මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jul 10, 2011

මම මොනාද කියන්න ඔනි

සුදු හංසිට මේ දවස් වල තවලම පැත්තේ එන්නම බැරි උනානේ හේතුව අධික කාර්‍යබහුලත්වය. ලොකු අයියා නම් හැම වෙලාවේම බැන්නා යන්න තවලමට ගිහින් කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න අලුතින් ගැලක් ලියන්න කියලා ඒත් හංසිට දැන් තමයි වෙලාවක් ලැබුනේ තවලම පැත්තේ එන්න
 ඒ ආවෙත් කෙනෙක්ගේ කදුලක් හැමෝම එක්ක බොදා ගන්න 

අද හංසි කියන්න යන්නේ එයාගේ වයසේම එයාට ගොඩක්  ලග කෙනෙක් ගැන හංසි පුංචි කාලේ ඉඳන්ම දන්න හංසිගේ ලඟම යාළුවෙක් හංසිට හැම වෙලාවෙම අමතක වෙනවා එයා කියන යාළුවා හංසි එක්ක ඉන්න බව ඒ ඇයි දන්වද ඒ කෙනයි හංසියි කියන්නේ දෙන්නෙක් නෙවේ එක්කෙනෙක් වගේ.. ඉතින් මේ කියන යාළුවාගේ නම නෙතූ.. නෙතු ඉන්නේ ගෙරින් ඈත රැකියාවක් කරන්න ගිහින් නෙතූ කියන්නේ ගෙදරට ලොඩක් ලැදි කෙනෙක් නෙතූගේ අම්මා රැකියාවක් කරන්නේ නෑ අප්පච්චි රජයට අනුබද්ද සමාගමක රැකියාව කරනවා නෙතු සහොදරයෙක් ඉන්නවා  එයා තවම ඉගෙන ගන්නවා අම්මා අප්පචිචි මල්ලි තමා නෙතුගේ ජිවිතේ 
ඒ අය ඇරෙන්න තමන්ගේ කියන්න ඉනනේ හොඳම යාළුවෝ කිහිප දෙනෙක තමයි 

නෙතු හංසිත් එක්ක කියපු කතාව ඔයාලා එකක බෙදාගන්න හිතුවා ඒ නෙතූ මගෙන් අහපු එක ප්රශ්ණයක් නිසා.. ඒ මොකක්ද දන්නවද මම ජිවිතේ බින්දුවට වැටුනෙත් ඔයා මා එක්ක ඉන්නවද කියලා..

 ඒත් ඇයි නෙතු ඒ වගේ වෙන්නේ ඒයා හොඳ රැකියාවක් කරනවා එයාගේ දෙමව්පියෝ එයා නිසා සතුටු වෙනවා එයා ගෙදර වියදම් පවා බලනවා මල්ලිගේ ඉගෙනිමට උදව් කරනවා එයත් පුළුපුළුවන් විදියට ඉගෙන ගන්නවා.. ඒ රැකියාව නෙතුට ආභරණයක් කියලයි හැමෝම කියන්නේ අවුරුදු පහක් නෙතු මේ අංශයේ වැඩ කරනවා එන ආයතනයක අවුරුදු හතරකුත් තවත් ආයතනයක අවුරුද්දකුත් ඒත් නෙතූ කියන්නේ එයාට තව දුරටක් රැකියාව කරන්න බැහැ කියලා හේතුව එයාගේ කාර්‍යය මණඩලයේ ඉන්න කලමනාකාර වරියගේ සහ ඝණකාදිකාරිවරයාගේ ඇනුම් බැනුම්..

 මම හොඳින් දන්වා නෙතු කියන්නේ ගොඩක් දක්ෂ කෙකෙන් ඔනිම බොස් කෙනෙක් කැමති වෙන විදියේ චරිතයක්... නිහතමානි, අවංක, කරුණාවන්ත කෙනෙක් තමන්ට පවරන වැඩ නොපිරිහෙලා වඩාත් හොඳට කරන කෙනක්.. ඒත් නෙතූ කියන විදියට එයාගේ මැනේජර් වරිය එයාට සලකන්නේ හරිම පහත් විදියට නෙතුගේ නිහතමානිත්වය ප්රයෝජනයට අරන් එයා නෙතුගෙන් එයාගේ පෞද්ගලික වැඩ පවා කර ගන්නවලු.. ඒත් නෙතූ කියන්නේ එයා ඒවා කරන්නේ හරිම සතුටින් කියලා ඒ ගැන අහිතක් නෙතූගේ තුන් හිතකවත් නෑ ඒත් පොඩ්ඩ වැරදුනු ගමන් නෙතූට මේ කියන මැනේජර් වරිය ආයතනයේ එකවුන්ටන් වරයත් එක්ක එකතු වෙලා අමාණුශි ලෙස බනිනවලු කාත් කවුරුත් නැතිව තනියම බෝඩිම් කාමරේක ඉන්න ගමන් ජීවිතේ ජය ගන්න උත්සහ කරන අසරණ කෙල්ලට මේවා දරාගන්න අමාරුයි, ඇත්ත ඒක මට දැනෙනවා තදින්ම මොකද මමත් ගෙවන්නේ ඒහා සමාන ජීවිතයක් නිසා.

