Feb 27, 2012

හන්තානේ සින්දු කිරිල්ලී 9 කොටස


සේනක සහ කේතකී  යනවිටත් ෂෙනෝලි රෝහල් ගේට්ටුව සමීපයේ මඟ බලා සිටියාය. අසනීප යැයි කිවද බාහිරින් කිසිදු  බරපතල රෝග  ලක්ෂනයක් නෙවූයෙන්  කේතකීගේ සිතට මද සැනසිල්ලක් ඇතිවිය.  ෂෙනෝලී වාහනයට නැගුනේ සිනා මුසුවය.  ලොකු මාමා ඉදිරියේ  කිසිත්  විමසන්නට අකමැති වු කේතකී  සිනාවකින්ම පිළිතුරු දී ෂෙනෝලිගේ දෑත් අල්වා ගත්තාය.  ෂෙනෝලිගේ දෑස් අග කඳුලක් නිසා දිලිසිනි. දිවා කාලය ඇය පාළුවෙන් ගෙවන්න ඇතැයි නිහඬව සිතූ කේතකී ඉදිරි දින කිහිපය නිවාඩු අනුමත කරවාගෙන නිවසේ සිටින්නට  තීරණය කලාය.



-*-


 වෙනදා තරම් රැය ගතවන තුරු නොසිටි ෂෙනෝලී හිස රදයයැයි කියා වෙලාසනින් නිද්දට ගියාය.  පුරුදු පරිදි පරිගණකය සමඟ කාලය ගත කල කේතකී නින්දට යන විටත් ෂෙනෝලී තද නින්දේ පසු වුවාය.

පසු දින උදෑසන කේතකී අවදි වන විටත් ෂෙනෝලි අවදිව නොසිටියාය. ෂෙනෝලි වෙනුවෙන්ම නිවාඩු අනුමත කරවා ගත් බැවින් කේතකී ෂෙනෝලි අවදිවන තුරු ඇය ආශාකල හින්දි චිත්‍රපටයක් නැරඹුවාය. චිත්‍රපටයේ අවසානය ලඟ වත්ම ෂෙනෝලීද අවදිව පැමිණ කේතකීට එක් වුවාය.

" කේතූ ආපි හවස එරීනා යමු.. ටැමිල් මූවි එකාක් තියෙනවා මම පොස්ටර් දැක්කා.... " හිස් බැලුමෙන් පරිගණක තිරය දෙස බලාසාටි ෂෙනෝලි හදිසියේ මිමිණුවාය

"Sure ෂේනෝ... 2.30 ෂෝ එකට යමු... ඔයා ගියත් හරි මාත් ෆිල්ම් එකක් බලන්න ගියේ නැහැ. " කේතකී එක හඬින්  කැමති වුවාය

"But you don't like Tamil films right ?? " අයාගත් මුවෙහි සිනාවකින් යුතුව ෂෙනෝලී කේතකී දෙස බලා සිටියාය.

"yes……….. I do…. But we can try know " ඇසක් ඉඳ මරමින් කේතකී සිනාසුනාය

"ඔයා ඒ language එකට ඉස්සරත් ආස නෑ... " කේතකී ගේ සිනාව දෙස පුදුමයෙන් බලාසිටි ෂෙනෝලී කිවාය

"language එකට නෙවී ෂෙනු.. ඒ කියන වේගෙට මම ආස නැහැ.. ටිකක් slow කියනවනම් තේරුම් ගන්න පුළුළුන්.. ඒත් මෙයාලා කියන්නේ හරි වේගෙන්නේ... අහන් ඉන්න කොට කන රිදෙනවා.."

