මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jun 21, 2011

කේනිතිය නිවා ගන්නට ලියමි

සාස්ත්‍රීය ගායිකාවෝ එක්ක රේඩියෝව කර කර ඉන්නකොට අම්මා කොල් කරලා මගේ මූඩ් එක කෑවා... මට ගෙදර එන්නලු.........අනේ හපොයි.. හෙට මගේ නිවාඩු දවස බව ඇත්ත ඒත් හෙට මට වැඩ රාජකාරි කොටියයි.. නිවාඩු කියලා බෑනේ වැඩ තියෙන එව්වා කරන්නත් ඔනිනේ.. මොකෝ මම වැඩි හරිය බස් පදින බ්ලොග් ලියන වැඩනේ කරන්නේ ඔපිස් එකේ.


අනේ ඉතින් ගිය සතියෙත් මම ගියානේ ගෙදර ‍අ‍ඬ අඬ පොස්ට් එකක් හේම දාලා.. ඒ ගියේ ආයි වෙන මොකටවත් නෙවේ.. අපේ අම්මා මට හංසයෙක් හොයලා.. සල්ලි විලක පීනන හංසයෙක්ලු.. ඒමදිවට මගේ කන්ඩිෂන් සේරම තියෙනවත්ලු.. දැන් අම්මට ඔනි වෙලා තියෙන්නේ මට හංසයාවත් හංසයාට මාවත් මුණ ගස්සන්න.. ඊට කලින් වෙන්න ඔනි දේවල් සිද්ද වෙලා අවසානයි කියන්නේ.. කේනදරෙත් ගැලපෙනවලු..  හංසි බබාගේ පොටෝ දැකලා ඒ වැඩිහිටියෝ විතරක්නේවේ හංසයත් කැමති වෙලා කියන්නේ.. අනේ හැබෑට.. මේ මගේ පොටෝ දැකලා කැමති උනා කියන්නේ මගේ යාළුවනේ ඔයාලා  හිතන්න ඒ හංසයාගේ ඇස් පෙනීම කොයි තරම් ‍දුර්වලද කියලා..

කොමෙන් කොහොම හරි දැන් තොණ්ඩුව බෙල්ල මුල.. හැබැයි ඉතින් මේ හංස බබත් ලේසි නෑ බෙල්ල හිරවෙන්න කලින් බෙරෙන එක බේරෙනවමයි.. ඇයි දෙවියනේ.. හංස බබා තාම පොඩියිනේ.. ඇයි මන්දා අම්මටයි අප්පච්චිටයි ඒක තේරෙන්නේ නැත්තේ නිදහස් වෙන්න ඔනිලු.. ඉතින් අනේ නිදහස් වෙන්න කියලා අහුවෙන කෙනෙක්ට දීලා දාන එක සාධාරන නැහැනේ.. එයාලා බලන දේවල් තියෙනවා උනත් මට හොයන්නේ සල්ලිවත් වාහනවත් ඉන්න තට්ටු ගනන් උස ගෙවල්වත් නෙවීනේ...

අනේ ඔයාලාවත් අපේ අම්මට කියලා දෙන්නකෝ.. හංස බාබාට හොඳටම පිස්සු නිසා.. ඒ විකාර ලෝකේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න හංසි බබාටම ඉඩ දෙන්න කියලා... ඒත්.. ???

අනේ මගේ අවාසනාවට මොනා කියලා කරන්නද.. කොහොම කොහොම හරි සුට්ටක් අඬලා හේම හෙට   නොයා ඉන්න වැඩේ සෙට් කර ගත්තා.. දැන් තව සතියකට නිදහස්.. ඒ අස්සේ  එක්කෙනෙක් චැට් එකේ මඟුල් කතා කරනවා.... මගේ පරන ස්ටාෆ් යාළුවෙක්.. උන්දෑ අහගත්තා මගෙන් හොඳට.. ඉස්සරනම් ඔය මඟුල් කතා කියාගෙන ආවොත් මම නම් කෙලින්ම කියන්නේ කතා කරලා බලන්න කියලා.. ඒ ඉතින් උවමනාවටමත් නෙවෙයි..... මගේ තියෙන නෝට් කමට. විහිලුවට මඟුල් කියක්නම් කන්න ඇතිද මම... එව්වා තමා දැන් කල හොඳ වගේ පස්සෙන් පන්නන්නේ... කොටාගෙන කොටාගෙන ගිහින් අන්තිමේ කෙහෙල් ගහට කොටපු දාට  හොට පැටලෙනවලුනේ අන්න ඒ වගේ වැඩක් වෙලා  කැළණි ග‍ඟෙන් නාලා ආයි කළු ග‍ඟෙනුත් නාන්න උනානේ.. බ්ලොග් අවකාසේ ගොඩක් අය දන්නවා මේ සින් එක (දන්නෝ දනිති එකක්)... හික් හික් සුදු හංසි බබාට කාලා ඉන්න බැරිව චැට් එකේ කතාවක් කියලා පුදුම නෑමනාවක් නෑවේ.. අන්තිමේ මම ඒ මඟුල කතා කරන්න කිවේ විහිලුවට කියන එක තේරුම් කරලා දෙන්න සෑහෙන්න චාටර් වෙන්න උනා..   දරපු උත්සහයත් හරි නොගියම තැන අන්තිමේ බ්ලොග් පොස්ට් එකක් දාලා අදාල පාර්ශවය ඒකත් වැරදියට අරන් තිවුනා.. හපොයි සිද්ද වුනායින් උනේ නැහැ ඒ සා නව නිංගිරාවක්.. අන්තිමේ මම වැරදි වැටහීම් නිවැරදි කරන්න ගන්න උත්සහය ඒතැනින්ම නතර කලා.. තේරුමක් නැති දේකට කාලය ශ්‍රමය සහ මානසික සහනය නැති කරගන්න අවශ්‍ය නැති නිසා... අදත් ඒ වගේ මඟුල් කතා කරන්න ආපු යාළුවාට සිත නොරිදෙන්න කිව්වේ අම්මට කියන්න ඔනි ටිකම තමා.... 

