මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Apr 30, 2011

අපේ ආන්ටිට තියෙන ප්‍රශ්ණ...

සුදු හංසියාගේ තවලම එක්ක ඉන්න හැමොම දන්නවනේ සුදු හංසියා ඉන්නේ බොඩිමක කියලා.. ඉතින් මගේ බොඩින්  ජීවිතේ රස කතා එමටයි ඒ ජීවිතේ රස මට වැඩිය දැනෙන්නේ නැත්තේ  මගේම කම්මැලි කම නිසා.. පහට ඔප් වෙලා හයහමාර වෙනකල් ඔපිස් එකේ ඉන්නවා ‍බෝඩිමට යද්දි හතයි  වොෂ් දාලා හත හමාරේ සිට කීයට හරි කන්න දෙනකල් මනෝ..  කාපු ගමන් දත් මැද්දා අනිත් අතට නිදි පහුවදා උදේ මහ පාන්දර අටහමාරට විතර නැගිටින්නේ.. ඒ ගමන් වැඩ දවසක් උනත් නැතත් ඔප්ස් එකේ නැත්නම්   කෙලින්ම ‍ නුවර එළීයේ බස් එකට ගොඩ උනා ‍ පැය තුනෙන් ගෙදර..




ඒ උනත් ඊයේ නම්  බෝඩිමේ රස කතාවකට සම්බන්ද වෙන්න ලැබුනා.. ඊයේ  මට  මහන්සිය වැඩිකමට  ෆුල්ම අවුට් වෙලා  හිටියේ..  ඒ නිසා මගේ හතහමාරෙන් පසු මනෝ සෙෂන් එකේ මම කාමරේ ලයිට් එකත් ඔප් කරන්න හිටියේ... අපේ බෝඩිමේ උයන්න ඉන්නේ ආන්ටි වයස 50ක විතර අවිවාහක කෙනෙක්.. නම කරුණා... අවුරුදු 30ක්ම ගේ ඇතුලෙලු ගෙදරින් එළියට ගියොත් යන්නේ මාස දෙකකට සැරයක් බොහෙත් ගන්න පේරා හොස්පිටල් එකට... එයා ගෙවල් ගෙම්බි වගේ දන්නේ ටී වී ඒකෙ යන ඒවා විතරයි ඒ උනාට සියල්ල දත් වගේ තමා  ඉන්නේ පව්නේ කියාල මාත් අහන අහන දේට ඔව් කියලා පාඩුවේ ඉන්නවා... කොමත් මම වැඩිය ටයිප් කලාට වැඩිය කාතා කරන්න ආස නැහැනේ මගේ මනෝ ලොව තමා මම ඉන්නේ , ඒ නිසා ආන්ටි කියවන හැම දේටම මම ඔව් නැ බෑ උත්තර තමා දෙන්නේ... 




ඔන්න ඉතින් මම ලයිට් ඔප් රක්ගෙන ඉන්නකොට ආන්ටි ආවා... දොර ඇරලා බැලුවා මම වෙනදා වගේ ඒම් පී ත්‍රී එක දාගෙනත් නෑ... ඒ නිසා එයා මම නිදි කියලා හිතලා යන්න ගියා.. අල්ලපු කාමරේ ඉන්නේ බොඩිමේ අයිති කාර ආන්ටි.. ඔන්න දැන් ගිහින් කියනවා..



කරුණා ආන්ටි.."කාවින්ධ්‍යා බේබි නිදි... පව් මහන්සිද කොහේද....."
මානෙල් ආනටි: " ඔය ළමයට සෙම, අදත් නාලද... "
කරුණා ආනටි :" නැ නෑ.. ඔළුව රිදෙනවා කියලා නෑවේ නෑ... නින්ද ගිහින්.... නැගිට්ටම අහන්න ඔනි බේබිවත් දන්නවද කියලා... "
මානෙල් ආනිටි : මොනවද අහන්න ඉන්නේ...
කරුණා ආනිටි: බේබි නොන‍ට වැඩක් නෑනේ.. කාවින්ධ්‍යා බේබි දන්නවා එයා කොම්පුයටරෙන් බලාලා හරි මට කියයි"




