මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Nov 24, 2011

උඳුවප් සීතල

ඇවිල්ලා ඇවිල්ලා සිතල උඳුවප් මාසේ ඇවිල්ලා.. 
කෝ.. කෝ. කොහේද.. තාම නොවැම්බරේනේ තව දවස් කීයක් තියෙනවද උඳුවප් මාසේට.. J

මාසේ  උදා වෙන්න දවස් තියෙනවා තමයි ඒත් අපිට නම් දැන්මම උඳුවප් උදා වුනා වගේ තමයි ඒ මොකද දන්නවද දැන් හරියටම සතියක වෙලේ ඉඳන් අපිට රෑ දවල් වෙනසක් නැතිව වහිනවා.. තලමට එන ඔයාලා දන්නවානේ හංසි ආසම පාරිසරික වෙනස් වීම වැස්ස කියලා.. හනේ.. ඉතින් මේ පාරනම් මට වැස්ස ඇති වගේ දැනුනා. ඇයි හත්වලාමේ වහිනවා කියලා මෙහෙම වහින්න ඔනිද..  L ඒත් ඉතින් හැම අවුරුද්දකම අනිවාර්‍යෙයන් එන මේ වැහි කාලේට දැන් අවුරුදු විසි ගානක ඉඳන් මුහුණ දිලා පුරුදු නිසා ඒ තරම් අළුත් අත්දැකීමක්නම් නෙවෙයි.. හැබැයි ඉතින් මේ පාර මට ඒ අත්දැකීම විඳන්න උනේ හරිම සානුකම්පිත විදියකට.. පහුගිය සතිවල දවස් ගානක් මහ රෑ මැදත් ඇහැරගෙන වැඩ කරපු ඒවටත් එක්ක හරියන්න දැන් සතියකට කලින් මට හොඳටම උණ ගැනුනානේ... ඒ අස්සේ සෙමත් වැඩි වෙලා... තුන්පාරක් බෙහෙත් අරගෙනත් තාමත් සනීප නෑ...  හපොයි ඉතින් නීති කෝටියයි  සීතල වතුර අල්ලන්න බෑ, සීතල කෑම කන්න බෑ. තොප්පියක් නොදා ඉන්න අවසර නෑ.. හපොයි මගේ දෙවියනේ.. වැහි පිට වැහි හතක් ආවත් මම ආසම නැත්තේ තොප්පි දාන්න තමයි.. ඒත් ඉතින් මොනවා කරන්නද මාත් උන්නේ හරිම ආරුවෙන් හුසුම ගන්න බැරිව.. කොහොම කොහොම හරි අම්මාගෙයි අත්තම්මාගෙයි දාඩිය මහන්සියෙන් මම ඊයේ ඉඳන් නෝමල් විදියට නහයෙන් හුසුම් ගන්නවා නැත්නම් හනේ කට ඇරගෙන හුසුම ගත්තේ මේ හැටි දවසක්...

මාත් මේ ටිකේ හොඳ හොඳ වැඩ කරනවා සීතලටමද කොහොද .. අන්න ඒ වගේ අද හවස මට මුණ සොදන්න අම්මා වෙනමම වතුර මුට්ටියක් උණු කරලා තියෙද්දි රෑට බත් උයන්න උණු කරපු වතුර ටික අරන් ගිහින් සීතල වතුර එක්ක එකතු කරලා මුණ සේදුවා.. අනේ ඉතින අපේ අත්තම්මාට ඇති ඒ විහිලුව.. කතාවටත් කියනවනේ බතට ගන්නේ ඇඟිලි පුරුක් දෙක තරමට වතුර කියලානේ ඉතින් ඒ වගෙ ටිකකින් මම හවස මුණ අතපය සේදුවා කියන්නේ විහිලුවක් නේන්නම්... පස්සේ ඉතින් අම්මා මට උණු කරපු වතුර ටික දීලා ආයි මුණ සෝදන්න යැව්වා ඒක වෙනම කතාවක්. J J J

උදේ පාන්දර පටන් අරගෙන දවල් වෙනකලුත් හවස් වෙනකලුත් රෑ වෙනකලුත් පහුවදාට උදේවෙනකලුත් ඉවරයක් නැති වැස්සත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත ගලාගෙන යන විදියත් වෙලාවකට ෂේක්ශ්පියර්ගේ චිත්‍රයක් වගේ කලාත්මකයි කියලයි මටත් හිතෙන්නේ. ඒකෙත් මහ ගුප්ත ලස්සනක් තියෙනවා.

