මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Apr 15, 2011

මගේ ඩියුටි.

ඩියුටි කීවම අපිට ඔපිස් එකේ නම් පොතක් පිරෙන්න ඩියුටි තියෙනවනේ ඒත් මම අද කියන්න යන්නේ අවුරුදු කාලෙට මට තියෙන ඩියුටි ගැන .. හැබැයි සාපේක්ෂව බැලුවොත් මේ වතාවේ මම සැහෙන ඩියුටි කොටසකින් රිලිස්.. ඒ මො‍කෝ  මගේ ඩාලිං මේ සැරේ අපි එක්කනේ... ඩාලිං කීවේ මගේ සුදු අත්තම්මට. අම්මගේ අම්මා.. ඒයා අපේ ඉතිහාසයේ පළමු වරට අපේ ගෙදර ඉදන් අවුරුදු සැමරුවා.. වෙනදට එයා අවුරුදු සමරන්නේ නුවර ලොකු මාමලා එක්ක. මේ සැරේ  අපේ අනිත් අත්තම්මා ඒ කියන්නේ අප්පච්චිගේ අම්මා අසනීප වෙලා අපේ ගෙදර ගෙනා නිසා අම්මට උදව් වෙන්න ඩාලිං මාස ගානක ඉදන් අපේ ගෙදර.. ඩාලිං ඉන්නවා කියන්නේ මට සැප තමා.. කන්න ජාති ඉල්ලන පමාව පමණයි.. ඒයාගේ මුල්ම මිණිබිරී සහ තුන්වන පරම්මරාවේ  වැඩි මහල්ලම කෙනා විදියට ඩාලිං වැඩිපුර ආදරේ මට..නංගිලා මල්ලිලා එකෙක්ට බැහැ ඒ  තැනට එන්න.. කොයි තරම් ආඩම්බරයක්දෑ සුදු හංසියාට.. ආ.... සෝයි ම  කතාව සුට්ටං කාලේ ඉදන් මගේ ගෙදරට නම සුදූ ... ඒත් සයිබර් සැනකෙලියට අම්මා ආව නිසා එයින් පස්සේ සුදු හංසි නම ප්‍රසිද්ද උනා ගෙදර අයට. දැන් ඩාලිං හිටි ගමන් මට සුදු හංසි කියලත් කතා තරනවා.. අනේ මගේ සූකිරි කැටේ....


ඉතින් ඉතින් මම කිය කිය හිටියේ ඩියුටි ගැනනේ.. අවුරුද්දට මගේ මුල්ම ඩියුටිය වෙන්නේ ගේ පොලිෂ් කරණ එක.. මල්ලිගේ සපොට් එක ලැබෙනවා.. මේ පාරනම් අපිට ඒ ඩියුටිය කරන්න උනේ නැහැ.. මොකෝ දෙන්නම ගෙදර ආවේ 12 නිසා.. ඒ ඩියුටිය ක්ලොස් කියමුකෝ ඊළගට තියෙන්නේ අච්චාරුව හදන්න මගේම රෙසිපියකට හදන  මැලේ අච්චාරුව අපේ ගෙදර අවුරුදු කෑමට එන අය අතරේ දැන් අවුරුදු තුන හතරක ඉදන් ප්‍රසිද්දයි.. රෙසිපිය දෙන්නදෑ

අවැසි දෑ......
සාමාන්‍ය තරමේ නුවරඑළි‍යේ කැරට් අල 3ක් කුඩා කැට කපා ගන්නවා
මාළු මිරිස් කියාල අපි නම් කියන්නනේ.. ලොකු මිරිස් කරල් පහක් පමණ  රවුමට කපා ගන්නවා
රට ළුණු එහෙමත් නැත්නම් බොම්බයි ළුණු ලොකුවට කැට කපා ගන්නවා
අන්නාසි ගෙඩියක් (තරමක් ඉදුනු) ඒකත් කැට කපා ගන්න ඔනි
රට ඉදි
ප්ලම්ස් (වියලි මිදි)
සොස් (තක්කාලි)
විනාකිරි
සීනි , කරාඹු නැටි,  එනසාල්, අමු ඉගුරු, සුදු ළුණූ
මැටි හට්ටියක්









