මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Oct 4, 2011

අදයි මගේ උපන්දිනේ!!

යන්තමින් අඩිය ගහල ඇවිදින්න පටන් ගන්න වයස..අකුරු එක එක ගලපලා කතාකරන්න පටන්ගන්න වයස.. තමන් වටේ ඉන්න අයව පැහැදිලිව වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වයස 
වයස අවුරුද්දක් කියන්නේ පුංචි ජීවිතේක වෙනස්කම් ගොඩක් සිද්ද වීම ඇරඹෙන වයසක්..  


ඔන්න එහෙනම් අදයි මගේ ඒ දවස..



දවසක් මුණු පොතේ ෂෙයා කරලා තිබුන ලින්ක් එකක් හරහා ගියාම අපේ හංසි ගොඩ උනේ සිංහල බ්ලොග් පිටුවකට,  තිබුනේ හද ඇද බැඳ ගන්න කතාවක්, කතාවේ නම ආදරේ අහස තරම්  බ්ලොග් අඩවිය රත්ගමයා  (ඒත් ඒක මේ දැන තියෙන බ්ලොග් අඩවිය නෙවෙයි.. රත්ගම මහත්තයා මම මේ කියන බ්ලොග් අඩවිය මැකුවා කියලා තමයි මටනම් ආරංචි උනේ)

ඉතින් අහන්නකෝ කියන්න ගිය කතාව..  ආදරේ අහස තරම් කතාව කියවාගෙන ගිහින් හංසි  හොයලා බැලුවා කවුද මේක ලීවේ කියලා.. ඉතින් ඔය විදියට හංසිට රත්ගමයා මහතාගේ බ්ලොගර් ප්‍රොෆයිල් එකට යන්න පුළුවන් උනා.. ඒ හරහා එහෙන් මෙහන් ක්ලික් කරලා කාරිය හංසිටත් යාන්තම් මාව අටවගන්න පුළුවන් උනා.. මේ සිද්දි දාමයට පැය බාගයක්වත් ගියේ නැහැ..ඒ දවස් වල හංසි පාව්ච්චි කලේ එයාගේ හැක් වුනු පේස් බුක් ගිණුම.. හංසි ඒකේ නෝට් විදියට එයා කුරුටු ගාන කවි නිර්මාණ පල කලා එයා දැනගෙන හිටියේ නැහැ මේ බිලොග් කලාව ගැන ඉතින් එදාට  මුණු පොතේ නෝට් එකේ දාන්න උන්න කවිය හංසි  දැම්මා එයා අලුතින් හදපු බ්ලොග් අඩවියේ.. ඒ වෙලාවේ එයාට  ඔනි උනේ වෙනත් නමකින් බ්ලොග් එක ලියන්න.. එක තත්පරේට මතක් වුනු නම සිදංගනාලු  ඒ වගේම මට එයා මුලින් දැම්ම නම කඳුලු පත්තිරු  මේ තියෙන්නේ සිදංගනා මුලින් ලියපු කවිය



කදුලු කැට.....

ගොඩක් අසරණ වෙලා
දගකාර මගෙ හිත,
මට බයයි රත්තරන්
ඔයා නැති වෙයිද මට....

කවුරැදෝ ගෙන ගිහින්
මගේ ඇස් වල සතුට
හෙමින් ඇවිදින් නෙතට
ලොකු බෝල කදුලු කැට...

තදින් ඔබටම බැදුන
මගෙ හිතේ ලෝබ කම
මට බයයි රත්තරන්
ඔයා නැති වෙයිද මට....

අහිමි වී යා නොදී
මං රකින සෙ‍නහසට
කදුලු පමනක් දෙයිද
රත්තරන් ඔයා මට.....

