මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Oct 6, 2011

අපේ ගුරුතුමා (මී)යයි තාමත් ඉස්කෝලේ


නිමක් නැතිව ඔබ පොවන 
සිප්කිරෙහි මිල ගෙවාලන්නට
අවසරයි දිසාපාමොක් වරුනි අද
කවියෙන් කියන්නට ඔබේ ගුන..

මෙන්න මේ විදියට 2004 ඔක්තෝම්බර් 06 වැනිදා අපේ පාසලේ ගුරු දිනය සැමරුමට මුඳ්‍රණය කල  සමරු සටහනට පද ගලපලා දුන්නේ මම, කවි පෙල පේලි 24ක් දිගයි අවසනාවට මගේ මතකේ තියෙන්නේ  මෙපමණයි.. 

අද ලෝක ගුරු දිනය..මගේ වෘත්තීය ජීවිතේ 5වන ගුරු දිනය 2007  වසරේදි මේ දැන් ඉන්න පාසලේම 1 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේනිය දක්වා පරිඝණක විද්‍යාව ගුරුතුමිය වෙලා හිටපු කාලේ මගේ  ජීවිතේ ගුරුවරියක් වශයෙන් පළමුවරට ගුරු දිනයට මුහුණ දුන්නා. තාමත් මතකයි මට එදා අපිට පාසලේ දරුවන්ගෙන් කොළ පාටින් අයිසින් කරපු කේක් කෑල්ල ගානේ ලැබුනා.

 ඒ වෙද්දි මම වසසින් අඩුයි වගේම පාසැල් ලමුන්ට මිතුරියක් ගානයි.. ඊට පස්සේ උදා වුනු ගුරු දින තුනක්ම ගෙවුනේ IDM එකේ.. එහිදි අපි ගුරුවරු උනාට වැටුනේ ටියුෂන් ගුරුවරුන්ගේ ගනයට ඒත් දරුවෝ ගෞරවයේ වෙනසක් දැක්වුවේ නැහැ. ඒ කාලේදි අපි පුංචි උන්ට උගන්නනවාට වඩා කලේ වැඩිහිටියන්ට උගන්වපු එක.. හිමිහිට කල්පනා කරලා බලද්දි මගේ ගුරු ජීවිතේ හැම විදියකම අයට ඉගැන්විමේ පල පුරුද්ද මට තියෙනවා නේද කියලා හිතෙද්දි හිතට දැනෙන්නේ අහිංසක ආඩම්බරයක්..

මම ඉගැන්වීම පටන් ගත්තේ සාමාන්‍ය පෙල පන්තියේ ඉන්නකොට. පාසැල අහවර වෙලා ගෙදර ඇවිත් වටේ පිටේ ඉන්න පෙර පාසල් පැංචෝ තුන් දෙනෙක්ට ගෙදර වැඩ කර ගන්න උදව් කලා. එක්කෙනක් මාසෙට මට රුපියල් 200 ගානේ ගෙව්වා. ඒ මුදල් මම දුන්නේ අම්මට. අම්මා මගේ පන්ති ගාස්තු වලට වෑන් ගැස්තුව වගේම පොත්පත් වලටත් ඊට එහා වියදමක් දරන බව මම දැන්ගෙන හිටියා. ඊට පස්සේ ඒ ලෙවල් විභාගයෙන් පස්සේ මම දැන් වැඩ කරන ඉස්කෝලේ පරිඝනක විද්‍යා ගුරුවරිය උනා. ඒ අතරම හවස් වරුවේ IDM ඇවිත් වයස අවුරුදු 3 බබාගේ සිට වයස 55ට ආසන්න වැඩිහිටියා දැක්වා පරිඝනක විශයන් ඉගැන්නුවා.. 

ඔය අතර මුලින්ම මට අහුවුන වැඩිහිටි කාන්ඩය මධ්‍යම පලාතේ නුවර එළීය  දිස්ත්‍රික්කයේ පාසැල් 13ක විදුහල් පතිවරුන් 11කුත් විදුහල්පතිනියන් 2න්නෙකුත්.මගේ රාජකාරිය දේශකයාගේ සහයිකාව ඒ කියන්නේ ඉන්ස්ට්‍රක්ටර් .  

