මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Dec 11, 2011

බිඳෙන බඳුන්

කේන්තිය කියන්නෙත් වෙලාවකට  මහ  පුදුමාකාර දෙයක් අපි කවදාවත් කැමැත්තෙන් උවමනාවෙන් කේන්ති  ඇති කර ගන්නේ නැහැ..ඒ වගේම හදිස්සි කේනිතිය නිසා සිද්ද වෙන අඩුපාඩු අපිට ආපහු  හදා ගන්නත් බෑ.. 


ම්ම්ම් මම ටිකක් අතීතට යන්නම්.. මම ඉස්කෝලේ ගිය කාලේට ඒ ලෙවල් පන්තියට.. මම උසස් පෙළ කරන්න අළුත් ඉස්කෝලෙට ගියාට පස්සේ  සුපුරුදු විදියට අපි හැමෝටම රැග් එකත් හම්බ උනා.. වාසනාවකට මට එකම දවසක් ඇම්ඩා සින්දුවක් පාඩම් කරන් එන්න කියලා.. අන්තිමේ ඒ සින්දුව පාඩම් ගත්තෙත් නෑ ඒකට හේතුව තමයි රැග් කාරයින්ගේ ප්‍රධානියාට මගේ නම හිට අල්ලපු එක.... ඔයාගේ නම ලස්සනයි ඒ නිසා අපි රැග් කරන්නේ නෑ.. හැබැයි... වැඩිය උඩ පනින් බෑ.. ඔය ඉන්න විදියට ඉන්න ඔනි.. 


ඒ පුකාශය මගේ හිතට ගෙනාවේ මාර සැනසීමක්.. ඒ කිව්වා වගේම මම කිසිම ආඩම්බර කමක්නැතිව සුපුරුදු අහිංසක විදියට හිටියා.. හැබැයි.. මගේ කේනිතිය මටම පාලනය නැති කමින් දවසක් හරිම නපුරු දෙයක් සිද්ද වුනා.. ඉස්කෝලේ ආර්ට් ක්ලාස් එකේ සිත්තරෙක්ගෙන් මට ප්‍රේම ඇරයුමක් ලැබුනා.. ආදරේ ඉල්ලලා එයා ලියුම් එවනවා.. බෑ බෑ කියලා මම පිළිතුරු යවනවා.. ඔය එක ලියුමක් ඇතුලේ ඒ පිරිමි ළමයා මට බුක් මාක් එකක් දාලා එවලා තිබුනා.. ඉතින් මම ඒක අතට අරන් බලන්නත් කලින් අර මට රැග් නෙකරපු පිරිමි ළමයා ඒක උදුරගෙන දිව්වා... එකපාරටම ඔළුව ගිනි ගත්තා වගේ මට ආව කේන්තියට මම ගිහින් අර පිරිමි ළමයට හොඳටම බැන්නා.. එයත් ඉවසුවේ නෑ එයත් මට ගහන්න පැන්නා.. ඒකට මට තවත් කේන්ති ආවා... මම මට ගහන්න පැන්නා කියලා ගිහින් සෙක්ෂනල් හෙඩ්ට කම්ප්ලේන් කලා..   අන්තිමේ අර ළමයා දඬුවම් වින්දා.. 


