මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Mar 19, 2012

චීචර්ගේ වගුරු සංචාරය

අපේ චීචර් ගේ වගුරු සංචාරය ගැන රචනාවක් ලියන්නෙයි කියාලා  චීචර් අපි හට නියම කලාහුය. චීචර්ගේ  කාරියන් ගැන හොයන්න යෑම නොහොබිනා  බැවින් අපි එය ගනනකට නොගත්තාහුය.    ඒ  මක්ක වුවත් අපිට චීචර්ගේ මලවදයෙන් බේරෙන්නට නොහැකි උනාහුය.

දඩුවමක් වසයෙන්  මේ රචනාව චීචර්ගේ බ්ලොගයේ පල කරන්නෙයි කියා චීචර් විසින් නියම කලාහුය.

වෙන මක්ක කරන්නෙයි කියා අපි දැන් ලියන්නාහුය.

සාටර් වෙමින් සිටි අපගේ චීචැර්ගේ පරණ පිනක් ඉහමතට කඩා පාත් උනේ අඟහරුවාදා ඉස්කෝලේ ගිය පසුය.  වෙන ටීචැර් කෙනෙක්  යන්න උන්න ටෙරේනින්ග් එකකට අපේ චීචැර්ට යන්න අවස්ථාව  කනාවට වැදුනාහුය.

ලිදේ සිටින ගෙම්බා වැනිවු අපේ චීචැර්ට මේ වැඩේට යන්නට ගෙදරින් චෑන්ස් එක ලැබීම ඉහටත් උඩින් විය. ඇත්ත සිද්දියනම්. අපේ චීචැර්  ගෙදර අයට හෙන ඇනයක් වීම බව දන්නේ අපේ ගොයියෝ දෙතුන් දෙනෙක් පමණය.

ටෙරේනින්ග් එකට  චීචැර්ට බඩුපොදියක් ම අළුතින් ගන්නට විය. ඒ අස්සේ  චීචරුගේ පර්ස් එකට අපේ එකෙකුත් පැන්නාහුය. එයින් රුපියල් පන්සීයක් පමණක් ගැනීමට අපේ එකා කාරුණික උනාහුය.

චීචර් උන්නේ අස්පට් එකේමය. යන්නම් කීවා හින්දා ගියා මිසක චීචර් ගියේ එපාම වීය.  අපේ උන් එකෙක්වත් සින්දු දන්නේ නැතිය කියා බොන්ගෝපමණක් ගැසුවාහුය. චීචර් උනේ නිදිමතේය. බැරිම තැන චීචර් අපේ බොන්ගෝ රිද්මයට තනියම ගී ගැයුවාහුය. ටීචර් ගයනා විරහා ගීත අපි දන්නේ නැත.

චීචටර් හෙනම අවුලෙන් සිටිනා බව සියල්ලන්ටම පැහැදිලි විය.  විනාඩියකට හත් අට වතාවක්වත් ජංගමේ දිහා බලා හුල්මින් සිටියාහුය. ඒ වැඩේ ලඟ හිටි මැඩම්ට මීටර් උනාදෝ කියා සැක සිතාදෝ ජංගමේ ඔප් කර බෑගයට  දමා  ගත් චීචර්  පාඩුවේ පැත්තක් අල්ලාගෙන උන්නාහුය.

ඇඹිලිපිටිය ට්‍රෙනින්ග් කෑම්පයට ගිය පසු චීචර්ගේ අවුල් සහගත බව පහව ගියා වැන්න..  ඉතා මනරම් පරිසරට නිසා චීචර් මුල් වතාවට ගමන ඒම ගැන සතුටු උනාහුය. ඒ සියල්ලටම වඩා  ගිය ගමන් චීචර්ලාට සහ අපිට ලැබුණු  බෙලිමල් පානයට ආසාවුනු චීචර් අපිට හොරෙන් තවත් කොප්පයක් ඉල්ලා ගත්තාහුය.

චීචර්ටත් අපි සමඟම ඉන්නට හොස්ටලයේ ඉඩතිබුනි. අපි හෙන පන් එකේ නෑම සහ අනෙකුත් කටයුතු කරද්දි චීචර් මනෝපාර දමාගෙන හිටියාය.