මල වදේ කියන්නේ මට වඩා මගේ සමහර යාළුවෝනේ මට හංසයෙක් නැති එක ගැන දුක්වෙන්නේ... මම වත් ඒ හැට් ඒ ගැන තැවෙන්නේ  නැහැ.. මොකද මේ ජීවිතේට මම හරිම ආසයි.. නොලෑබ්ම් කියන්නෙත් වෙලාවකට සුන්දර දෙයක්... හැම දේම කල්පනා කරලා බලද්දි මට හංසයෝ ඔනිම නෑ.. වෙනස් විදියකට හිතන වෙනස් දේවල් කරන කෙනෙක් විදියට මම ආසයි හැමදාමත් මේ වගේ ස්වාධින ජිවිතයක් ගත කරන්න... ඒක අඩුම තව අවුරුදු පමක් වත්  අත් විඳින්න තියෙනවනම්.. 

ඊට පස්සේ නම් නව දුරටත් හිතුවක්කාර වෙන්න බැරි වෙයි....

දැන් මේ සතියට ෂේප් උනා කියමුකෝ ළබන සතියේත් ෂේප් වෙන්න විදියක් හොයා ගන්න ඔනි... අනේ මට මේ වෙන්න යනදේන් බේරෙන්න ක්‍රමයක් කියන්නකො යාළුවනේ..................

24 comments:

  1. සික්! අපේ අම්මලා අපිට සෙට් කරන්නේ නෑනේ :D

    ReplyDelete
  2. අර හන්සයගෙන් අහන්න ඕනෙ වදගත් ප්‍රශ්න වලින් එකක්.. (අලේ මන්දා මටනං ඒක වැදගත්)
    බැන්දයින් පස්සේ බ්ලොග් ලියන්න දෙනවද?

    ReplyDelete
  3. හැමදාම ශේප් වෙලා ඉන්න බෑ නේ. කවදහරි අහුවෙනවා. ඒ නිසා ගිහින්ම බලන්න අක්කා. සමහර විට ඒ හංසයාට අක්කගේ හිත ගිහින් "හංසයාට හිත ගියා " කියලා පෝස්ට් එකක් උනත් දාන්න බැරි නෑ. ගිහින්ම බලන්න.

    ReplyDelete
  4. අම්මේ බන් නංගි උඹේ මූනේ පෙම් පාට . .

    එක පාරම ගෙදර ගියොත් අම්මල හිතයිනේ ආ මෙයාට තියෙන හදිස්සියක් කියලා . .

    ඒක නිසා බොරුවට අඬලා කැමති නෑ වගේ පෙන්නුවා නේද . .

    අනේ බන් අපි නොදන්න මොණරතැන්න . .

    මේ ඉක්මනට ඔය හංහයාව හිරේ දාලා අම්මලට නිදහසක් දීපන් බන් . .

    හික් හික් හික්

    ReplyDelete
  5. අම්මො බයෙ බැ අක්කෙ කමෙන්ට් කරන්න. උගුලෙන් බෙරෙන්න උගුලට රින්ගපන් කියලා මතකනෙ ගිය සතියෙ සිරි මල්ලි අහගත්තා හොදවයින්.. හික්zz .:D :D
    මොනවා උනත් මටත් නිකන් හීනියට වගෙ හිතෙන්වා හංසයා බලලා ඇවිත් පහුවදා ඉදන් හංස ගුණ වයයිද කියලා.... ;)) :D

    ReplyDelete
  6. අයියෝ .. ඕක එච්චර ප්‍රශ්නයක් නෙවි... දැනට එක්කෙනෙක් ඉන්නවා .. පස්සෙ වෙලාවක පෙන්වන්නම්/අදුන්නලා දෙන්නම්. තව ටික කාලයක් ඉවසන්න කියන්න ගෙදර අයට..

