මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Aug 9, 2011

අහන්න..

අද උදේම සුදු හංසියා ඔපිස් එකට ආවේ  උදේ පාන්දර පොද වැස්සට තෙමීගෙන,  අද උදෙන්ම නුවරට පොඩි මල් වැස්සක් වැස්සා.. ඒකියන්නේ ඒ තරම් සැර නැති ලා වැස්සක්.. සුද්දි  කවදත් කුඩයක් පාවිච්චි කලේ නැහැ.  බෝඩිම ඇතුලේ ඉඳන්ම අත දාලා බස් එක නවත්තගෙන ඔපිස් එකේ ගේට්ටුව අද්දරම  බස් එක නවත්තගෙන යාන්නම් වැස්සට තෙමිලා ඔපිස් එකට ගොඩ උනත් සුද්දි හිටියේ සීතලේ ගැහි  ගැහි.

ඉතින් ඒ නිසා එක පාර උඩ ඔපිස් කැබින් එකට එන්නේ නැතිව පහල සර්වර් එක ලඟ වාඩි වෙලා පොඩ්ඩක් ඉන්නම් කියලා සුද්දි වාඩි උනා.  අහ්!! ඊයේ රැ දාලා ගිය ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි.. සුද්දි ඇස් දෙකෙන් හිනා වෙවී  ඉන්න කොට ඔපිස් එකේ නියුට්‍රීෂියන් අයියා ‍ආවා එයා ටිකක් විහිලු කාරයා, 

"බබාට කුඩයක් නැද්ද ආ..." අයියා  පුරුදු විදියටම අයියා මගේ කාඩ් එකෙන්ම කතා කලා. ඔය කාඩ් එක මට වැටුනේ මෙහෙම, මමයි මේ  ඔපීස්යේ ඉන්න ලා බාලම කෙනා, ඒ  නිසා මුලින් සේරෝම අයියලා වූටි කියන්න පටන් ගත්තා. චූටි අන්තිමට චූටි බබා උනා, පස්සෙන් පහු චුටි හැලිලා බබා විතරක් ඉතුරු උනා. ඒකට අකමැති අක්කලා  මට බබා කියද්දි කොහෙන් හරි පොටක් අල්ලන් නියුට්‍රීසියන් අයියා එක්ක වලි දා ගන්නවා. පුරුදු විදියට එකවුන්ට්ස් ඇක්සැකටිව් අක්කා පටන් ගත්තා වදේ ගහන්න.. ඔන්න දැන් දෙන්නා එකාට එකාට නෝන්ඩි පාස් කර ගන්නවා..  උදේම ලේ පිරිසිදු වෙන්නත් එක්ක කට්ටිය හිනා වෙනවා මාත් හිනාව දාගෙන හිටියා.

ඔය අතරේ හිනා මූඩ් එකෙන්ම නියුට්‍රීසියන් අයියා අහනවා..

"ආ.. අද මොකද මළ ගෙදර මුඩ් එකේ" 

මාත් එතකොට වීදුරු දොරෙන් එහා පැත්ත බැලුවා අපේ රිසෙප්ෂනිස්ට් අක්කා.. වෙනදට පාට පාට ඔසරි අදින කෙනා, සිකුරාදට ටයිට් ජීන්ස් ‍ ඇඳලා ඉස්ටැයිල් එකට එන කෙනා, අද දිගම දිග සායකුයි සුදු බ්ලව්ස් එකකුයි ඇඳලා මුණ ලොකු දුකකින් බර වෙලා.  එයා ඊයේ වැඩට ආවේ නැහැ, කිව්වෙ නම් ෆියුනරල් එකකට ගියා කියලා.. නියුට්‍රීෂියන් අයියා ඊයේ ආවේ නැහැ ඒ නිසා එයා දන්නේ නැහැ නේ  ඉතින් මම කිවා, 

