අපිට අහිමි කලේ සුලුපටු දෙයක් නෙවී, යාළුකම සහෝදර කම කියන දේ අහිමි වෙලා මාව නති උනා.. පුංචි කාලයක් නෙවී.. අදට අවුරද්දයි... එදා රෑ ඔයා අපිව දාලා ගියා කියන ආරංචිය අහපු වෙලේ මගේ උගුරේ හිරවුනු දෙයක් නිසා මේ දැනුත් මගේ වචන හිරවෙලා වගේ...
ඔයාගේ නිසල දේහය දිහා බලාගෙන මම හිතා ගත්තේ ඒක දෙයයි.  නෑ... මගේ අයියා ගියේ නෑ.. හාමදාම වගේ ඉන්නවා කියලා.. මට ඔනි උනා අඬන්න.. ඒත් ඇඩුවා කියලා ඔයා ආයිත් නොඑන බව අපි දැනගෙන උන්නා. මම වගේම තව කීදෙනක්නම් දත්මිටිකාගෙන කඳුලු හිර කරන් හිටියාද.
අපේ යාළුකමට ඔයා කරපු සාධාරණකම් ඉදිරියේ අදටත් මට ඔයා නෑ කියන දේ විශ්වාස කරන්න අමාරුයි අයියේ.. මම අසනීප වුනු දාක මගේ කිසිම යාළුවෙක්ට මං ගැන හොයා බලන්න අමතක වෙද්දි, ඔයා කෝල් කරලා කෑ ගහනවා පියාඹන කුරුල්ලෝ කොහොමද ලෙඩ.. ඉක්මනට සනීප වෙයි නේද කියලා. මම දන්නවා උනත් ඔයාට නෑහෙන බව මම කිව්වේ ඉක්මනට සනීප වෙලා එනවා කියලා.
 අදටත් ඔයා වගේ යාළුවෙක් මට හදා ගන්න බැරි උනා. ඒත් දුකක් නෑ අයියේ.. ඔයා වගේ හොඳ යාළුවෙක් මගේ ජීවිතේ ඉන්නවා කියලා   මම මගේ හිත හැම වෙලාවේම රවට ගන්නවා.
අපි අවාසනාවන්තයෝ.. ඔයා වගේ මිනිස්කම් පිරුණු කෙනක් අපිට නැති උනේ ඒක නිසා.
මට දෙයක් දැනෙනවා ඔයා මේ වෙද්දි අළුත් අම්මා කෙනක්ගේ උකුලේ නිරෝගී දරුවෙක් වෙලා ඉපදිලා ඇති. ඒහෙම උනානම් අපි මේ ආත්මෙදි කොහේදි හරි මුණගැහේවි අයියේ..
මට පුළුවන් මේ පිටුව පිරෙන්න අපේ යාළුකම ගැන යුනිකේත පුරවන්න මට පුළුවන්.. ඒත් අදටත් මට හයියක් නෑ.. මගේ හොඳම යාළුවා නොහිතපු වෙලාවක මාව දාලා ගියා කියන ඇත්ත පිලිගන්න..අදට අවුරුද්දයි අයියේ....... L
ඔයා වෙනුවෙන් මේ පුංචි සටහන නොලිව්වොත් මම අපේ යාළු කමට කරන ලොකු ද්‍රොහිකමක්...
ඔයා වෙනුවෙන් මට කරන්න පුළුවන් එකම දේ මම කරන හැම හොඳ දේකදිම ඔයාව මතක් කරලා ඒ හැම පිනක්ම ඔයාට අනුමෝදන් කරන එක විරමයි.....
ඔයා ඉන්න ලෝකෙක සතුටින් ඉන්න.. මේ පියාඹන සතාට හැමදාමත් ඔයා හොඳ යාළුවෙක් බව මම දන්නවා...........

4 comments:

  1. ඉලන්දාරියා අයියා ෙවනුෙවන් ෙන්ද අක්කා ලිව්ෙව්....හම්...

    ReplyDelete
  2. මං බ්ලොග් ලියන්න එන්න කලිනුයි මං මේ සිද්දිය දැන ගත්තෙ බ්ලොග් වලින්. ඔබා මාමා නැතු වුනාම දැනුනු තරම් නොවුනත් දුක හිතුන එදත් මට...:(

    ReplyDelete
  3. ඉලංදාරියා මල්ලිව අපිට අමතක නෑ... එයාටත්, ඔබා මාමටත් අපි නිවන් සුව පතනවා...

    ReplyDelete
  4. මමත් බ්ලොග් ලෝකෙට ආව අලුතම වගෙයි ඕක දැන්ගත්තෙ.. කණගාටුයි ඔහු ජීවත් ව්එලා ඉන්න කාලෙ ඇතුලත ලියපු දෙයක් කියවන්නවත් නොලැබීම ගැන..:(

    ReplyDelete