මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Feb 17, 2012

හන්තානේ සින්දු කිරිල්ලී - 7කොටස

සකුන්තලා කෙමෙන් සුවවත්ම කේතකීගේ මනසේ වෙලී තිබිනු  වේදනාකාරී සිතිවිලිද කෙමෙන් පහව යන්නට විය.  රෝහලෙන් පැමිණි සකුත්තලා අහාර පුරුදු වලින් මෙන්ම දෛනික ක්‍රියාවන්හීදිද ඉතාමත් ප්‍රෙව්සම් වුවාය. ඇයට පොඩි නෝනාගෙන් ලැබුනේ ඉමහත් සහයෝගයකි..

සුපුරුදු කෙලිලොල් ජීවිතයෙන් මදකට මිදුණු කේතකී පවුලේ වැඩිමලා සතු වගකීම් කරට ගෙන වෙහෙසුනු හෙයින්  මානසිකව මෙන්ම කායිකවද  වැහැරී සිටියාය..

සකුන්තලා රොහලේ සිටින දින කිහිපයේම  හැකි සෑම විටම රෝහලට ගොස්  අම්මාගේ ඇඳ කෙනක වාඩි වි සුසුම් හෙලමින් සිටි කේතකී මුව පුරා සිනාසුනේ සකුත්තලා නිවසට කැඳවාගෙන ආ පසුය.

"ඇයි මේ සුදු මැණිකේ කෙට්ටු වෙලා ඇදිලා ගිහින් ඉස්පිරිතාලේ හිටිය මමවත් ඔය තරමට කෙට්ටු උනේ නැහැ "  තමාට සුප් පොවමින් සිටින කේතකී දෙස බොහෝ වේලාවක් බලාසිටි සකුන්තලා වේදනාවෙන් කීවාය.

"ඒ අම්මට පේන හැටි... මේ ඉන්නේ හිටිය ගානටම.." වියලි සිනාවකින් මුව සරසාගත් කේතකී කිවාය..

"අම්මට ඔයාගේ වෙනස් කම් හොඳට පේනවා සුදු මැණිකේ..පුංචි කාලේ ඉඳන් පොඩිඩ ඇත්නම් ප්‍රශ්ණ ඔළුවට අරන් කල්පනා කරනවා කියලා මම දන්නවා... ඒ කාගෙට ඔයාගේ වෙනස් කම් මොනවද කියලත් මම දන්නවා.."

"එහෙම නෑ අනේ.... "

"නැත්තේ නැහැ...  ඔය දම්පාට බ්ලවුස් එකට ඔයා කොච්චර හැඩද .. දැන් බලන්න කෙට්ටු වෙලා තියෙන තරම ...."

"ම්ම්ම්.. ඔයාට හඳන මේ පෝෂණිය සුප් එක බීලා මාත් ටිකක් මහත් වෙන්නම්කෝ...දැන් ඉතින් ඔව්වා ගැන කල්පනා නොකර බොන්න..."

"ඔයා බය වෙන්න එපා.. ඔයා මනමාලියෙක් වෙලා ගිහින් පැටියෙක් අරන් එනකල් අම්මා මැරෙන්නේ නැහැ... " සකුන්තලා මද සිනහවකින් යුතුව කීවාය..

"අන්නේ.. අන්නේ.. මේ ඔය කතාවනම් එපා හොඳද.... දැන් සනීපයි කියලා මාත් දන්නවා අම්මි පැටියෝ.. ඒ නිසා ආයිත් මඟුල් කපුවෝ පස්සේ යන්න නම් එපා... මම ගිහින් ඔයාව නර්සින් හොම් එකක නතර කරලා තියෙනවා මුකුත් කර ගන්න බැරි වෙන්න... ආසනම් එහේ යන්න මට මඟුල් හොයන්න..." කේතකී දඟකාර සිනහවකින් යුතුව කීවාය.

"ඔන්න දැක්කද කපටි කම... එව්වා හරියන්නේ නැහැ සුදු පුතේ...." සකුන්තලා බරපතල කතාවකට මුල පිරුවාය..

"අන්නේ.. මේ......." කේතකී විරුද්ධවන්නට කට හදද්දීම ඇයගේ ජංගම දුරකතනය නාද විය. සුප් කොප්පය මේසය තම තබා ඇය දුරකතන තිරය දෙස බැලුවාය.. ඇමතුම ඉන්දියාවෙනි..

"අම්මි.. ෂොනෝලි.... " දෑස් දීප්තියෙනව් බබලද්දී ඇය දුරකතය සකුත්තලාට පෙන්වුවාය..