"එයා මළ ගෙදරක ඉඳන් තමා එන්නේ " කියලා.. අක්කා මුකුත්ම නොකියා ගිහින් එයාගේ සීට් එකේ වාඩි උනා.. ඒත් සුද්දිගේ හිතට අමාරුයි, නොදැන හරි එයාගේ වේදනාවට නියුට්‍රීෂීයන් අයියා හිනා උනානේ.. ඉතින් සුද්දි ගියා ගිහින් වැටුනා කදේට මෙන්න මෙහෙම 

"කවුද අක්කි නැති උනේ"

"මගේ මල්ලි කෙනෙක්.. අම්මාගේ නංගිගේ පුතා.. මාත් එක්කමයි ඉන්නේ මට වගේම පිස්සු අපි දෙන්නා තමා පිස්සු කෙලින්නේ ට්‍රිප් එකක් ගියත්, දැන් සති දෙකකට කලින් අපේ ගෙදර දානයක් තිබුනා ඒකට ඇවිත් උදව් කරලා පරිස්සමින් ගෙදර ගියා කියලා මට කෝල් එකකුත් දුන්නා"

"හ්ම්ම්.. ඔහොම තමයි අනේ ඉතින් මොකද උනේ කියන්නකෝ"

"හොරනදි බයිසිකලේ ඇකිස්ඩන්ට් වෙලා ඔළුව වැදිලා. යාළුවෙක් එක්ක ගිහින් තියෙන්නේ යාළුවාට අමාරුවක් නෑ, මල්ලිටයි බරපතල වෙලා තියෙන්නේ, නංගි ඔයාට වඩා අවුරුද්දයි වැඩිමහල් සුදුයි උසයි ලස්සන කොල්ලා.. අපි කාටවත් හිතා ගන්න බැහැ  හොරු අරන් ගියා වගේ  සෙනසුරාදා රෑ තමයි සිද්ද වුනේ".
අක්කා හිතේ වේදනාවටත් එක්ක කියනවා.. වෙනදා ඔපිස් එක දෙක වෙන්න හිනා වෙන්නේ එයා. මටත් ගොඩක් දුකයි, තවත් විස්තර අහලා දුක් දෙන්න බැරී නිසා මම හෙමින් මගේ සීට් එකට ආවා.

හිතන්න දේවල් ගොඩක් තිබුනා මට,  අපේ ගෙවල් ලඟ ඉන්න බණ්ඩක්කාත් (බණ්ඩාර අයියලාගේ අක්කා) පහුගිය දවසක පුතත් එක්ක බයිසිකලේ යද්දි හැප්පිලා, බණ්ඩක්කා කියන්නේ එයාගේ රූප ස්වබාව ගැන ඔනිවට වඩා හිතන කෙනක්. දැන් අවුරුදු 35 පැනලා තිබුනත් එයා හැම මාසෙම සැලෝන් එකට ගිහින් ෆුල් ඔප්ෂන් පැකේජ් එකක් ගන්නවා, ඉස්කෝලේ යන දවස් වල මගේ මුනේ කුරුලෑවක් දාපු ගමන් අපේ අම්මා ඉන්දියන් කහ කෑල්ලක්  උරච්චි කරලා තුවාලේ උඩින් ගාන්නේ කැලැල්  නොහිටින්න. ඉතින් දවසක් බණ්ඩක්කා ආවා මම කුරුලෑ වල කහ ගාගෙන ඉන්න වෙලාවක, අනේද කියන්නේ ඒක අපේ ආත්තම්මා දඹදිව ගිහින් ගෙනාපු කහ කෑල්ලක් කියපු ගමන් මේකි කහ කෑල්ලෙන් බාගයක් වෙන්න පිහියෙන් කපාගෙන අරන් ගියානේ මුනේ උලන්න. හික් හික් මම බොරුවට කිවේ ඒක ඉන්දියාවෙන් ගෙනාවා කියලා අම්මා‍ ඒක අරන් තිබුනේ රත්තරන් බඩු කඩේකින්. 

