මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Feb 14, 2012

හන්තානේ සින්දු කිරිල්ලී - 6කොටස

සුපුරුදු කාර්‍යාල ලිපි ගොනු අතරේ අතරමන්ව උන් කේතකී ජංගම දුරකතනයේ නාදයට ගැස්සී ඇහැරුණාය. එහි සටහන් වුයේ ඇමතුම අප්පච්චීගෙන් බවයි.

"කියන්න අප්පච්චී.." කේතකී ලිපි ගොනුව දෙසට යොමා ගත් වනම දුරකතනයට පිළිතුරු දුන්නාය.

"සුදු පුතේ අම්මට අසනීප වෙල ඉස්පිරිතාලෙට ගෙනාවා.. මාමා එයි ඔයාව ගන්න නිවාඩුවක් අරන් ලෑස්ති වෙලා ඉන්න.." අප්පච්චීගේ කලබලකාරී ස්වරය කේතකීව අවුල් කරන්නට සමත් විය.

"අම්මීට අමාරුද අප්පච්චී.." ඇයද කලබලයෙන් මෙන් ඇසුවාය.

"නෑ.. දැන් ඒ හැටි අමාරුවක් නෑ... වාට්ටුවට දැම්මා.. ඔයා කලබල නොවී නිවිහැනිල්ලේ එන්නකෝ.. "

දුරකතන සංවාදය නිමවන්ටත් පෙර අසුනෙන් නැගී සිටි කේතකී තම ආයතන ප්‍රධානියාගේ කාර්‍යාලය වෙත ගියාය.

"excuse me sir !!" ඇය දොර අසල සිට ආචාරශිලිව කතා කලාය.

"come in .....අහ්!! මේ කේතකීනේ.. මොකද මේ කලබලෙන් වගේ.. මුකුත් ප්‍රශ්ණයක්ද..?"

"ඔව් සර්.. උදේ අම්මී අසනීපවෙලා මම ටක් ගාලා hospital දුවලා එන්නද..." කේතකී අමාරුවෙන් වචන ගලපා ගත්තාය..

"ඔය තරම් කලබල වෙන්න එපා දරුවෝ... ඔයා නිවාඩුවක් අරන් ගිහින් අම්මා ලඟ ඉන්න.. ඇයි අම්මට හදිසියේ මොකද උනේ.." ඔහු කාරුණික හඬින් ඇසුවේය.

"ද්...දන්නෑ සර්.. දැන් අප්පච්චී කිව්වේ කෝල් කරලා... ගිහින්ම බලන්න ඔනි.."

"හොඳයි.. ඔයාගේ ඩිවිශන් මැනේජර්ට පොඩිඩක් මතක් කරලා යන්න... මම නිවාඩු ගන්න කිව්වා කියන්නකෝ... " කේතකීගේ ප්‍රධානියා වු වර්ණගේ ස්වභාවය දන්නා ප්‍රධාන කලමණාකරු කිවේය.

වහාම නිවාඩුව අනුමත කරගත් කේතකී පාරට එන විටත් සේනක ඇය බලාපොරොත්තු වෙන් ගේට්ටුව අසල විය.

"ඇයි ලොකු මාමේ අම්මට..." දෙනෙත් කඳුලින් පිරී යද්දී කේතකී ඇසුවාය.

"පපුව රිදෙන්න ගත්තලු.. මටත් අප්පච්චි තමයි කොල් කරේ.." වැඩි කතාවට ඇලුම් නොදැක්වු සේනක කෙටියෙන් කිවේය.. රොහලට යන තුරුත් කේතකී උන්නේ දැවෙමිනි.

ඔවුන් යනවිටත් සකුන්තලාට පිටතින් ඔක්ෂිජන් වායුව සපයමින් තිබුනි. ඒ දුටු කේතකීට ඉබේටම හැඬිනි.. ඔක්ශිජන් බටයට ඉහලින් කේතකී දෙස බැලු සකුන්තලා ඇයට නොහඬන ලෙස සංඥා කලාය. කඳුලු නවතා ගනු නොහැකි වුනු කේතකී හෙමින් වාටුටුවෙන් පිටතට පැමිණ කෙලවර වු බුදු කුටියේ පඩිපෙල මත වාඩිවී ඉකි බින්දාය.

"අම්මා එලොව ගිහින් ආවා පුතේ.. දැන් බය වෙන්න දෙයක් නෑ..." පොඩි නොනා ඇය සනසවමින් කිවාය.. කේතකී පොඩි නෝනාගේ ගෙල වැලඳගෙන ඉකිබිඳින්නට වුවාය.

-**-

සති කිහිපයක්ම සකුන්තලාට රොහලේ නැවතී සිටින්නට සිදුවිය. කේතකී , පොඩි නේනා, සහ නන්දන මෙන්ම කේනුලද ඇය අසලටම වී උන්නෝය. දරුණු හෘද්ද්‍යාබාදයක් වැලඳිම නිසා සකුත්නලාගේ තත්වය තරමක් බරපතල විය. 

