මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Aug 1, 2011

ඇය මම කේන්දරය සහ සිහිනය

මීට වසරකට දෙකකට පෙර මගේ පෞද්ගලික විද්‍යුත් තැපැල් ගිණුමට ස්පෑම් පණිවුඩයක් ලැබුණි.. කියවා බලද්දි එහි සඳහන් වුයේ උපන් දිනය සහ වේලාව අනූව බටහිර තාරකා ශාස්ත්රයට අනූව මා හට මාගේ කල දවස පිළිබද දිනපතා ඊමේල් පණිවුඩ ලබා ගැනිමට ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියා පදිංචි වන ලෙසයි. එවෙලෙහි ඇතිවු හදිසි හැඟිමක් නිසා මමද එම වෙබ් අඩවියේ ලියා පදිංචි වුවත් ජින්නා නැමැති ඇයගෙන් ලැබෙන පණිවුඩ කියවනවා වෙනුවට නොකියවාම මකා දැමුවෙමි.. එහෙත් කුමක්දෝ හේතුවකට මම එම අඩවියේ සාමාජිකත්වය අත්නොහලෙමි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ මාගේ කලමනා කාර වරියටද මෙම විද්‍යුත් තැපැල් පණිඩුවය එලෙසම ලැබිණි.. ඇයද වෙබ් අඩවියේ ලියා පදිංචි වී දිනපතා ඇගේ කල දවස දැන ගත්තාය.. එක් දිනක හදිසියේම ඇය ඉතා දීර්ඝ ලිපියකින් කියා සිටියේ තාරකා පිහිටිමට අනූව මාගේ කලමණාකාරවරියට උසස්වීමක් ලැබෙන බවත් ගතවන කාලය ඉතාමත් වාසනාවන්ත බවත්ය නමුත් එය සිදුවන අයුරු සහ වැඩිවිස්තර ලබා දිමට ඇයට මුදල් ගෙවන ලෙස කියා  සබැදියක් දි තිබුණි.. 

දැනගත් විස්තර ප්රමානවත් බැවින් අප මුදල් නොගෙව්වෙමු.. ටික දිනකින් ඇගේ විද්‍යුත් තැපැල් පණිවිඩ නැතිවිනි.

එහෙත් ඇය කියු අයුරුම සියල්ල සිදුවිය....

කතාව ඇරඹෙන්නේ එතැනිනි පෙබරවාරි මාර්තු අතර කාලයේ මට යලිත් ජින්නාගෙන් විද්‍යුත් තැපැල් පණිවිඩ ලැබිණි.. එහි සඳහන් වන්නේ අහම්බෙන් මා හට නව රැකියාවකට කැඳවිම් ලැබෙන බවය වැඩි විස්තර ගැනීම සදහා මා හට ඇයට ගෙවිය යුතු විය.. එහෙත් සිදුවන්නේ හොඳ දෙයක් නම් වැඩි විස්තර සියැසින් දකිමියි සිතා ම නොගෙව්වෙමි.

ඇය කියු ලෙසම අධ්‍යාපන ප්රදර්ශණයකදි හමුවන කෙනෙකු මා හට අනගි රැකියාවක් සඳහා ආරාධනා කරණු ලැබීය.. එහෙත් දැනට මා ලබන වැටුපෙන් හරි අඩක් පමණක් වැටුප ලෙස ඔවුන් කීවෙන් මා එය ප්රතික්ෂේප කලෙමි.. නමුත් සම්මුඛ පරික්ෂන හතරකදිම ඔවුන් කෙසේ හෝ මාගේ අපේකෂිත වැටුපට ආසන්න වැටුපක් හෝ ගෙවිමට එකඟ විය... අවසානයේ සම්මුඛපරිකෂන වලට යාම ඇතිවුයෙන් මා ඒ රැකියාවට නොඑන බව කීවෙමි