විශ්‍රාම යන්නට ආසන්න වයසේ හිටිය ඒ විදුහල්පති වරුන් මට කතා කලේ දුව කියලා “දුවේ මෙහේ එන්න මේක පැහැදිලි කරලා දෙන්න“ කියලා වයසින් අඩු මගෙන් ඒ අය බොහෝම නිහතමානිව ඉගෙන ගත්තා.ඔය අතර හිටියා අපේ අම්මා 10 වසරේදි පන්ති බාරව හිටපු ගුරුතුමා.. දවසක් මම අම්මා එක්ක පාරේදි මුනගැහුනු වෙලාවක එතුමා කිවේ ඔන්න දුවේ මම ඔයාගේ අම්මට ඉගැන්නුවා ඔයා මට ඉගැන්නුවා කියලා. 

ඒ වැඩ සටහන යන අතරතුර නුවර එළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ කලමනාකාර සහකාරවරියන් තිදෙනෙක්ටත් මුලික විෂයන් කිහිපයක් ඉගැන්වීමේ අවස්ථාව මට උදා උනා.. ඒ මගේ ජීවිතේ වැඩිහිටියන් පිරිසකට නතිවම ඉගැන්වු පළමු වතාව. දින තුනක වේගවත් පාඨමාලාව අවසානේ ඒ අය සත්තෝසේ ප්‍රකාශකලේ ලොකුම ලොකු චොකොලොට් එකක් මට තෑගි දිලා..:) අහ්! අර විදුහල් පතිවරුත් මට තෑග්ගක් දුන්නා.. මේ තියෙන්නේ ඒක 



ඒ වැඩසටහන් දෙකත් සමඟ පටන්ගත් වැඩසටහන් මාලාවක් මම IDM එකෙන් අයින්වෙනකල්ම තිබුනා. අපි නම් කීවේ කැල්(CAL) කියලා. මේ වැඩසටහන් මාලාව කලේ ICTA ආයතනය. ඒ රජයේ සියලුම ගුරුවරුන් පරිඝණක දැනුමින් පොහොසත් කරන අරමුනින් එක දිගට දින 18ක් පැවැත්වෙන මේ වැඩසටහන් මාලාවෙන් වැඩ සටහන් 14කම මම වැඩ කලා. ඒතනදි ලැබුන හොඳම අවස්ථාව තමයි විවිධ ජාතින් වල විවිධ තරාතිරම් වල අධ්‍යාපන ක්ෂේත්‍රෙය් ප්‍රවිණයන්ට ඉගැන්වීමට ලැබීම, ඔය අතර මට මුහුණ දෙන්න වුනු අපුර්වතම සිදුවීම තමයි වරක් භික්ෂුන් වහන්සේ නමක් මගේ පත්තියේ සිටිම. උන්වහන්සේට කතා කරන විදිය පවා මට ගොඩක් සැලකිලිමත්ව කරන්න උනා. බෞද්ද කෙකේ විදියට . මොකද ගුරුවරුන් කියලා බලන්නේ නෑ වරදක් කලොත් මාත් ටිකක් සැරයි.. චූටි ටීචර් මිරිස් කරල වගේ කියලා එක සර් කෙනෙක් මම තරහා ගිහින් බනින වෙලාවක ගහපු පොටෝ එකකුත් අන්තිම දවසේ මට දීලා ගියා. ඒක නම්  හරිම අපූරු සිදුවීමක් මට අදහා ගන්න බැරි උනා උදේ අනවශ්‍ය ලෙස අන්තර් ජාලයේ ඉන්නවා කියලා සද්දේ දාලා මම පන්තියෙන් ගියේ දිවා විවේකය දීලා දිවා විවේකයෙන් පස්සේ අවසන් උත්සවය, උත්සවය අවසන් වෙද්දි උදේ බැනපු විදිය පොටෝ ගහලා මගේ අතටම ගෙනත් දීලා හිනා වෙවි ඉන්නවා. 

