මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Sep 14, 2011

තනිකමත් සුන්දරයි

හප්පුච්චියේ කාලෙකින් මේ පැත්තේ ආවේ.. මොනවා හරි විකාර ටිකක් කියවලා යන්ට.. හික් හික්.. අනේ මන්දා මට මේක ලියන්ට හිතුනේ අපේ ශානු නඟාගේ පොස්ට් එක කියවලා... හනේ ඉතින් අපේ කෙලි හිතේ වේදනාව පිට කරලා තියෙන විදිය දැක්කම දුකයි තමයි එයා ගැන විතරක් නෙවේ මට මං ගැන  උනත්

ඉතින් මම සුදානම් වෙන්නේ ඒ ගැන පොඩි විග්‍රහයක් මගේ පැත්තෙන් කරන්න ශානුට වගේම තනියි කියලා හිත රිදවන් ඉන්න ඔනිම කෙනෙක්ට මාත් එක්ක  මේ ගැන තර්ක කරන්න පුළුවන් 


මාව බලාගන්න මගේ දුක අහන්න  
මගේ ලඟින් ඉන්න මාත් එක්ක එකට දුක සැප බෙදා ගන්න
කෙනෙක් නෑ

ඇත්ත.. දුකයි තමයි තමන්ටම කියලා කිසිම කෙනෙක් නැති වුනාම, හිතට පුංචි හරි දුකක් ආව ගමන් කතා කරලා බෙදා ගන්න කෙනෙක් නැති වුනාම, පාළුව කාංසිය යන්න කියව කියව ඉන්න කෙනෙක් නැති වුනාම, දරා ගන්න බැරි තරම් වේදනාවක් හිතට දැනෙනවා සමහර වෙලාවට මගේ උගුර හිරවෙලා කම්මුල් රතු වෙලා ඇස් වල කඳුලු පිරෙනවා... ඒත් කිසිම වෙලාවක ඒ කඳුලු වලට එළියට එන්න ඉඩක් තියන්නේ නෑ..

ඇයි දන්නවද  මම කොහොමද හිතන්නේ මම හොඳටම තනි වෙලා කියලා දෙමව්පියෝ සහොදර සහොදරියෝ අපිට ඉන්නවා නේද ඇයි හොඳම යාළුවෝ..  

හිතට පාළුවක් තනිකමක් දැනුනම අම්මා එක්ක මොකක් හරි ඔප දූපයක් කියව කියව ඉන්න පුළුවන්, එහෙමත් නැත්නම් මල්ලි එක්ක වලියක් දා ගන්න පුළුවන්. ඒ දෙකම කරන්න බෑ නම් යාළුවෙක්ට කතා කරලා මොනවා හරි කියව කියව ඉන්න පුළුවන්..


අපි කැමතියි කවුරු හරි අපෙන්  , කෑවද , බිව්වද , නිදා ගත්තද, ඔෆිස් ආවාද  කියලා අහ අහ නිතරම වද දෙනවට. ඒ වගේම අපිත් ඒ වගේ කාට හරි සුන්දර කරදරයක් වෙන්න ආසයි හැම වෙලොවෙම කොල් කර කර ඇස් ඇම් ඇස් කර කර  ඉන්න කොට ඇත්තටම දැනෙන්නේ මහ පුදුමාකාර සැහැල්ලුවක්...  

අපි මොනවා හරි දෙයක් කරන කොට ඕක කරන්න එපා මේක කරන්න අපි ආස ඇඳුමක් අඳින්න ගන්න කොට, ඕක අඳින්න එපා මෙහෙම අඳින්න, අපි ගමනක් බිමනක් යන්න හදනකොට යන ගමන යන අය ගැන හොයලා වාරන නීති පණවන්න කෙනෙක් ඉන්නවනම් ඒකත් එක්තරා විදියක සුන්දර දෙයක් 

අසනීප උනාම ගව් ගානක් ඇතක හිටියත් බෙහෙත් ගන්න.. වෙලාවට බෙහෙත් බොන්න කිය කිය වද කරන්න කෙනෙක් ඉන්නවනම් කෑමක් කද්දි කාව හරි මතක් වෙනවනම්, ඒ තරම් පිරිපුන් බවක් ජීවිතේ තවත් තියෙනවද.. 