"
හින්දි තමායි හොඳම... මමාත් ආසා හින්දි කතා කරාන්න...  But I want to see that film " ෂෙනෝලී ජනේල් තිර රෙදී මැත් කරමින් හිරු එළියට මුහුණ  යොමා කීවාය.
"අපි යමු.... හැමදාමන් හින්දි films බලනවානේ.. ඔයාට එකපාරටම බලන්න ආස හිතුනු film එක බලන්න මටත් ආසාවක් ආවා.."
ඇඳ මතවු ටෙඩියෙකු ෂෙනෝලි දෙසට වීසි කරමින් කේතකී කීවේ ෂෙනෝලිගේ ප්‍රති ප්‍රහාරයටද සූදානම් වෙමිනි.

 කාමරයේ වු සියළුම පුළුන් පිරවු  සෙල්ලම්  සතුන් ගෙන එකිනෙකාට පහර  දෙමින් යුවතියෝ මහ හඬින් සිනා සුනෝය.

-*-
දහවල් ආහාරයෙන් පසු කේතකීත් ෂෙනෝලීත් දෙ දෙනා කටුගස්තොට එරීනා ශාලාව වෙත ගියෝය. සාම්ප්‍රධායික රාමුවෙන් මිදුණු අළුත් ආරක කතාවක් රැගත් චිත්‍රපටය කේතකීගේද සිත් ගතත්තේය. බොහෝ විට අරගලයන්ගෙන් තොර පවුලේ කතාන්දර සහ සොඳුරු ආදර කථාංගයන්ට ඇබිබැහි වී සියි කේතකීම මෙම කථාංගය අමුතුම ආකාරයක අත්දැකීමක් විය. අනතුරකින් විදේශිය කතක් වු  බිරිඳ මිය යෑමෙන් පසු  ජීවිතට මුහුණ දෙන සැමියා පිළිබඳ ඉදිරියට ඇදෙන කථාංගයක් රැගත් චිත්‍රපටය දෙස ෂෙනෝලී ඇසි පිය නොහෙලා බලා සිටියාය.

සුඛාන්ත අවසානයක් රැගත් කථාංගය ෂෙනෝලිගේ සිතිවිලිද සුවපත් කල බවක් කේතකීට දැනුනි.. එහි ඇතැමි ගීතයන්ගේ තේරුමද ෂෙනෝලි විසින්  කේතකීට තේරුම් කලාය.

"එයා වයිෆ්ව මීට් වුනා හැටි එක ගැනයි,  එයා එක්ක ටයිම් ස්පෙන්ඩ් කරපු එකායි , ඒකෙන් කියන්නේ... ඒ බෝයි එක්කෙනාට  වයිෆ් මීට් වෙන්නේ මිලිටරි ඒරියා එකේ වර්ක් කරද්දි.. " කැඩුණු සින්හලෙන් ෂෙනෝලි ගීතයේ තේරුම විස්තර කලාය.
ෂෙනෝලී තේරුම කර දුන් නිසාම කේතකීද ආශාවෙන් චිත්‍රපටය රස වින්දාය.

ඔවුන් සිනමා ශාලාවෙන් පිටතට එන විට නුවරඅහස කැලඹි මහ වැසි වැටෙමින් තිබුණි. ඇතැමි දිනයන් එලෙසමය.. වැසි වසින්නට නුවර අහසට පෙරුමි පුරන්නට ඇවැසි නැත. හිටි අඩියේ මහ අනෝරා වැසි කඩාහලයි.

යුවතියන් දෙදෙනා කටුගස්තොට පාලම හරහා දිව ගොස් නුවර දෙසට යන බසයකට  ගොඩ වුවෝය. මහ වැස්සට තෙමීම  සතුටක් වුවද තෙත රෙදිපිළි නිසාවෙන් දෙදෙනාම උන්නේ දැඩි සීතලෙනි. මහනුවර නගරේයන් පේරාදෙනිය බසයට නැගුණු යුවතියන් බසයේ වේගය මන්දගාමී නිසාම , සීතලත් දැඩි ලෙස වද දෙන්නට වුයෙන් ඔවුන් දෙදෙනා  ආර්පිකෝ අවන් හල අසලින් බසයෙන් බැස කෝපි කෝප්පයක් රස වින්දෝය.