මෙන්න ඒ පොටෝව.. මාව නම් අඳුනන්නත් බැරිවෙයි.. දැන් ඉන්නවයින් බාගයකුත් නැහැනේ ;)



ඔය තරම්ම ඉමිහිරි මගේ ගුරු ජීවිතේට මම 2010 වසරේ මුල ආයුබෝවන් කියන්න කල්පනා කලා. මට ඔනි වුනේ ජීවිතේ වෙනසක් දකින්න. අළුත් දෙයක් කරන්න, එහෙම කියලා නුවරට ආපු මම අවුරුද්දක් යන්න කලින් සැහෙන්න පසුතැවුනා, ගත කරපු ජීවිතේ කොයිතරම් සුන්දරද කියලා පස්සේ දුක්වුනා.

අවසානේ ආපහු ඉරණම මාව අරන් ගියේ  පරණ ලොකේට. නුවර එළියේදි මට ඉගැන්වීම එහෙමත් නැතිනම් ගුරුවරියක් වීම හැර  සුදුසුයි කියන්න තරමේ රැකියාවක් හොයා ගන්න අමාරුයි. ඒ නැතත් මෙහේ මිනිස්සු මාව දන්නේ ගුරුවරියක් විදියට කොටින්ම අපේ අම්මා මා එක්ක ටවුන් එකට යන්න කැමති නෑ.. මගෙන් ඉගෙන ගත්ත පුංචි උන් මහපාරේදි “මිස්“ කියලා වඳින අවස්තා තියෙනවා 


ඉතින් අදට හරියටම මාසයක් උනා මගේ දෙවන ගුරු ජීවිතේට.. අසනීප තත්වයක් නිසා ඊයේ මම නිවාඩු ගත්තා අද උදෙත් නොයාම ඉන්නම් කියලා කල්පනා කරද්දි ආයිම හිතුනා අදත් නොගියොත් පුංචි උන් දඟේට වැටෙයි කියලා, එහෙම හිතලා ආයිම අමාරුවෙන් යන්න හිත හදා ගත්තා. ස්කූල් වෑන් එකේ වෙනදට Good Morning Teacher කියලා කියන ළමයි අද උදේ Happy Teachers Day Teacher කියලා කියද්දියි මතක් උනේ අද ලොක ගුරු දිනය කියලා.

 පන්තියේ ළමයින්ට මම තවමත් අළුත් නිසාත්, අවුරුදු 5ට හැඩරුවින් පවා වෙනස් වුනු මාව ළමයින්ට අමතක නිසාත් ගුරු දිනයේදි පොඩ්ඩන්ට මාව මතක තියෙයි කියලා මට හිතුනේම නැහැ. මම බලා පොරොත්තු උනේ කාල සටහනට වැඩ කරන තවත් එක දවසක්. ඒත් වෙනස පටන් ගත්තේ ගේට්ටුවෙන් අතුල් වෙද්දිම මගේ පන්තියේ පොඩ්ඩෝ ටික පිට්ටනියේ ඉඳන් දූවගෙන ඇවිත් වැඳ වැටිලා සුභ පතද්දි මොහොතකට හුස්ම ගන්න අමතක උනා.. 

ඒ වගේම පාසලේ ගුරු මන්ඩලයත් එකිනෙකාට ඉතාමත් සුහද විදියට සුභ පතා ගනිද්දි මගෙන් ඉගෙන ගත්තු මට බාල ගුරුවරියන් ඇවිත් මට වැඳලා සුබ පැතුවා. මොහොතකට මට කල්පනා උනේ අවුරුදු 4ක් තිස්සේ මම හම්බ කරපු මිනිස්සු නේද මේ කියලා.. අද උදෑසන තිබුනේ ආගමික වතාවත් ඉවර කරලා පන්තියට ඇතුල් වෙද්දි පුංචි උන් ටික බිත්ති පුපුරන සද්දෙට Happy Teachers Day Teacher  කියලා කෑ ගහගෙන මාව වට කර ගත්තේ ඉස්සෙල්ලාම වඳන්න, මගේ මුන ඉඹින්න, අවස්ථාව ගන්න තරඟ කරන ගමන්. තමන්ට පුළුවන් විදියට තමන්ගේ ආදරේ ගුරුතුමියට පෙන්වන්න මේ පොඩ් පැටව් කරලා තියෙන දේවල් බලන්නකෝ..