ජින්නා යලිත් මා හට විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවන්නේ පසුගිය පූනි මාසයේදීය.. මා සිහිනයක් පිළිබඳ කතා කල පෙර ලිපියේ මා සදහන් කල තත්වය ඇය එහි බලා සිටියා සේ  කිවාය.. මාගේ ඉතිහාසය ඇය දන්නේ කෙසේදැයි මා පුදුම වීමි.. එහෙත් පවතින තත්වයට අනූව ඇය කියු  ලෙසම මට නව රැකියාවක් සඳහා ආරාධනා ලැබිණි.. සැප්තැම්බර් පළමු වැනිදා සිට මා එහි යා යුතුය... නමුත්

මා හට මෙම රැකියාවෙන් ඉවත් වීමට සුදුසු වාතාවරණයක් නැති බව මම දැන සිටියෙමි.. හේතු සිය ගනනකි මා රැකියාව කරන ස්ථානය බොහෝ දෙනෙක් දන්නා බැවින් ඒවා මොනවාදැයි කීමට බලාපොරොත්තුවක් නැත..නමුත් කිව යුත්ත අතිශයින් පුදුමාකාරය..

26 වැනි දින මා ඉල්ලා අස්වීමට සිතා 25 වැනි දින නින්දට ගියෙමි.. සිහිනයෙන් මාගේ ඉල්ලා අස්වීම ප්රතික්ෂේප විය... පසුගිය ලිපියෙන් කිවා සේම සිහිනය සැබෑවිය...

දැන් ගිරයකට අසුවු පුවක් ගෙඩියක් මෙන් සිටිමි... 

කේන්දරය මා විශ්වාස නොකරමි.. එහෙත් ජින්නා නැමැති ඇය කියනා සියල්ල එලෙසින් සිදුවේ..  සුරංගනා කතාවක් ලෙස මුල් වතාවේ සතුටු දායක ලෙස සියල්ල සිදුවි ඇය නොකියනා (කිවීමට මුදල් අය කරනා) කොටස අසාමාන්‍ය ලෙස අවාසනාවන්ත අයුරින් සිදුවේ... 

ඇය ලිපිය ඇරඹුවේ මෙසේය
I am contacting you today as we have not been in touch for a while now. This year 2011 is going by so quickly and I wanted to get back in touch to let you know that I have not forgotten about you. I came across your chart again and thought I would have a peak at it to see if there had been any changes. I had a feeling that something was not right and it started to bother me a little. 

සහ මෙලෙස අවසන් කලාය

You need to start building yourself up for a more comfortable life, and I’m going to give you the confidence to do so, you are a good and honest person who deserves this opportunity, please don't shy away from it and take it. There will be lots of people telling you different but I know that you have worked very very hard and now, you just need a little help and direction to guide you. 

ඉතින් මම  අතරමන්ව හිඳිමි

13 comments:

  1. මම නම් ඔය ඊ මේල් වලින් සිද්ද වෙන දේවල් ගැන් කිසිම විශ්වාසයක් නෑ. අක්කා උනත් අහලා ඇතිනේ ලෝකෙ වෙලා තියන සිද්ධි. මිනිස්සුන්ව රවට්ටලා තියන හැටි. අක්කම පොඩ්ඩක් හිතලා බලන්නකෝ. එයාලා ඔය අක්කට එව්ව ඊමේල් ටිකම තව ලක්ෂ කෝටි ගානකට යවලා තියෙන්න පුළුවන්. ඒ අතරින් අක්කට වගේ කිව්ව ඒවා හැබෑ වුනු දහස් ගානක් ඉන්න බැරි කමක් නෑ. එයාලගෙන් කොටසක් අක්කා වගේම හිතලා අර කට්ටියට සල්ලි ගෙවයි. ඕවා බොහෝ වෙලාවට තනිකරම හොර බිස්නස්. ඇරත් ඔය අක්කා ලියලා තියෙන්නේ එයාලා එව්ව ඒවා ඒවායේ මහා ලොකු දෙයක් කියලත් නෑනේ.

    ReplyDelete
  2. හ්ම්ම්ම්.. පුදුමාකාරයි :)

    ReplyDelete
  3. ඉස්සර අපිටත් එයාගෙ ඊ මේල් ආවා. පස්සෙ පස්සෙ කියවන්නෙ නැතුවම මකල දැම්මා. දැන්නම් එන්නෙ නෑ.