ඉතින් නෙතූ මගෙන් අහන ප්රශ්ණය මම මේ රැකියාවෙන් අයින් වෙන්නද නැත්නම් ඉන්නද කියන එක, එයා කියන විදියට මේ සති දෙකම එක දිගට නිකරුනේ එයා බැනුම් ඇහුවා කියලා ඒ එක්කම එයාට කොහොමටවත් කවර් කරන්න බැරි ටාර්ගට් එකක් දුන්නා කියලා..... නෙතුගේ රැකියාවේ ස්වභාවය දන්න මම දන්නවා ඒක මොන විදියකින්වත් කරන්න අමාරු දෙයක් කියලා ඒත් මම නෙතූගේ ගෙදර තත්වය දන්න නිසා එක පාරට මට කියන්න බැහැ  දමලා ගහලා යන්න කියලා නෙතූ ලබා ගන්න චේතනය තමයි මේ දවස් වල ගෙදර එකම ආදායම නෙතූගේ අප්පචිචිට හරියාකාරව වැටුප් ගෙවන්නේ නැහැ ඒ වගේම නෙතු මේ රැකියාවෙන් අයින් වුනු විගස එයාට වෙන තැනක් හොයා ගන්න එකත් පහසු දෙයක් නෙවෙයි 

නෙතූ ඉන්නේ ප්ර්ශ්න ගොඩක් මැද ඒ මොනවා උනත් රැකියාවෙන් අයින් වෙලා ගෙදර ගියොත් අම්මා අප්පචිචි නෙතූගේ හිත රිදවන එකක් නෑ.. ඒත් නෙතූ ජීවිතේ බින්දුවටම වැටෙනවා ආයි හැම දේම බින්දුවේ ඉඳන් පටන් ගන්න වෙනවා ඒකට කොයි තරම් කාලයක් යයිද දන්නේ නැහැ.. ගෙඩක්ම දුක නෙතූ හිතන්නේ මේ රැකියාව නැත්නම් එයා සත පහකට වැඩක් නැති කෙනෙක් වෙනවා කියලා... නෙතූට ලොකු හීනයක් තියෙනවා එයා දවසක එයාගේ හීන කුමාරයා හොයාගෙන ලස්සන ජීවිතයක් පටන් ගන්නවා කියලා ඒත් ජීවිතේ ලොකුම ලොකු කඩඉමක් ලඟ ඉඳන් බින්දුවට වැටෙන්න එයාට බයයිලු..

මම මොනාද නෙතූට කියන්න ඔනි.. ඉන්න කියන්නද යන්න කියන්නද.........  

11 comments:

  1. මම නම් කියන්නෙ වෙන රස්සාවක් හොයගන්නකල් කොහොමහරි අල්ලගෙන ඉන්න කියල. ඕක කරන අතරෙ වෙන එකක් හොයන්න කියන්න.

    ReplyDelete
  2. මටත් කියන්න තියෙන්නේ කසුන් දීපු උත්තරේම තමා. ඉක්මනට රස්සාවක් ලබෙයි. එතකන් ඕක අල්ලන් ඉන්න !!!!

    ReplyDelete
  3. මේ රස්සාවත් කරන ගමන් කොහොම හරි වෙන හොද රස්සාවකට ට්‍රයි කරන්න ..එක තමා නේද හොද ම දේ..එක පාර යනවාට වඩා..

    ReplyDelete
  4. තව ඉහල තනතුරක ඉන්න කෙනෙක් නැද්ද ඔය ගැන කම්ප්ලේන් කරන්න? අනේ මන්දා මටනම් හිතාගන්නවත් බෑ මොනවා කියන්නද කියලා. හැබැයි දැන් ඉන්න තැනින් යනවනම් අර ගෑනිගේ රෙදි ගැලවෙන්න දෙකක් කියලම යන්න ඕනේ හැමෝගෙම ඉස්සරහා