බිම් මහලක පිහිටා ඇති ආර්පිකෝ අවන් හල සවස් යාමයට ඉතාමත් නිස්කලන්ක ස්ථානයකි. කාර්‍යබහුල නගරයේ මෙවන් ස්ථානයක් තිබීම  කේතකී සහ ෂේනෝලි වැනි සොඳුරු රස්තියාදුකාරයින්ට විශාල අස්වැසිල්ලකි. රැකියාව අවසන්ව නිවෙස් කරා ඇදෙන මිනිසුන්ගේ විඩාව නිවන්නට කදිම තිත්පලක් වු මෙම අවන්හල සීතලෙන් ගල්ගැසී උන් යුවතියන්ට අස්වැසිල්ලක් විය.

"බස් එකෙ යන්න බෑ ෂෙනූ.. අපි ට්‍රයිෂෝ එක්ක අරන් යමු..." ආර්පිකෝ අවන් හලින් පිටතට පැමිනෙමින් කේතකී කිවාය.
"ok....... shall we buy hoppers ……. And I need a coca cola  " ෂෙනෝලී ආර්පිකෝ රෑ කෑම කඩය දෙස ගිජු බැල්මක් හෙලා කීවාය.

ඒ අනුව ඔවුන් සුදු ආප්ප සහ  කේකා කෝලා මිලදී ගෙන ත්‍රීරෝද රථයක නැගී හන්තාන නිම්නය කරාගමන් ඇඹුවෝය.

"ෂෙනු.. ඇයි ඔය තරම් කොකා කෝලා බොන්නේ.. ඊයෙත් බෙහෙත් අරන් එන ගමන් ලීටරයක් ගෙනාවා නේද.." ත්‍රීරෝද රථය තුලදීම උමතුවෙන් මෙන් කොකාකෝලා බොමින් සිට ෂෙනෝලී දෙස බලා සියි කේතකී ඇසුවාය.

"ම්ම්ම්ම්  I love it … you wont ? "

"එපා ෂෙනු..  ඔවා බීවම මට ඔළුව රිදෙන්න ගන්නවා.. ඔයත් බොන්න එපා වැඩිය. Fresh juice මොනවා හරි ගන්න තිබුනානේ ඔයාට තිබහා නම්.. " කේතකී මුහුණ හකුලාගෙන කීවාය.

"when I was in gulf  only  I started to drink Coca-Cola  have millions of prices memories with this that’s what " උමතුවෙන් කොකාකෝලා බෝතලය දෙස බලා ෂෙනෝලී කිවාය.

"ඒ තරම් වටිනා මතකයක් කොකාකෝලා එක්ක.. ඇයි කොකා කෝලා හදන්නේ ගල්ෆ් වලද.." කේතකී සිනාසෙමින් කීවාය..

"no mad…….. Just forget it " කේතකී දෙසට වියලි සිනහවක් පා කරමින් ෂෙනෝලි කීවාය.

"ඔකේ... දැන් හෙට අපි මොනවද කරන්නේ...."

"ම්ම්ම්ම්  ආපි යාමු ගාර්ඩ්න් එකට උදේන්ම... Next ...... saloon , for hair cut, then dinner at pizza hut   " දිලිසෙන ඇස් වලින් සිනාසෙමින් ෂෙනෝලි කියද්දී කේතකීද සතුටින් සිනාසී අනුමත කලාය.

නිවසට සහ කාර්‍යාලයට කොටුවු කේතකීගේ ජීවිතය ට නැවුම් බවක් එක් වුයේ ෂෙනෝලිගේ නැවත පැමණිමත් සමඟ බැවින් ඇය සිටියේ ඉමහත් සතුටකිනි.
-**-

පසුදිනට හිරු පායද්දී කේතකී අවදිවුයේ නැවුම් ප්‍රෙබෝධයකිනි.  පේරාදෙනිය ගමන ඇගේ සිතෙහි සතුට වැඩි කරන්නක් විය. ෂෙනෝලිගේ පැමිණිමත් සමඟ වාඩාත් විනෝද විමේ අවකාශය ලැබුනේ කේතකීටයි.  නැවුම් ප්‍රෙබෝධයත් සමගම කුස්සියට දිව ගිය ඇය පිටුපස හැරී සිටි පොඩිනොනා වැළඳ ගත්තාය.