ඉතින් මේ විදියට කවියක් ලියලා දාලා හංසිත් දවස් ගනනක් මගේ වගක් නැතව වගේ  හිටියා..  හරියටම දවස් හතරකින් ආයිමක් පොඩි 
පද පෙලක් එක්කලා.. ඒ තමයි  හීන.. ඒ පද පෙලට අපේ රත්ගම මල්ලි කමෙන්ට් කරලා තිබුනා.. මෙන්න මෙහෙම 








නියමයි අක්කා...දිගටම ලියන්න..නවත්තන්න එපා..........කියවන්න බලගෙන ඉන්නෙ....සින්ඩියට එකතු කරන්න බ්ලොග් එක..එතකොට කට්ටිය එයි වැඩිපුර....සුබ පැතුම්........


මේක කියෙව්වට සින්ඩිය කියන්නේ මොකක්ද කියලා හංසි දන්නේ නැහැ ඔහොම යද්දි ටික දවසක් ගිහින් හදිස්සියේ අඳුනන්නේ නැති කෙනෙක් මුනු පොතේ හංසිත් එක්ක වැට් කලා 

අක්කා නේද සිදංගනා.. කියලා දඩබඩස් ගාලා අහද්දි හංසි තුෂ්නිම්භූත උනා, යකෝ  මේ යකා කොහොමද මේක දන්නේ කියලා... බලද්දි ඒ චැට් කරලා තියෙන්නේ ඉරු හෙවත් රත්ගමයා හංසිව අහු වෙලා තියෙන්නේ ඇත්ත ප්‍රොෆයිල් එකෙන් නෝට් එකයි බොරු ප්‍රොෆයිල් එකෙන් බ්ලොග් එකයි ලියද්දි දෙකම කියවන්න එකම රසිකයා වෙලා රත්ගමයා ආපු නිසා..
එදා රත්ගමයා නොහොත් හංසිගේ බ්ලොග් ගුරුන්නාන්සේ තමයි මාව  සින්ඩිවලට දාගන්න විදිය කියලා දුන්නේ.. ඊට පස්සේ හංසි ලියපු පිච්ච මල කතාව නිසා මාව  බලන්න යාළුවෝ ආවා ගියා.. හංසිත් යාළුවෝ අතරට සිදංගනා නමින්ම ගියා.. 

ඊට ටික කාලෙකට පස්සේ තමයි මගේ  ජීවිතේ දෙවන උපත සිදුවන්නේ ඒ හංසි ගූගල් බස් රියැදුරියක් වීම නිසා.. මුල්ම කාලේ ඉඳන් ගූගල් ප්‍රොෆයිල් එක හදාගෙන හිටියට හංසිට බස් ගැන වැඩි අවබෝධයක් තිබුනේ නෑ.. ජේ ඩී සේඩි මලයා තමා එයාව බස් පදින්න එක්කාසු  කරන් ගියේ.. ඒ උනත් එයා නැංගේ ජේඩි මලයගේ බස් වලට විතරයි.. ඊට පස්සේ දවසක හසී ගේ බස් එකකදි බස් සංගමේ අය අඳුන ගත්තා.. ඊට පස්සේ එයා ඒ අයගේ බස් වලටත් නගින්න ගත්තා.. මුලින්ම බස් නැගලා විනාස කලේ මගේ සඳ ලියන පසන් අයියාගේ බස් එකක් .. එදා ඇතිවුනු අඹ යාළු කමේ ප්‍රතිථලයක් හැටියට මමත් මගේ නමත් වගේම මගේ හංසිගේ නමත් වෙනස් උනා..


සිදංගනා කඳුලේ කවිකාරිය   ගේ කඳුලු පත්තිරු
සුදු හංසිගේ  සිහින තවලම | Caravan of Dreams



බවට පත් වුනා... ඔන්න ඔය විදියට ගමනක් ආපු මගේ උපන්දිනේ අද තමයි.. මම දන්නවා හංසි දුක සතුට දෙකේදිම ඉස්සෙල්ලාම මතක් කරන්නේත් හොයන් එන්නේත් මාව කියලා.. ඉතින් මගේ උපන්දිනේ  නිසා එයා  නිකම්ම හිටියේ නැහැ.. මහන්සි වෙලා පාටියක් ලෑස්ති කරලා.. මෙන්න එහෙනම් කේක් කාලා මුකුත් බීලා හේම යන්න....

Let's party time!!