    ReplyDelete
  5. කලකට පෙර මමත් ඔය වගේ ප්‍රශ්න එක්ක හැප්පුනා. මටත් නෙතුට තිබුනු ප්‍රශ්න එහෙමම වගේ තිබුනා. මම බැරිම තැන දමල ගෙදර ආවා. ඒත් මම හිතන්නේ ඒ කාලේ මටත් නෙතුගේ වයසම වෙන්න ඕන. මට කතාව කීවම නෙතුගේ ප්‍රශ්නේ තේරෙනවා. නෙතුට කියන්න ප්‍රශ්න වලින් පැනල යන එක නම් හොඳම විසඳුමක් නොවන වග. නෙතු එක්ක තනියට එයාගේ කිට්ටුම යාළුවෝ ඉඳීවි සැමදා. ප්‍රශ්න කරදර දුක් කම් කටොලු එක්ක ජීවිතේට නව පන්නරයක් ගන්න කියන්න. මම හිතන්නේ මම නෙතු ගැන ගොඩක් දන්නවා කියලයි. ඔයාගේ මේ පොස්ට් එකට වඩා. මොන ප්‍රශ්න ආවත් නෙතු හැර නොයන පිරිසක් ඉන්නවා කියන එක ඔයාගේ මේ පොස්ට් එක සමග මට දැනෙනවා. නෙතුගේ කරදර ඉක්මනින් අවසන් වන්න කියා මම පතනවා. ඒ එක්කම වඩා ශක්තිමත් බුද්ධියෙන් ප්‍රශ්න වලට එබෙන නෙතු කෙනෙක් මේ අඩිතාලම මත යලි උපදිවි. එයා දෙස බලන්න ඔයා සමග අපිත් ඉන්නවා කියන්න. එයාගේ දියුණව ඔයාගේ වගේම අපේත් පැතුම බව කියන්න. එයාගේ තනියට ඔයා එක්ක අපිත් ඉන්නවා කියන්න. එයාට තව ඉවසන්න කියන්න. දවසක එයාට එල්ලවුනු හැම ගලක්ම මල් මාලාවක් වී එයාගේ ගෙල වටා දිලිසේවි. එදාට එයා එක්ක ඒ සතුට බෙදාගන්න ඔයා විතරක් නොවේ අපිත් ඉන්නවා. ඔයා ඒක අදම නෙතුට කියන්න. නෙතු තනි වෙලා නෑ කියල.

    ReplyDelete
  6. තව දෙයක් මම එදා සියල්ල දමා ගියාට එය කලින් කරන්න තිබු දෙයක් බව වැටහුනේ පසුවයි. නමුත් නෙතුට අද තියන රැකියාවේ පිළිගැනීම මට ඒ කාලේ තිබුනේ නෑ. නමුත් මගේ පළපුරුද්ද හා සුදුසු කම් වලට එය නොගැලපීමයි මම යන් හේතුව. අනික කළ සේවයෙන් අඩකට වත් ප්‍රමාණවත් නොවන ගෙවීමක් මට තිබුනේ. එය මගේ වියදම් සඳහා වත් ප්‍රමාණවත් වුනේ නෑ. නමුත් නෙතුට එහෙම දෙයක් නෑ. එයාට ඉන්න තැන මාරු කරන්න කියන්න. බාගයකට වැඩිය ප්‍රශ්නේ විසඳෙයි. මොකද නවාතැනේ නිදහස ඇතිනම් කාර්යාලයේ ගැටළු අමතක කරන්න පුළුවන්නේ. ඒකත් කියන්න.

    ReplyDelete
  7. ඔබේ ගැටළුවට පිලිතුරක් මා සතු නොවේ, එයට පිළිතුර ඇත්තේ නෙතූ සතුවම බවයි මගේ හැඟීම...

    ReplyDelete
  8. පූසා කියූ දේ මාද අනුමත කරමි. වෙන ජොබ් එකක් හොයාගෙන ඔතනින් යන දවසක ඕකුන්ට රෙදි ගැලවෙන්න දෙකක් කියලම යන්න කියන්න.

    ReplyDelete
  9. ඔන්න හංසි අක්කෙ මම 1කෙන්ම ප්‍රියා අයියගෙ කොමෙන්ටුවට 10ක් දානවා . සිරා කතාව අයියා කියලා තියෙන්නෙ.

    ReplyDelete
  10. පුලුවන් තරම් ඉක්මනට වෙන තැනක් හොයාගන්න කියන්න. එතකල් ඉතින් කොහොම හරි කට්ට කාගෙන ඉන්න කියන්න. මට නම් හිතෙන්නේ නෙතු ඉන්න එක කලමනාකාර වරියටයි ඝණකාදිකාරිවරයාටයි ප්‍රශ්නක් වගේ. හොදම දේ තමයි පුලුවන් තර්ම් ඉක්මනට අයින් වෙන එක....

    ReplyDelete
  11. ප්‍රියා අයියා +++++++++++++


    ඔය නෙතූ කවුද කියලා මම දන්නවා

    ReplyDelete