"good morning
මගේ පොඩි කෙල්ලේ...." කේතකී පොඩි නෝනා සමඟ සුරතල් වෙමින් කිවාය.

"ඔනි නැහැ ඔය බොරු ආදරේ .. යාළුවා ආවා විතරයි අපිව අමතක උනා.." පොඩි නෝනා බොරු තරහක් මවා ගත්තාය...

"ආ.... මේ බලන්න මෙයා... මටත් වඩා සලකන්නේ ෂෙනෝට.. ඒකල්ලා මට කියනවා මෙන්න මෙහම..."කේතකී පොඩි නෝනාගේ වියපත් කම්මුල් දෝතට ගනිමින් කෑගැසුවාය.

"මොකක්ද මේ කැ ගැහිල්ල.. අප්පච්චි පන්සිල් ගන්නවා.." ගේතුල සිට පැමිණි සකුන්තලා කේතකීට තරවටු කලාය.  කේතකී හෙරක සේ පොඩි නෝනාගෙන් මෑත් වී කුස්සියේ මුල්ලේ වු පුටුවේ ගුලි වී වාඩි උනාය. නිවාඩු දිනට වේලාසන අවදි වුවහොත් එතැනට වී තේ පානය කනිරීම  ඇය කුඩාකල සිට ගෙන ආ පුරුද්දකි.

"අදත් වැඩය යන්නේ නෑ නේද අනේ මන්දා.. ඔහොම නිවාඩු තියෙනවවාද සුදු මැණිකේ.. මම අසනීප වුනු වෙලාවේත් ඔයා හරියට නිවාඩු ගත්තා නේද..."

"මම ලෙඩ වෙලා ඉන්නේ ඇඳෙන් නැගිටින්න බෑ කියලා කිව්වේ...." කේතකී ඉඟිමරමින් සිනා සුනාය.

"අනේ හැබෑටම බොරු කියලා නිවාඩු අරන්  රස්තියාදුවේ යනවා  ඔපිස් එකේ කවුරු හරි දැක්කනම් රස්සායත් නැතිවෙයි.."

"මෙහේ කට්ටිය දන්නවා අම්මී මම කොළඹට කිව්වේ එහෙම ඒ නිසා අවුලක් නෑ.. මම වැඩ ටික රෑට කරලා ඊමේල් කරනවා ඊයෙත් නිදා ගනිද්දි හොඳටම වෙලා ගියා.. "

"අනේ මන්දා ඔයානම්.. දැන් නිදිමරලා ඇත්තටම ලෙඩ වෙනවාකෝ අපිට තමයි කරදරේ විඳින්න වෙන්නේ...."

"නෑ නෑ එහෙම වෙන්නේ නෑ.. පොඩ්ඩි මට හැමදාම කිරිත් එක්ක සමහන් දෙනවනේ..."කේතකී යලිත් උස් හඬින් කීවාය. උදෑසන පාසැල් යාමට සූදානම්ව කුස්සිවට එමින් සිටි නන්දනට එය හොඳින් ඇසිණි.

"අගෙයි ගෑණු ළමයෙක්ගේ හැසීරිම උදේ අවදිවුනු වේලේ ඉදන් දෙතුන්පාරට කෑ ගැහුවා.. තාම පොඩි ළඹයෙක් කියලාද හිතාන ඉන්නේ දැන් අවුරුදු විසිපහටත් ලඟයි නේද.. ඔයාගේ අම්මාට ඔය වයසේදී ඔයයි මල්ලියි දෙන්නම් හිටියා...යනවා යනවා.. ගිහින් ඔය ඇඳුම මාරු කරලා දත් මැදලා හොඳ ඇඳුමක් දාගෙන එනවා කුස්සියට... " නන්දන තරවටු කලේය.




