මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jun 14, 2011

නිදහසේ ලියමි............

හිමිදිරියේ සිට තොන්තුවෙන් පසුවන සිත සන්සුන් කර ගන්නට මගක් සොයමින් ලතවෙමි.... ඉවක් බවක් නැතිව නුවර නගරය පුරා ඇවිද ගියානම් සැනසීමක් දැනෙනු ඇත, ඒසේත් නොමැතිනම් නානකාමරයේ වතුරමල යටට වී පැය ගනනක් සිටියානම් සියලු සිතිවිලි සන්සුන් වනු ඇත.. එහෙත් මේ මාගේ කාර්‍යාලීය වේලාවයි.. හෙටත් ඊට පසු දිනත් නිවාඩු දිනියන් බැවින් අද වේලාසක පිටවීම සුදුසු නොවේ.

උදෑසන අවදී වු නැත් පටන්ම සිතිවිලි නොසන්සුන්ය.. පෙරදින වේලාසන නින්දට ගියද උදෑසන වැහී සිතලේ තවත් නිදන්නට තිබුනානම් හොඳ යැයි දැනුදු මට සිතේ... හිමිදිරි උ‍දයේම දිනය මුසල කලේ මාගේ අපූරු රූම් මේට්ය..

මගේ රූම් මේටිලාගේ ඉතිහාසය ගත් කල සියල්ලන්ම විවිධ ආකාරයේ අසාමාන්‍ය ගති ලක්ෂනයන්ගෙන් යුක්ත වුවන්ය.. මුලින්ම මම මේ බොඩින් නිවසට එනවිට මාහා එකම කාමරය සුහදව හුවමාරු කරගත්තේ මෝහනාය.. මම ඇයට අක්කී කියා ඇමතීමි.. යාපනයේ සිට පැමැණි ඇය මා සමග කතා කලේ ඉංග්‍රීසියෙනි.. වයසින් මගේ මවගේ වයසේ උන් ඇය රජයේ ආයතනයක රැකියාව කලාය.. විවිහයෙන් තෙමසක් ගතවන්නට පෙර නැන්දම්මා සමග උරණ වු ඇයව සැමියා විසින් අත්හැර දමා තිබුණි.  ඇතැම් රැයක කුඩා බොනික්කෙකු තුරුලු කරන් හූල්ලන ඇය ඇයට දරුවෙකු නොමැති වීම ගැන තැවුනාය. තවත් දිනයක නිකරුනේ සියල්න්ටම බැන වැදුනාය.. බොහෝ විට ඇගේ රාත්‍රී ආහාරය වුයේ උළුඳු පිටින් සීන්ත් සූකිරිත් උණු වතුරන් මිශ්‍රකර තනා ගන්නා අග්ගලා වර්ගයකි.. මටත් ඒවා කන්නැයි ඇය බලකර සිටියත් කිසි විටක මම ඒවායේ රස බලා නැත්තෙමි එයට හේතුව ඇගේ අපිරිසිදු කමයි.. කොප්පයක් පිඟානක් ඇය සොදනු මම කිසි විට දැක නැත්තෙමි, ඒතියා ඇඳුමක් හෝ ඇය සොදා නොඇන්දාය.. ඉවත දැමිය යුතු බොහෝ දෑ ඇය රන් මිනි මුතු මැණික් ලෙස රැක ගත්තාය.. ඒ අතර හිස් සැමන් ටින්, යෝගට් කොප්ප, දන්තාලේප ඇසුරුම්, හිස් ප්ලාස්ටික් බොතල් බොහොමයක් විය..

සති අන්තයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා දේශණ වලට සාභාගී වන ඇය ඒ දින වල මුළු රැයම නිදිවරා පාඩම් කලාය.. නමුත් බෝහෝ විට විභාග මගහැරියාය..  කොන්දේ වේදනාවක් නිසා කාඩ්බෝඩ් ලෑල්ලක් මත නිදා ගන්නා ඇය ඇඳ මත ඇගේ සියලු පොත් පත් පටවා තිබුණි..  මගේ ඇඳත් පොත් රාක්කයත් ඇරෙන්නට මුළු කාමරයම ඇගේ කුනු කසල වලින් පිරී තිබුණි.. මට හැකි පමණ අතුගා පිරිසිදු කරගත්තත් එය මිහිපිට අපායක් විය..

