මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jun 6, 2011

වැස්ස වැස්ස

සුදු හංසි බබාගේ අද දවසේ මාතෘකාව වැස්ස.. හැබැට නුවරට ආවටම පස්සේ හරියාකාරව වැස්සකට තෙමුනේ අදයි.. ඒකට ඉස්සර නුවර එළීයේ ඉන්න කාලේ.. වැස්ස වැස්ස හැමදාමත් වැස්ස..


චුට්ටක් තනියම කල්පනා කරද්දි වැස්ස කියන්නේ කොයි තරම් සුන්දර දෙයක්ද.. ඉස්සර නුවර එළියේ ඉන්න කාලේ වැස්ස කියන දේ මතක් කරද්දිත් එපා වෙනවා.. මුණ නිකම් කාලා ඉවර වෙච්චි කිරි හට්ටියක් වගේ වෙනවා.. 

අවුරුද්දේ ජනවාරි කියන්නේ නුවරඑළියට හොඳට වහින කාලයක් ඒ වහින්නේ ගොඩක්ම හවස් වරුවට.. උදේට හොඳට අව්ව පායනවා ඒත් හැන්දෑවට පටන් ගන්න වැස්ස ආයි ඉවරවෙන්නේ බොහෝදුරට පහුවදා උදේට ඒ වැස්සට පස්සේ පරිසරය පුදුමාකාර ලස්සනයි.. ගස් වැල් වලට වෙනදා නැති ලස්සන කොළ පාටක් වැටිලා.. ඒත් කලින් දවසේ පිපිලා තිබුණ මල් නම් රෑ වැස්සට හොඳට තැලිලා.. මිදුලේ තණ කොළ ගොල්ල සීතල වැහි බින්දු වලින් තෙත් වෙලා සෙරෙප්පු නැතිව ඒ තණ කොළ ගොඩේ ඇවිදින්න ඒ දවස් වල මම හරි ආසයි එහෙන් මෙහෙන් කූඩැල්ලෙක් දෙන්නෙක් එල්ලෙනවා තමයි ඒත් ඉතින් ඊට වඩා මම ආසයි කොළ පාට තණ කොළ උඩ තියෙන මගේ කකුල් දෙකේ කිරි සුදු පාටට, මට මගේ කකුල් දෙක ලස්සනටම පෙනෙන්නේ ඒ වගේ තණ කොළ ගොඩක සෙරෙප්පු නැතිව හිටගත්තම.. දැන්නම් ඉතින් ඒ වැඩේ කරන්න අමාරුයි මොකද කූඩැල්ලෝ ප්‍රශ්නේ නිසා අපේ අප්පච්චි මුළු මිදුලම කොන්ක්‍රීට් කලා.

ඔය කාලගුණය පෙබරවාරි වෙද්දි හොඳටම වෙනස් වෙනවා පෙබරවාර් මාර්තු මාස වල අපේ පැත්තට හොඳට අව්ව වැටෙනවා ගිනිගහන මද්දහනේ උනත් තියෙන්නේ පුදුම සීතලක්.. ගේ  ඇතුල ගොඩක් සීතලයි.. ඒත් සීතලයි කියලා අව්වට ගියොත් සුදු හංසිට කළු හංසි වෙලා තමයි ඇතුලට එන්න වෙන්නේ.. මොකද ඒ අව්වට ඉක්මනින් හම පිච්චෙනවා.. ඔය අතරේ  සමහර දාට අව්වයි වැස්සයි මඟුලයිත් වෙනවා.. ඒ කියන්නේ අව්ව තියෙද්දිත් වැස්ස වහින එක.. 

අප්‍රේල් කියන්නේ  නුවරඑළියට ගොඩක් වහින්නෙත් නැති සැරට අව්ව වැටෙන්නෙත් නැති කාලයක්.. ගොඩක් වෙලාවට අපි කැමති නෑ අප්‍රේල් මාසේ ගෙදරින් එළියටවත් එන්න ලොකේ වටෙන් ව‍ගේම ලංකාවේ වටෙන් එන සංචාරකයින්ගෙන් පිරිලා නිසා.. වෙනදා තියෙන නිස්කලංක බව ඇත්‍තේම නැහැ.. 