ඉතින් ඔන්න ඔය වගේ මුණ ගැන හිතපු බණ්ඩක්කා බයිසිකල් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මාස ගානක් කාටවත් මුන දෙන්න කැමති උනේ නෑ, කොටින්ම කියනවනම්  පහු ගිය සතියේ නිවාඩු දවසේ ගෙදර ගිය වෙලාවේ අම්මයි මමයි එයා බලන්න ගිය වෙලාවේවත් මුණ පෙන්නුවේ නැහැ ඒ තරමට මුහුණ සීරිලා තුවාල වෙලා කැලැල්..

දැන් මට මේ සිද්දියත් එක තව දෙයක් මතක් වෙනවා. ඊයේ මම ගියා පේරා කැම්පස් එකට පොත් වගයක් ගන්න. පොත් ටික අරන් ආපහු එද්දි අපි උඩ පේරාදෙනිය පාරේ ආවේ පෙරහැර නිසා ටවුන් හරියේ ට්‍රැපික් මග අරින්න, අපේ ඔපිස් එකේ ඩැයිවර් කොල්ලා අවුරුදු 30ක් වෙලත් තාම හිතන් ඉන්නේ පොර 18 ක් 20ක් විතර වයසේ බබා කියලා, පොරට මම කියන්නේ චචා කියලා ඒ තරම්  ලාමක ටින් ටින්  පොරක්.

ඉතින් අපි උඩ පේරාදෙනිය පාරේ මගක් එද්දි පිටි පස්සෙන් එනවා බයිසිකලයක්, මටත් කලින් චාචා අදුනා ගත්තා. ඒ කවුද කියලා 
"අන්න මිස් මිස්ගේ යාළුවෙක් එනවා පිටි පස්සෙන්" කියලා පොර සයිඩ් කණ්නාඩිය පෙන්නුවා.. දැන් ඔය මහත්ම මහත්මීන් දන්නවනේ කවුද කියලා. ඔය කියපු දිහෑ ඉන්නේ වෙන කවුද ඉතින් අපේ ලොකු අයියා තමා. 

"ඒ ඒ ඔවර් ටේක් කරන්න දීපන්"  කියලා මාත් සයිඩ් ග්ලාස් එක එහෙම ඇ‍ර ගත්තා. ලොකු අයියත් ඉතින් ඔවර් ටේක් කලා, ඒකල්ලා අපිට  කතාත් කරලා ටටාත් කියලා ගියා.. අපිත් පිටිපස්සෙන් ගියා.. දැන් අයියා ගෙවල් පාරට හැරෙන්න යන්නේ, චාචා කියනවා "මිස් ඔපිස් එක වහන්න තව වෙලා තියනවා පොඩි පිස්සුවක් කෙලිමු"  කියලා  මාත් බැලුවා මේකා මොනාද කරන්න යන්සෙන් කියලා.. අනේ ඉතින් යන්න ඔනි පාරේ නොයා චාචා හැරෙව්වේ නැද්ද වාහනේ ලොකු අයියා ගිය දිහාට. මට පැලෙන්න හිනා.. ඔන්න දැන් අපි ලොකු අයියාව ෆලෝ කරනවා අයියා නේද යනවා හැටට හැටේ.. පිටි පස්සෙන් එන වාහනේ ගැනවත් සිහියක් නෑ.. චාචා හෝන් කරනවා ඒත් ගානක් නැ.. යන්න තියෙන උපරිම වේගෙන් යනවා.. වංගු පාරේ අයියා ගිය වේගෙට අපිට දැන් හොයා ගන්න බෑ කොහේට ගියාද කියලා චචත් අතෑරියේ නෑ ෆුල් ස්පීඩ් කරලා ගියා පිටි පස්සේ සීට් එකේ  තිබුන පොත් ටික වාහනේ පුරා විසිරිලා.. බැරිම තැන මම කිව්වා චචාට හෙමීට යමන් කියලා කොහේද මු කියන දේ අහන්නේම නෑ.. කොම හරි අපි එනවා දැකලා අයියා බයිසිකලේ නතර කලා.  අපි  නතර කරලා කතා කලාම එයා අපිට යන්න ලේසි පාරකුත් කියලා අපේ පිටි පස්සෙන් ආවා ඒ පාර නම් හිමින් ආවේ... පස්සේ අයියා ගෙවල් පාරට දැම්මට පස්සේ අපි බෝවලවත්ත පැත්තෙන් හීරැස්සගල පාරට දාලා ආවා ඔපිසියට පරංගි දෙන්නා කොට්ටේ ගියා වගේ. 