අපිටත් චීචර්ව එපා විය. චීචර් රෑ දහයට නැගිට නෑවාහුය. ඊට පසුව මොළය සේදී යලි යතාතත්වයට ආවාහුය. පහුවදා සිට චීචර් සුට්ටක් උනන්දුවෙන් අපි සමඟ සිටියාහුය. චීචර්ට චීචර්ගේ ජංගමේ අමතකව තිබුණි. චීචර් ජාලගතවුයේ අත්‍යාවශ්‍යයකට පමණි. චීචර්  හෙඩ් සෙට් එක  ගසාගෙන ඇඬි සින්දු ඇසුවේද නැත.

අපිට මෙන්න ට්‍රෙනින්ග් එක චීචර්ටත් ඉතාමත්ම වැදගත් විය. චීචර්ද ගොඩක් දේවල් ඉගෙන ගත්තාහුය. උත්සහය, අධිශ්ඨානය, මෙන්න සිතිමේ බුද්ධිය දියුණු කර ගැනීමට චීචර්ට හැකි විය. එක ලෙක්චරයක් අවසානයේ චීවර් ඇඬුවාය. නොලැබෙන දේවල් නොහොත් ඇචීව් කල නොහැකි ටාර්ගට් වලට නොයා යුතු බව ලෙක්චරේ කියවිනි. Achievable කියා  චවනයකුත් ඇති බව චීචර් දැන ගත් බව පෙනුනි. එතැන් සිට චීවර් Realistic වීමට සිතා ගත්තාහුය.

ක්‍රියාකාරකම් අවසානයේ පැවති භාවනාව තුලදීද චීටර් බොහෝදෑ ඉගෙන ගත්තාය. ලෙක්චර කීවා සේම අපේ චීචර්ද පාර්ලිමේන්තුව නැමැති ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණියේ අළුත් චීචර් කෙනෙකු ලෙසිනි. 

චීචර්ගේ ලොකු වෙනසක් අපිට පෙනුනි. චීචර් අපි සමඟ නාට්ටියකුත් කලාහුය. චීචර් කෙනෙක් මෙන් නොව යාළුවෙක් ලෙසින් චීචර් නැවත අපි සමඟ ගමරට පැමිණියාහුය.

එන අතර මඟ අපි චීචර්ගේ නෑයින් පෙන්වීමට චීචර්ව උඩවලවටද එක්කාගෙන ගියාහුය. චීචර්ද අපි   සමඟ නෑයින්ට උග්ගස් සහ කෙසෙල් ගෙඩ් කැව්වාය.

එන මඟදි චීචර් ලස්සන සින්දු ටිකක් කීවාහුය. චීචර් උන්නේ හරිම සතුටිනි.

මගේ රචනාව අවසානයි බලා සිටි ඔබ සැමට ස්තූතියි !!






6 comments:

  1. ටීචර්ගේ සාරි පොටේම එල්ලිලා ඉන්න ගෝලයෙක් වගේ මේක ලියල තියෙන්නේ.. ළකුණු කීයක් දුන්නද දන්නේ නෑ ටීචර්...

    ReplyDelete
  2. අනේ ඉතින් අපිත් ඇවිත් කතාව බැලුවාහුය.
    ව්‍යාකරණ හරි ඇති නේද? :D:D:D

    ReplyDelete
  3. ඈහ්..... ෆෝන් එක දිහා බලාගෙන හූල්ලන එක නම් එච්චර සුභ නෑ ගොයියෝ...;))

    ReplyDelete
  4. අපි නමි ටිචර් දිහා පමණක් බැලුවාහුය
    ටිචර් අද පට්ට ලස්සනය
    සින්දුත් අමතකය ටිචර්ගේ ලස්සනට
    ටිචර්ගේ පිරුණු..........
    මගේ රචනාව මින් අවසානයි
    තව ලිව්වොත් මොනවා ලියවෙයිද දන්නෑ

    ReplyDelete
  5. චීචර් නම් මරු ඈ...
    //එන අතර මඟ අපි චීචර්ගේ නෑයින් පෙන්වීමට චීචර්ව උඩවලවටද එක්කාගෙන ගියාහුය. චීචර්ද අපි සමඟ නෑයින්ට උග්ගස් සහ කෙසෙල් ගෙඩ් කැව්වාය./// මේ කතාවට නම් මහින්ද මාමා අළුතින් අච්චු ගහපු රුපියල් 2000 කොලයක් චීචර්ගේ කටේ ඔබන්නම ඕනාය... !!!

    ReplyDelete
  6. පොඩි සෑමා ඉස්සර ලියුම් ලිව්වේ මෙහෙම ව්‍යාකරන වැරදියටය.

    පව් බොල ටීචර් !

    ReplyDelete