මැයි මාසෙත් අප්‍රේල් වලට සමාන දේශගුණයක් තිබුණත් ටිකක් සැරට සුළං හමනවා.. ටවුන් එක හරියට ඒ තරම් තදට  නැති උනත් හක්ගල උද්‍යානයෙන් පහල සුළං කපොල්ලක්..  ඒ හරියට කොයි තරම් සුළං සැරද කියනවනම් මාවයි අපේ අම්මියි දෙන්නත් දවසක් ඇදගෙන යන්න ගියා.. (අපි දෙන්නව දකලා තියෙන අයට සුළගේ වේගය හිතා ගන්න පුළුවන් ඇති හික් හික්.. අපි දෙන්නට එහෙම උනා කියන්නේ ඔය ගොල්ලන්ට කවර කතාද?) 

ජූනිත්  තඳ සුලං සමග වැසි සහිත කාලයක්  ඒ කියන්නේ මේ කාලේ.. මේ දවස් වල මම එහේ හිටියනම් ඔන්ලයින් එන එක හීනයක් තමා මොකද ගොඩක් වෙලාවට කරන්ට් නැහැ සුළඟ සහ වැස්ස නිසා හානි වෙලා.. ඔය අතරේ සමහර දවසට හොඳට අව්ව වැටෙනවා.. ඒත් ඉතින් දවසේ කොයිම හරි වෙලාවක පොඩි වැස්සක් හරි වැටෙනවා...

ජූලි වලින් පටන් අරන් ආයි දෙසැම්බර් වෙනකල්ම වැස්ස වැස්ස වැස්ස ආයිත් වැස්ස.. දිගමට වහිනවා.. දවසක් පෑව්වොත් සතියක් දිගටම වහිනවා.. සමහර මාස වල අඳින්න ඇඳුමක් සොදලා වේලගන්න තරම්වත් අව්රැල්ලක් නොවැටෙන දවස් තියෙනවා..

දිගටම වහින කාලෙට අපේ ජීවිත ඒකාකාරියි.. ඉස්සර අයි ඩී ඇම් වැඩ කරන කාලේ ගොඩක් දවසට කරන්ට් නැහැ.. එතකොට ක්ලාස් කරන්න බැහැ අපි 12 දෙනෙක් හිටියා ස්ටාෆ් එක අපි කරන්නේ කලෙක්ෂන් එකක් දාලා කන්න මොනවා හරි ‍ගේනවා..  මම තේ හැදීමේ එක්ස්පර්ට්.. සීනි ගොඩක් දාලා ප්ලේන්ටියක් නැත්නම් හොදට කහට දාලා කිරිකහට එකක් එහෙමත් නැත්නම් හොඳ කිරි කෝපි එකක් (මට කෝපි නම් හොඳට හදන්න බැහැ) හදාගෙන කතාවක් දාගෙන ඉන්න එක.. 

කෙල්ලෝ ඔක්කොම සාරිය හරි ඔසරිය හරි අඳින්නේ.. ඊට  උඩින් හයි නෙක් ටී ෂර්ට් එකක් ඊට උඩින් බූල් ජර්සි එකක්.. කොල්ලොත් ඒ වගේ.. හයි නෙක් ටී ෂර්ට් එක ඇඳලා තඩී ජැකට් දානවා.. අපි දැක්කම හරියට බිල්ලෝ වගේ.. අත් මේස් දාලා කකුල් වලටත් මේස් දාලා මප්රල් ඔතාගෙන.. වැඩියම ඔය වගේ ඉන්න වෙන්නේ සැප්තැම්බර් සිට දෙසැම්බර් අන්තිමේ දක්වා..