මාස දෙකක් පමණ ගතවන විට ඇයට වෙනත් නැතක් සොයා ගන්නා ලෙස නිවැසියන් කීවත් ඇය නොගියාය අවසන නිවැසියන් හා ඇය අතර ඇතිවු රණ්ඩුවකින් පසු ඇය වෙනත් නිවසකට ගියාය. නමුත් ඇගේ ඇඳුම් කිහිපයක් හැරෙන්නට අනෙක් සියලුම දෑ ඇය කාමරයේ තබා ගියාය.. බඩු වලින් ඇති වු අවහිරය හැරෙන්නට  ඉන් පසු ඒ කාමරය මට ප්‍රිය මනාප තැනක් විය..

දෙදහස් එකොළහ වසර  උදාවීමත් සමඟ ෂගානාගේ පැමිණිම සිදුවන්නේ එයින් පසුවයි.. පාළු හුදෙකලා ජීවිතයේ නවමු පිටුවක් පෙරලන්නට ඇගේ ආගමනය සමත් විය.. මුසල කමේ ගිලී තිබු බෝඩින් කාමරය සිනහවෙන් පිරී ගියේය..  වෙනදා උවමනාවට එපාවට හැඩ වුනු මා.. ‍දිගු වරලස ලේයර් කපා ඇහි බැමද හීනි කලෙමි.. ලා රොස පැහැති නිය අලේපනයකින් දෙපා නිය සැරසුවෙමි.. ඇතැමි දින වල රැයෙහි ෂගානාත් මමත් පේරාදෙනිය පාරේ ඔහේ ඇවිද ගියෙමු.. සීත ‍කල කොකා කොලා බොතලයක් හිස් කරමින් ඇවිද යන අප බොහො විට අවන්හලකින් රෑ කෑම ගතිමු.. මගේ නිවාඩු දිනයන්හීදි පේරාදෙනිය මල්වත්තට, ශ්‍රී දළදා මාලාගාවට හෝ කටුගස්තොට සිගිරි සිනමා ශාලාවේ චිත්‍රපටියක් නැරඹිමට ගියෙමු..

ෂගානා නුවර පැමිණියේ උඩරට මනාලියන් හැඩ ගැන්වීමේ පාඨමාලාවක් සඳහාය ඇය බොහෝ විට පුහුණු වුයේ මා මනාලියක් ලෙස හැඩ ගන්වාය.. අපි දෙනොගේ විහිලුවෙන් විනොදයෙන් ගෙවෙන සැන්දෑයාමන් දෙස බොඩිමේ නිවැසියන්ද සතුටු නෙතින් බලා සිටියෝය..

ෂගානාව සිහිකර අදටත් ගෙහිමියන් ඇයගේ ගුණ වයයි එයට හේතුව මොහනා කාමරයේ ඉතිරි කර ගිය කුණු කන්දල් සියල්ල ෂගානා විසින් ඉවත් කර කාමරය සුරලොවක් මෙන් සුන්දර තැනක් කීරිම නිසාය.. ෂගානා නුවර සිටියේ එක් මාසයක් නිසා බැවින් ඒ මාසය අවසන ඇය ආපසු ගියායා ඒහෙත් ඒ ගතකල මාසයක කාලය මාගේ ජීවිතයේ ඉතාමත් සුන්දර කාලඡ්චේදයකි... 