මගේ ඇස් නම් මේවා දකින දකින ගානේ තෙත් වෙනවා. උදේ පාන්දර නැගිටින්න වෙනවා තමයි, උදේ අටේ ඉඳන් පන්ති කාමරේට කොටු වෙනවා තමයි, මම කියලා දෙන දේ අහන් ඉන්නේ නැතිකොට තරහා ගිහින් බනිනවා තමයි, පීරියඩ් තුන හතරක් එක දිගට කෑ ගහද්දි උගුර වේලිලා  ලේ රහ වෙද්දි මට මං ගැනම දුකයි තමයි, ඒත් මම කොයි තරම් සැර කලත් මේ පුංචි එවුන් තමන්ගේ අම්මා තාත්තා ලඟට ඊලඟට ආදරේ කරන්නේ මට කියලා දැනෙද්දි දැනෙන්නේ පුදුමාකාර සතුටක්.. තව කොයි තරම් කාලයක් මම ගුරුවරියක් වෙලා ඉඳියිද මම දන්නේ නැහැ. ඒත් මට දැනෙනවා මම තනිවෙලා තියලා හිතාගෙන ජිවිතේ වෙනස්ම පාරකට හරවගත්තට මම දැන් තනිවෙලා නැහැ කියලා..

පැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිත් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමා‍රෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඩුවමක් පැතූ

රන් මසු පටපිළී අභරණ උරන වෙලා
සමන් පිච්ච කැකුළිය ගෙයි මිලිණ වෙලා
තුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමි‍නේ ඇත බිතු සිතුවමක් වෙලා

පැන මඩකඩිති...//

පද රචනය : මහින්ද චන්ද්‍රසේකර.
සංගීතය : රෝහණ වීරසිංහ.
ගායනය : සුනිල් එදිරිසිංහ.

පද ටික හොයලා ඊමේල් කලේ : ප්‍රියන්ත ගල්ගේපිටිය ;) ;)

කවදා හරි කවුරු හරි මට මෙහෙම කියාවී ජීවිතේ තනිකම මේ පොඩ් උන් එක්ක ඉදිරියට ගෙවාගෙන ගියාම :)



17 comments:

  1. හැපී ටිචර්ස් දිනයක් වේවා හංසි ටීචට....!!!
    මටත් තාම මතක් වෙනවා කාලයක් මම ඇණ මුරිච්චි එක්ක හැප්පනෙවාට අමතරව පොඩි ළමයින්ට කොම්පියුටර් උගන්වපු කාලේ. ඒ මුහුණු තාම පේනවා. පාඩමක් තේරුනාම ඒ ඇස් වල සතුට. ඇත්තටම ඒ සතුට සල්ලි වලට හෝ ලබන්න බැරි දෙයක්. මාවත් අතීතයට ගෙන ගියාට හංසි නගාට ගොඩක් ස්තූතියි...:DD

    ReplyDelete
  2. සුභ ගුරුවරියන්ගේ දිනයක් වේවා.......

    ReplyDelete
  3. අලේ ඔයා ඉස්සර කෙශ්ටුයිනේ

    ReplyDelete
  4. අර ළමයින් ගේ සුබ පැතුම් දැකල මටත් කදුළු ආව

    ජය...

    ReplyDelete
  5. ඔය සින්දුව අහනකොට මගේ හිතට මොකක්ද කියන්න බැරි දුකක් වගේ එකක් එනවා..මම හිතන්නේ මට මගේ තාත්තව මතක් වෙනවා..එයා තමයි මගෙ ගුරුවරයා..ජීවිතෙත්..ඉස්කෝලෙත්....මම ඉන්නේ ලෝකේ අනික් පැත්තේ රටක..මම නොවරදවාම ඉරිදට තාත්තට කෝල් කරනවා....පොලේ ගිහිල්ලා එන්නේ 12 ට වගේ හැමදාම..හිතට මොකක්දෝ කියන්න බැරි සහනයක් දැනෙනවා තාත්තා එක්ක කථා කරාම.....

    ReplyDelete
  6. අනේ මේ සින්දුවට මම හරිම කැමතියි..ඒත් දුක හිතෙන නිසා අහන්න කැමති නැහැ.

    සුබ ගුරු දිනයක් වේවා...

    ReplyDelete
  7. එහෙනම් අක්කටත් සුභ ගුරු දිනයක් වේවා!!

