මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Aug 22, 2011

අදයි ඔබේ උපන් දිනේ...

මට ලොකු පාටියක් ගන්න බැරී උනා..
ඔයා තරහා නෑ නේද ??
ඔයාට අඩුවක් කරා නෙවෙයි...
ඒත් මම මේ පාර නොහිතපු විදියට
මට මුකුත් කර ගන්න කල් මදි උනා...
ඒත් මම දන්නවා ඔයා තරහා නැ කියලා
වෙනදා වගේ සප්‍රයිස් ගිෆිට් එකක්වත්
පාටියක් වත් දෙන්න බැරී උනාට
උදේම මම දුන්න හාදුව ඔයාට වටිනවා කියලා මම දන්නවා...




ඔයා‍ට සුභ උපන්දිනයක් අම්මේ.....





13 comments:

  1. අම්මාට සුභ උපන්දිනයක් අපිත් පැතුවා කියන්න.
    අපේ අම්මාට මමත් හැමදාම උදේට දෙන හාදුව අන් හැම තෑග්ගටම වඩා වටිනවා කියා මමත් දන්නවා.

    ReplyDelete
  2. සුදු හංසිගේ දයාබර මෑණියන්ට සුභම සුභ උපන් දිනයක් වේවා!!!!!

    ReplyDelete
  3. ඕන් අපෙනුත් සුභ පැතුම්!!!!

    චියර්ස් කිව්වා

    සර්පියා උදේම සුභ පතලා වගේ :-D

    ReplyDelete
  4. සුදු අක්කාගේ අම්මාට සුබම සුබ උපන්දිනයක්.... දිර්ගායුෂ ලැබේවා!

    ReplyDelete
  5. පරක්කු වෙලා හරි ඔන්න අම්මට මගෙනුත් සුබ පැතුම් .......

    ReplyDelete
  6. මගෙනුත් අක්කගේ අම්මට සුභ පැතුම්.. :)

    ReplyDelete
  7. සුදුහංසිගේ දයාබර මව් තුමියට නිදුක් නීරෝගී චිර ජීවනය සැලසෙන සුභම සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  8. ඔන්න අම්මාට මගෙනුත් ලොකූ උම්මා එකක්.
    සුබ උපන් දිනයක් වේවා අම්මට....:D

    ReplyDelete
  9. අනේ සුද්දියේ පරක්කු වෙලා දැකලා තියෙන්නේ. දන්න කවුරුත් කීවෙත් නෑ හරි නරකයි....:(

    ReplyDelete
  10. හැපි බර්ත්ඩේ ආන්ටි

    ReplyDelete
  11. සිරි මලයාත් ඔන්න 1කෙන්ම සුභ පැතුව හංසි අක්කගෙ අම්මට..... :))
    බර්ත් ඩෙ පාටි නම් ගොඩයි.. එට් ඉතින් එහෙමයි කියලා මෙකට නැවිත් බැ නේ සුදු අක්කෙ .... :D :D ඔන්න මම එනවා ලොකු අයියා එක්ක ... :D

    ReplyDelete
  12. මම හිතුව මට කියල, අන්තිම පේලි දෙක දැක්කම තමයි මට නෙවෙයි කියල තෙරුනෙ......

    ReplyDelete
  13. උපන්දිනේට සුබ පැතුව හැමෝටම ගොඩාක් ස්තූතියි කියලා අම්මා කියන්න කීවා !!

    මටත් හරිම සතුටුයි අම්මට අරන් දෙන්න බැරි වුනු තෑග්ග දුන්නා වගේ දැනුනා :) :)

    ReplyDelete