මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

May 19, 2011

නොමියෙන ඔබ

මම විශ්වාස කරන්නේම නැහැ.. මේ දැනුත් හෙටත් ඉදිරියටත්...ඔයා අපි අතර නැහැ කියලා...
පින්තුරය ලිශාන් අයියගේ බ්ලොග් එකෙන් 


ඔයා කොහොමද අයියේ එහෙම යන්නේ...සනීප උනාම අහන්න එකතු කරපු සින්දු මම තනියමද අහන්න ඔනි..
මම කොහොමද ඒ සින්දු  අහන්නේ.. ඇහෙන ඇහෙන හැම වාරයකම ඔයාව මතක් වෙයි.. මේ වගේම හිත රිදෙයි. ... කොහොමද මම කොළඹ නුවර පාරේ යන්නේ... ඔයා බෙහෙත් ගන්න යමින් එමින් ගමන් හදපු ඔයාගේ පාරේ යද්දි ඔයාව ගොඩක් මතක් වෙයි මට... 
උදේට ඔයා ටැට් එකේ කොල එළී දාපු ගමන් ගුඩ් මොනිං කියනවා ... ආයි කවදද එහෙම කරන්නේ අයියේ..... මම පොඩි දේකටත් හිත රිදවගෙන දුකින් ඉන්න කොට පොල්ලක් අරන් ඇවිත් මාව අඩවපු අයට ගහනවා කීවා නේද.... නුවර කවුරු හරි මට මොනවා හරී කීවොත්  ඔයාට කියන්න කීවා නේද ඉස්කොලේ කොල්ලො එක්ක එකතු වෙලා ගහමු කීවා..... ඒ හෙම කියපු ඔයා මේ නංගිව දාලා යන්නේ කොහොමද අයියේ..... මම අසනීප උනාම අම්මා ලවා කොල් කරලා සැප දුක් හොයලා බලපු ඔයා.. හිසේ කැක්කුමයි කීවත්.. නගේ ගිහින් බෙහෙත් ගන්න කිය කිය නිතර මතක් කරපු ඔයා කොහොමද ආයිත් නොඑන්නම යන්නේ ගියේ....


දවසක් ඔයා කවියක් ලියලා  මට පෙන්නුවා මතකයි...


ඉලන්දාරියා: සදහටම මේ දෙනෙත්
පියවෙන්න දැන් ලගයි
හදවතේ නුබ‍රැදුනු තැන
සිතලට ගල්වෙන්න දැන් ලගයි

දේව දුතයන් ඇවිදින් අඩගසනා යාමේ
නුබ මතකයෙන් දුරස් උනොත්නම් හොදයි
සසර සෙවනැලි අහිමි කරගෙන
නික්මෙන්න තිබුනානම් හොදයි

ජිවිතේ අතරමග මගේ හිත තනිවුනේ
රන් හුයත් බිද දමා නුබ තමයි නික්මුනේ
බොහෝකල් ගෙවුනමුත් මගේ හිත තනිවුනේ
සමුගන්න ජිවිතෙන් දින තමයි ලංවුනේ

දායදයක් දෙන්න කිසිවෙකුත් නොමැතිදා
සසර සෙවනැලි නොමැත ජිවිතෙන් ගැටගසා
මේ දෙනෙත් පියවෙන්න දැන්ලගයි සදහටම
කරමතින් මට යන්න අවසරයි සොහොන්ගෙට

8 minutes
5:27 PM me: අනේ අනේ
  ඔයාද ලීවේ
 ඉලන්දාරියා: හුම්ම් ඔව් ..
5:28 PM me: ඇයි අයියේ එහෙම එකක් ලිවේ‍
 ඉලන්දාරියා: දෑන් හුගක් කල් ඕක ලියලා මම හික්z
මම එදා හිතින් ගොඩක් දේවල් හිතුවත් ඔයාට කීවේ නැහැ... ඒත් එදා ඔයා මෙහෙම කවියක් ලියද්දි ඇත්තටම මෙහෙම දේකට මුහුණ දෙන්න වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ අයියේ.... ඒත්  ඒක ඇත්තක් වෙලා..

