මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Apr 18, 2012

හොද හැටි නා ගත්තෙමි

හහ්!! හහ්!! හහ්!! හ්ච්චුං:!!

හප්පේ යාළුවෝ බලනවාද මොකක්ද උනේ කියලා...

ඔව් අනේ හොඳටම හෙස්බිරිස්සාව අද උදේ පටන් ගත්ත ගමන මේ දැන් වෙනකල් කීපාරක්නම් සබන් නැතිව නා ගත්තද.. හයියෝ  අද වන් දවසක් හතුරෙකුටත්  උදා නෙවේවා

කාලෙකින් මං ගැන මුකුත් ලියන්න බැරි වුන එකේ ඔන්න මම ලියන්න යන්නේ අද දවසේ නා ගෑනිම් ටික

ඔන්න උදේම මම බබා නැගිට්ටා 

සුසපුරුදු ලෙස කම්පීතරේ ඔන් කරගෙනම ජනේලේ ඇරලා වාඩි උනා රාජාසනේ. අපේ අම්මා ඒ පුටුවට කියන්නේ රාජාසනේ කියලා. :D 

රාජාසනේ වාඩි උනාම කෙලින්ම ජනේලෙන් එළිය පේනවා සමන් පිච්ච වැලට ෆෝකස් කරලා මගේ කාමරේ ජනේලේ  දැම්මේ මගේ බලවත් ඉල්ලීමක් පිට. 

අප්පච්චි උදේම වැඩ පටන් අරන් මල් පැල වලට බෙහෙත් ගහනවා. මාත් ඉතින් උදේ තේ එකත් අරගෙන මිදුල වටේ රවුමක් දාගෙන ආවා. ආයි පුරුදු විදියටම සමන් පිච්ච වැල ලඟටත් ගියා. එතකොට අප්පච්චි හිටියේ පිව්ව වැලට පහල මල් පැල වෙලට බෙහෙත් ඉහ ඉහ 

මම අනිත්  පැත්තනේ කුස්සිය ලඟට ඇවිත් ලී බංකුවේ හරිබරි ගැහිලා අවට සුන්දරත්වය බල බල තේ එක බුදිනවා.. අප්පච්චිත් ආවේ නෑතෑ බෙහෙත් ගහලා ඉවර වෙලා ටැප් එක ලඟට 

“පිව්ච වැල දැක්කද...“ අප්පච්චි අහනවා

“ඔව් මල් පිපිලා නේද....“ මාත් උත්තර දෙනවා 

“ආ.. ඇත්තද මල් පිපිලා විතරද දැක්කේ...“ අප්පච්චි නිකං කෝචොක් එකට වගේ අහනවා

“ඔව් නේහ්! මල් සේරම වැස්සට තෙමිලා තැලිලා... “ මාත් සියල්ල දත් වගේ කියනවා

“ගිහින් බලන්නකෝ මල් තැලිලද කියලා“ අප්පච්චි ආයිත් කියනවා. ඔක අහන් හිටිය අම්මාත් මා පස්සෙන් පිච්ච වැල දිහාට ආවා 

කිරි අප්පට බල්ලෝ පැනලා ඊයේ රෑ ආව ඌරෙක් පිච්ච වැල මුල හාරලා. විසාල විනාසයක් කරලා..හත්දෙයියනේ ජනේලෙනුත් පිච්ච වැල දිහා බලා ඉඳලා ඊට පස්සේ ලඟටත් ගිහින් බලලත් මම ඒක දැක්කේ නෑ.. 
 
“මේ ලොකේ නෙවෙයි ඉන්නේ “
“අරකයි“
“මේකයි“
තුන් දෙනා පාටාන් ගත්තා... ඔන්න නමෝ විත්තියෙන් මම නා ගත්තා උදේ පාන්දර

දෙවනි නෑම තමා නෑම.. අයියෝ එහෙම දේවල් මිනිස්සුන්ට වෙනවාද.. 

මම ළමයා කියන්නේ කිසිම දවසක නියපොතු වවන ළමයෙක් නෙවී.. සුට්ට වැරදුන ගමන් කන්නේ අතේ නියපොතු ටික.. රුපියල් 5000ක් දෙනවා කියලාවත් අපේ අන්කල්ට මගේ නියපොතු කෑම නවත්තන්න බැරි උනා. 
ඔකී මෙකී කරුණු නිසා මගේ නියපොතු ස්වභාවයෙන් කොටයි. ඒ කියලා ඉස්ටැයිල් කරනන් මට තහනම්ය.. කඩේ තියෙන ප්ලාස්ටික් නියපොතු ටිකක් අලවගෙන මාත් හෙන ඉස්ටැයිලියට තමා ඉන්නේ.

ඒ ඉස්ටැයිලියත් හැමදාම කරන්නෑ.. හිතුන ගමන් තමා. 

ස්වභාවික නියපොතු ටික රැක ගනන් ඔනි නිසා ගම් ගාලා අලවන නියපොතු වෙනුවට ස්ටිකරයකින් අලවන නියපොතු තමයි මම පාවිච්චි කරන්නේ..