ඔය වගේ දවසක් සීතලට ගුලි වෙලා ඉන්න දවසක මම රිසෙප්ෂන් එකේ වාඩි වෙලා හිටියා අපේ රිසෙප්ශනිස්ට් නිරුෂිනිජා.. කලින් ගිය දවසක්.. ෂාන්යා නංගි දොර දිහාට මුණ දාගෙන මගේ සයි‍ඩ් එකේ හිටගෙන මට දොර පේන්නේ නැහැ මම ෂාන්යා දිහා බා‍ලා‍ගෙන අනිත් හැමෝම ලොබි එකේ වාඩි වෙලා... (ආ.. ප්‍රියාත් ෂාන්යා ලග හිටගෙන හිටියේ) 

දුලීප් ‍ මොකක්දෝ කියාගෙන ෂාන්යා ලගින් ඇවිත් හිට ගත්තා ඒ දෙන්නා කොහොමත් හිටි ගමන් මොකට හරි වාදෙට පැටලෙනවා (විහිලුවට‍ - ෂාන්යා ටැමිල් එයාට ඒ තරම් සිංහල බැහැ කඩ්ඩෙන් තමා කියන්නේ )  හිටි ගමන් ෂාන්යා ඇස් දෙක පුංචි කරලා කියන්න ගත්තා... "හේයි අක්කි සී දෙයාර්.. වට්  අ හැන්ඩ්සම් ගයි." මාත් ඉතින් කවුද ඔය හැන්ඩ්සම් ගයි කියලා බලන්නදොර සිහාට හැරුනා. එනවා තමා කොල්ලෙක් මට නම් ඉතින් දරු කමට හදා ගන්න හොඳයි නංගිලාටනම් වෙන මොකක් හරි තනතුරක් දෙන්න ඇහැකි.. ;) ;) 

කොල්ලා ආවේ අම්මා එක්ක ඒ අම්මා අපි දන්න අඳුනන  පාසැල් ගුරුවරියක් ඉතාමත් හොඳ පෞර්ශයක් හේම තියෙන.. දැන් ඉතින් ෂාන්යා ඉන්ක්වයිර් එකක් කියලා ලෑස්ති පිට ඉන්නවා.. විස්තර කියන්න බ්‍රොචර් එකක් හේම අතට අරන්... 

කොල්ලා ආවා..
"මිස් මේ... ඒ ලෙවල් වලින් පස්සේ කොස් එකට ආවේ"  කියලා කියපි කට හඬ ගෑණු හඩක්.... මම ඒවෙලේ මොනාදෝ කකා හිටියේ.. කාපු දේ ඉස්පොල්ලේ ගියා මට එක පාරට ආපු හිනාවට.. හිනාව  නතර කරගන්නත් බෑ එතන ඉන්නත් බෑ.. දුවගෙන ගියා  ලඟ තිබුණු ලෙක්චර් රූම් එකකට මගේ පස්සෙන් ෂාන්යයි ප්‍රියයිත් දුවන් එනවා.. රූම් එකේ දොරත් වහගෙන ඇති පදම් හිනා උනා අපි..

ඒ අම්මයි පුතයි ගියාට පස්සේ අපිට දුලීප්ගෙන් හොඳ දේශනයක් අහන්න සිද්ද වුනා පරිපුර්ණ නැති මිනිස්සු ගැනයි ඒ අයට හිනා‍ වෙන මොඩ කෙල්ලෝ ගැනයි...

ඔය වගේ සුන්දරව ගෙවී යන වැහි කාලේ ඉවර වෙන්නේ නත්තලත් එක්ක උපතින්ම බෞද්ධ උනත් නුවර එළීයේ ඉන්න කාලේ හැමදාමත් නත්තලට නත්තල් සැරසිලි කලා.. ආසාවට... නත්තල් ගහක් හදන්න ගිහින් සිද්ද වුනු  රස කතාවකුත් තියෙනවා ඒක පස්සේ දවසක  කියන්නම්...


හප්පෝ.. වැස්ස ගිය දුර..

අද මම මගේ කවි බ්ලොග් එකේ වැස්ස ගැන කියපු කවිය මෙතනින් බලන්න



11 comments:

  1. සුදු හංසි අක්කා ඉන්නේ නුවර එලියේද ? නියමයි. මාත් මාරම ආසයි ඒ පැත්තේ ඇවිදින්න. කූඩල්ලෝ තමා. අපේ නුවරත් ඉන්නවා කූඩල්ලෝ. එවුන් කාපුවාම සෑහෙන කාලයක් යනකන් කකුලේ ලේ ගෙඩියක් වගේ වෙලා තියෙනවා

    වැඩිමනත් ම ආස වැස්සේ ඇවිදින්න. රේන් කෝට් එකක් දාගෙන වැස්සේ ඇවිදින්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ.