ඊටත් කලින් දවසක මම ඔයාට කවියක් ලීවා... එදා ඔයාට ඇඩුනා... අද මම ඒ දිහා බලන් අඩනවා කියලා ඔයාට පේනවද අයියේ....
me: සුසුමක් නොවේ සුව සහසක්
දෙනෙතක් නොවේ නෙත් දහසක්
දෑතක් නොවේ දස දහසක්
නුඹ නමින් ඇත සොයුර නිරතුරේ

සවි ගෙනෙමු සවනට ඉක්මනින්
නුඹ තනිව නැත අපි ළග ඉතින්

පින්බ්මේ පිරිත් සඡ්ජායනෙන්
කෝවිලේ සීනු හඩ නද මැදින්
පල්ලියේ යාතිකා රාවයෙන්
ගයමු අපි නුඹ නමින් එක හඩින්

සවි ගෙනෙමු සවනට ඉක්මනින්
නුඹ තනිව නැත අපි ළග ඉතින්

ලොව සතර අත ඉදන් අත් බැදන්
නුඹ නමින් පෙළ ගැසිමු පියවරින්
නිහඩ ලොව බිද දමා සොයු දමින්
සවන් දෙන්නෙමු නුඹට ඉක්මනින්

සුසුමක් නොවේ සුව සහසක්
දෙනෙතක් නොවේ නෙත් දහසක්
දෑතක් නොවේ දස දහසක්
නුඹ නමින් ඇත සොයුර නිරතුරේ

සවි ගෙනෙමු සවනට ඉක්මනින්
නුඹ තනිව නැත අපි ළග ඉතින්
2:16 PM ඉලන්දාරියා: හුම්ම්ම් අඩෙනවානේ මට :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'( :'(
 me: අනේ
  ඇයි අඩන්නේ
  හා
  :)
  හිනා වෙන්න
2:17 PM ඉලන්දාරියා: මේවා දෑක්කහම දුක හිතෙනවානේ මට..
 me: අපි කැමති නැහැ ඔයාව දුකින් තියන්න
 ඉලන්දාරියා: :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D
 me: :)
  :D :D :D :D :D :D :D :D :D :D
2:18 PM ඉලන්දාරියා: හික්z,,


හිනා වෙන්න කියලා එදා අපි දෙන්නම හිනා උනා.... ඒත් අද මම කොහොමද විශ්වාස කරන්නේ ඔයා ආයිත් කිසිම දවසක මා එක්ක හිනා වෙන්න එන්නේ නැහැ කියලා.... ගිරවෙක් වගේ කියනවන ඔයා... මහ හයියෙන් කෑ ගහලා සින්දු කියන ඔයා...  ඉහි බාසාවෙන් මම කියන ඒවත් හොදට තේරුම් අරන් පැහැදිලි වචන වලින් උත්තර දුන්නු ඔයා.. නිහඩ වෙලා ඉන්නවා බලන්න මට බැරි වෙයි අයියේ... තාමත් මම උත්සහ කරනවා ඒ මොහොතට මුහුන දෙන්න... 


කිසිමදාක ඔයා අපෙන් සදහට වෙන්වුනා කියන එක නම් මට විශ්වාස කරන්න බැරිවෙයි.... මාත් එක්ක විහිලු කර කර  ඉන්න ඔයා එයි කියලමයි මට දැනෙන්නේ... ඔයාට නිවන් සුව පතන්න මට ලෝබයි ආයිත් අපි අතරම ඉපදෙන්න මේ වගේ ලෙඩ දුක් නැති ජීවිතයක් අරන්........... මේ ජීවිතේ ඔයාට කරන්න බැරි වුනු දෙයක් නැහැ තමයි.. ඒත්.. නොමිනිසුන් වැහි වහලා ඉන්න මේ ලොකේ... ඔයා වගේ මිනිසත් ගුන තියෙන මිනිසුන් ආයි ආයි ඉපදෙන්න ඔනි.. මේක මහා ආත්මාර්ථ කාමී පැතුමක් වෙන්න ඇති ඒත් මට ඔනි.. ඔයා ජීවමානව අපි අතර ඉන්නවා  දකින්න..


තමන් කන්න ගත්ත බත් පත වෙන කෙනක්ට දීලා බඩගින්නේ ඉන්න පුළුවන් වුනු.. පරිසරයට වැඩදායි ගස්වැල් වලට පවා ආදරේ කරපු ඔයා වගේ කෙනක්ට මෙහෙම උනේ.. ස්වභාවධර්මය අතින් වුනු ලොකුම ලොකු අත්වැදරැද්දක් නිසා වෙන්න ඇති....


ඉලන්දාරියා මිය ගියේ නැහැ.. මම සදහට විශ්වාස කරන්නේ.. මේ ගහ කොල වල හුළගේ මල් සුවදේ පවා ඔයා අපි එක්ක ඉන්නවා කියන එක....................ඒත් එදා ඔයා කිවා වගේ කිසිදෙයක් නෑ‍හෙන කිසි දෙයක් නොපෙනෙන ලෝකෙක නෙවෙයි.....


