මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Apr 26, 2011

සිහිනයක් නුඹ නම්

අතුල පලසේ විසුල පිනිසේ 
මැකී යයි නම් අතීතේ
හිත පිරෙන්නට පෙම් පුරන්නට 
ඔබ ළගට එන්නට සිතේ

සුනෙර අරනේ බවුන් වඩනා 
තවුසියක සිතිවිලි සැලේ
අහිමි නුඹටම පෙම් කරන්නට
මට හොරෙන් මසිතට හිතේ

සියපතක් මත රගන සමනලි 
ඔබ තුරුලේ සැතපෙනු දනී
ඇයට හිමි නුඹ මගේ නොවන බව 
දෑනි තෙන් කදුලින් තෙමේ

7 comments:

  1. තනිව හැඩුවෙමි....
    තවම හඩන්නෙමි........
    සනසන්න උන් ඔබ අද
    ඇයට තුරුලුව සුව විදි......

    ReplyDelete
  2. like it very much....!!

    ReplyDelete
  3. තඅන්කෝ දේන්නටම...

    ReplyDelete
  4. ආනේ හලි චෝයි අක්කෙ... :D ලොල්ය.. :D

    ReplyDelete
  5. අන්සතුව යන නුඹ දැක
    කඳුළු නවතන්නේ මං කොහොම
    නුඹ ලගට රහසින්වත් ඇවිත්
    ඉන්න හිතයි මට හැමදාම..

    ReplyDelete
  6. කියන්න දෙයක් නෑ අපූරුයි. කීපාරක් නැවත කියෙව්වාද නොදනිමි...

    ReplyDelete
  7. ලස්සන ලස්සනයි සුදු හංසියේ

    නෙතට හසු වූනු නුඹේ නෙතු යුග
    නුඹට රහසේම ම'සිත පතිතව
    නෙඹේ හීනෙක නොරැදුනත් මම
    මගේ හීනය නුඹම විය මට ... (පබලු)

    ReplyDelete