දැන් ඔය ෆලෝ කිරිල් ජොලියට කරාගෙන් මම දන්නවා අපේ ලොකු අයියට නංගිලා තුන් දෙනා ගැනවත්, මල්ලිලා දෙන්නා ගැනවත්, අම්මා අප්පච්චි ගැනවත්, තමන් ගැනවත්, අඩුම ගානේ පූමා ගැනවත්, කිසිම ආදරයක් නෑ කියලා.. මොකද වාහන අඩු පාළු පාරක උනත් ඔය හැටි වේගයෙන් යනවා කියන්නේ අනතුරකට අත වැනීමක් තමයි. 

මීට වඩා මම නම් මුකුත් කියන්නේ නැහැ ලොකු අයියේ ඔයාම කල්පනා කරලා බලන්න  තමන්ගේ වේගයේ අවසාන ප්‍රතිථලයේ ස්මභාවිතාවය මොන වගේ එකක්ද කියලා...

කතාව ඉවරයි. ඔන්න සුද්දි යන්නේ හිතන්න යමක් ඉතිරි කරලා ලොකු අයියට විතරක් නෙවේ බයිසිකල් වල ඉගිලෙන අයියලා සේරටම..

අහ්!! ඉලන් අයියාගේ මල ගෙදර ගිහින් එද්දි  දිමයි මාරයයි ආපු ගමනත් මතකයි.. ඒකත් මීට අසමාන නෑ...

15 comments:

  1. අඩී.... ලොකු අයියා එදත් කිව්වා නේද වේගෙන් යන්න එපා කියලා මොකද බොල සිංහල තේරෙන්නේ නැද්ද ආආආආආආආ ගුටි ඕනි වෙලා වගේ *&^%$^&*$%$&^*()_

    :@:@:@:@:@:@:@

    ReplyDelete
  2. හෙන කාලෙකින් සුදු හංසි.... අත්භූත රසයයි,හාස්‍යයි, බයයි ඔක්කොම මික්ස් කරලා... ඒ මදිවට අර ගමන යන හැටි කියද්දී හිතේ මැවෙනවත් එක්ක...

    ReplyDelete
  3. ඔව් ඔව් අපි වගේ කොල්ලෝ වේගෙන් ගියාට මාරයියලට ප්‍රියාඅයියලට ඔව්වා හොඳ නෑ :D

    ReplyDelete
  4. හ්ම්ම් හ්ම්ම් හොඳ උපදෙසක්

    ReplyDelete
  5. ආහ් අයියලටනෙ මේක කියලා තියෙන්නෙ.මල්ලිලට නෙමෙයිනෙ. ඒක නිසා කමක් නෑ... :D

    ReplyDelete
  6. බයිසිකල් වල ඉගිල්ලෙන අයට මේක හොද පාඩමක් !!!!
    අර අක්කගේ අයියා නම් පව්

    ReplyDelete
  7. ඔව් මාත් මේ මට්‍ටු වෙලා තියෙන්නේ..මැහුම් දහ අටකින් මම බේරුනේ..ලොල්...ඊට පස්සේ බයිසිකලයක් මම අතින්වත් ඇල්ලුවේ නැහැ..කොටින්ම කියනවනම් මම යලුවෙක් එක්ක වත් නැගලා යන්නේ නැහැ....

    ReplyDelete
  8. ස්තූතියි.
    පරෙස්සමෙන් යන්නම්.