"මට ඇති සුප්.. ඔයා ගිහින් කතා කරන්න එයා එක්ක.. ගොඩ දවසකින් කතා කරන්නේ...." දියණියගේ සතුට දැක සකුන්තලා මද සිනා පෑවාය.

කේතකී දුරකතනය කනේ තබා ගනිමින් මිදුලේ මල් බංකුව දෙසට දිව ගියාය.

"hello ෂෙනු....."සිතේ ඇති සතුටචවන වලින් පාකර ඇය ෂෙනෝලි ඇමතුවාය

"hi kethu… how are you..."

"am fine sweet  so so….."

"guess what….."

"going to get marry " කේතකී මහ හඬන් සිනාසෙමින් කීවාය..

"no way… am coming to your place dude ….I want to see mama " එහා පිට සිටි ෂෙනෝලිද සිනහසෙමින්ම පිළිතුරු දුන්නාය

"wooooow how nice.. When are you coming ?"කේතකී සතුටින් ඉපිලෙමින් කතා කාලය.

"සින්ගල වලින කාතා කරාන්න මාම එන්වා ඔයාලාගේ දිහාට....." ඉන්දියානු හුරුවට සින්හල කතා කරමින් ෂෙනෝලී සිනාසුනාය.

"හොඳයි හොඳයි.. බොහොම හොඳයි ළමයා... දැන් කවදද එන්නේ කියන්න..."

"මාම day after tomorrow Colombo වලට එනාවා  "

"හොටෙල් වල නවතින්න බෑ එන්න මම කැබ් එකක් එවන්නම් එයාර්පෝට් එකට, කෙලින්ම නුවර අපේ දිහා එන්න ඔනි..." මීට පෙර පැමිණි අවස්තාවන්හීදි තානාතයම් වල නැවතිම පිලිබඳ නොක්කාඩු ඉදිරිපත් කරමින්ම කේතකී කිවාය..

"නහී.... නහී... බාබා.. මේ පාර එන්නේ ඔයාලාගේ ගෙදර ඉන්නමායි..." ෂෙනෝලිගේ කිංකිණි හඬ දුරකතන රැහැන් දිගේ විත් කේතකීගේ සිතිවිලි සැනසුවේය... අම්මාගේ අසනීපයත් සමඟ බොහෝ සෙයින් මනසින් දුර්වලව සිටි ඇයට ෂෙනෝලිගේ පැමිණිම වෙස්වලාගත් ආශිර්වාදයක් විය..

-**-

ෂෙනොලි රැගත් වාහනය හන්තාන නිම්නය පාමුලින් මතුවන කෙත් කේතකී මිදුලේ මල් බංකුවට වී මඟබලා උන්නාය. 

ෂෙනෝලිත් කේතකීත් සමීප මිතුරියන් වුයේ පාසලේදීය . කෙටි කලකට කේතකී ඉගෙන ගත් පාසලට පැමිණි ෂෙනෝලි.  පියා උතුරේ රතුකුරුස සංගමයේ සේවය කල නිසා කේතකීගේ නිවසේ නැවතී පාසැල් ගියාය. යොවුන්වියේදී  මව් සෙනෙහස අහිමි වීම නිසාවෙන් මානසින් බොහෝ සෙයින් දුර්වලව සිටි ෂෙනෝලි සකුන්තලාගේ ආදරය හමුවේ යහපන් මානසික් මට්ටමකට පැමිණියාය.. 

උතුරු ඉන්දියානු සීක් ජාතිකයෙකුවු ෂෙනෝලිගේ පියා. ෂෙනෝලි කේතකීගේ පවුලේ අය හා රැ දවිමට ඉතාමත් තුටුවිය. පාසැල් අධයාපනයෙන් පසු සිය මව් රටට ගිය ෂෙනොලිද රතුකුරුසයටම බැඳුනාය. වටින් විට රාජකාරීන් සඳගා සිරි ලකට පැමිණියත් ඒ හැම අවස්ථාවකදීම ඇයට සකුන්තලා හා කේතකී හමුවීමට අවස්ථාවක් නොලැබිණි. මෙවර ඇය පැමිනෙන්නේ සකුන්තලා වෙනුවෙන්ම බැවින් ඇය පිළි ගැනීමට හන්තාන නිවස පෙර දින සිටම සුදානම් වෙමින් පැවතිනි.

