මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Aug 17, 2011

තවත් එක් පියවරක් (ද)


අදත් ඊයේත් උදෑසනින් අවදි වන විට මට අසන්නට ලැබුනේ නිකරුනේ කිසිවෙකුට හෝ බනිනා හඬකි. එසේත් නොමැතිනම්  රුපියලකට දෙකකට මිනි මරා ගන්නට හදනා දෙදෙනෙකුගේ දෙබස් හඬකි. එහෙත් හෙට උදෑසනින්ම අවදි වන්නට සිදුවන්නේ කන් පිනවන පිරිත් හඬක් මැදිනි. එය අපූරුතම වෙනසක් බව මම අත් විඳ ඇත්තෙමි.

වෙනදා මෙන් කුසට වතුර පොදක් හෝ නොමැතිව පේරාදෙනිය පාරේ දිව ගොස් කාර්‍යාලයට ගොඩ වුවත්, හෙට සිටන් ඇඳෙන් බසින විටම රසැති තේ කෝප්පයක් ලැබෙනු ඇත. වෙනදා අන්තර්ජාලයේ රස්තියාදුවේ යන වෙලාවට මිදුලේ පිච්ච යාය  අද්දර බංකුවේ වාඩි ගෙන පැය ගනනක් තේ කෝප්පය රස විඳිය හැක.

එසේම හෙට සිටන් වෙනදා කලා මෙන් අපිරිසිදු නාන කාමරයක ඇඟපත සෝදා ගන්නවා වෙනුවට ස්වභාවික දිය ඇල්ලකින් සිත් සේ නාගන්නට හැකිවෙනු ඇත.

උදේ සිටන් බස් පැද්දා යැයි කියනවා වෙනුවට රසැති කෑමක් හදන්නට හැකිය. එසේම වෙනදා පාළුවෙන් හන්තාන දෙස බලාගෙන ගෙවන හවස් යාමයට  බස් රේඩියෝව අසමින්ම සුව නින්දකට පිවිසෙන්ට හැකිය. 

කාර්‍යාලය අවසන්ව පේරාදෙනිය පාරේ ඉබි ගමනින් යලිදු බොඩිම කරා යන වෙලාවට, අත්තම්මා සමඟ බෝ මළුවට ගොස් බුදුන් වැඳිය හැකිය....

එහෙත් අදින් පටන් ගන්නා දින සිට මම රැකියාවක් නොකරන කෙනෙක්මි....




13 comments:

  1. සුද්දියේ අපිට එකක් ලැබෙන්නේ තව දෙයක් අපෙන් උදුරන්. ජීවිතේ හැමදේම එහෙමයි. ඒක ඔයාට මට තවත් කෙනෙකුට විතරක් උරුම දෙයක් කියන්න බෑ. හැමෝටම පොදුයි. අඩු වැඩි වශයෙන් අපි හැමෝම එය අත්විඳිනවා. කිසිදා ජීවිතය තුලින් සර්ව සම්පූර්ණත්වය පතන්න එපා. ලද දේ උපේක්‍ෂාවෙන් බාර ගන්න. ඔයා ඔය යන්නේ ලොකු කන්දක්. දැන් ඊළඟට පටන් ගන්නේ පල්ලම බහින්න. එතනදී හැමදේම අත ළඟට එයි. ඒත් බලාගෙන කල්පනාවෙන් බහින්න. ලිස්සන්න පුළුවන්. පාර වරදින්න පුළුවන්. ඔයාට හොඳ ඉදිරියක් තියනවා. ඒපාරේ යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා.

    ReplyDelete
  2. ස්ටයිල් එක මරු..එක දිගට කියවන් යන්න පුලුවන්

    ReplyDelete
  3. akka 31 wenida idala matath oya tikama thamaakka 31 wenida idala matath oya tikama thama

    ReplyDelete
  4. හැමදේකම හොද පැත්තක් තියෙනවා අක්කේ.

    ReplyDelete
  5. බෑ බෑ ඕක වුණත් හැමදාම කරනකොට එපා වෙනවා...

    ReplyDelete
  6. ඉක්මනට තව රස්සාවක් හොයාගන්න. ගෙදර ඉන්න එක එපා වෙන්න කලින්...

    ReplyDelete
  7. අපට කොයින්ද ඔය වගෙ සැප ගන්න වාසනාවක් . . . .

    ReplyDelete
  8. ඇයි ඒ අස් උනේ ජොබ් එකෙන්?

    හා හා දැන්නෙ තේරුනේ.මෙයාට කෙනෙක්ව සෙට් වෙලා ඇති ජොබ් එකෙන් අයින් වෙන්නෙ..හික්ස්...
    වෙඩිමක් ලගයි වගේ... හුලේ... පාටියක් පාටියක්....

    මේ ඒක නෙමෙයි.අපි එනවා දෙසැම්බර්වල. ඔන්න කියන්න බෑ අනේ මල්ලි මට දැන් ජොබකුත් නෑනේ.ඒක නිසා බෑයි කියලා... බලෙන් හරි ඇවිත් යන්න එනවා.හ...

    ReplyDelete
  9. මොකෝ ජොබ් එකට උනේ ? ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ ?

    ReplyDelete
  10. අඩේ මාත් එනවා දෙසැම්බර් නම්. මොකද අපිත් පේරදෙණිනේ. අපට නුවර එලියට පෑ දෙකයි යන්නේ !!!!

    සීතලයෝ මාත් එනෝ !!!! මාවත් එක්ක පලෝ !!!

    ReplyDelete
  11. කතා ප්‍රවාහය ආකර්ෂණීයයි

    ReplyDelete
  12. ප්‍රියා අයියගෙ කොමෙන්ටුවට ++++++++++
    ඕන් සිරි මල්ලිත් ඔකම තමා කියන්නෙ :))

    ReplyDelete
  13. හැම දේම පැති දෙකක් තියේ ළමයෝ... ඇති දේ හොඳ පැත්ත ගැන හිතල සතුටු වෙන එකයි මමනම් කරන්නෙ. ඔයාත් ඒ දේ කරන්න බලන්න.

    ReplyDelete