මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jul 30, 2011

සෑබෑ වූ සිහිනය

හීනයක් දකින්න කාට උනත් පුළුවන් ඒත් ඒක හැබෑ කර ගන්න පුළුවන් කීයෙන් කී දෙනෙක්ටද... එහෙම හීනයක් හැබෑ උනොත් ඒක මොන තරම් ලොකු වාසනාවක්ද...

පුංචි කාලේ මම හින දැක්කේ හොඳින් ඉගෙන ගන්න.. කවුරු හරි ඇහුවොත් ඉගෙනගෙන ඉවර වෙලා මොනවද කරන්නේ කියලා, පුංචි කමට මම කියනවා “මම ඩොක්ටර් නෙකේ වෙනවා“  කියලා.. ඒත් ඒ හිනෙට පන  දෙන්න මට පනින්න තිබුණු කඩ ඉම් වලින් හරියාකාරව පැන ගත්තේ සාමාන්‍ය පෙල කඩඉම විතරයි.. මුළු ඉස්කෝලෙම පළවෙනියා වෙන්න හීන මවාගෙන ඒ පිම්ම පැන්නත් පුළුවන් උනේ හතර වෙනියා වෙන්න.. ඒකත් එක සතුටක්.. ඒත් ඒ හිනේ මට නැති වුනේ මගේ අසනිපය නිසා මාස ගනනක් ඉස්කෝලේ යන්න බැරි වීම නිසා බව මම දැනන් හිටියා.. ඒ නිසා වැඩි දුකක් නෑ

ඊට පස්සේ ඒ ලෙවල් කඩ ඉම, ඒතනදි මගේ හීනෙට මම ගොඩක් ලන් උනා. මගේ ලේඛන හැකියාව දිහා බලපු හැමෝමත් නිර්මාණ හැකියාව නිසාත් හැමෝම මට කිවේ කලා අංශය තෝර ගන්න කියලා.. ඒ උනත් මට මගේ හීනෙ වෙනුවෙන් වෙහෙසෙන්න ඔනි උනා ඒ නිසා මම විද්‍යා අංශය තොර ගත්තා මොකද මම දැන ගෙන හිටියා මම  ඒ පිම්ම හරියාකාරව පැන්නනම්  මගේ පළවෙනි හිනෙම හැබැ කරගත්තා වෙනවා කියලා. 

මම ගොඩක් වැරදි කලා  මම මටම උන පොරොන්දුව කඩ කිරිම ,  උනන්දුව අඩුවීම කම්මැලි වීම නිසා අන්තිමේ මගේ හීනේ මගෙන් ගිලිහිලා ගියා...

කල්පනා කරලා බලන්න කෙනෙක් මුළු ජීවිත කාලයක් එකම හීනයක් වෙනුවෙන් වෙහෙසෙනවා ඒක පෙනි පෙනි නැති වෙලා යද්දි මොනවා කියලා කරන්නද... ඒත් මට පරාද වෙන්න බෑ මම ඒ වෙලාවේ මගේ ජිවිතේ අරමුණු වෙනස් කලා... 

විද්‍යා පොත් පත් සෛල රූප සටහන්, ඇට සැකැලි රූප සටහන්, ජීවන චක්ර, ආවර්ථිතා වගුව, නියම, එක්ක හිර වෙලා තුබුණු මගේ ජිවිතේ මම ඔබ්ජෙක්ට්ස්, මෙතර්ඩ්ස්, ඇරේස්, ඩී ඇස් ඩී ඩයග්රම්ස්,ප්සියුඩෝකොඩ්ස් වගේම මදර් බෝඩ්ස්   ඩේටා කේබල් වලට කොටු කලා  පුංචි පුංචි පොත් වල කුරුටු ගාපු කවි වෙනුවට පොටෝ ෂොප්, කොරල්, ඔටෝ කැඩ් වලින් නිර්මාණ කරන්න ගත්තා. 

වෙද නලාවක් අරන් වාට්ටු ගානේ යන්න හිතපු මම, ඔසරියක් ඇඳන් පොත් මිටියක් තුරුලු කරන් පුංචි උන්ගේ පන්ති ගානේ ගියා.. හවසට ඇවිත් ඉවරයක් නැති ලිපි ගොනු ගොඩන වැඩ කලා... ඒ අළුත් වෙනස ලස්සනයි සුන්දරයි ඒත් හීනයක් වගේ කාලය ගෙවිලා යද්දි කාලය විසින් ඒ ජීවිතෙන් මාව ඇත් කලා.. මුකුත් වැඩක් නැතිව හිස් කොම්පියුටර් ලැබ් එකක පිටි පස්සේ හිටන් ඉන්න කෙනෙක්ට..