ඔන්න අදත් ක්ලාස් යන්න ලෑස්ති වෙලා අලවා ගත්තා රතුපාට නියපොතු  එක අතකට , අනිත් අත ෆ්‍රී ... දිග නියපොතු වලින් ටයිප් කරන්න බාධා නේ ඒක නිසා 

ඔන්න පාරටත් ගියා කියමුකෝ, කොළඹ යන RAD බස් එකක් ආවා. සන්තොෂයි වේගෙන් යන බස්නේ කියලා නැංගා. හැබැයි  හිස් ආසන නෑ.. හිටගෙන තමා යන්න වෙන්නේ.. කමක් නෑ කියලා වැඩිය කට්ටිය නැති තැනකට ගිහින් හිට ගත්තා. නියපොතු අලවපු අතින් අල්ලපු සීට් එකේ හිටියේ තරුණයෙකුයි, අන්කල් කෙනෙකුයි දෙන්නා මගේ නියපොතු ටික දිහ බලනවා මම දුටුවා.

අනෙක් සීට්එකේ හිටි තරුණයෝ දෙන්නාත් නියපොතු ටිකට ඇස් යොමලා මටත් යොමු කලා.. මම සුපුරුදු ආඩම්බර විලාසයෙන් හිටියා, අපි එහෙමයි !!
ඔන්න බස් එක යනවා රේඩියෝ එකේ සින්දුවකුත් යනවා..

සමනොලියා
මලලොලියා
සුකුමලියා 
පාමුදු දා

හම්මේ මම දැන් ඔය සින්දුව හොයලා බාගත කරන සිහියෙන් තමා ඉන්නේ 
එකපාරටම ගැහුවේ නැද්ද බ්‍රේක් එකක්...
හිටන් හිටිය මම ළමයා වීසි වෙලා ගිහින් අනිත් සීට් එකේ හිටිය ආන්ටිගේ ඇඟ උඩ. 
අමාරුවෙන් නැගිටලා බලද්දි.. අයියෝ.. නියපොතු ටික නෑ...!!

අර කොල්ලෝ තුන් දෙනයි අන්කලුයි  පල් එකට හිනා වෙනවා... මට දාඩියකුත් දැම්මා 
අනේ ඉතින් මොකක් කරන්නද

ඊළඟ නැවතුමේ බැහැලා ඉතිරි හරිය තුන් රෝද රියක පිහිට පැතුවා.... අයියෝ ෂල්ලී.... :(

හප්පා එහෙම නෑමක් නම් .... බාල්දියකින් ඇදගෙනමයි නෑවේ....

ඊට පසු නෑම...

ක්ලාස් එකට ගියා කියමුකෝ අද නුවර එළියේ රේස් රිහසල් නිසා ළමයි මිසින්.. ඒකත් හොඳයි කියලා මම සැලෝන් පැත්තේ රවුමක් දාලා ආයි ආවා ක්ලාස් එකට පැයක් තියෙනවා ඊලඟ ක්ලාස් එක පටන් ගන්න.. ඒතකල් කන්න දෙයක් ගේන්න යන්න පැනියගෙන් කාර් එක ඉල්ලුවා.. පොර කියනවා 

“ඊයේ රෑ ගෙදර ගියේ නෑනේ අක්කී අද උදේ ගිය ගමන් තාත්තා කාර් එක වටේ පැදකුණු කරලා අහනවා උඹ බීලා බීලා මේක කොහේ හරි ඇන ගත්තාද කියලා... කියන්න දෙයක් නෑ.. කුණු ඩක්කුවක හැප්පිලා චුට්ටක් සීරිලා තිබුනේ.. අද කාර් එක දුන්නෑ“ කියලා...

ඒ වෙනකල් මම හිතා හිටියේ  පැනියා නංගි මල්ලි කෙනෙක් කියලා...

“හෑහ්!! ඔයා බොනවා කියලා ගෙදරින් දන්නවාද “ මාත් ඇස් උඩ දාන් ඇහුවා.. මොකෝ කොලුවා තාම පොඩි එකා 

 “එව්වා බොනවා කියලා දන්නවා ඒත් මෙව්වා බොනවා කියලා දන්නෑ...“ කියලා දුන්නේ නැද්ද පැකට් එකක්..
කවදා කාපු ටකරන්ද.. දැන් ඔය මොනවද කියලා පැනියගෙන් අහන්නද..

දුකට සැපට ඉන්න මගේ යාළුවන්ට පොටෝවක්ම ගහලා යැව්වා ඒ මොකක්ද අහලා...

ඒවා නම් සිගරට් ජාතියක්ලු.. ඒත් ඊට සමගාමීව සිද්ද වෙච්චි ජාතික අපරාදේ මම කියන්නෑ හප්පා... ඒත් ඔය වගේ සීන් වලින් මම නිසා අනිත් උදවියත් අද නෑවා... නොකීවට තරහා වෙන්න එපා හරිය :D 

ඊට පස්සේ අනික් නෑම.. හැබැයි එතනදි නාන්න ගිහින් බේරුනා වගේ..