රට හැරයාමට පෙර අවසන් වරට මා මුණ ගැසෙන්ට පැමිණි ඇය නුවර එළියේ සුන්දර නිවාඩුවක්ද ගත කලාය. මම දන්නා දන්නා හැම තැනම ඇයව රැගෙන ගියාය.. ඇය වඩාත් සතුටු වුයේ සීති එළියේ සීතා කොවිලේ බිම වැඩිවී දානේ බත් කෑ අවසථාවේදිය.. එහිදී ඇය හනුමාන් දේවාලයට මා කැඳවා ගොස් හින්දු චාරිත්‍ර වලට අනූව සෙත් ශාන්තියක් කලාය.. ඒ කුමක්දැයි මා ඇසු කල ඈ කිවේ.. මා හට රාමා වැනි උතුම් ස්වාම්පුරුෂයෙකු ලැබෙන්නට කියා හනුමාන්ගේ ආශිර්වාදය පැතූබවයි.. එවිට මගේ දෙනෙතට කඳුලු පිරිණි...

ෂාගානාගෙන් පසු හිස්වු යාබද ඇඳට පැමිණියේ සුබාය ඇය මෙවර උසස්පෙළ විභාගය සඳහා සූදානම් වන නැගනියකි.. ඇයත් ෂගානා මෙන්ම හිතවත් වුවත් නිතර අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඇයට කරදර නොකරිමට මම වග බලා ගතිමි.. සුභාගේ මා කැමතිම ගුණාංගය වුයේ පිරිසිදු කමයි, පාසැල් නොයන දිනවලට උදැසනින්ම මුළු කාමරයම පිරිසිදු කර ඇගේ පොත් මේසයද හොදින් අසුරා ගන්නා ඇය මුළු දවසම පාඩම් කලාය, හවස් වරුවේ පැයක් දෙකක් නිදා ගන්නා ඇය  පසුදා පාන්දර දෙක පමණ වනතුරු පාඩම් කලත්  ඇගෙන් මට කිසිඳු බාධාවක් සිදු නොවිනි.. කොටින්ම කිවහොත් ඒ දිනවල කිසිදු විටෙක මා අසනීප නොවුවාය.. 

මාස තුනක් පමණ ඇවෑමෙන් සුභා  නැවත නිවසට ගියාය.. ඉන් පසු මාහට ලැබුණු රූම් මේට් මෙලොව කිසිවෙකුත් නොලබත්වායි මම පතමි.. 

මේ රැකියාවට ආ පළමු දිනවල මා නැවතී සිටියේ අම්මාගේ වැඩිමහල් සොයුරාගේ නිවසේයි .. එහි වයස 11ක නැගනියක්ද වයස 6ක මලණුනවක්ද සිටියෝය.. පාසැල අවසන්ව නිවසට පැමිනෙන ඔවුන් දහවල් වරුව සෙල්ලම් කලෝය හවස හතරේ සිට රූපවාහිනිය බැලුවෝය.. ඉන් පසු පොත් පත් වල වැඩ කල ඔවුන් රාත්‍රී අට නවය වන විට නින්දට ගියෝය.. මට ඔවුන්ගෙන් කිසිදු හිරිහැරයක් නොවුනා සේම ඔවුන්ද මාහා සෙල්ලම් කලත් මාගේ දුකතනය හා පරිඝණකය භාවිතා කලත්  පුංචි උන් සමඟ වාසය මට සුන්දර අත්දැරකීමක් විය..

මා ඔවුන්ගේ නිවසින් පැමිණි විට අහාර පවා ප්‍රතික්‍ෂේප කරන්නට තරම් ඔවුන් දෙදෙනා මාහා බැඳී සිටියෝය..  එයට හේතුව කුඩාවුන් හා මා ඉතා සුහද වීමයි.. මාගේ කලමණාකාරවරියගේ කුඩා පුතු පැමිණි විට ඔහු මා සොයා මාගේ කාර්්‍යාලයට එන විට පුතුගේ මව් කියන්නේ ටික දිනක් යනවිට ඇයගේ පුතු මට අම්මා කියාවි යැයි අයට බියක් දැනෙන බවයි.. එතරම්ම කුඩාවුන්ට ආදරයෙන් සලකන මාහාට මෙවර ලැබුණු රූම් මේ‍ට්ද වයස 11 දැරියකි එනම් මට වඩා අවුරුදු 14ක්ම බාල වයසේ කෙනෙකි.. ඇය පැමිනෙන බැවි ඇසූ මා බලා පොරොත්තු වුයේ කොණ්ඩ කරල් දෙකක් ගොතා ගත් මල් ගවොමක් හැඳි හුරුබුහුටි දැරියකි, නමුත් දුටු මුලුම වර ඇයව මට පනුනේ පිරිමි ලමයෙකු ලෙසයි.. දුටු මුල්ම වතාවේ මා හා  සිනාසීම පවා ඇය අමතක කලාය.. නමුත් මම එය සම සිතින් ඉවසා සිටියෙමි.. මුල්ම දිනයේ නිහඬවම උන් ඇය පසුදින මුළු නිවස පුරාම කෑ කෝ ගසමින්  කෙලි දෙලෙන් පසුවන අයුරු දක්නට ලැබිණි.

