මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Apr 13, 2012

වෙනස් පැතුමක් !!

මිනිසුන් කුරිරුකම් කරන්නේ යම් සේද මිනිසත් බවත් එලෙසින් වියැකි යන්නේය 
මිනිසුන් අයෙකුගෙන් පළිගන්නේ යම් සේද , හිතවත් කම් වියැකි යන්නේය
දැන හෝ නාදැන යමෙකු වරදක් කරනවානම්
ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටිනවා හැර  කුමක් කරන්න්ද?


තවකෙනෙකුට බාධා කිරීම හෝ තවකෙකු මානසින් බිම දැමීම 
කෙනෙකුට ආත්ම  තෘප්තිය ගෙන දෙන්නක් විය හැක
ඒ යම් පිරිසක් සිතනා යුරු මිස මුළු ලොකයක් සිතන්නක් නොව 


මිනිසුන් සුදුත් නැත කළුත් නැත!!
එය කිවේ කවුරුන්දැයි මාද නොදනිමි


එහෙත් කළු සුදු අතර වෙනස මම හොඳින් හඳුනමි


එනයින්


මම මෙසේ සියල්ලන්ට සුබ පතමි 


අනෙකෙකුගේ සිතක් නොරිදවන්නට හැකි
අනෙකා සිතන යුරු තේරුම් ගන්නට හැකි
අනෙකාට සැම විටම මෛත්‍රී කල හැකි
මනු දමින් නමින් මිනිසුන් රොඳ බඳින 


සුපසන් සමාජයක් මැවිය හැකි පැතුම් පීදෙන සුබ නව වසරක්වේවා!! 

4 comments:

  1. ඇත්තටම වෙනස් සිතුවිල්ලක්..

    සුභ අලුත් අවුරුද්දක් අක්කේ..

    ReplyDelete
  2. අළුත් සිතුවිල්ලත් එක්ක සුභ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  3. ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
    මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
    විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
    වසරක් උදාවේවා සැනසුම පිරුණ

    ReplyDelete
  4. සුබ අලුත් අවුරුද්දක් සුදු හංසිට...!!!

    ReplyDelete