උදේ පාන්දරට මීදුමෙන් වැහුණු පරිසරයේ ලොකු වැහිකබා දා ගත්තු ගැහැණුන් මිනිසුන් දෑත් පපුවට උණ්ඩි කරගෙන එහෙට මෙහෙට යන දර්ශණය වගේම උණුසුම සීත කබා පොරවගෙන,  තමන්ගේ අත්වලට වඩා ලොකු අත්මෙස් පළඳගෙන , ඇස දෙක නහය තට විතරක් පේන්න මන්කි කැප් එකක් දාගෙන පාසගට යන පුංචි එවුන්ගේ දර්ශණයත්  මේ දවස්වල සුලබයි.







මුළු දවසම පරිසරයේ තියෙන මද අඳුරත් එක්ක ඇඟ කිලිපොලාගෙන යන සීතල හදවතට ගේන්නේ පුදුමාකාර මිහිරියාවක් ඒ වගේම තමයි උණුසුම් ඇඳුම්වලින් උණුසුම් වෙලා හොඳ කිරි කෝපි කෝප්පයක් එක්ක උණු රෝල් එකක් හම්බ වෙනවනම් කොහොමද මිහිරියාව..



මේ පුංචි සටහන නොනවත්වා වැටෙන වැස්ස වෙනුවෙන්.. J


8 comments:

  1. මොකෑ අක්කා අර මැදින් මැදට ඉංග්‍රිසි අකුරු ඔබ්බවලා තියෙන්නේ?
    මාත් ආසම වැස්සට්. වහිනකොට ඉතින් වෙන මොනා කරන්නද පොරවන් නිදා ගන්නවා මිසක්.

    ReplyDelete
  2. තොප්පි දාගන්න කැමති කවුද....:DDD
    පාවෙලා ඇවිත් තොප්පි වැටුනට...හිකිස්...
    මම නම් හරිම ආස සීතලට. හොඳට ගුලිවෙලා නිදියන්න පුළුවන් දවල් වෙනකල්ම. වෙහෙසකර සතියක සති අන්තයේ සීතල දවසක් උනොත් මහ දවල් වෙනකල් ඇඳේ ගුලිවෙලා ඉන්න තියේනම් ඊට වඩා මොනවද...

    ReplyDelete
  3. සික්... ඔව්වා කියලා අපිව අවුස්සන්න එපා බොල.. අපි පවු..

    ReplyDelete
  4. හුටා අපේ ටිප් එක කැන්සල් කරන්න වෙයිද?

    ReplyDelete
  5. අපෝ....වැස්ස.....

    හික්ස්...වැස්ස හොඳා එළියට නොබැහැ ඉන්න තියෙනවනම්....ඒත් සාරිත් පටලවන් වැස්සේ යනවා කියන්නේ ඊයා.....හරිම හිරිකිතයි....

    ReplyDelete
  6. අප්පේ මෙහෙටත් නියමෙට වහිනවා.පාරෙ යන්න ගියාම තමා එපා වෙන්නෙ.දෙපයට පෑගෙන වතුර හරිම සුපිරිසිදුයි නොවැ ඉතිං ආසාවෙ බෑ.

    ReplyDelete
  7. අපිටත් වැස්ස නම් දැන් පටන් අරන්.. තව ටික දවසක් යද්දි වැස්ස හිම කැට වෙලා වැටේවි.. මම ආසම කාලය..

    ReplyDelete
  8. මමත් හරිම ආසයි වැස්සට නම්,.. වැස්ස වැටෙන සද්දේ අහගෙන ඇඳ උඩට වෙලා ඇස් පියාගෙන ඉද්දි දැනෙන්නේ අමුතුම හැඟීමක්,.

    ReplyDelete