    ReplyDelete
  7. රෙස්ලින් බලන්න ඔනෑ නම් මෙහෙට එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com/

    ReplyDelete
  8. සමහර විට ඔය කියන කෙනා ඔයා හිතන තරම් නරක වෙන්නත් බැහැ නේ? එක සතියක් ගිහින් කතා කරලා බලලා වැරදි සේරම නෝට් කරගෙන අම්මට කියන්නේ.. නෝට් කරන්න තරම් වැරැද්දක් නැත්තං ඉතිං අවුලකුත් නැහැ නේ?

    ReplyDelete
  9. කවුද දන්නේ දැන් මේ යන්න බෑ බෑ කියලා අඩුවට අක්කා ගිහින් ආවට පස්සේ කියාවි ඇයි මම කලින් නොගියේ කියලා.. හංසයා සුදුද කළුද කියලා බලන්නවත් යන්න..

    ReplyDelete
  10. අඩේ නංගී ගිහින් බලකෝ,කොයිවගේ කෙනෙක්ද කියලවත් හික් හික්.මරුනේ.

    ReplyDelete
  11. ඉතිං ඇත්තනෙ.ඔයාට වැඩිය යාලුවන්ට තමයි දුක හිතෙන්නෙ පාටියක් නැති එක ගැන.මොනාද හලෝ ඉක්මනට කසාද බදිනවකො.අපිට කෑමක් කන්නවත් පුලුවන්නෙ.

    ReplyDelete
  12. අඩේ මරු... වෙඩිමක්..

    ReplyDelete
  13. ලබන සතියේ ෂෙප් වෙන්න ඕනේනම් හෙටම බොරෑවට හරි කමක් නෑ කොල්ලෙක් එක්ක යාලු වෙන්න....... Simpla Plan ! ඊට පස්සෙ අවුරෑද්දක් දෙකක් Love කරන එකයි ඈත්තේ

    ReplyDelete
  14. තවත් හංසයෙක් අමාරුවේ...ඇයි තේරුම් ගන්නේ නැත්තේ හං‍සයෝ මේ මානස විල නොවන වග..තේරුම්ගන්නට හැකිනම්..

    ReplyDelete
  15. කිසිත් නොකියමි. ඔයාගේ ගමන ඔයාම තීරණය කරන්න.

    ReplyDelete
  16. නිදහසේ ලියමි යනුවෙන් ලියූ පොස්ට් එකෙන් නොකියවුනු ටික කියන්නද මේ පෝස්ට් එක ලීවේ?

    ReplyDelete
  17. පව් අහිංසක හංසයා.....

    ReplyDelete
  18. ආ...ආ.....මේ නොයා ඉන්න එපා අක්කා...නොයා ඉන්නකොට ගෙදරින් බර බරේ වැඩි...ගිහිල්ලම බලන්න....කැමති අකමැති එක පස්සේ කියතහැකිනේ........සමහර විට ඔයාට ගැලපෙනම කෙනාද දන්නෙත් නැනේ

    ReplyDelete
  19. කෝකටත් ගිහින් බලන්න අක්කා..සමහර විට ඔයාගේ හිතට අල්ලයිද දන්නේ නැනේ

    ReplyDelete
  20. පිළිතුර දිග වැඩි වූ නිසා, පෝස්ට් එකක්ම කලා. කියවල බලන්න :)
    http://sonduru-sihina.blogspot.com/2011/06/blog-post_22.html

    ReplyDelete
  21. "මානස විල මැද රණතිසරාණෙනි,
    වෘන්දා වනයේ වසන්තයයි..."

    ReplyDelete
  22. අනේ මන්දා මමනම් මේ වෙලාවේ අක්කාගේ පැත්තේ මොකද මීට මාස 4කට විතර කලින් මම ඔය තැන හිටි නිසා

    ReplyDelete
  23. හංසියේ ගිහින් බලහන්. කියන්න බෑනේ ඒ හංසයද ජිවිතේ ඉතුරු ටික ගෙවන්න බබා ද මොකාද කොටලා තියෙන්නේ කියලා. අකමැතිනම් කෙලින්ම කිව්වා නම් හරිනේ.

    ReplyDelete
  24. වෙඩිමක් වෙඩිමක්..... ගෙදර පලයන් නගේ.....!!!!!!

    ReplyDelete