    ReplyDelete
  4. හම්ම්...දෙන්නකො අපිටත් බලන්න ඒ ලින්ක් එක :)

    ReplyDelete
  5. කොහෙන්ද කියලා හොයා ගන්න බෑ ද??? I.P 1න් වගේ???

    ReplyDelete
  6. ජීවිතය කියන්නේ පුදුමාකාර දෙයක්. ඒ ගැන අනාවැකි කියන්න ඒවා පිළිගන්න එක හිතා ගන්නත් බෑ. මේවා සිද්ධ වෙන්නේ කොහොමද කියා. ඇතැම් දේ පූසා මල්ලි කියනවා වගේම කිසියම් ව්‍යාපාරයක් විතරයි. ඇතැම් අයට අපි පවසන දේ අනුව යම් පොදු අනාවැකි කියන්න පුළුවන්. ඒවා හරි යන්න වගේම වරදින්න පුළුවන්. මේවා කිසිවක් හරියට පිළිගන්න හෝ වැරදියි කියා බැහැර කරන්න බෑ. හොඳම දේ තමා විශ්වාස කරන්න. තම හැකියාව තේරුම් ගන්න. ඒ ඔස්සේ ඉදිරියට යන්න. මන්ද යත් ඔය අනාවැකි තදින් හිතට ඇතුල් වන්නේ අපේ අනුදුනුමකින් තොරවයි. ඒවා එහෙම ඇතුල් උනාම අපි නොදැනුවත්වම යන්නේ ඒ ප්‍රතිපලය හොයන්න. එවිට නොදැනුවත්වම අනාවැකි හරි ගිහින්. ඔය කියා ඇති අනාවැකි සාර්ථක විම තනිකර අහඹු සිදුවීමක් වේනන බැරිද? ඒ නිසා හොඳම දේ තමා විශ්වාස කරන්න. තම හැකියාව අවබෝධ කරගන්න. තව දෙයක් මෙවැනි දේ යම් ප්‍රමාණකයට කරන්න තදින් සිත දියුණු කළ අයට පුළුවන්. ඒත් එවැනි අය මුදල් මත මේවා කරන්නේ නෑ. ඒ නිසයි මම ඉහත කරුණු පෙන්වා දුන්නේ.
    පෞද්ගලිකවම මම සුදු හංසිට කියන්නේ ඔබ සතු හැකියාව ඔබේ ගමනට හොඳටම ප්‍රමාණවත්.

    ReplyDelete
  7. ප්‍රිය අයියා හරියටම හරි.......ඔන්න අක්කේ අයියා කියන දේ පිළිගන්න

    ReplyDelete
  8. හොද වෙලාවට මට කඩ්ඩ බෑ

    ReplyDelete
  9. නිකන් දෙනවනම් ඉතින් ගන්න.. හැක් හැක්..

    ReplyDelete
  10. අම්මෝ ඔය ජින්නගේ කේන්දර කාලයත් මාත් දාගෙන හිටියා.
    පස්සේ අයින් කලා. මල වදයක් උනා.

    ReplyDelete
  11. යමක් සිද්ද වෙනවා නොවෙනවා කීවම අපි ඒ ගැනම හිත හිත ඉඳලා එය හැබෑවක් කරනවා වෙන්න බැරිද? මොකද හිත විසින් අපිව මෙහෙයවනවා වෙන්න පුලුවනි.

    ReplyDelete
  12. "පසු උන අතීතය ගැන නොතැවෙන්න, නො එලැඹුන අනාගතය නොපතන්න. මේ මොහොතේ සිහියෙන් කටයුතු කරන්න"

    ReplyDelete
  13. අඩෙ රත්ගමයො උබෙ කටට ජොනි මාමගෙ බිත්තරයක් දාන්න වටිනවා... මම ඔකෙ ෆුල් වර්ශන් එක දැක්කා නෙව .. හික්z වෙලාවට මටත් කඩු ෆයිට් බැරි .. :D

    ReplyDelete