බ්ලොග් අවකාශයේ  බස් අවකාශයේ මිතුරු මිතුරියන් අතර කටකාරියක් වුමා ඉන් එපිට ජීවිතයේ අසාමාන්‍ය නිශ්ෂබ්ද චරිතයක් බැවින් ඇය හා මා මුලින්ම කතා කලේ සතියකට පමණ පසුය,  ඒ ඇයට අවැසි පාඩමක් අසා ගන්නටයි.. ඇය නුවර ප්‍රසිද්ද පාසලක ඉංග්‍රීසි මාධයයෙන් ඉගෙනුම ලැබුවාය.. ඒ බැවින් ඇය අනවශ්‍ය ලෙස උඩගු වුවාය.. බෝඩිම් නිවසේවු අනෙක් නැගනියන්ගෙන් ඉගෙනීම ප්‍රතික්ෂේප කල ඇය මා පැමිණෙන තුරු සිට මාගෙන් පාඩම් අසා ගත්තාය. මාද මා හට හැකි පමණින් ඇයට උදව් කර මාගේ නිහඩ ලොව වෙත ගියෙමි.. රැකියාව අවසන බොඩ්ම් කාමරයට යන‍ මා පැය භාගයක් පමණ නානකාමරයේ ගත කරමි.. ඉන් පසු ඇඳට පැන දුරකතයේ ඇම් පී ත්‍රී ප්ලේයරය ක්‍රියාත්මක කරගෙන රාත්‍රී අහාරය ලැබෙන තෙක් නෙත් පියා සිටීමට කැමැත්තෙමි... ඒ අතර තුර ආසිරි මලනුවන් හෝ ශානිකා නැගනියගෙන් අමතුමක් ලදහොත් ඔවුන් හා තේරුමක් නැතිව කියවමින් සිටිමි.. එය මින් පෙර කාමරයේ සිටි කිසිවෙකුටක් කරදරයක් නොවුනු මුත් හදිසියේම මේ අළුත් අමුත්තියට කරදරයක් විය මා කිසි දිනක වැඩැහිටියෙකුට කතා කරන්නට හො නොසිතන වචනයෙන් ඇය මා හට බැන වැදුනාය.. මගේ  ප්ලේයරයේ වාදනය වන ගීත මෙන්ම මා මලණුවන් හා නැගනියන් සමඟ කතා කිරිමත් ඇයට කරදරයක් බැව් ඇය කීවාය.. මා පිළිබඳව සිතනවාට වඩා අනුන් පිළිබඳ සිතිමේ මා සතු මටම අවාසි ගෙන දෙන ගුනාංගය නිසා මා පෙර ලෙස ඔවුන් හා කතා කිරීම අවම කලෙමි..  මට පමණක් ඇසෙන්නට ගීන වාදනය කල මා ඒ සියල්ලම ඉවසන්නට බැරිම තැන්හී.. බොහෝ ප්‍රමාදවී බොඩ්ම් නිවස වෙත යාමටටත් නානකාමරයේ වතුරමල යට ගත කරන වෙලාවත් වැඩි කලෙමි... ඒ සියල්ලෙහි අවසන් ප්‍රතිථලය මම තව තවත් හුදෙකලා විමයි.. අවසන යලිත් මා බැරෑරුම් ලෙස අසනීප වුනෙමි.. වෙනදාට මෙන් දෙගුනයත් බෙහෙත් බී කලින් නිදන්නට පුරුදු වුනෙමි.. දරාගත නොහැකි හිසරදයෙන් මිදෙන්නට නලල පුරා සිද්ධාලේප තැවරුවෙමි.. දින හතකටත් වඩා එක දිගට පවතින දැඩි හිසරදයට සහනයක් සොයන්නට ක්‍රමයක් මා නොදැන උන්නෙමි. වෛද්‍යවරයෙකු හමුවුවත් ලැබෙන්නේ සුදුරුදු උපදෙස්මය.. එයින් මම හැකි තාක් විවේක ගන්නට සිතුවෙමි..