ගිය මාසේ පැය 12ක් උගන්න ගත්තා බොහෝම අමාරුවෙන්.. ඒකේ ගෙවීම් දුන්නේ චෙක් එකකින්.  දැන් සයිබර් සිහින උලෙලට එන්න ඔනිනේ කියලා ඔකත් කැෂ් කරන් ආවාම සෙනසුරාදාට කිසි කරදරයක් නැතිව ගේ ගාවින් බසයට ගොඩ වෙන්න හිතාන ඔන්න ගියා හවස 5ට විතර Nations Trust බැංකුවට, සියල්ල හරි ගෑල්ලමයා සල්ලි ටික දුන්නා.. මම දැක්කේ දාහේ කොලේකුයි පන්සීයේ එකකුයි..

මටත් චෙක් එක දෙන්න කලින් ගාන බලන්න බැරි උනා... එක්දාස් පන්සීයද කියලා අහන්න කට අරින කොටම දැක්කා කොලේ පන්සීයක් නෙවී පන්දාහක් කියලා හැබැයි ඉතින් කට අරුනනේ තවුසන්ඩ් කියලා.. කෙල්ල අහනවා පන්දාහ දාහේ කොල වලින් දෙන්නද කියලා.. මම එපාම කියනවා.. එක විකාරයයි.. ඒත් එතනදි මම නෑමෙන් බේරුනා එක්දාස් පන්සීයද කියලා ඇහුවනම් කොමද නේහ් !! නාන්න වෙන නෑම... 

ඊට පස්සේ දෙයියනේ කියලා ගෙදර ඇවිත් දවල්ටයි රෑටයි දෙකටම කන්න ගන්න කොටම ආවේ නැතැ ලොකු අප්පච්චිලෑ අයියා.. අයියෝ....

මගේ බත් එකත් ඌම කාලා තව බොන්න බයිටුත් හදන්නලු... හෙටටයි අනිද්දටයි හරියන්න ෆිල්ම් අරන් මම ආවේ.. ගානට වෙලාව කලමනාකරනය කරගෙන..  කොහොම කොහොම හරි සියල්ල පසෙකලා රෑ අටත්  පහු වෙනකල් අල පෙති බදින්න උනා... 

බලාන යද්දී ඒකත් නෑමක් තමා....

ඉතින් ඔන්න ඔහොම නෑවාම මේ වගේ නොවී තියේද....... :( 

14 comments:

  1. අයියෝ ඔව්ව නම් මොනවද මම නාන නෑම් වල හැටියට

    ReplyDelete
  2. :D ඔය ලමයටත් වෙන වැඩ!

    ReplyDelete
  3. මෙහෙමත් නෑමක්..

    ReplyDelete
  4. බැංකුවෙදි නාන්න ලිද ලගටම ඇවිල්ල නාල නෑ.

    ReplyDelete
  5. niyapothu tika gelawechcha eka thama niyama nema...... Hiks..... :D

    ReplyDelete
  6. මට උදේම නාන්න වුන දවසට මම අනිවා සබන් කෑල්ල සාක්කුවේ දාගෙනම තමා ඉන්නේ.. ආයේ තුන් හතර පාරක්වත් නාන්න වෙනවා අනිවා.. ඒක මට බුදු ෂුවර්..


    හංසිත් එහෙමම කරන්න පුරුදු වෙන්න මීට පස්සේ :)

    (රාජ් කියන්නැහේ ළිඳ ගාවට ගිහිනුත් නොනා ආපු එක වැරදියි අෆ්ෆා)

    ReplyDelete
  7. හයියූ ඩෙයියනේ......

    ReplyDelete
  8. අයියෝ අර නියපොතු සිද්ධිය කියෙව්වේ වතුර කටේ තියන්. දැන් ඉතිං ඉවරනේ මගේ කීබෝඩ් එක. අයියෝ සල්ලි තමයි.....
    මුල හරියේ මල් ගැන කියද්දි නම් මට ඔයාගේ ගේ මැවිලා පෙනුනා.

    ReplyDelete
  9. නියපොතු ටික ගැලවුනු එක ශෝයි හෆ්ෆා.. හික්ස්ස්.. පවු අක්කියා..

    ReplyDelete
  10. අලුත් අවුරුද්දට නාන එක හොදා !

    ReplyDelete
  11. නියපොතු ගැල වුන එක ගැන නම් කියලා වැඩක් නෑ අක්කා.. අති විශිෂ්ඨ නෑමක්!

    සයිබර් සැණකෙලිය දවසේදී හම්බවෙමුකෝ ඈ...... ගොඩ... කාලෙකින් අක්කා දැක්කෙවත් නෑනේ.. :P :D

    ReplyDelete
  12. සංතෝසයි..ගොඩක් සංතෝසයි!

    ReplyDelete
  13. ඇදගෙන නෑ ගැනීමේ සහ මුහුදේ නෑමේ සමාන කමක් ඇත. ඒ සබන් නොගෑමයි. සුපිරියට නාගෙන ඇත.. සන්තෝසායි!!

    ReplyDelete