ඒ අතර කාලයේ කාර්‍යලයේ රාජකාරීන්ද තරමක් මඟ හැරුනු නමුත් සකන්තලා නිවසට කැඳවා ගෙන පැමිණි වහා කේතකී යලිත් අතපසුවූ වැඩ පටන් ගත්තාය. එහිදී බවන්ත ඇයට බොහෝසේ උදව් කලේය. භාග්‍යෙග්  පියාගේ පාර්ශවයෙන් නැදෑකමකුත් ඇති බැවිත් බවන්ත කාර්‍යාලයේදී කේතකී තමන්ගේම නැගනිය බවට අන් අයටද හඳුන්වා දී තිබුණි.

ඇය අතින් මඟ හැරුනු ලිපි ගොනු බොහෝමයකම වැඩ බවන්ත නිමවා තිබින. කේතකීට ඉන් දැනුනේ විශාල සහනයකි.. ඇය දුර කතනයෙන් කතා කොට බවන්තට මුව නොසෑහෙන සේ ස්තූති කලාය..

"
අනේ  යන්න නංගී.. වැහි නැති හෙනයක් වදියි මට Thank you කිව්වොත්.. ඔයා මගේ නංගි වගේම තමයි.. ඔයාට නොකරන උදව් මොනවද.. ගන්න ගන්න එපා... Any time " බවන්ත සැහැල්ලුවෙන් කීවේය.

"
එහෙම කියලා බැහැනේ.. ඔයාගේ වැඩ අස්සේ මගේ වැඩත් කරලා.. "

"
ඒවා එහෙම තමයි... දැන් කට වහගෙන ඉන්නවද...." බවන්ත සැර කරද්දි කේතකී සිනාසී නිහඬ වුවාය..

"
දැන් කොහොමද අම්මට..." නිහඬතාවය බිඳිමින් යලිත් බවන්ත ඇසුවේය.

"
දැන් ගොඩක් හොඳයි.. දිගටම පරිස්සම් වෙන්න කිව්වා.. එයාට දුක් දෙන්න එපාලු... අනේ .. එයා කවදාවත් දුකින්නම් ඉඳලා නැහැ.. අනේ මන්දා..."

"
දැන් ඔයා අම්මව වෙනදට වඩා හොඳට බලා ගන්න......ඒ ගැන වැඩිය හිතන්න එපා.."

"
ම්ම්ම් "

9 comments:

  1. හ්ම්ම්ම්ම්......ඔං ඒකත් බැලුවා ඇ.....

    ReplyDelete
  2. හම් හම්....ඉක්මණට ඉතිරියත් ඕන....

    ReplyDelete
  3. අද කතාව කොටයිනේ.. :(

    මට හිතෙන්නේ අම්මගේ අසනීපෙත් නිසාම කේතකීට ඉක්මනට පිළිවෙලක් වෙන්න කියලා උපදෙස ලැබෙයි වගේ..

    ReplyDelete
  4. මාර සීන් කොන් එක කියන්නෙ හංසි අක්කේ, මට මෙක කියවලා ඉවරට පැය ගාණයක් යනකම් කතාවෙ තිබුන සිද්දි අමතක වෙන් නැ නේ හෆ්ෆා ..... අලෙ මන්ද ... :D

    ම්.... කේතකී බොහොම අමාරු කාලයක් පසු කරමින් ....... වගේ.hm hm.

    ReplyDelete
  5. ආනේ..කේතකී ඇවිත්නෙ. ඒත් කතාව කොටයි:( :(

    කේතකීට අර දිනේශ් අයියා කිව්වත් වගේ පිළිවලක් වෙන්න හදිස්සි කරයිවඩ්ත්ද???:O

    ReplyDelete
  6. ලස්සන බ්ලොග් එකක්.ඒවගේම රසවත්.

    කැමතිනම් අපේ අඩවියටත් එන්න.
    kiripeni.blogspot.com

    ReplyDelete
  7. අදහස් දක්වපු මගේ යාළුවනේ!!

    ගොඩාක් ගොඩක්ම ස්තූතියි සහ ටිකක් ලියන්න උනාට සමා වෙන්න.. කේතකීට වුනු වැඩේම මටත් වෙලා අපේ අම්මත් ලෙඩ වෙලා නිසයි පොඩ්ඩක් ලීවේ.. :)

    වෙන වෙනම පිළිතුරු නොලීයන එක ගැන තරහා වෙන්න එපා... මම ඉක්මනින්ම අනිත් කොටසත් දාන්නයි සුදානම.. :) ඒ කොටසත් කියවන්න එන්න හොඳද

    ReplyDelete