ආයිමත් ජීවිතේ අළුත් වෙනසක් හොයාගෙන අළුත් රැකියාවකට අයී ටී ගැන වැඩි දැනුමක් නැති මිනිසුන් ගොඩකට අයි ටී සපොට් කරන්න, ඒයාලා කරන එකම දේ උදේට ඔපන් කරන වෙබ් බ්රව්සරය හැන්දෑවට ක්ලොස් කරන එක..  ඉතින් මගේ ජිවිතෙත් ඒ ගොඩටම වැටුනා.. උදේ පහේ ඉඳන් මුළු දවසමත් රෑයත් ගෙවලා අනිත් දවසේ පාන්දර දෙක වෙනකල් වැඩ කරපු මම නවය පහ වැඩ කොටසක කාර්‍යභාරයක් නැති එක්සකටිව් කෙනෙක් වෙලා, හැම එකම කරන්න ඔනි ඒත් කරන්න දෙයක් නෑ නිකම්ම ඉඳලා වැටුපක් ගන්නවා..

බිදිලා විසිරිලා ගිය හීන දිහා මම බලා උන්නා.. මම නිකම්ම නිකන් රූකඩයක් වෙනවා ටිකෙන් ටික.. ජීවිතේ ගැන අළුත් බලා පොරොත්තුවක් දකින්න ඔනි උනා... මොකක්ද අවසානය හිටියට වඩා තවත් පහලට වැටීම...

අවුරුද්දක් හරියටම අවුරුද්දක් උනා මම නිකමෙක් වෙලා 


මම හිටියේ දුකින් ගොඩක් දුකින්..ඒත් එක දවසක මම හීනයක් දැක්කා මුළු ජිවිතේටම අමතක නොවන හීනයක් අමතක කරන්නත් බැරි හිනයක් ඒ වගේ හීන කිහිපයක් මගේ මතකයේ තියෙනවා.. ඒවා සේරම දුක්බරයි මේ ෙවලාවේ ඒවා කියන්න යන්නේ නැහැ මම, මොකද  ඒහීන දුක් බර උනත් හැබෑ උනේ නැහැ.. ඒත් මම පහුගිය සඳුදා රෑ දැකපු හීනය හැබෑ උනා පහුවදා පාන්දර වෙද්දි.. පුදුමයි පුදුමෙනුත් පුදුමයි.. 

ඔයාලාට මං ගැන පුදුමයි නේද රෑ දැකපු හීනේ පහුවදා පාන්දර වෙද්දිම හැබැ කර ගත්තට.. ඔයාලා හිතනවද මම වාසනාවත්ත උනා කියලා ඒ හිනේ හැබෑ කර ගන්න හිනයක් හැබෑ කර ගනන වාසනාවන්ත වෙන්න ඔනි.. ඇත්ත...


ඒත්
මම හීනෙන් දැක්කේ මගේ හීන සේරම බිඳිලා යනවා.. මට මගේ හීනේ අහිමි වෙලා යනවා..... තවත් ඔයාලා කියනවද හීනයක් හැබෑ කර ගන්න තරම් මම වාසනාවන්ත උනා කියලා...



හීන සුන්දරයි රස කර කර දකිද්දි ඒත්  හැබෑ නොවන හීන අතරන් හැබෑ වෙන හීනත් තියෙනවා.. ඒ ගැන හිතලා අළුත් හීනයක් දිකන්න බයයි ඇයි දන්නවද මීට පස්සේ මම කැමති නෑ හීන හැබෑ වෙනවට 

12 comments:

  1. හීන දකින එක පොඩි අවුන්ගේ හැටියක් සහෝදරී මම නම් මෙලව දේකට දක්‍ෂ නෑ ඒත් හීන නම් කන්දක් මටත් තිබුනා .. තවත් තියනවා

    කෙනෙකුගේ දක්‍ෂ කම ගැන කීවොත් ඒක මම දකින්නේ මෙහෙම "අපි කරන කියන වැඩ වලින් අපේ හිතට සතුටක් තෘප්තියක් ලැබෙනවා නම් අපි අන්න ඒ කියන වැඩේට දක්‍ෂයෙක්" . හිතලා බලන්න ..

    නිකමට මෙගේ ආවේ ඒ අතරේ මේ අමුතු ලියවිල්ල හමු වුණේ ..