මුලන් ඉංග්‍රිසි භාශාවෙන් පමණක් අදහස් හුවමාරු කරගත් ෂේනෝලි පොඩිනෝනා නිසාවෙන්ම සින්හල බස පුරුදු වුවාය. චතුර ලෙස කතා කල නොහැකි වුවන් ඇය ඉතා දක්ෂ ලෙස හෙල බස හැසිරුවාය.  ෂෙනෝලී අත්තම්මාගෙන් සින්හල ඉගෙන ගත් අයුරු සිහිකරමින් සිනහවෙමින් සිටි කේතකී ෂෙනෝලි වාහනයෙත් බසිත්ම මල් ආරුක්කුව හරහා දිව ගොස් ඇයව වැළඳ ගත්තාය.

"after long time………."

"ඒක්නේ... ඔයා  ලස්සාන වීලා.. කේතූ..." ෂෙනෝලි නුහුරු සින්හලෙන් කතා කලාය..

"ඔන්න ඉතින් බොරු කියනවා... මට මොන ලස්සනද.. ඔයා වගේ උත්තර ප්‍රෙද්ශ් සුරංගනාවියක් එක්ක බැලුවම..." ෂෙනොලිගේ බඳ වටා අතක් දමාගෙන නිවස දෙසට හැරෙමින් කේකකී කීවාය..

"මාට butter apply  කරාට  මාම ඔයාට sweets ගෙනාවේ නෑ. මම්මාට තමයි ගෙනාවා..." ඉන්දියානු රස කැවිලි වලට කේතකී ගිජු බව දන්නා නිසාම ෂෙනෝලි  විහිලු කලාය..

"ආ... ඒකට කමක් නෑ... පර්ස් එකේ සල්ලි තියෙනවානේ.. හවස ටවුන් ගිහින් මට ආස කෑම අරන් දෙන්න..." කේතකීද විහිලුවට විහිලුවෙන්ම එකතු වුවාය.

ෂෙනොලීගේ පැමැණිම හන්තාන නිවස මඟුල් සිරියෙන් බබලවන්නට විය. සකුන්තලා, පොඩි නෝනා මෙන්ම නන්දනද කේතකිට මෙන්ම ෂෙනෝලීටද එක සේ ආදරය කල බැවින් කේතකීගේ සම තැන ගන්නට ෂෙනෝලීට හැකිවිය. සකුත්තලාද වෙදා නොවු තරම් සතුටකින් සිටීම නිවැසියන්ගේ සතුට වැඩි කරවන්නක් විය.

පාසැල් කාලයේ මෙන්ම කේතකීත් ෂෙනෝලීත් එකම කාමරය බෙදා හඳ ගන්නට ලෑබිම ඉමහත් සතුටක් කර ගත්තෝය. ෂෙනෝලි පැමිනෙන බව ඇසු විගස නන්දන කේකතීගේ කාමරයට අමතර ඇඳක්  සවිකල අතර පොඩි නෝනා ඇය විසින් අළුතින්ම මසා නිම කල කොට්ට උර සහ ඇතිරිලි ෂෙනෝලි වෙනුවෙන් වෙන් කලාය. පුරුද්දක් ලෙස කේතකී භාවිතා කරන ලා කහ පැහැති  ටිවීටී තුවාය අසලින්ම ෂෙනෝලි ආශා කල ලා රෝස පැහැති මිනී මවුස් තුවායද  රඳවා තිබුනි. වෙනදාට කේතකීගේ යහනෙහි වැඩි ඉඩක් අරක්ගෙන සිටින පුළුන් පිරවු සතුනි කිහිප දෙනෙක් ෂෙනෝලිගේ යහනට ගොස් සිටියහ. එක් මවු කුසින් උපන් සොයුරියන් දෙදෙනෙකු මෙන් කේතකීත් ෂෙනෝලිත් පාසැල් දිවියේ ගෙවු ඒ සොඳුරුතම කාලය යලිත් අරඹන්නාසේ... වත්ත කෙළවර නාන ළිඳට ගොස් කිංකිණි හඬ නංවමින් දිය කෙලියේ දිය කිඳුරියන් දෙදෙනෙකු මෙනි.

"කේතූ 3 days leave ගන්න please " ලින් පඩියේ වාඩි වෙමින් ෂෙනෝලි පිරවු වතුර බාලිදියේ දෙපා හොවා ගනිමින් කීවාය..

"පහුගිය ටිකේ නිවාඩු ගත්තා ෂෙනු.... දැන් ඉතින් තියෙන්නේ... ලෙඩ වෙන්න තමා..."කේතකීද අනෙක් ලිං පඩියේ වැඩිවෙමින් කීවාය.

"are u serious ? " ෂෙනෝලී නලළ හකුලාගෙන කේතකී දෙස බලා උන්නාය.