    ReplyDelete
  9. ලොකු අය්යා නම් කියන්නේ එය 45ට ගියා කියලා. දැකපු අය තමයි ඉතින් ඇත්ත දන්නේ...:)

    ReplyDelete
  10. කලින් කමෙන්ට් කලේ රෑ නිදි මතේ හදිසියට. නංගී කියන කතාව ඇත්ත. අධික වේගය අනතුරුදායකයි තමා. මම එය එලෙසින්ම පිළිගන්නවා කිසිම සංශෝධනයක් නැතිව. ඒ වගේම පැයට කිලෝමීටර් 45ක් කියන්නේ සාමාණ්‍ය වේගයක්. ගැටළුව ඇත්තේ සුද්දි ආව වෑන් එකට වංගු සහිත පාරක එය ලොකු වේගයක් වුවත් මෝටර්සයිකලයකට වංගුවත් ගැනීම වෑන් එකට වඩා පහසුයි. ඒනිසයි සුද්දිගේ රියදුරාට වේගයෙන් යන්න උනේ. කෙසේ නමුත් මේ උපදේශයත් පිළි අරන් හෙමින් යන්නම්කෝ.
    තව ටිකෙන් අමතක වෙනවා. මෙයා තාම හිතන් ඉන්නේ නම් බබා කියල. මෙච්චර මහන්සි වෙලා පෝස්ට් එකක් දැම්මේ බබා කියවගන්නනේ. හී හී.

    ReplyDelete
  11. හ්ම්...කියල වැඩක් නෑ බයිසිකල් ගැනනම්. අපේ කැම්පස් එකේ අයියා කෙනෙකුත් නැති වුනා ඔහොම.කලුවර වැ‍ටුන වෙලාවක වේගෙන් ගිහින් නතර වෙලා තිබුන ලොරියක හැපිලා. අනේ ඒ අයියගෙ පෙම්වතිය හිටියෙ අපේ batch එකේ. දෙන්න බදින්න හිටියේ ලගදිම. තමාත් ඒ ගෑනු ලමයා මූනු පොතේ දා ගෙන ඉන්නේ දෙන්නම ඉන්න පින්තූරයක්. ඒ ආදරය කැම්පස් එන්න ඉස්සෙල්ල ඉදන් තිබ්බ ආදරයක්...පව් ඒ ගෑනු ලමයා.

    ReplyDelete
  12. බොහෝ විට අනතුරු සිදුවන්නේ අනවබෝධය සහ නොසැලකිල්ල නිසා. රිය පදවන බොහෝ දෙනෙක්ට තමන් පදවන්නේ යන්ත්‍රයක් බවත් එහි ක්‍රියාකාරීත්වය ගැනත් නිසි අවබෝධයක් නෑ. එනිසා නොසැලකිලිමත් ලෙස රිය පදවා අනතුරු සිද්ධකරගන්නව.

    ReplyDelete
  13. මේ පැත්තට ආපු හැමෝටම ස්තූතියි කියන්නයි මම ආවේ... :) :)

    අයියලාට වගේම මල්ලිලාටත් මේ පොස්ටුව වලංගුයි හරිය... ;)

    අහ්!! ලොකු අයියේ ඔයා හතලිස් පහට ගියානම් ඇයි 80ට ගිය අපිට ඔයාව අල්ලන්න බැරි උනේ

    ReplyDelete
  14. එතකොට බබා කුඩයක් ගන්නෙම නෑද්ද, හෑමදාම වෑස්සට තෙමෙන්නද අදහස....

    ReplyDelete
  15. අරෙ ලොකු අයියෙ..... ඔන්න එහෙනම් හෙට අනිද්දම අපි පාගලා යාමුකො හැටෙ .... :D මෙ ලොකු අයියෙ හැබයි අයියණ්ඩියෙ පරිස්සමෙන් හොදෙ. සිරි මල්ලි එකා යකා. ඌ නැති උනොත් :'(
    :D

    ReplyDelete