මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Nov 1, 2011

රිදුනු ගුරු සිත

පාසැල් පොත පත ලඟම දැවටිගෙන
අකුරු කරන රත්තරන් පුතේ
නුහුරු අතින් අත්කම් වැඩ කෙරුමට
නොහැකිව ලතවෙන නුඹ දැක
ගුරු සිත හැඬු හැටි කියමි මෙසේ
නුහුරට පා තබා  කඩිසරව යන නුඹ,
ඉවරයක් නැතිව පැන අසා මා කුපිත කරන නුඹ,
වරදක් කලත් අවංකව පිලිගන්නා නුඹ,
සසල කලා සිත පුතේ එක් වරක් නුඹ,
කීවා මතකයි දවසක් මට
මම ඉපදෙන්න ඉන්නකොට අම්මා වැටිලා ටීචර්!!

7 comments:

  1. සසල කලා සිත...

    ReplyDelete
  2. මේක නම් බර වැඩියි වගේ සුදු හංසි... තව කෙනෙක්ව මතක් වුනා...!!!

    ReplyDelete
  3. අම්මෝ ගොඩක් දුක හිතෙන කවියක් සුදු හංසි අක්කේ !!!1

    ReplyDelete
  4. පව් පොඩි එකා...
    ඇත්ත සිද්දියක්ද?

    ReplyDelete
  5. හපොයි ජීවිතේ හැටි තමා සුද්දියේ. අපිට ලැබිල තියෙන දේවල් වැඩිත් එක්ක නේද?

    ReplyDelete
  6. හිතට තදින්ම දැනුනා මේ කතාවනම්...

    ReplyDelete