මේ කී නොකී ජාති ටික සුදානම් කරලා  හට්ටිය ලිපේ තියලා වේලවා ගන්නවා වතුර නැතිම වෙන්න.. ඊට පස්සේ විනාකිරි ටිකක් දාලා සීනී, කරඹුනැටි, එනසාල්, අමු ඉගුරු, සුදු ළුණූ ඒකට දාලා උතුරවා ගන්නවා උතුරගෙන එද්දි කැරට්, මාළු මිරිස්, ළුණු, රට ඉදි, ප්ලම්ස් සහ සෝස් එකතු කරනවා යන්තමින් තැම්බීගෙන එද්දි අන්නාසි ටික එකතු කරලා ලිපෙන් බා ගෙන රොදි කෑල්ලකින් හට්ටිය වහලා හංගන්න ඔනි... අනිවා හැංගුවේ නැත්නම් අපේ ගෙදරනම් ඒ වෙලාවේම අච්චාරුව ඉවරයි.. අප්පච්චි බයිට් එකට ගන්නෙත් ඒක..... ආයි ඒක එළියට ගන්න ඔනි  දවස් දෙකකට විතර පස්සේ අමුත්තන්ගේ කෑම මේසයේදි.. සොරිම තමා ඒ වෙනකොට එළීයට ගන්න පමාව විතරයි.. මාර සසයි ඔන්...

ඊළග ඩියුටිය තමා ගනු දෙනු නැකතට ළිද සමග ගනු දෙනු කිරිම.. අපිට  මේ නුවර එළීයේ කොයිද ලිං මම ගනු දෙනු කරන්නේ ප්‍රාදේශිය සභාවේ ටැප් ලයින් එකත් එක්ක.. ගේ මිදුලේ ටැප් එකේ කාසියක් ගැට ගහලා ඒකෙන් ගන්න වතුර බෝතලේ අරන් ගෙට ආවහම මගේ ඒ ඩියුටියත් අහවරයි...
ඊළග ඩියුටිය වැදීම..  එන එන සේරම වැඩිහිටියන්ට වැදීම මේ වතාවේ නම් ඒක ටිකක් අමාරු උනා ශරීර පුමාණය වැඩි නිසා.. හැමෝම කිවේ කොම්පියුටරේ නිසයි මම මහත් වෙලා තියෙන්නේ කියලා..  අනේ මගේ අසරණ කොම්පියා  නිකරුනේ බැනුම් අහනවා.. මගේ නව වසරේ  එකම බලා පොරොත්තුව කිලෝ දහයකින් බර අඩු කර ගැනීම..

ඊලගට තියෙන්නේ අවස්ථානු කූලව ඩෙසර්ටි හදන එක ‍ෙජලි, කස්ටඩ්, මාස්මෙලෝස් හෙම අම්මාගේ රික්වෙස්ට් අනූව හදන්න ඔනි.. මේ සැරේ තාම ‍ෙජලි එක හැදුවේ නැහැ ඩාලිං උදේ ඉදන් කියනවා.. අනේ.. රෑ හරි ඒක හදන්න ඔනි...  

සේරමත් හරි අන්තිමට කියන්න යන ඩියුටිය තමයි උණූ කිරි වගේ ඩියුටිය.. ආසයි බයයි ංාතියේ එකක්.. ඒ තමයි අම්මි එක්ක ගෙවල් වලට අවුරුදු නෑ ගම් යන එක.... ආසයි කීවේ නෑයෝ හේම අවුරුද්දකට වතාවක් හරි දකින්න පුළුවන්නේ  බය වෙන්න හේතුව මුන් සේරමට හදිස්සිය මාව බන්දන්න.. හත් දෙයියනේ ඒ ගෙවල් වලදිම දකින උදාහරණ වල හැටියට මේලොව එකෙක් මේ නිදහස් ජීවිතේ නැති කරගන්න ආස වෙයිද... උදාහරණ කිවොත් හම්බේ.....

ඔන්න ඉස්සෙල්ලාම ගියේ බාප්පලා ගෙදරට බාප්පා  කණ කුඩු වෙන්න බීලා නිදි , පුංචි මීක් ගාන්නේ නැතිව මල්ලිලා දෙන්නා එක්ක ඉන්නවා.. මෙරිගෝරවුන්ඩ් එක වගේ කැරකි කැරකි ඇවිත්  අප්පච්චිට වැදලා ගියා. අපිව දැක්කේ නැද්ද කොහේද..  අනේ පව් පුංචි දවල්ට කාලත් නැහැ  බයේ ඉන්නවා ... එහෙන් පිටත් වෙලා ප‍ාරට එද්දි මෙන්න එකෙක් පාර අයිනේ මුත්‍රා කර කර ඉදන් එක පාර සංවර වුනා... නොදකින් මගේ මස්සිනා.. අපේ නැන්දගේ දොනිගේ හස්බණ්ඩා එයා බාප්පට දෙවනි නැහැ ඉන්නේ කොයිද යන්නේ කොයිද කියලත් මැන්ස්ට ෂූවර් නැහැ.. පොරම කියනවා අපේ අම්මා එක්ක නැන්දා ඊයේ මම දෑකැත්ත වගේ ගෙදර ගියේ කියලා නැන්දම්මයි කෙල්ලයි මාව උදේ ඉදන් හිර කරන් හිටියේ..  මේ දැනුයි නිදහස ලැබුනේ... නැන්දා යන්න ගෙදරට මම එන්නං.... හප්පේ.. අම්මිටයි මටයි හිනා.. පොර එකම දේ හත් පාරකට වඩා කියනවා... සිකේ.. විලි හැත්තෑවයි... අනේ ඉතින් නැන්දම්මලාගේ ගෙදරට යද්දි අක්ණ්ඩිට උණ ඒ කියන්නේ අර මගදි මුනගැහුනු අයියගේ වයිපරේට... පොරට ඒකවත් ගානක් නැහැ.. බොන්න සිහිය විතරයි. මාස තුනක චුට්ටං කෙලි පැටියෙකුත් ඉන්නවා.. ඒ නිසා අක්කා ඒයාලගේ තාත්තා එක්ක බොහෙත් ගන්න යන්න ලැහැස්තිය. අනේ කාලේ වනේ වාසේ කීවලු.. කසාද බැදපු මනුස්සයා බිබී ඇවිදිනවා අප්පච්චියි දුවයි බෙහෙත් ගන්න යනවා.. ඉතින් කාටද මේව බල බල කසාද බදින්න හිතෙන්නේ.....