එදායින් පස්සේ එයා මගේ මුණවත් බැලුවේ නැහැ ඉස්කෝලෙන් අයින් වෙනකල්ම.. ඒත් ඊට ටික කලකට පස්සේ මුණු පොතින් හමු වුනා.. මගේ ඔපිස් නම්බර් එක හොයාගෙන කොල් කලා.. මට පුදුමයි.. ආදරේ ඉල්ලගෙන පිටි පස්සෙන් ඇවිත් ඉස්කෝලෙන් අස්වුනාට පස්සේ  පාරේ දැක්කට පස්සේ අහක බලා ගත්තු කෙනෙක් වෙනුවෙන් නම්බර් එක හෙයාගෙන කෝල් කරන්න තරම් නිහතමානි යාළුවෙක් නැති කර ගත්තු එක ගැන ඇත්තටම මම දුක් වුනා..   ඒ සිද්දියෙන් පස්සේ මම තීරණය කලා කේන්ති ගිය වෙලාවට ටිකක් කතා නොකර ඉන්න... ඊට පස්සේ ඉඳන්  මට සාමාන්‍යෙයන් කේන්ති ගියත් මම කරන්නේ දත්ටික කාගෙන සද්ද නැතිව ඉන්න එක...  එකම එක  වචනයක්  වත් කතා කරන්නේනෑ පැයක්ද දෙකක්ද  දන්නේ නැ.. ඒත් ඒ කාලය මට ඔනි... ඒත් ඒ අතර තුර කේන්තියට හේතුවුනු ප්‍රශ්ණය බරපතල උනොත් මම ගොඩක් තද තීරණ ගන්න කෙනක්.. කිසිම කෙනක් නිසා ඒ තීරණ වෙනස් නොකරන්න තරම් ම‍ගේ කේන්තිය දරුණුයි.. දවසක් ඉස්කෝලේ ටීචර් කෙනෙක් මගෙනු ඇහුවා.. ඔයාට කේන්ති යන්නේ නැද්ද කියලා.. මගේ උත්තරේ වුනේ.. ඉඳහිට.. ඒත් ගොඩක් දරුණු විදියට...


ඒත් ඊයේ මම අත්දැකපු දෙයක් නිසා.. මටම පුදුමයි..මම හැසිරුණු විදය.. ඊයේ මම විසිටින් ලෙක්චස් යන තැන අවෝඩ් සෙරමනි එක.. මට ප්‍රසන්ටේෂන් එකක් කරන්නත් තිබුනා.. පෙරේදා මම ප්‍රසන්ටේෂන් එක පෙන්නන්න යනකොටත් සර්ටිෆිකේස්ටික ගොනු කරලා  ඉවර නෑ.. එයාලාට ඔනි විදිය අහලා  මම කිව්වා ඒ විදියට ලිස්ට් එක ටයිප් කරලා  දෙන්න කියලා..එයාලාට වැඩ කෝටියයි පැය බාගයක් හිටියා ලිස්ට් එක නෑ.. ඊට පස්සේ ලිස්ට් එක පස්සේ හදන්න කියලා.. තිබුණ නම් ලිස්ට් එකේ හැටියට හයිලයිට් කරලා සහතික ටික ගොනු කරා.. වෙන වෙනම බෑග් වලට දැම්මා .. රෑ කීයට හරි ලිස්ට් එකක ටයිප් කරලා එනවුන්ස් කරන අයට දෙන්න කියලා  මම ගෙදර ගියා.. ඒත්.. ඊයේ යනකොට මම හයිලයිට් කරපු ලිස්ට් එක එනවුන්සර්ස්ලා අතේ... දෙවියනේ මට කේන්ති අවේ නෑ... 


හරි කියන නම් ටික කියන්න මම ඒ සහතික ටික අරන් දෙන්නම්.. ඉවසීමෙන් එහෙම කියපු මම හති දාගෙන ස්ටේජ් එකේ දෙපැත්තට දුව දුව වැඩේ ගානට කලා.. මිස්.. ඊලඟට ඔයාගේ ප්‍රසන්ටේසන් එක..  හත් ඉලව්වයි.. ලැපනෑ... යූ ඇස්  බී නෑ..  ප්‍රොජක්ටර් නෑ... තරහ ගන්නවා වෙනුවට මට සුලුදිය පොකුණ මතක් උනා... ... බෑ බෑ.. මම රෙඩී නැ... ඩාන්ස් එකක් දාන්න කියලා මම පොකුණට දිව්වා.. දෙවියෝ මට දීපු හැකියාවන් නිසා කිසිම අඩුවක් නැතිව මගේ ප්‍රසන්ටේෂන් එක කලා.. අරාධිත අමුත්තෝ ස්ටේජ් එක පිටි පස්සේ හිටි මාව හොයාගෙන ඇවිත් සුභ පතන්න තරම් හොඳට මගේ වැඩේ මම කලා.. .. ඒත් දෙවියනේ.. මම ආපහු සහතික ගොඩ ලඟට යද්දි සේරම අවුල් වෙලා.. එහෙනේ එනවුන්ස් කරන ළමයට කවුද බැනලා.. එයාට කේන්තියක් ඇවිත් වැරදි ලිස්ට් එකක් කියනවා අපි යවන සහතික යන්නේ වෙන ලමයෙක්ට සේරම අවුල් වෙලා