හෑ මොනාද බොල මගෙන් අහන්න ඉන්නේ... හිකිස්.... මාත් තනියම කල්පනා කලා.. කීයට හරි ඇවිත් මගෙන් අහයිනේ.... ඔය අස්සේ ආසිරි  මල්ලියා කොල් කලා...  දන්නවනේ අපි දෙන්ගේ ගොසිප්.. මම ඉතින්  ඊයේ මට ආපු  ඇස් ඇම් ඇස් එකක් ගැන කියලා හිනා වෙවී හිටියා.. ඔන්න ආනිටි මගේ කැම එකන් අරන් කාමරේට ආවා..  එතකොටත් මම කොල් එකේ මල්ලි බන දේසනාවක් මම ඒක අහන් ඉන්නවා.. ඔයා අස්සේ ආනිටි කියපි

"බාබා බේබි නොනා නම් අද  එංගලන්තේ ගිහින් ආවේ" 
 කියලා.... එහෙන් මල්ලි කියන එක අහන් ඉන්න ගමන්  මම ඔළුව හොලවලා ඇහුවා ඒ කොමද කියලා ඉගියෙන්... නෑ බාබා අද විලියම් කුමා‍රයා‍ බැන්දනේ ඒක ටීවි ඒකේ පෙන්නුවා..... කියලා  කියපි... මම හිනාව තද කරන්න ඔළුව වනලා ආයි කොල් එකට එන්ටර් උනා..... ආනිටිත් කාමරෙනි එළියට ගියා... කොල් එකත් ඉවර කරලා කාලා හේම මම දත් මදින්න එළීයට යද්දි ආනිට් ආයිත් සාලේ...

කරුණා ආනටි : බබා දන්නවද වැඩක් 
මම : මොකක්ද ආනිටි..
කරුණා ආන්ටි: ඩයනා කුමාරිට වයස විසි පහයි චාල්ස් කුමාරයාට හතලිස් පහයි බදිද්දි.. ඊට පස්සේ ළමයි හම්බ උනානේ... ඩයනා කැමාරි මැරුණනේ... ඊට පස්සේ කැමිලා පාකර්ව බැන්දා චාල්ස් කුමාරයා, එයත් චාල්ස් කුමාරයාට වඩා වැඩිමහල් ලු...විලියම් කුමාරයා බැන්දෙත් එයාට වඩා අවුරුදු පහක් වැඩිමහල් කෙනෙක්ලු...
මම : (හිතයටින් සිනා සෙමින්) ආ.. ඔව් ඔව්.. මට එක්කෙනක් ඇස් ඇම් ඇස් එකක් එවලා තිබ්බා එහෙම  කියලා රජ පෙළපතෙත් නෙවෙයිලු නේද 




කියාගෙන මම පාඩුවේ  බාත්රෑම් එකට ගියා... ඔන්න මම ආපහු එද්දි ආනටි ඉන්නවා එයාගේ පඩිපෙල ලග චුට් ඇදේ... මම දොර පහු කරනවත් එක්කම ආන්ටි කෑ ගහන්න ගත්තා...

"බබා බබා... මේ බලන්නකෝ...,
මල සේක ගොනුස්සෙක්වත් පැන්නද කියලා හිත හිත මාත්  ගියා පඩි පෙල මගක් දුරට...


කරුණා ආන්ටි: සුදු බබා මට ලොකු ප්‍රශ්ණයක්
මම: මොකක්ද ආන්ටි
කරුණා ආනටි: බබා ඇයි බබා විලියම් කුමාරයා හනිමුන් ගියේ තැත්තේ


@$$$%^%^^&&*&** මට මතක් උනා ආන්ටිට කියන්න වදන් ටිකක්.. මම ඉවසා වදාරගෙන පඩි පෙල බැහැලා ගියා  මොකෝ ඊයේ මට ලෙසටස මල පැනලා හිටියේ...


"කලින් යන්න ඇති ආන්ටි" කියලා නැහෙන ගානින් කීවට ඒක ආන්ටිට කණ පුරා ඇහුනද කෙහේද... අනේද කියන්නේ මගේ පස්සෙන්ම පඩි පෙල බැහැගෙන ආපු අපේ ආන්ටි, මානෙල් ආන්ටිගේ කාමරේට ගියා..

කරුණා ආනිටි: අනේ බේබී නෝනා.. ඇයි බේබි නෝනා ඒ දෙන්නා හනිමුන් ගියේ නැත්තේ...
මානෙල් ආන්ටි: පස්සේ යයි කරුණා..  ළමයින්ගෙන් ඔවා අහන්නේ නැතිව ඉන්න..