ඒත් ඔය කියන කිසි දෙයක් අපිට නැත්නම්.. ජීවිතේ පාළුයි නම්... හිස් නම් .. බලාපෙරොත්තු සුනු විසුණු වෙලා නැත්තටම නැති වෙලා ගිහින්නම් .. අනාගතය කියන දේ හිස් තැනක් විතරයි නම්.. ජීවත් වීමේ අරමුණ අපිවත් නොදන්නවානම්... 

දෛවය විසින් දිලා තියෙන ඒ දඬුවම හරිම වේදනාකාරියි තමයි...  ජීවත් උනා ඇති දැන් නම් මැරෙන්න කාලේ හරි කියලා හිතෙන වාර අනන්තයි.. ඒත්

මැරෙන්න තීරණය කරන විනාඩියේ හිත වෙන දේකට යොමු කරා නම් පස්සෙන් පහු දවසක හිතෙයි අපරාදේ අහවල් දවසේ මම මැරුනනම් මේ සතුට අද විඳින්න වෙන්නේ නැහැනේ කියලා...

ඉතින් මට කියන්න තියෙන්නේ ජීවිතේ කියන්නේ එන්තරා අයුරකින් මහගිරි දඹක්.. ඒක නගින්නම වෙනවා අපිට සිරිපා පියුම වැඳ ගන්න.. බෑයි කියලා අතර මඟ දාලා ගියොත් හිමි වෙන්න තියෙන දේවල් ගොඩක් සදා කාලිකව අහිමි වෙලා යනවා.. 

මගේ ජීවිතේ ගැන මම දකින්නේ එහෙම.. තවලමෙන් මගේ පොද්ගලිකත්වය කියවෙනවා වැඩියි කියලා ගොඩක් යාළුවෝ කීවා ඒ නිසා තවලමේ දැන් මගේ ජීවිතේ ගැන ලියවෙන්නේම නැති තරම් 

ඒත් අද ඉන් ටිකක් ඔබ්බට ගියා වගේ.. ඒ නිසා කියන්නම්  තවලමේ හැමෝම දන්නවානේ ශානු ඔය කියන ප්‍රශනේම මටත් තියෙනවා කියලා.. ඉතින් ඒ ප්‍රශනේට මම හොයා ගත්තා විසඳුමක්.. ඒ මොකක්ද දන්නවද..

මගේ දෛවයට ඔනි මාව තනි කරන්නනම් මම ඒ තනි කම ආසාවෙන් බාර ගන්නවා.. දුක්බර තනිකම සුන්දර විදියට දකිනවා..ඒත් හැමදාමත් තනියම ඉන්න වෙයි කියලා හිතෙද්දි ආයිමත් මගේ  උගුර හිරවෙනවා කම්මුල් රතු වෙලා ඇස් වල කඳුලු පිරෙනවා.. ඒත් මම අඬන්නේ නැහැ....


11 comments:

  1. සුද්දි දිරියෙන් ජීවිතයට මුහුණ දෙන බවක් පේනවා. මමත් හිතනවා ඔයාට ඒක කරන්න පුළුවන්.
    ශානි ගැන නම් මටත් දුකයි. මට ශානිට කමෙන්ට් කරන්න හිතුනෙත් නෑ. පොස්ට් එක නම් බැලුවා.
    හැම දේම කාලේ එක්ක විසඳෙයි කියා අපි පතමු....

    ReplyDelete
  2. අක්කගෙයි ශානු අක්කගෙයි තනියට ඔන්න මාත් ඉන්නවා.. මාත් දැන් අවුරුදු 4ක වෙලේ ඉදන් අක්කා මේ ලියල තියෙන තනිකම ගොඩක් විදින කෙනෙක්... ඇත්ත අනාගතය කොහොම එකක් වෙයිද කියලා මං දන්නේ නෑ.. කවුරුහරි ඉන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්...