 ... ඒ අතරේ හැමෝම තරහින්.. එකිනෙකාට බැන ගන්නවා.. උත්සවය ඉවර වෙලා එක් එක්කෙනා තැන් වල අඬනවා සර් බනියි කියලා බයේ... එයාලව සනසලා.. එම් ඩී හොයද්දි එයා රතු කට්ට පන්නගෙන පැත්තක එයාවත් කූල් ඩවුන් කරලා.. බඩු අස් කරලා බලද්දි එම් ඩී නෑ  එයා ගිහින් යන්න.. ළමයි ටික ආයිත් අප්සට්.. මගින් බස් එකට නඟින්න හිටිය මම ආයිත් ඉන්ස්ටිටියුට් එකටම ආවා.. එම් ඩී ඇතුලේ දොරත් වහගෙන මම ඇතුළු විසිටින් ලෙක්චර්ලා තුන් දෙනක් පැය දෙකක් පැහැදිලි කරලාට පස්සේ එයාගේ කේන්තිය නිවුනා.. එතකොට වෙලාව 5යි ස්ටාෆ් එකේ ළමයින්ට උදේ ඉඳන් වතුරත් නෑ.. ඒ ළමයි මුකුත් නොකර හිටියනම් වැඩසටහන අසාර්ථකයි කියලා  බැන්නත් මම මුකුත් කියන්නේනෑ.. ඒත් නොකා නොබී.. වැඩ කරලා කේන්තිය නිසා.. හැමදේම අවුල් උනා.


ඊයේ අර තරම දෙයක් වෙලා කේන්ති නොගත්තු මම දැන් ඉන්නේ පුදුම තරම් කේන්තියකින්.... ඒකේ ප්‍රතිථලය. ලඟදීම ඔයාලට දැනේවි... ඇත්ත.. අවාසි මට..  දුක මට...  ඒත් මම තීරණයක් අරන් ඉවරයි.. මොකද  දෙයක් උනාට පස්සේ මෙනදේ කරත් ඒක හදන්න බෑ වීදුරු බඩුවක් කැඩුනා වගේ ඇලෙව්වත් කැලල හැමදාම තියෙනවා ඒ කැලැල් එක්ක කවදාවත් නිරවුල් මනසකින් ඉස්සරහට යන්න බෑ... මගේ සතුට වෙනුවෙන් මම කරපු එකම දේට ඉඳින් මම අද සිට සමු දෙනවා... 

11 comments:

  1. හා හා ඕම කේන්ති අලන් බැ සුදු අක්කියාz. මොකෝ කියන්නේ කොහිල පාර්සලයක්වත් කුරියර් කරන්නද ;) හි හි

    ReplyDelete
  2. හංසි අක්කෙ.... , අද උන සිදු වීම් වලදි මුල සිට අගටම සිරි මල්ලි ලඟ පාත හිට්යා. හැකි උපරිමයෙන් මම හැම පාර්ශවයක්ම සංහිදවන්න උත්සහ කලා. හිතනවා එ දෙ මම පුලුවන් උපරිමයෙන් කලා කියලා.
    හංසි අක්කා සිරි මල්ලි කියන දෙයක් නොඅසා ඉන් නැ කියල මම දනවා. සිරි මල්ලි එක ඉල්ලිමයි කරන්නේ.... අක්කි ගන්න තිරනයක් මෙ අවස්තාවෙ ගන්න එපා. මෙ වෙලාවෙ හංසි අක්කගෙ හිත බොහොම චංචලයි. බොහො දුරට ගන්න තිරන නිවැරදි නොවන්න පුලුවන්.
    so plzz b patient akkiyo. think twice again.