ප:ලි
එහෙනම් බොහේම ස්තූතියි පාටියට ආවට... හැමදාමත් මා එක්ක තවලමේ යන්ට එකතු වෙන්ට ඔනි හොඳද මගේ යාළුවනේ!!

අනේ බලන්නකෝ මගේ බ්ලොගී කියන එවා අද උපනේදිනේ දවසේ !

සුදු හංසී


22 comments:

  1. ගොඩක් අය සිංහල බ්ලොග් වලට ඇවිල්ලා තියෙන්නේ මූණු පොතේ ලින්ක් වලින් වගේ.මමත් එහෙම තමයි.අදටත් ඒ ආපු එක ගැන හිතේ දුකක් නෑ.නිකරුනේ නාස්තිකරපු ඔන්ලයින් කාලය ප්‍රයෝජනවත් දේකට සමාජය ගැන සාහිත්‍ය ගැන තොරතුරු තාක්ශණයේ අලුත් පැති ගැන දැනුවත් වෙන්න ලැබුනෙ සිංහල බ්ලොග් වලට පින්සිද්ද වෙන්න.
    මම අද තමයි මේ බ්ලොග් එකට ආවේ.ඒකත් බස් එකේ ශෙයාර් කරලා තිබුණ ලින්ක් එකකින්.පුලුවන් වෙලාවට ආයෙත් ඇවිත් යන්න එන්නම්.බ්ලොග් එකට සුභ පතනවා.!

    ReplyDelete
  2. සුබ පැතුම් නංගි.

    ReplyDelete
  3. සිහිනයක් නොවන සිහින තවලමට ප්‍රියන්ත අයියාගෙන් උනුසුම් සුභ පැතුම්.
    දවසක් ගැල් අදින්නට...
    දහසක් දුර ඇවිදින්නට...
    දහසක් කවි ලියන්නට..
    පතමි සුභ පැතුම් සුදු හංසිට...

    ReplyDelete
  4. සුභ පැතුම් සුදු හංසි....

    ReplyDelete
  5. සුභ පැතුම් සුදු හංසි අක්කේ !!!

    ReplyDelete
  6. ජය වේවා හිම හංසි සහෝදරී..

    ReplyDelete
  7. සුභ පැතුම් අක්කේ!
    මේ ඇහුවට මුකුත් හිතන්න එපා.... සැර බීම ජාති මුකුත් නැද්ද? :D

    ReplyDelete
  8. සුබ පැතුම් අක්කෝ......

    ReplyDelete
  9. සුබ පැතුම් . මන් වැඩියම ආස ඔය බිම විදුරු ටිකට .

    @ පුසා ...

    අපි නම් අහල තියෙන්නේ සැර ජාති බොන්නේ මියා කියලයි

    ReplyDelete
  10. සුභ පැතුම් හංසි....

    ReplyDelete
  11. බලනකොට හැමෝම වගේ බ්ලොග් අවකාශයට ඇවිල්ල තියෙන්නෙ අහම්බෙන්. ඔහොම යං ඔහොම යං.

    ReplyDelete
  12. බින්දි අක්කා:
    අපෝ ඒ කෝපි කාලේ මීයෝ... දැන් උන්ට තියනවා පොඩි කෑමක්. ඒක කෑව ගමන් ඌ ඉවරයි. ඉස්සර වගේ වෙරිමරගාතේ පූසන්ට පාට් දාලා දිවි තොර කරගන්න ඕන නෑ :D

    ReplyDelete
  13. සුභ පැතුම් හංසි..!

    ReplyDelete
  14. සිහින තවලමට සුබ උපන් දිනයක් ....
    අයිස් කොපි එහෙම නැද්ද මන්ද ...

    ReplyDelete
  15. සුබ පැතුම් හංසි .... අක්කාද මන්දා පූසාට අක්කා නම් .. මට බරපතල අක්කා කෙනෙක්නෙ..

