මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jun 28, 2011

මගේ සිහිනය



සිහිනය සිහිනයක් නොව
මගේ සිහිනය මටද සිහිනයක් වුව
සුන්දරයි නෙතු පියන් විඳින කල
ඉඩ දෙන්න මට  විඳින්නට ඒ සිහිනය

රුදුරු මාවත තනියි සිත දුක් පුරයි මුත්..
සුන්රයි මේ කටුක මග ම‍ට
අනන්තය ලඟ  මන්සලේ ඔහු
බලා සිටිනා නිසාවෙන් 

කොහේ කොතැනක හෝ හිදිනු ඇත
නොම දනිමි ඒ තැන තවම මම
ඒ නමින් පාරමී පිරුමට 
අවසරයි ‍ සිහිනයක් දැකුමට

10 comments:

  1. ඔය තනිකම හන්දා තමා අම්මලත් කියන්නේ ඉක්මනට කසාද බදින්න කියලා. කොයි.... අහන එකක් යෑ....

    ReplyDelete
  2. හිත හොයන කෙනා එන්න එපැයි මල්ලී.. ඒහෙම නැතිව ජීවිත කාලෙටම කරන ගනු දෙනුවක් පටන් ගන්නේ කොහාමද අනේ.... :(

    ReplyDelete
  3. හැබැයි අක්කේ නාකි වෙන්න කලින් කරගන්න දෙයක් තමයි ඕං :D

    ReplyDelete
  4. අක්කිට ඉක්මනින්ම සිහින හංසයාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    :)

    ReplyDelete
  5. රෙද්ද හුලඟෙ යනවෝ.......

    ReplyDelete
  6. (සිහින) සිහිනයක් නිසාවේන්
    (සැබැ) නොවේ ඔන දිහාවේන්
    (ඵලක්) නැත හඩා අහිමි නිසාවේන්
    (සුන්දර) ලෝකයක් ඔහේ හිමි උනාදේන්

    ReplyDelete
  7. ජීවිතය විඳගන්න
    ලඟම හිඳ දැවටෙන්න
    හිතේ සහනය වන්න
    සිහිනයම සතපන්න

    අපූරු පද ගෙත්තමක් . . .

    ReplyDelete
  8. මට පේන්නේ අර හංසයා බලන්න ගියාට පස්සේ හිත වෙනස් වෙලා වගේ.. ඒකනේ මේ " අනන්තය ලග මන්සලේ ඔහු - බලා සිටිනා නිසාවෙන්" කියලා කියලා තියෙන්නේ.. :)

    ReplyDelete
  9. හැකි ඉක්මනින් කසාදයක් බැදගෙන තවත් අහින්සකයෙක් අමාරුවේ දැමීමට සක්තිය දහිරිය ලැබේවායැයි ඉත සිතින්ම ප්‍රාර්තනා කරමි :)))
    http://chaterkolla.blogspot.com/

    ReplyDelete
  10. රණතිසර ගුණ වැයුමට රස කර
    පෙර පින් ඇත නුඹට ස්වප්නය විඳින්නට
    පින්සාර ඔය හදට ලැඟුම් ගන්නට
    නැත වැඩි දුරක් එ අනන්තය ලග මංසලට ........:))

    ReplyDelete