ඔය මල විකාරේ අස්සේ බෝඩිමේ තිලංකා නංගිත් එනවා බාත් රැම් එකේ ඉදන්.. මට හිනා වෙලා හිනා වෙලා ඇස් පුරා කදුලු 

තිලංකා : ඇයි අක්කී..
මම: විලියම් කුමාරයා හනිමුන් ගියේ නැල්ලු නංගි
තිලංකා : ඒකද අඩන්නේ
මම:  හී.. හී.. මම මේ හිනා වෙලා... මම නෙවේ අහන්නේ කරුණා ආන්ටි.. හී.. හී....


තිලංකටක් මහ හයියෙන් හිනා ගියා.. ආනිටිට මීටර් දැන් අපිට වැඩේ නොන්ඩි කියලා.. සද්ද වහලා ගිහින් නිදා ගත්තා...  


 වාසනාවන් කියන්න උදේ පාන්දර බානු අක්කි මගේ නිද්ද කැඩුවා ගුඩ් නයිට් කියලා‍.. මොකෝ එයා ඉන්නේ  යු කේ නේ.. එහෙට රෑලු.. කියද මන්දා වෙලාව ඊට පස්සේ නිදා ගන්න ට්‍රයි එකක් දීලා යන්තම් හතයි කාල වගේ වෙන කොට ආයිත් එනවා ආන්ටි දුවගෙන...


සුදු බබා හරි හරි වැඩේ හරි.. හනිමුන් ගිහින්.....ලෝක සිතියමට පෙන්නුවා...

හෑ..... ඒක ලෝක සිතියමටත් පෙන්නුවාද.....මගුලයි........







13 comments:

  1. :D හෙක්... ලොකසිතියමේ පෙන්නුවා කියන එකත් බොරුවක් වෙන්න බැ

    ReplyDelete
  2. අයියෝ...හික් හික්...

    ReplyDelete
  3. ලෝක සිතියමටත් පෙන්නුවා ඇහ්...හැබෑට කොහෙටද දන්නෙනෑ ගිහින් තියෙන්නෙ?

    ReplyDelete
  4. ඊලගට ඇන්ටි අහන ප්‍රශ්නෙ කියන්නද... විලියම් කුමාරයාට නෑනෑ එයාගෙ නෝනට හම්බ වෙන්නෙ දුවෙක්ද? පුතෙක්ද? දැන්ම තියා උත්තරයක් ලෑස්ති කරගෙන හිටියොත් හොදා...

    ReplyDelete
  5. මන් දැනන් හිටියේ නැනේ ලොකසිතියමේ ඒවත් පෙන්නනවා කියල හිකිස්‌..
    ආන්ටි නම් එළ

    ReplyDelete
  6. හික්... සුවර් එකට ඒ ආන්ටිට මැරි කරලා නැතුව ඇති... පව් අප්පා...

    සුදු බබා ඔයා තමා ආන්ටිලාව නරක් කරන්නේ...

    ReplyDelete
  7. දන්නවනම් මාත් කොහොම හරි ඊයෙ‍ ලෝක සිතියම බලනවා

    ReplyDelete
  8. loka sithiyama heta sita nowaradawama balami

    ReplyDelete
  9. ලයිව්@8 එකට පෙන්නයි. බලං හිටපල්ලා..... 3D වලින් හරි.

    ReplyDelete
  10. මොනවද බොල මේ ලියන්නේ..???
    නෑ මම මේ කීවේ වචන වලින් කීයක අකුරු වැරදිද? හපෝයි අකුරු අතින් දාල මනෝ සෙෂන් එකකින් තමා ඇත්ත වචනේ ගන්න වෙන්නේ...:D :D

    ReplyDelete
  11. වෙල්ස් වලට ගියේ... ඉතාලියේ නිවුස් වලට නම් ඔක හරි ලොකුවට පෙන්නුවා..

    ReplyDelete
  12. සුදු හ0සි අක්කෙ රිට්zබරි චොකො වලට මම නම් ගොඩක් ආසයි අක්කි .............:D :D :D :D hikzz

    ReplyDelete
  13. හංසි අක්කගෙනුත් අහන ඒව...!!!! නේද.....?
    හී හී හී (කේටිට හම්බ වෙන ලමයි ගැනත් හොයල තියා ගන්න...මොකද ඒකත් අනිවා අහනවම තමා) :D :D

    ReplyDelete