පර්සනල් වැට් එක කොපි කරලා දාපු එක කොයි තරම් සාධාරනද දන්නේ නැහැ... ඒත් හැමෝම ඉලන්දාරි අයියා වෙනුවෙන් දුක් වෙන වෙලාවේ.. එයා මේ දැන් ඉන්න මොහාත ගැන එයාට කාලෙකට කලින් දැනුනු විදිය හැමොටම කියන්න ඉතිරි වෙලා ඉන්නේ මම විතරයි කියලා දැනුනු නිසයි එහෙම කලේ...


අන්තිම පාරට ඉලන්දාරි අයියා මා එක්ක කීවේ.. මේ ඔපරේෂන් එකෙන් පසසේ මම හබක්  ගෑවොත් පෙට්ටිය ගන්න මම සල්ලි ටිකක් අර ගන්නවා ඔපරේ ෂන් එකට කලින් කියලා... ඒ කියන්නේ මෙහෙම නොඑන ගමනක් යන්න වෙන බව එයා කලින් ඉදන් දැනන් ඉදලා.. එදා අපි හැමොම වෙනුවෙන් එයා ඉස්පිරිතාලේ නවතින්න කියපු දවසත් කල් දාගෙනයි අවුරුදු උත්සවේට ආවේ.. ඒ දවස මතක් වෙද්දි ඇත්තටම මේ වෙලාවේ දරාගන්න අමාරුයි...


කියනවම් ඉලන්දාරි අයියා ගැන පොතක් ලයන්න දේවල් තියෙනවා නමුත්.. මේ පුංචි සටහන සදා කාලෙටම එයා අපි අතර ඉන්නවා කියන එක මතක් කරන්න.. එක දෙයක් විශාවසයි.. අයියා නැති අඩුව මේ පිස්සු නංගිට ගොඩක් දැනෙයි...... :'( 





17 comments:

  1. ගොඩක් දුකයි.දිලුම් මල්ලී, ඔබට නිවන් සුව!
    ජාති ජාතිවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!

    ReplyDelete
  2. ආවොත් නොගොස් බැරිය...නොගියොතින් එන්නට බැරිය.....
    ඒ නිසා ආපහු ඇවිත් යන්න වරෙන්......!

    එච්චරයි කියන්න තියෙන්නේ..! :'(

    ReplyDelete
  3. ජීවත් වීම දුකකි...ඒ දුක දැක දක විදව විදව උඹට නැවත අපි අතර උපදින්න යැයි නොපතන්නෙමි.....

    නුඹට අමා මහ නිවන් සුව දිලුම් සහෝ...!!!

    ReplyDelete
  4. මම දිලුම් දැන ගත්තේ විනාඩි 5ක් වැනි කෙටි කාලෙකින්. ඒ කෙටි කාලේ තුල තේරුම් ගන්න තරම් සරල කෙනෙක්. මනුශ්‍යත්වයේ ජීවමාන සාක්‍ෂිය. මමත් තාම බලන්න ඉන්නවා මල්ලි මාත් එක්ක චැට් එකට ආයෙම එනකල්.......

    ReplyDelete
  5. අපේ හිත් වල ඉලංදාරියා හැමදාම ජීවත් වේවි!! හැමදාම!!!!

    ReplyDelete
  6. ඔබට නිවන් සුව! ..

    ReplyDelete
  7. දිලුම් සොයුර ඔබට නිවන්සුව ලැබේවා...

    ReplyDelete
  8. දිලුම් අයියේ ඔබට නිවන් සුව !!!!!!!!!!

    ReplyDelete
  9. ඉලං අයියව ගොඩක් සමිපවම ඇසුරු කල කෙනෙක් විදියට හ0සි අක්කට දැනෙන දුක මට හිතා ගන්න පුලුවන්. එත් අක්කෙ මෙක තමා ලොක ධර්මතාව. අපිට එකට පිටු පන්න බැ, මගෙ එකම පැතුම දිලුම් අයියට නිවන් සුව.........

    ReplyDelete
  10. සුභ රාත්‍රියක් සහෝදරය !

    ReplyDelete
  11. හ්ම්ම්ම්
    දිලුම් අයියට නිවන් සුව පතනවා......!!!!

    ReplyDelete
  12. දිලුම් වෙනුවෙන් අපි හොඳ මිනිසුන් වෙමු!

    ReplyDelete
  13. හ්ම්ම්...
    දිලුම්,ඔයාට නිවන් සුව!

    ReplyDelete
  14. ඇතුලට යන්න දුකයි කියලා අක්කි කිව්වේ ඇයි කියලා දැන් තමා තේරෙන්නේ...

    ReplyDelete
  15. මේක නියෙව්වම ඇත්තටම ඇඩෙනවා.
    ඔයාට නිවන් සුව අයියා...

    ReplyDelete
  16. පරණ මතකයක් ඇවිස්සුනා ....................

    ReplyDelete