වෙනදාට කලින් බෝඩ්ම් නිවසට ගිය මා කලින් නිදා ගන්නට තැත් කලෙමි. යට කි දැරිය ඇයට අතපසුවු පාඩම් වැඩ බොහෝමයක් ඇතැයි කියා මහ රෑ වන තුරු විදුලි පහන දල්වා සිටියාය.. මා සොයා බලද්දි ඇය කාමරයේ විදුලි පහන දල්වා රූපවාහිනිය ළඟ සිටියාය. මගේ ඉවසුමේ සීමා නැතිවිය . විදුලි පහන නිවා දොරත් වසා දාමා මම නින්දට උත්සහ කලෙමි.. එහෙත් විගස පැමිණි ඇය නොයෙකුත් දෑ කරමින් මාගේ නින්දට බාධා කලාය..

ඊයේ දිනයත් පෙරලෙසම මා වෙහෙසට පත්ව සිටි දිනයකි.. කිසිවෙකු හා කතා හො නොකල මා කලින්ම නින්දට වැටුනේ නිදි පෙති දෙකක් සමඟ සීත කල කොකාකෝලා බීමෙන් පසුය.. හේතුව ඒසේ නොකලේනම් ඇය කිසිසේත් මට නිදන්නට නොදෙන්නීය..

උදෑසන මා අවදි වුයේ කිසිවෙකුගේ ගෝරනාඩුවක් නිසාය..  නිවසේ මෙහෙයට සිටින කරුණා ආනිටී සමග මාගේ කාමර සහයිකාව උදෑසනින්ම රන්ඩු වෙමින් සිටියාය.. කිසිසේත්ම වැඩැහිටියෙකුට කතා ‍නොකල යුතු ආකාරයට ඇය කරුණා ආන්ටීට බැන වැදුනාය. ඉවසුමෙහි සීමාව ඉක්මවා නැගී සිටි මා අසල වු ටෙනිස් ‍බෝලයක් පෙන්වා.. "ආයි කියෙව්වොත් මේක ඔබනවා කටේ" යැයි කියා රුදුරු හඬින් කීමි.. මින් පෙර මාගේ කඩ හඩ මෙතරම් දරුණු ලෙස මට ඇසී නැත.. ඉන් පසු නිදන්නට උත්සහ කලත් නින්ද මා කාරා නොආවේය. අද මාගේ කලමණාකාර වරියගේ උපන්දිනයයි, ඇය සඳහා වු උපන්දින සාදයේදීද මා  උන්නේ තෝනුතුවෙනි හවස ඇගේ නිවසේ පැවැත්තෙව සාදයට කාර්්‍යාල සේවකයින්ගෙන් අාරාධනා ලැබුවේ මා පමණක් වුනෙන් මා නොපැමිනෙන බැව් කී විට ඇගේ මුහුණ හැකිලිණි. එහෙත් සාදයකට යන්නට තරම් යහපත් මානසිකත්වයක් හෝ සනීපයක් මා වෙත නැත..