    ReplyDelete
  3. ගැණු ළමයින්ට කේන්ති යන දවස් තියෙනවාලු.. අනේ මංදා අෆි නම් දන්නැ ඔව්වා :P

    ReplyDelete
  4. හ්ම්............කේන්ති ගිහින් ඉන්නකොට තීරණ ගන්න එපා...

    ReplyDelete
  5. මොකද අද එක පාරම උනේ? ඔච්චර කේන්ති ගන්න එපා.. නිවී සැනසිල්ලේ ප්‍රශ්ණය ගැන හිතන්න..

    ReplyDelete
  6. ඊයේ කේන්තියට මමත් එක හේතුවක් කියලා මම දන්නවා අක්කා :-( සොරි සුදු අක්කි
    අපේ වෙලේ කොහිල තියෙනවා කොහිල පාර්සලයක් එවන්නම්ද සුදූ අක්කි ;-)

    ReplyDelete
  7. අනේ මන්දා......

    ReplyDelete
  8. ඉස්සරහට දැන ගන්න ලැබේවි...????

    ReplyDelete
  9. ඒකට මට තවත් කේන්ති ආවා....... ඇත්තටම මම දුක් වුනා..

    මම දැන් ඉන්නේ පුදුම තරම් කේන්තියකින්.... නිරවුල් මනසකින් ඉස්සරහට යන්න බෑ....

    !!!!!!!

    ReplyDelete
  10. @ ජේ.ඩී මල්ලාZZZZZ
    ඒකනේ මල්ලාzzzz ඉක්මනට එවන්න කොහිල පාර්සලේ... :)


    @ සිරි කොලුවා
    මුලඉඳන් සේරම දන්න ඔයා ඔහොම කියන එක ගැන තමයි මටත් දුක මල්ලියා.. ඔයාට තාමත් සුදු අක්කිව තේරුම් ගන්න බෑ.. මම අනිත් අය වගේ නෑ මම වෙනස්.. :) ඒත් එක දෙයක්.. එට ඔයා විතරමයි ඉන්නේ දුකට සැපට දෙකටම


    @ Bunny
    නෑහ්!! මාත් දන්නේ අදනේ.... :p

    @ නිසූපා.
    නෑ නිසූ.. කේන්තිය දැන් නිවිලා.. පෝස්ට් එක ලිව්වෙත් කේන්තිය නිවිලා පැය දෙකකට පස්සේ.. ඒ තීරණය ගත්තේ සතුටින් නම් නෙවේ ඒත්.. ඒහෙම නොකර බෑ.. ඒ තරම් ලොකු අසාධාරණයක් මට උනේ ..:)


    @ Dinesh
    මුළු ලෝකෙටම පොඩිම පොඩි දෙයක් මල්ලි ඒත් මට ගොඩක් ලොකු දෙයක්.. ගොඩක් කල්පනා කලා ඊයේ රෑමත් අද දවසමත් තාමත් හිතා ගන්න බැරි ඇයි එහෙම උනේ කියලා..

    @ ශානු
    පලයන් යන්න.. පුදනකොටම කාපි යකා කියලා මාව කේන්ති ගැස්සුවේ උඹ තමා.. ගෙම්බී... :)

    @ පූසා
    හ්ම්ම්ම්ම්...

    @ මාළුවා

    ඔව් මාළු පොඩිම පොඩි වෙනසක්.. ලොකෙට සුළු දෙයක් මට ලොකු දෙයක්.. වෙලාවක කියන්නම්.. නැත්නම් ශානි කියයි ඔයාට :)

    @ Tanikada
    හ්ම්ම්ම් ඇත්ත කේන්තිය ඔය සේරටම මුල

    ReplyDelete
  11. කේන්තිය පාලනය කරගන්න එක නම් හොඳයි. ඒ වුනාට තමන්ට කේන්ති යන බව නොපෙන්නුවොත් ඒක ඔයාටම තමයි අවාසි.
    මොකද එතකොට අනික් අය ඔයාව ඕනවාට වඩා පාවිච්චි කරන්න පටන් ගනීවි.

    ReplyDelete