    ReplyDelete
  3. ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක් සමහරවෙලාවට. ඒ ජීවිතේ තේරුම්ගන්න උත්සාහකරන තරමට එය විඳින්න හැකිවෙනවා.
    තනිකම... වෙලාවකට හැමදේම දමලාගහලා පැත්තකට වෙලා කල්පනා කරකර ඉන්න තරම් හිතෙනවා... ඒ වගේම මේ ජීවිතේ තේරුම මොකක්ද කියලා හිතිලා හැමදේම එපාවෙනවා..
    තනිකම කියනදේ දැනෙන්නෙ අනිත්අයට සාපේක්ෂව බැලුවොත්නේ.. ඉතින් තමන් තමන් විදියට හිතුවම තනිකම දැනෙනවා අඩුයි නේද? ඒත් ඉතින් කාලයක් තිස්සෙ තනිකමට හුරුවෙලා හිටියම ඒ ජීවිතේ වුනත් නීරස වෙනඑක අහන්නත් දෙයක්ද..

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  5. තනිකම අපිට වැඩියම දැනෙන්නෙ එහෙම හොයලා බලන්න කෙනෙක් ඉදලා දාලා ගියාමයි.එතකොට ඇතිවෙන දුකත් එක්ක ජීවත් වෙන එක ඇත්තටම ආදරේ කරන අයට හැබෑම අභියෝගයක්.

    ReplyDelete
  6. හ්ම්.. හ්ම්ම්ම්ම්...

    ReplyDelete
  7. මමත් කරන්නෙ මේ දේම නේද කියල හිතෙනවා.ඒත් අතීතෙ මතක් වෙනකොට ඇස් දෙකෙන් කදුළු ගලාගෙන යනවා.වෙලාවකට මම මේ තනිකඩ ජීවිතේට ආසයි.ඇයිද කියන්න මම දන්නෙ නෑ ඒක දැන් මට පුරුදු ඇති..
    ඒත් ආයෙ ආයෙත් මතක් වෙනකොට..!ඉස්සර බස් එකේ එයා ළගින් වාඩි වෙලා ඔහේ හිතට එන දේවල් කියන මම අද බස් එකේ මුල්ලක තනියෙම වාඩි වෙලා ඉයර් ෆෝන් එක කනේ ගහගෙන සින්දුවක් අහනව ඒ වෙලාවට මගේ හිතට එන්නෙ එයා විතරමයි,ඉතින් ඒ මදිද මට?ඇස් දෙක තද කරන් කදුලු හිර කර ගන්නවා ගෙදර ඇවිත් බලද්දි ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ රතු වෙලා.හැමදාම මේක දැකලම අම්මටත් ඒක ගානක් නෑ දැන්.හිතන්නෙ දුවිල්ලට කියලා.මට එකම හේතුවයි තියෙන්නෙ දැන් මං ගැන සතුටු වෙන්න..මම මගේ රත්තරන් අම්මගෙ තාත්තගෙ හීන විනාස කරේ නෑ මල්ලිට නරක ආදර්ශයක් දෙන අක්ක කෙනෙක් වුනේ නෑ මම වෙනුවෙන් දුකට සැපට මගේ ළගම ඉදපු හොදම යාළුවො කීපදෙනාගෙ හිත රිදෙන දෙයක් කලේ නෑ.ඒ හැම දේටම වඩා එදා ඔයා මං ගැන දැකපු බලාපොරොත්තු,හීන කඩලා බිදලා දැම්මේ නෑ
    මොනා වුනත් ජීවිතේ සුන්දරයි කදුළු තමයි ඒ සුන්දරත්වයේ කැඩපත,අහිමි වෙනවට අපි හැමෝම අකමැතියි

    ReplyDelete
  8. "මගේ දෛවයට ඔනි මාව තනි කරන්නනම් මම ඒ තනි කම ආසාවෙන් බාර ගන්නවා."
    එහෙම කියලා හිත හදාගන්න පුළුවන් නම් ඇත්තට ම ඒක ලොකු ජයග්‍රහණයක්. කොයි තරම් හීන ගොඩ ගැහුවත්, කවදාහරි අපි ට සිද්ධ වෙනවා යථාර්තය ට මූණ දෙන්න. එදා ට අපි හිමි තනිකම නම් ඒක ආසවෙන් භාර ගන්න ඕනේ. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් නම් තනිකමෙත් අමුතු රසයක් නැතුවා ම නොවෙයි.