ඉඳ හිට කේතකීට  නන්දනගෙන් ලැබෙන තරවටුවට කේතකී බොහෝසෙයින් මෙල්ල වුවාය. නිවැසියන්ගේ සුරතලිය වුවත් ඇයගේ ඇතැම් ලාබාල හැසිරීම් නිසා නන්දන ආදරයෙන්ම ඇයට තරවටු කරයි.  පාසැලේදී නන්දන ඉතාමන් සැරපරුෂ ගුරුවරයෙකු වුවත් නිවසේදී ඔහු කේතකීට හා සකුන්කලාට මෘදු ලෙස සැලකුවේය. කේනුල විශයෙහි තරමක දැඩි මනසකින් පසුවුවත් සැබැවින්ම ඔහු කේතකීට මෙන්ම කේනුලටද ආදරය කලේය.

අප්පච්චීගේ අණට කීකරුවී කුස්සියෙන් පිටව යන කේතකී දෙස බලා සකුන්තලා ඉඟිමැරුවාය. සමවයසේ පාසැල් මිතුරියන් මෙන්  කේතකී සහ සකුන්තලා ද කෙනෙකු බැනුම් ඇසූ පසු අනෙකාට සිනාසුනෝය.

කේතකී කාමරයට  යව විට ෂෙනෝලිද අවදී වී හිස පීරමින් සිටියාය.  ලිඳට ගොස් උදෑසනින් දියනාගත් ඔවුන් වොලසනම පේරාදෙනි ගමනට සූදානම් වුවෝය.

සැහැල්ලු ඇඳමින් සැරසුණු යුවතියන් දෙදෙන සරළ විලාසිතාවන් නිසාවෙන්ම ඉතාමත් කෙලිලොල්ව පෙණුනි. ෂෙනෝලිගේ  නුහුරු බස නිසාත් දෙනොගේම ඉන්දියානු පෙනුම නිසාත් උද්භිත උද්‍යානයට පිවීසීමේදී ඔවුන් විදේශිකයන් ලෙස සැලකීම ඔවුන්ට විනෝදයක් විය. කේතකීගේ ජාතික හැඳුනුම් පත පෙන්වා ෂෙනෝලීට පමණක් විදේශික ටිකට්පතක් මිලදී ගත් ඔවුන් කිංකිණි හඬින් සිනාසෙමින්ම උද්භිත උද්‍යානය පුරා ඇවිද ගියෝය.

උද්‍යානය පුරා පිහිටි සුන්දර මල්ද ඒ අසල සිටවූ කේතකීවද  ඡායාරූප ගත කරමින් ෂෙනොලි සමනලියක් මෙන් මල් ගොමු අත්රේ සැරි සැරුවාය.  ඇය කවදත් අශාකල ඔකිඩ් ගෘහය තුල වැඩිවේලාවක් ගත කල ඔවුන්  ඉන් පිටවත්ම ඔවුන්ව මුල සිටම හඹා ආ. තරුණයන් පිරිසක් ඔවුන් සමඟ කතාවට එක් විය.

"හායි... මේ ඔයාලා කෝහේ ඉඳන්ද... " තරුණයෙකු ඔවුන් වෙත පැමිණ විමසද්දී කේතනී නිහඬ වුවත් කටකාර ෂෙනෝලී ඔවුන් හා කතා කලාය. නුහුරු බසින් වුවද ඇය ඔවුන් හා උසුලු විසුලු කලෙන් උද්‍යානයෙන් පිටවන තුරුත් තරුණයන් ඔවුන් හා පැමිණියෝය.

කේතකී උන්නේ බියෙනි. මන්ද නුවර ඇයව නොහඳුනන කෙනෙක් නොවුනු නිසාවෙන්  තමා නිවසට යෑමට ප්‍රථම මේ බැවි නිවැසියන් දැන සිටියහොත් යලින් තනිවම මෙවන් ගමනක් පැමිණිම ලෙහෙසි නොවන බව ඇය දැන සිටියාය.