    ReplyDelete
  8. දැන් ඉන්නවා වගේ කාලක්වත් නෑ අක්කේ අර ෆොටෝ එකේ ඔයාට හැපි ගුරු ඩේ එකක්

    ReplyDelete
  9. අක්කට සුභ ගුරුදිනයක් වේවා.අපේ අම්මටත් සමරු පලක එහෙම හම්බ වෙලා තිබුනා.ලමයි කැමරාත් අරන් ඇවිත් අම්ම එක්ක ඉදලා ෆොටෝ ගන්න පොර කෑවාලු.අපේ අම්මත් ගොඩක් සංතෝසෙන්.

    ReplyDelete
  10. හම්.....ඔන්න ගුරුවරියක් වුණ මාත් අක්කට සුභ පතනවා.....!!

    ඊයෙ මටත් තෑගි ලැබුනා ළමයින්ගෙන්....මාස තුනෙන් තුන පවත්වන අපේ පරිඝණක පාඨමාලාවලට එන ළමයිගෙන් ගිය අවුරුද්දේ මන් පත්වීම ගත්ත හැටියම තිබුණ ගුරු දිනයට පුංචි ලස්සන තෑග්ගක් හම්බුණා මන් ඒ ගැන නොහිතුවත්,බලාපොරොත්තු නොවුනත්....ළමයි ගුරුවරුන්ට නිකම් තෑගි දෙන්නේ නෑ එයාලා අකමැතිනම් ඒ ගුරුවරයට....එහෙම කියන්නේ ඒ දරුවෝ මට තෑගි දුන්නත් එයාලට උගන්වන අනිත් සහෝදර ගුරුතුමාට තෑගි නොදුන් නිසා....ඇත්තවම ඒලෙවල් කරලා අපේ පාඨමාලාවන්ට ආව ඒ දරුවෝ එයාලට වඩා අවුරුදු 2ක් වැඩිමල් මට දණගහලා වදිද්දි දැනුණ හැඟීම විස්තර කරන්න මට වචන නැ.....ඒ තමයි දවසකින් දෙකකින් මන් හම්බකරපු වටිනාම සම්පත....මේ පාරත් මට හම්බුණේ ඒලෙවල් කරලා ආපු නංගිලා මල්ලිලා ටිකක්....ඒත් පුරුද්දට කතා කරවෙන්නේ පුතේ කියලා.....මේ පාරත් මට ලස්සන තෑගී ටිකක් ලැබූණා....‍වදීන්න ආපු අය අතර මට වඩා වැඩිමල් ළමයි 3 දෙනෙක් හිටියා....බොහොම අමාරුවෙන් වදින එක නවත්තගත්තේ....ඔන්න ඔහොමයි මගේ ඊයෙ දවස ගෙවුණේ....

    හම්....

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ඔන්න ගුරු දිනයට සුබ පතන්න මාත් මේ පැත්තෙ ආවා. මේවා දකිත්දි මටත් හිතුණා ගුරුවරියක් වෙන්න.

    ReplyDelete
  13. සිප් සත සයුරින් එතෙර කරන්නට අත්වැල දුන් ගුරු පියානනේ...,
    නෙත් දෙක පාදා නිසි මඟ යන්නට ඔවදම් දුන් ගුරු මෑණියනේ...,
    ඔබටයි මේ...... උපහාරේ......

    ReplyDelete
  14. ගඟක් වෙලා ගොස්, සයුර සිඹිබ තැන ...
    …අමතක නැත උල්පත මතු වු තැන ......
    …කෙත්වතු සරු කර මුඩු බිම් සරු කර
    …ලොකය ජයගෙන මල් පුබුදන දින
    …වදිමි මමත් ගුරු දෙවියන් සිහි කර .........

    ReplyDelete
  15. අපිත් මේ ගුරු උපහාරයට ලැහැස්ති වෙනවා ඹ්න්

    ReplyDelete
  16. සිරි කොලුවගේ නිස දැසත් මම ලියා ගත්තා තැන්ක් යූ

    ReplyDelete
  17. අපිත් මේ ගුරු උපහාරයට ලැහැස්ති වෙනවා ඹ්න්

    ReplyDelete