    එහෙට වැස්ස හොදා. අද කොළඹට වැස්සා උදේ. මම නාගෙන ඉන්ටර්විව් ගියේ. ඒ මදිවට බස් එකක් මඩ වලක් ලගින් ගිහින් පලාතක්ම මඩ වතුරෙන් නෑව්වා.

    ReplyDelete
  2. අප්පේ නුවර එළියේ සිතල, සුළග මතක කරන්න එපා.. ඒත් ඉතින් ෂෝයි.. හි හි.. අපේ අක්කලා එහෙ ඉන්නකොට දවසක් රෑ 12 එහෙට යද්දී.. හෆොයි සීතලේ අපි ඔක්කොගෙම දත් එකට වැදෙනවා වෙව්ලනවා ඉන්නම බෑ.. හුළං කාලේ පොඩි පුතාව හුලගටත් ගහගෙන ගිහින් රෝස පදුරක පැටලිලා තිබ්බා..

    ReplyDelete
  3. නුවර එළියේ සීතල. මම ගොඩාක් ආසයි ඒ සිතලට. නුවර එළියේ ගියාම මම වැඩියෙන්ම ආසා වැව ළග ඉදලා ටවුන් එකට පයින් යන්න රෑ 11 ට විතර තනියම.. ඒ ගමන් ගැන කියලා වැඩක් නෑ අප්පා... මට තාම එහෙම යන්න පුලුවන් උනේ දවස් අටයි...

    කතාව නම් ලස්සනයි.. හොදට යයි කියලා හිතනවා.. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න....

    ReplyDelete
  4. ම්... වැස්ස,මතක ඇති කාලෙක ඉදලා කුඩය අදුරන් නැති මෙ සිරියා හැමදාම නාවන වැස්ස. ම්.. අපුරුයි තමා. :)) කොටින්ම කිව්වොත් අද උදෙත් නැවා :D
    …හ0සි අක්කට නම් 'වැස්ස' ,පරණ මතකයන් අවදි කරන අපුරු වස්තුබිජයක් වගෙ. :)))

    ReplyDelete
  5. ෂා.. අක්කා ඉන්නේ නුවර එළියෙද.. මම ගොඩාක් ආසා පැත්තක්.. වැස්ස කොච්චර ශොක්ද.. ඉතාලි ආවයින් හරියට වැස්සකට තෙමෙන්නවත් බැරි උනා.. මෙහෙ ඉතින් වැඩි හරියක් වහින්නේ මඩ වැහිනේ...

    ReplyDelete
  6. සවස් කාලය පුරාම වැහැල රෑට පායලා උදේට අව්ව වැටෙනා, ඒත් සමගම ලාවට හුලං හමනා උදෑසනක ඇවිදිනවා තරම් සතුටක් මගේ ජීවිතයේ නැති තරම්. දැන් නම් එහෙම අවස්ථා ලැබෙන්නේම නැති තරම් උනත් එහෙම දවසට නිවාඩුවක් අරන් හරි ඇවිදින්න හිතෙනවා. කතාව ලස්සනට ගලාගන ගිහින්. මෙහෙම ගියානම් හංසිට දවසම උනත් ලියන්න තිබුනානේ.
    මට නම් ආයෙම මතක් වෙන්නේ "මූණ නිකම් කාලා ඉවර වෙච්චි කිරි හට්ටියක් වගේ වෙනවා.." කියන එකයි. තාමත් හිනා..:D

    ReplyDelete
  7. ඔය වැස්සේ තෙමි තෙමි....
    එක්කෝ ඒවා ඕන නෑ...

    ReplyDelete
  8. මන්දාරම් අඳුර මැඳින් හිරිපොද වැහි වැටෙන වෙලේ...

    ReplyDelete
  9. නුවර එලිය.......හ්ම්...අසම පැත්තක් අක්කා.....වැස්සටනම් මන් තෙමෙන්නේ නෑ .....මන් සිනි නිසා ඉක්මනට දිය වෙනවා ...............

    ReplyDelete
  10. @ සිතුවිලි නිහඬයි
    සීනි දියවුනාට ගෝනි දියවෙන්නේ නෑනේ...:D

    ReplyDelete
  11. @ priyantha ayya : ++++++++++++++++++

    ReplyDelete