    ReplyDelete
  16. මගෙනුත් සුභ පැතුම් අක්කේ.. තව ඉසරහට තවත් ලස්සන දේවල් ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  17. සුභ පැතුම් අක්කේ.. ඔයාගේ බ්ලොග් එක මම බ්ලොග් කියවන්න ආපු කාලෙ ඉදන්ම කියවනවා. මම බ්ලොග් ලියන්න ආවෙත් මූනු පොතෙන්ම තමයි.

    ReplyDelete
  18. අදම වෙන්න ඕනේ මේ පැත්තේ ගොඩ වදින්නේ. කොහොම නමුත් බ්ලොග් අවකාශේ තවත් දිග ගමනක් යන්න සුභ පැතුම්...........

    ReplyDelete
  19. සුභ උපන්දිනක් වේවා !!

    ReplyDelete
  20. @ Rajith Doo ස්තූතියි යාළුවා.. එහෙනම් ඇහැකි විදයට තවලමේ යන්ට එන්නකෝ :)

    @ නදී අක්කා.. ස්තූතියි අක්කේ.. හැමදාමත් තවලමේ යන්ට එන්න ඔනි ඔන්න :)


    @ priyantha අයියා
    සෝයි කවිය.. ඔයානේ ඉතින් හැමදාම මගේ තවලමට එන පඏමුවැනියා.. අද නම් පරක්කුයි වගේ.. හා හා හලි හිල තරා නෑ.. කරන්ට් තිබුනේ නෑ කිවා නොවෑ.. සුතූතියි හොඳේ..:)

    @ මාළුවා.. ටැන්කෝ මෙයා..ස්තූතියි ටැංකියෙන් බැහැලා මේ පැත්තට ආවාට :)

    @ මධුරංග ස්තූතියි මල්ලීයෝ.. :)

    @ Gayan Rupasinghe බොහෝම ස්තූතියි සහෝ.. ඒත් මම හිම නෙවේ අනේ සුදු හංසි.. හිම නඟා වෙනයි.. :)

    @ පූසා ස්තූතියි මලේ.. අනේ ආයි මක්කට තරහා ගන්නවද.. දෙන්නෙයි අමු ඉඟුරු ජූස් එකක් :)

    @ අකීකරු හිත ස්තූතියි නංගි බබෝ..:)

    @ Bindi ස්තූතියි යාළු.. බොන්න බොන්න මේ බීම වීදුරු එයාලට තමයි ;)

    @ නිසුපා .. ස්තුතියි නිසූ.. ;)

    @ රාජ්... රයිටෝ..මෙහෙමම යමු..ස්තුනියි යාළුවේ ;)

    @ මාරයාගේ හෝරාව .. ටැන්කෝ වෙරි මච් එකක් වේවා මාරයියේ :)

    @ Tanikada ස්තූතියි යාළු එයාට නොදෙ‍ෙඅයිස් කොපිකෛහේද අනේ.. ඉන්න පටාර් ගාලා හදන්නම් ;)

    @ නෙරංජි ස්තූතියි නෙරංජියෝ.. යා යාමම බරපතල අක්කා කෙනෙක් තමයි ඔයාට .. ;)

    @ Dinesh ස්තූතියි මල්ලි.. ඔයාලා කියවන්න ඉන්නකල් අක්කා ලියමි.. ජයවේවා :)

    @ ප්‍රාර්ථනා ස්තූතියි නගේ. මමත් මුලින්ම කියවන්න ගත්තු බ්ලොග් වලින් එකක් තමයි ඔයාගේ එක :)

    @ Hasitha ස්තූතියි යාළු.. හැමදාමත් එන්න හේනම් තවලම පැත්තේ :)

    @ හිස් අහස ස්තූතියි මල්ලි..

    ReplyDelete
  21. සුභම සුභ උපන් දිනයක් වේවා! ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  22. සුභ පැතුම් සිරි මල්ලිගෙනුත් හංසි අක්කෙ ....
    …දුකයි මල්ලිට සුභ පතන්න පරක්කු උනාට... මොට්ටසොලියෙ වැඩ නිස ජන්ජාලෙ පැත්තෙ අවෙ ගොඩ දවසකින් අක්කියො ...

    ReplyDelete