මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jun 17, 2011

ඇබැද්දියක්



ටීචර් කෙනෙක් ඔපිසියට ආවාය
කොම්පියුටර් පහක පැසිලිටි ඇසුවාය
ලබන බදාදා එනවයි කීවාය
ඊට කලින් ටෙස්ට් ලැබ් ඇද ඇසුවාය


උදේ ඉඳන් හංසි කෙල්ල ෆුල්ම බිසී
කොම්පුයිටර් සෙට් කරනවා හැටට හැටේ
මැෂින් පහම දෙක වෙන කොට සෙට්ලු බොලේ
නෙට්වර්කෙට සෙට් කරන්න දැන් ඇත්තේ


නෙට් කේබල් හදලා ගානට සෙට්ලු
‍පෝට් විසි හතරේ හබ් එක එළ කිරිලු
වයර් අදින්නට හංසිට හදිස්සිලු
මේ සේ උඩට නැග ඇය දැන් බර වැඩලු


හැත්තෑවක් කිලෝම මේ හංස බබා
ඔරොත්තු දෙන්නේ කොමද මේසයටා
දෙපාරක්ම ජරබර සද්දත් ඇසුනා
මේසේ කඩාගෙන අන්තිමේ බිම වැටුනා


කකුල් තුනේ ලස්සන මේසය කුඩුලු
ඔපිසියේ කවුරුත් තව දන්නෑලු
මුකුත් නොදත්තා වගේ මම ඉන්නේලු
හනේ හපොයි කොහොම මේක විසඳම්දෝ

20 comments:

  1. සාදු සාදු. පව් අප්පා පොලව බහින්න ඇති...

    ReplyDelete
  2. ඉහි ඉහි නපුරු හැකා අයියා...:)

    ReplyDelete
  3. මිටි ඕනිලු ඇණ මේසෙට ගසන්නට...
    ගම් ඕනිලු කැඩුන තැන් අලවන්නට...
    සිදුවෙනවාලු රිවට් එහෙමත් ගසන්නට...
    මොනව උනත් වෙයි මේසට අටවන්ට...

    ReplyDelete
  4. මම ඔය මේසෙට නැග්ගා නම් පොලොවත් කඩාගෙන යයි. මොකෝ මං නම් කිලෝ හැත්තාඑවට වඩා වැඩියි නේ.

    ReplyDelete
  5. ඔන්න ඔකයි මම හැමතිස්සෙම කියන්නෙ මෙ ලොකෙ දෙවි කෙනෙක් නැහැ කියලා...දෙවි කෙනෙක් ඉන්නවා නම් සුදුහංසිගෙ අතක් පයක්වත් කැඩෙන්න ඔනා අර අසරණ අහිංසක මෙසයට කරපු දෙට

    ReplyDelete
  6. පව් අසරණ මේසේ... :'(

    ReplyDelete
  7. හැ බොල අක්කි ඔය කොම්පියුටර් එල්ලුවෙ වහලෙද බොලන්.... මෙසෙ උඩ නැග්ගෙ මක්කටද ? :D :D
    ඇතින්නකගෙ ඇඟ උඩට බෙලි ගෙඩියයක් වැටුනට මක් වෙනවද නෙද සුදු අක්කි .. හික්zzz

    ReplyDelete
  8. ෂැඃ අපරාදේ මේසේ! :D

    ReplyDelete
  9. ඈහ් බටු ඇටේ වගේ හිටියට ඔච්චර බරදැ හංසියෝ...

    ReplyDelete
  10. මලා..! ගල්රෝලක් මේසෙ උඩින් තිබ්බාම ඉතින් ආය අහන්න දෙයක් යැ.. දැන් මොකද කොරන්නේ..?

    ReplyDelete
  11. අපෝ.... මට කියන්න එපායෙ බන් මම හයි කරල දෙනවනෙ ඕක මේසෙ උඩ නැගලා හික් හික්

    ReplyDelete
  12. හංසි නැගල මේසෙට ඔහොම උනානම් සංජු නැග්ගොත්...???
    නෑ ඒක්කෝ ඒක කියන්න ඕන නෑ..:D
    @ ගයාන් තාරක.
    බටු කියල හිතන් ඉන්නේ මොනවටද??...:D

    ReplyDelete
  13. මෝඩ වැඩක් කරනට ගිහිල්     ලා
    අපරාදේ මේසෙත් කඩා          ලා
    හබ් එකට ක්‍රොස් කේබල් ගසා  ලා
    වැඩක් වෙයිද නෙට් වර්කය හදා ලා

    ReplyDelete
  14. අනේ අනේ ගල්රෝලට වුනු වියෝයා
    මේසෙ කඩන් බිම පත බෑවුනෝයා
    මුකුත් නොවු සේ ඈ පැන ගියෝ යා
    හතර හන්දි පත්තුවකින් වැසේයා

    ReplyDelete
  15. අනේ දෙවියනී ඔබ හට මෙය නොපෙනේදෝ
    අසාධාරණයක් වූ විට නුබ කොහි යම්දෝ
    අලිච්චියේ,උඩ නැග්ගේ මොන එහෙකටදෝ
    අසරණ මේසය වැලිගමටම ගියාදෝ???????

    ReplyDelete
  16. හයියෝ! මේක කියවලා නම් මට හරි හිනා..!

    ReplyDelete
  17. අෆොයි හෆොයි .......අතපය තුවාල කරගත්තේ නෑ නේද.....මෙසේ ගැන තාම කවුරුවත් ඇහුවේ නැද්ද ................

    ReplyDelete
  18. අඩේ ඔයාගෙ බර 70ක්ද? :) හෆොයි මම හිතුවෙ මම් මහතයි බරයි කියල ඔයාට වඩා හිකිස්...

    ReplyDelete
  19. හෆොයි මේසෙ හදාගත්තද ඉතිං... අදයි දැක්කෙ..

    ReplyDelete