උද්‍යානයෙන් පිටවන්නට ප්‍රථම තරුණයින් මග හල යුවතියෝ ඉක්මන් ගමනින් ත්‍රීරෝද රථයක් සොයා ගියේ හන්තාන නිම්නය කරා යෑමටයි.

"හ්ම්ම්ම්ම්...... නියමෙට්ට enjoy කලා... " ත්‍රීවීලරයේ යන අතර තුර ෂෙනෝලි සතුටින් කෑ ගෑවාය. කේතකී මිතුරිය ගේ සතුට දෙස බලා  සැහැල්ලු ලෙස සිනා සුනාය.

"කේතූ.. හවසට ආත්තම්මා එක්ක අපි යමුද අර sacred tooth තියාන Place එකට "

"ම්ම්ම්ම්ම් good idea ආත්තම්මා කැමති වෙයි. " කේතකී ෂෙනෝලිගේ යෝජනාව සතුටින් පිළිගත්තාය.
-**-
යුවතියන්ගේ  දළදා වන්දනාවට  පොඩි නෝනා එකතු උනේ ඉතාමත්ම සතුටිනි. සුදුපැහැති සල්වාර් ඇඳුම් වලින් සැරසුණු යුවතියන් දෙදෙනා සමඟ දළදා පින්බිමෙහි වතාවත් කරන්නට ලැබීම පොඩිනෝනා සතුටින් විඳගත්තාය. ඇය වැල් බෝධි මළුවේ ගාථා සජ්ඡායනා කරන විට ෂෙනෝලි  වැල් බෝධි පාකාරයෙන් පිටතට එබීගෙන පහත වු පහන් වැටිය දෙස බලාසිටියෙි හැඟුම් බර දෑසකිනි. ඇයගේ නෙතෙනි විසල් කඳුලු බෝලයන් නලියමින් තිබුනි..

"ෂෙනු... ඇයි මේ....." ඇය දෙස බොහෝ වේලාවක් බලාසිටි කේතකී විමතියෙන් නෙත් විසල් කර ඇසුවාය.
"කේ..තූ..... ඔයියා.. මාත් එක්ක තරා වෙන්නේ නැතිනම් shall I say one thing "

"පිස්සී.. මොකට තරහා වෙන්නද... කියන්න බලන්න..." කේතකී ෂෙනෝලිගේ අත මෘදුව ගනිමින් කීවාය.

"I'm  widowed " දෑසින් කඳුලු ගලා යද්දි ෂෙනෝලී කිවාය.

"what ????? But how ?? " කේතකී පුදුමයෙන් දෑස් සල්වාගෙන බලා සිටියාය.

"let me say…………." පුදුමයෙන් විවර වු කේතකිගේ මුව වසා ෂෙනෝලි කීවාය. 

6 comments:

  1. හොඳයි. හොඳයි. හොඳ කතාව. ප්‍රශ්න ගොඩයි...පස්සෙම අහන්නම්. නුවර දැන් pizza hut තියනවද?

    ReplyDelete
  2. ම්...... ෂේනු ප්‍රෙග්නන්ට්ද???

    ReplyDelete
  3. මේ ශෙනාලි බැදලා හිටපු කතාවක් කලින් ලිය උනේ නෑ නේද අක්කේ? කේතකි ගැනනම් දැනට ඔක්කොම මතකයි.. :) ඒත් මේක මතක නෑනේ..

    ReplyDelete
  4. හෆෝයි... හරිම දිගයි, හැබැයි එපාවෙන්නෙ නම් නෑ!

    ReplyDelete
  5. හෆ්ෆටසිලි!! මේ මක්කැයි මේ වෙන්නෙ?? මේක ප්‍රශ්න තොගයක්නෙ..

    ReplyDelete
  6. අද තමයි කියවන්න ආවේ.. ලස්සන කතාව අක්කේ

    ReplyDelete