කතාවෙන් කතාව වෙන ඩියුටි ගැනනෙ කියලා කියෙන්නේ...  ඔන් එහෙනම් මගේ ඩියුටිය ඉවරයි මම යන්නයි හදන්නේ...


ඊයේන් උදාවු නව අවුරුද්ද තවලමට එන යන හැමෝටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා කියලා මම කීවා ඔන්......



25 comments:

  1. සුදු හංසි අක්කාටත් පවුලේ හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  2. අදයි මෙහේ ආවේ කවුද මේ සුදු හංසි ?.. ආ මම ෆොටෝ දැක්කා . පූසට අක්ක වෙනවා නම් මටත් අක්කම තමයි ..අපිත් එහෙනම් ඉඳලා හිටලා මෙහෙ ඇඉල්ලා යන්නම් ..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  3. මෙහම කිවුවට මෙයා බලන ඔනෑම වෙලාවක ඔන්ලයින් සිටි බව දන්නෝ දනිති!!! :D

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  4. අලුත් අවුරුද්දේ පැතුම් (කිලෝ 10 කින් බර අඩු කරගන්න එක)සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියල බැතිබර සිතින් ප්‍රාර්තනා කොරනෝ.. :D ලොල්ය.. අඩෙ හැට පැය පුරාම මම ඉන්නෙත් මේ යන්තරෙට කොටු වෙලා.. හික් ය. ඉතින් අනේ මාව මහත් වෙන්නෙ නෑ නොවැ.. :/

    ReplyDelete
  5. ටැන්කෝ.. පූස් මලේ... සුභ අළුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  6. හිස් අහස හෙවත් සදරු යාළුවේ.. මම නම් ඔයාව දනිම්.. හොදා හොදා.. දිගටම මේ පැත්තේ එන්නකෝ..

    සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  7. චන්දික ැයියණ්ඩි.. එයාර් ටෙල් කාරයා ලාබෙට නෙට් දෙද්දී කොමෙයි ඔප් ලයින් යන්නේ.. හී.. හී....

    සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  8. සුළඟිල්ල මලේ.. යන්තරෙට කොටු වෙලා ඉන්න ගමන් ලගට ගේන ගේන දේ අනුභව කරන්නත් ඔනි... මම මේ දැන් පේර ගෙඩියක් කන්නේ අන්න ඒ වගේ.... ;)

    යන්තරෙට කොටු

    ReplyDelete
  9. අර රොදි කෑල්ලෙන් හට්ටියි වහන හැටි මම තාම කල්පනා කොරන්නේ...

    නියම රෙසිපිය හංසි නගා..මාත් හදන්ට ඕන ඕක...
    (බයිට් එකටත් හොඳයි කිව්වනේ)

    කිලෝ දහයකින් බර අරින්නනං යතු කැටයක් අරගන පිළි වෙලකට යතු ගාන්න වෙනවා..හික් හික්...

    කොහොම හරි කමක් නැහැ..මේ අවුරුද්දේවත් අමාරුවේ වැටෙන්න වාසනාව ලැබේවා..!

    ReplyDelete
  10. හික් හික්.. මරු. සුදු හංසිට සුභම සුහ අලුත් අවුරුද්දක්...

    ReplyDelete
  11. සුබ අලුත් අවුරුද්දක් වේවා සුදු නංගිටත්!!!

    ආ අපිත් මෑලේ අච්චාරුවක් හෑදුවා.දෑන් සෑහෙන්න කාල ඉවරයි :)

    ReplyDelete
  12. මාරයියේ ඔන් දැන් හර් පොටොවක් දැම්මා....