    ReplyDelete
  2. මගේ හීනේ කියවන්න ආවට ගොඩක් ස්තූතියි හිස් අහස.. ඇත්ත ඔයා කියන්නේ.. ඒත් මම ආසාවෙන් කිසි දෙයක් නොකරන නිසා වෙන්න ඇති මට දැනෙන්නේ මම පරාජිතයෙක් කියලා ඉක්මනින්ම ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් හොයා ගන්න ඔනි... :) :)

    ReplyDelete
  3. මාතෘකාව දැන්න ගමං දුවං ආවේ වෙඩිමක් තමයි කියලා හිතාන :(

    ReplyDelete
  4. මම නම් සිහින දකිනවා... ඒත් ඒ හැබැ කරගන්න නම් නෙවේ.. සිහිනය සුන්දර හන්ද... නමුත් මම වෙහෙසෙන්නේ මගේ බලාපොරොත්තු ඉටු කර ගන්න..

    මට සිහින සහ බලාපොරොත්තු අතර වෙනසක් දැනෙන්නේ අන්න ඒ විදිහට...

    ReplyDelete
  5. හින කියන්නේ ජිවිතේ ජිවත් කරවන්න බලාපොරොත්තු විතරයි.... එක බලාපොරොත්තුවක් බිදිලා යනකොට තව බලාපොරොත්තුවක් එනවා... ඉතින් ආයේ හිනයක් දකිමු....

    ලස්සන හිනයක් ඔයාගේ ජිවිතේ ලස්සන කරයි හැමදාමත්....

    අදමයි මේ පැත්තේ ආවේ....

    ReplyDelete
  6. හීන මගේ ඔලුවෙත් හීන ගොඩක් තිබුනා,,එකක්වත් හරි ගියේ නෑ,,,ආයෙත් තියනවා ඒවත් හරි යන පාටක් නෑ ඒත් මගේ උත්සහය අත් අරින්නෙත් නෑ,,අලුත් හීනත් මැවෙනවා

    ReplyDelete
  7. ඔය කතාව හරි අක්කේ.
    මාත් ඉස්සර ඉදන් ආස කරපු එක හීනයක්වත් හරි ගියේ නෑ. මට ඕන උනේ ගුරුවරයෙක් වෙන්න. ඒත් මම අද වෙනම පැත්තකට ගිහින්.

    ReplyDelete
  8. හීන කියන්නේ මන:කල්පිත සැබැ නොවෙන දෙයක් කියලා හැමෝම කියනවා..එත් අපි හැමෝම හින දකිනවා නේද අක්කේ..එක එක හින හැමෝම දකිනවා..සැබැ උනා නොවුනා අපි හැමෝම හීන දකිනවා..හින කියන්නේ හරි පුංචි බලාපොරොත්තු..ජිවිතේට බලාපොරොත්තුවක් නැතුව ජිවත් වෙන්න බැහැ අක්කේ..එතකොට ජිවිතේ තේරුමක් නැහැ..අපි හැමෝම හරි කඩයිම ට එන්න කලින්..හුගාක් තැන් පහු කරනවා..ඉතින් අක්කාත් එහෙම කඩයිම් පහුකරන් මේ එන්නේ..ඉතින් මඟ නවතින්න එපා..හීන දකින්න...ජිවිතේට බලාපොරොත්තු දෙන්න..එවා ඔයාවත් ජිවත් කරයි..ඔයගේ හින ත් සැබැ වෙයි.. නිකම් ඉද්දි කිසිම දෙයක් කවුරුත් ලගට ගෙනත් ඩෙන්නේ නැහැ..එ ඉල්ලක්කයට යන්න ඔනත් අපි..හින දැක්කට මදි..එවා සැබැ වෙනකම් බලන් ඉන්න එපා..හින බලපොරොත්තු කරන් ඔය ඔයගේ ගමන ලස්සනට කැමති තැනකින් පටන් අරගන්න..

    ReplyDelete
  9. අපිට ඔනදේ හම්බවෙන්නේ නැහැ..එහේත් අපිවෙනුවෙන් බලන්ඉනන් අයත් ඉන්නවා අපි එයාලාගැනහිතන්නෙ නෑ... එයාටටත් කාලයක් තියනවා අපිවෙනුවේන් බලාන ඉන්න ඒ කාලය පුඋනොතින් අපිට එයත් නැතිවෙනවා අනේ මංදා ...

    ReplyDelete
  10. හ්ම්...මොනා කියන්නද...මාත් ඔය ගැනම කියල පොස්ටුවක් දැන්මනේ මේ ලඟකදී....බිඳිලා විසිරිලා යන හීන මැද්දේ අලුත් හීන දකිමු අක්කා...හීන හැබෑකරගන්න බලාපොරොත්තුවකුත් තියා ගමු.....

    ReplyDelete
  11. හීන. වෙලාවකට බලාපොරොත්තු වගෙයි.

    ReplyDelete
  12. "පාසැල් සෙවනින් සමුගන්න කලින් - හිත මන්ද නගේ අඳුරේ මෙතරම්"

    ReplyDelete