"why not........ I just send a letter  saying that  am sick " අත්ලට පුරවාගත් දිය දෝත ඉහල අහසට විසිකර සිනාසෙමින්  කේතකී කියද්දි  ෂෙනෝලිද ඇය හා සිනහවටඑක් වුවාය..

"you wont change කේතූ.... ඉස්කූල් යන කාලෙ නිවුස් එක ලියන්නේ නැතිව ඔයා ලියන්නේ today we don't have power කියලා..."  ෂෙනෝලි පාසැල් මතකයක් අවදි කිලාය

"හි... හි.. ඒක අපේ ක්ලාස් ටීචර් අම්මා එක්කත් තියලා තිබුනා ෂෙනු... දැන්නම් ලැජ්ජයි ඒ වගේ වැඩ කලාට.. " පාසැල් මතකයන් අත්රේ සිත දිව යද්දී මුවට සිනාවක් නඟ ගෙන කේතකී කිවාය.

"ඔයා හිනා වෙන්නේ by force කේතූ.. I can feel it "සිනහව මොහොතෙකට නවතා. සුපරික්ෂාකාරීව කේතකී දෙස බලාසිටි ෂෙනෝලි කීවාය..

"පිස්සු ඔයාට.. මේ හොඳට හිනා වෙන්නේ..." යලිත් මුව පුරා සිනාසෙමින් කේතකී සැහැල්ලු වේශයක් මවා ගැනීමට උත්සහ කාලාය.

"ස්කූල් එකේදී.. හෝම් එකේදී..මාත් එක්ක ඉස්සර හිනා වුනු කේතූ නේ...ඔය්යා හරියට සීරියස් වෙලා.."

"නෑ ෂෙනු.. ඒ ඔයාට පේන හැටි..."

"නේ නෙවෙයි... Shall we do a test.." දිලිසෙන නෙතින් සිනාසෙමින් ෂෙනෝලි ඇසුවාය..

"බච්පන් එව්වා නම් එපා හරිද..."

"නහී.. බාබා නෝ බච්පනී... ඔයියා කොහේද පොඩි ළමයා.. මාම වචන එකක් කියනවා ඔයියා ඒක අහපු ගමන් හිතෙන වචන එක ටක් ගාලා කියන්න ඔන්නා.. හරිද..."

"හරි... කියන්න බලන්න "

"water"

"ලිඳ"

"sky"

"blue"

"Star"

"golden"

"chocolate"

"white"

"India"

"ෂෙනු"

"love"

"life"

"Kiss"

"love it "

"malli"

"භාගී"

"school"

"ටක් ශොප් "

"red"

"rose"

"ලක්මාල්"

"……………." කේතකී නිහඬ විය.

"ලක්මාල්" ෂෙනෝලි නැවත ඇසුවාය

"ම්ම්ම්........... කඳුලු" කේතකී කල්පකා කර කීවාය. ෂෙනෝලි කිසිත් නොකියා කේතකී දෙසම බලාසිටියාය.

"ඔයියාගේ හිනාව ලක්මාල් ලඟ..." මොහොතක නිහඬතාවය බිඳිමින් ෂෙනෝලි කිවාය. ;

"නෑ.. ෂෙනු... ඒක මා ගාව......"

6 comments:

  1. හ්ම්.... හිනාව ලක්මාල් ලග කදුල කේතකී ගාව...

    ReplyDelete
  2. හම්....යාළුවෙක් ආපු එක ලොකු දෙයක්......

    බලමුකෝ....

    ReplyDelete
  3. ඉන්දියාවේ ඉදන් යාළුවෙකුත් ඇවිත්.. බලමු බලමු...

    ReplyDelete
  4. මේකනම් මාර කතාවක් හෆ්ෆා... නිකන් ෆිල්ම් එහෙක වගේනෙ.. මාව ෆිස්සු වැටිලා...:D

    ඊළඟ කොටස පරක්කු ක්‍රන්නනම් එපා අක්කියෝ..හොදේ???

    ReplyDelete
  5. ප්‍රියමිත්‍ර සංයොගය කේතකීට ගොඩක් උදව් වෙවි එ කිව්ව මානසිකත්වයෙන් මිදෙන්න ..... බොහොම තාත්විකව කථාව ගලා ගෙන යනවා හංසි අක්කේ......... (Y)

    ReplyDelete
  6. අර ටෙස්ට් එක නම් නියමයි. කොල්ලෙක් එක්ක ටෙස්ට් කරලා බලන්ට ඕනි. ආදරේ එක්කම පොඩ්ඩි කීවොත් ඉතින් වැඩේ හරි. :D

    ReplyDelete