    ස්තුතියි හිපෝ අක්කේ..
    නදී අක්කේ කොමද ඉතින්..

    තුන් දෙනාමට සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  13. සියළු බලා‍පො‍රොත්තු ඉටුවන, සතුට ‍සොම්නස සපිරි නිදුක් නි‍රෝගී බවින් පිරි වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් ‍වේවා......!!!

    ReplyDelete
  14. "ලිපෙන් බා ගෙන රොදි කෑල්ලකින් හට්ටිය වහලා හංගන්න ඔනි... "

    මම කිව්වේ මේක ගැන නේ නගේ..හික් හික්..මෙයා පොටෝවක්ම දාලා..හෆොයි...

    ReplyDelete
  15. සුදු හංසි අක්කටත් සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා... අවුරුදු පැතුමත් ඉටු වෙන්න ඕන...

    ReplyDelete
  16. මාර ඩියුටිනේ තියෙන්නේ... අපිට ඕවා එකක්වත් නෑ... හික්... (අම්ම එන්න කලිං රෙදි ටික හෝදන්න ඕනේ නැත්තං ඉතිං මට වෙන ගෙයක් ​හොයාගන්න වෙනවා)

    ReplyDelete
  17. මොනාද හලෝ.ඉක්මනට කසාදයක් කර ගන්නවකො.අපිට වෙඩිමට හරි එතෑකිනෙ.

    ReplyDelete
  18. හැපැටික්කියේ.. කැරටි කැපුවේ ඔන්න එයා මතක් කර කර සුභ අළුත් අවුරුද්දක් ‍වේවා

    හී.. හී.. වඩා පැහැදිලියිනේ මාරයියේ.....

    සුභ අළුත් අවුරුද්දක් ‍වේවා දිනේෂ්.. සිහිනයට ආවා තවත් කතාවක් ලියමු...

    මාළුවේ... ඔය ටැංකියේම දාගෙන රෙදිටික හොදන්න.. සුභ අළුත් අවුරුද්දක් ‍වේවා

    හී.. හී... මාව අමාරුවේ දාන්න ලේසි නෑ සිතල මලේ..... සුභ අළුත් අවුරුද්දක් ‍වේවා

    ReplyDelete
  19. හලි හලි එසේම වේවා!
    කවද හලි බදින්නත් එපෑනේ.එදාට බලමුකො..

    ReplyDelete
  20. ලොල්ය... අන්න ඒකයි හොරේ.. අක්කෙ කිවුවට තරහ ගන්න එපා ඔය ලඟට ගේන හැම දේම අනුභව කරන එකනම් ඒ හැටි හොද පුරුද්දක් නෙවේ.. හරිය..?? ඔය බිස්කට් එක්ක කන්කුන්ඩෝ, රට කජු වගේ දේවල් එක්ක හූනු බෙට්ටක් උනත් හැපෙන්න බැරි නෑ... :D බී කෙයර් පුල්..

    ReplyDelete
  21. මැලේ අච්චාරුවේ රෙසිපිය හොයාගන්න ක්‍රමයක් මම මේ කල්පනා කලේ. නගාට ස්තූතියි ගෙදරටම ගෙනත් දුනන්ට. (පොස්ට් එකට) හදලම බලන්නම්..
    සුදු හංසිටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

    ReplyDelete
  22. @සීතල මල්ලී.. හී.. හී.. එදාට බලන්න බැරියෑ...

    @ සුළඟිල්ල ... ඇක්කා.... සිකේ.. මමනම් අයි කන්නේ නැහැ ඔවා... :D

    @ප්‍රියන්ත අයියා සුභ අළුත් අවුරුද්දක් වේවා අයියේ...

    ReplyDelete
  23. සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කේ

    ReplyDelete
  24. නෑ ඉතින්... කන්කුන්ඩගෙත් ඒ හැටි රසේ වරද නෑ.. පොඩ්ඩක් කර උනු පපඩම් රහක් තියෙන්නෙ.. :D ඬේත් මී බෙට්ටෙ තමා තියෙන්නෙ එපා කරපු වහතු රහ..

    ReplyDelete
  25. මෙ අක්කි.. අච්චාරුව කෙසෙ වෙතත් අක්කිලා අර මස්සිනාට ඩිස්ටබ් කල එක හොද නැ බන් අක්කි. බලහන් තව පොඩ්ඩෙන් එකා මුත්‍රා ටික සරමෙ හලා ගන්නවා.. අක්කිලා දැක්ක පාර සංවර වෙන්න ගිහින්. පව් බන් අක්කි ඌ.. යකො ඌට සරිර කෘතිය කරන්නවත් නිදහසක් දිපල්ලා... හික් හික් හික්... :D :D

    ReplyDelete