හේතුව ‍අනෙකකි.. ඇතැම් විට ඉදිරි දින දෙක තුන ඇතුලත මාගේ ජීවිතයේ වැදගත් තීරණයක් ගැනෙනු ඇත.. දැන් මාස කිහිපයක සිටි මේ අවස්ථාව මගහැර සිටින්නට හැකි උපරිම උත්සහය දැරුවද අවසන මා පරාජයට පත්ව ඇත, සාම්ප්‍රධායික උඩරට පවුලක කුමාරි හාමි කෙනෙක්ගේ දුවකගේ ඉරණම කුමක් විය හැකිද? අම්මාගේත් පුංචි අම්මාගේත් ජීවිත වලින් දකිනා උදාහරනයට අනූව.. එය මා හට නම් කිසිසේත් දැරිය නොහැක්කකි.. පරිඝණකය හා වැඩි වෙලාවක් ගත කරන්නියකට, තමන් ගැන තමන්ගේ රූපය ගැන කිසිසේත්ම තැකීමක්  නොකරන්නියකට, පොතින් පතින් තොරව වෙනත් විනොදාංශයක් නොදන්නියකට ජීවිතයේ වගකීම් පැටවෙන විට කුමකින් කුමක් සිදුවේදැයි නොදනිමි.. ඒහෙත්



ආසිරි මල්ලිගේ සහ ශානිගේ උවමනාව සහ ආශාව  ඉටු වනු ඇත..  සේවක විවේක කාමරයේදි අම්මාගේ උවමනාවට මාගේ මොළය සේදිම කරන අක්කලාගේ සිතැඟි ඉටුවනු ඇත.. තවලම  ඉදිරියට ගමන් කිරිම දැනටත් අවිනිශ්චිතය... හංසිය කවි නොලියනු ඇත.. සිදංගනා මුණුපොතේ දඟ කම් නොකරනු ඇත.. සියල්ල දෛවයට භාර කර නිසොල්මනේ බලාහඳිමි..

දෛවය දෙන තීරණය අනූව තවලමේ ඉදිරිය තීරණය වනු ඇත...

11 comments:

  1. ඔන්න ඉතින් මට කුනුහබ්බ මතක් වෙන තැන..........

    ReplyDelete
  2. දිග ලිපියක්. නමුත් කිසිම කම්මැලිකමක් නැතිව කියවගෙන ගියා. ඇත්තටම අපිට හම්බවෙන හැම කෙනාම එකවගේ නෑ. එහෙම හිතන එකත් මෝඩකමක්. හරියට අතක ඇගිලි වගේ. එකිනෙකට වෙනස්.

    මටත් එකපාරක් ඔහොම රූමෙක් සෙට් උනා. ඒකා පාන්දර ජාමේ වෙනකන් ලයිට් දාගෙන ඉන්නවා. මට නින්ද යන්නෙම නෑ. අන්තිමේ මම හොදටම බැනලා එලව ගත්තා.

    ReplyDelete
  3. අනේ අක්කියෝ ලියන එක නතර කරන්න එපා.. mp3 player එකේ සද්දෙ රූමිට ඉවසන්න බැරිනං හෑන්ඩ්‍ෆ්‍රී එකක් වත් ගන්නකෝ... අපි කියන්නෙ අක්කා ටිකක් එයාව ගනං ගන්නැතුව ඉන්නකෝ ටිකක් කල් යනකොට එයාටම තේරෙයි.. අක්කට යාලුවෝ එක්ක ෆෝන් එකෙන් කතා කරන්න බැරි වුනාට බුකි යන්න, බස් පදින්න පුලුවන් ඇතිනේ... මම නං ටිකක් අනිත් ලෝකෙන් අයින් වෙන්න ඕනෙ වුනාම කරන්නේ මේක ගාවට එන එක... අක්කා ඕවා ගැන හිතන්න එපා... කලින් හිටියා වගේ ආතල් එකේ ඉන්න...

    ReplyDelete
  4. ඕවා ගැන එච්චර හිතන්න එපා අක්කේ.. හැමදේම හරියාවි.. 100% අපි හිතන විදිහටම හිතන අය මේ ලොකේ නෑ.. ඒ නිසා ටික දවසක් යනකොට ඕවා හරි යාවි..