    තනි තරුවේ................... තනි තරුවේ................ ඔබත් ඔහොම ඔතැන ඉන්න, මමත් මෙහෙම මෙතැන ඉන්නවා.........

    ReplyDelete
  9. කාගේහරි පිහිටක් පතලා දුර්වලයෙක් වෙනවට වඩා ලැබෙන දෙවල් එක්ක සතුටින් ජීවත් වෙනවනම් කොච්චර හොඳද?

    ReplyDelete
  10. @ ප්‍රියන්ත අයියා
    ඔයාලාගේ උද්ව්වෙන් එහෙම කරන්නේ.. ඔයායි මල්ලියි නංගියි වගේ හොඳ කල්‍යාන මිත්‍රෙයෝ ලැබීම මගේ වාසනාවක් ස්තූතියි මේ පැත්තේ ආවාට

    @ දිනේෂ් මල්ලි
    ඔව් මල්ලි කවුරුහරි ඉන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන් ඒක අපේ ලෑබීම් අනූව විසඳෙයි..:) ස්තූතියි මල්ලි මේ පැත්තේ ආවාට

    @ රොෂාන්
    ඇත්ත තනිකමත් දවසක තිත්ත වෙයි එදාට සමහර විට මම මීට වඩා වෙනස් දෙයක් ලියාවි :) ඔයාටත් ස්තූතියි මේ පැත්තේ ආවාට

    @ශානු
    කියන්නට දෙයක් නෑ නඟා

    @නිසුපා
    ඇත්ත එහෙම කෙනෙක් ජීවිතේට ආවේ නැත්නම් තනිකමත් නෑ තමයි.. මට මතක් වෙන්නේ පුංචි කාලේ අපි කොයි තරම් නම් සැහැල්ලුවෙන් ඉන්නවද.. ස්තූතියි මේ පැත්තේ ආවාට

    @ තනිකඩ
    ස්තූතියි මේ පැත්තේ ආවාට :) හ්ම්ම්ම්

    @ ආඩම්බරකාරී
    දුකයි නඟේ... ජීවිතේට ආයිමත් ඒ වගේ දවස් ඒවි..
    ස්තූතියි මේ පැත්තේ ආවාට :)

    @ මහි
    ඇත්ත මහී.. ඒ ගීතය අහද්දි තන්කම තවත් සුන්දරයි
    ස්තූතියි මේ පැත්තේ ආවාට :)

    @මන්තරකාරි
    අගය කිරිමට ස්තූතියි යාළු ඔයාට මේ පැත්තේ ආවටත් ස්තූතියි :)

    ReplyDelete
  11. ම්ම්ම්ම්ම්ම්..........
    මේක මටම ලිව්වා වගේ.. :( මමත් නිතර දෙවේලෙ ඔය අක්කි කිව්ව විදියට හිතන්වා. වෙලාවකට හිතෙනවා දෙයියනේ මටත් මං ගැන හිතන්න, හොයන්න බලන්න, sms ගහන්න, call කරලා දුක ඇප බෙදාගන්න, ජීවිතේ බෙදා ගන්න, මහා ගොඩාක් ආදරේ කරන හිතක් ලගින් තිබ්බානම් කොච්ච්ර හොද්ද කියලා. ජීවත් ව්එන්න අරමුනක් හදාගන්න, ඒ වෙනුවෙන් හීන එකතු කරන්න.... තව කොච්චරක්නම්ද...

    ඒත් අක්කි කියලා තියනවා වගේ දෛවය මට දෙන්නෙ මේ තනිකම නම්..........
    කරන්න දෙයක් නෑ... පපුවෙන් පිච්චි මට මේ දුක භාරගන්න වෙනවනෙ...

    ලස්සනට ලියලා තියනවා අක්කි.. නියමයි

    ReplyDelete