    ReplyDelete
  5. අනේ නගෝ ඔව්ව ඔච්චර ගනන් ගන්න එපා.ඉවසලා ඉන්න.රූම්මේට්ලා ගැන නම් කියල වැඩක් නෑ බොල.එහෙමත් වෙලාවකට තමා අපිටම "කැපෙන" එකෙක් සෙට් වෙන්නෙ.(පෝස්ටුවෙ අන්තිම හරියෙ කියවුනේ මගුලක් ගැන වත්ද? මට නිකමට හිතුනේ...)

    ReplyDelete
  6. හංසිගේ කවි කතා හැමදාම අහන්න පුළුවන්. හොඳට හිතන්න නගේ. තීරණ ගන්න ඕන බුද්ධියෙන්. සමහර තැන් ආයේ කවදාවත් වෙනස් කරන්න බැරි වෙනවා. හැම දේම කාලය එක්ක විසඳෙනවා. ටිකක් ඉවසලා ගොඩක් කල්පනාවෙන් ඉන්න. සියලු දේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න පතමි.

    ReplyDelete
  7. බොහොම කණගාටුයි මගෙ අක්කෙ. මෙතරම් කලක් අපි ඇසුරු කලත් ලගින් සිටියත් මාව සහ මම කියු දෙවල් තෙරුම් නොගැනීම පිලිබද මා සිතෙ ඇති වුයෙ අතිශයය දැඩි කලකිරිමක්. උගුරට හොරා බෙහෙත් කැමට මට ඇවැසි නොවෙ. මම හැමදාම ප්‍රර්තනා කලෙ මගෙ අක්කගෙ සතුට. මම අක්කට කිව්වෙ ඔය උගුලෙන් ගැලවෙන්න නම් උගුල අතුලට ගිහින් එක කඩපන් කියලයි. උබට එක තෙරුම් ගන්න බැරි විම පිලිබද මට ඇත්තෙ අතිශය දුකක්, කලකිරිමක්.

    මගෙ අක්කව දුකෙන් තැබිමට මට කිසිම ආශාවක් හො ඔන කමක් නැත්. අපහු හැරිල බලන්න අක්කෙ අසිරි මල්ලි මෙච්චර දවසක් කලෙ අක්කිව දුකෙන් තිබ්බ එකද, සතුටෙන් තිබ්බ එකද ? කියලා.
    කිමට තවත් වචන නැත. යන්නම්. තෙරුවන් සරනඉ මගෙ අක්කට.

    ReplyDelete
  8. අම්මෝ.......... ඔය රූම් මේට් නගා ගැන නම් කියලා වැඩක් නෑ මම කතා කරනකොට එක දවසක් මහ හයියෙන් කෑ ගැහුවා අක්කාට සික් විතරක් අම්මා තාත්තා මේ ළමයින්ව හරියට හදලා නැති වැරැද්ද තමා

    අනේ මන්දා අක්කා අන්තිමට කියලා තියෙන දේ ගැන නම මාට මුකුත් කියලා නෑ කොහොම උනත් ඔය කෙනා අපිට ෆිට් වෙන කෙනෙක් උනොත් හොදයි නැතිනම් මටයි ආසිරි අයියටයි අපේ අක්කාව නැති වෙනවා :((((((((((

    ReplyDelete
  9. මොකද්ද අක්කේ මේකේ තේරුම....ආ...ලියන එක නවත්තන්න එපා...ඔයාගේ හිතේ තියන හැමදේම ලියන්න.එතකොට සිතට සැහැල්ලුවක් දැනෙයි....අනික ආසිරි අයියා වගේ හැමදේම තේරුම් ගන්න මල්ලියෙක් ඔයාට ඉන්දෙද්දී ඔය වගේ පිස්සු කරන්න හදන්න එපා.....

    ReplyDelete
  10. "ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ
    පුරුදු ජීවන මං තලේ
    ගැටෙන සැප දුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ..."

    ReplyDelete
  11. ඔයාගෙ මේ කතාව අද සමාජයේ ඇත්තටම වෙන දේවල් තමයි'

    ReplyDelete