මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Apr 7, 2011

මෙන්න මෙහෙමලු සිද්ද උනේ....

ඔන්න දවසක් මම සොයි එකේ ෆිප්ම් එකක් බල බල ඔපිස් එකේ වැඩ... ඒ අස්සේ දුරකතන රාජයා වදිනවා හුටු කියලා...
මම: "හලෝ....."
එහා පැත්තෙන් : "යකෝ තෝ ඊමේල් බලන්නේ නැද්ද.."  අම්බේ.. පෂා බනිනවා....
මම: "පිස්සුද බන් සොයි ෆිල්ම් එක... "
ටී පා : "නටපන් එහෙනම්.. ඔනි වෙලාවක බලපිය.... තෝ සැරසිලි කමිටුවේ ඉන්නවා අන්න.".
මම: "අහා.. ඒකද.. දැක්කා බන්...ඇයි මම අයිඩියාස් දැම්මේ.. හොද විදියක් කතා කරගෙන කියහල්ලකෝ.. මම සප් එක දෙන්නම්.."


දැන් ඉතින් අර එහා පැත්‍තේ ඉන්න එකා මෙහෙම කරමු මෙහෙම කරමු කියලා කියනවා.. මාත් ඔව් නැ බැ කිය කිය හිටියා.. එහෙනම් මම තිබ්බා... (ටටා බායි කියලා මම මාරු ෆිල්ම් එකේ ඉතිරි ටිකට...)
මෙන්න මේ අටමගලේ ආයි වදිනවා...


මේ මේ පහනේ අයිඩියාව වෙනස් කලා.. අහිංසකී කියනවා.. ඉදි ආප්ප තට්ටු වලින් හදමුලු
මොකක් කිවා... මේක මුන් දෙන්නගේ කූජීත උපායක් කියලා මම හිතුවේ.. මුන් දෙන්නා දැන්ම ගෙදරට බඩු එකතු කරනවද කොහේද.... සිකේ.... .. කෝමෙන් කොම හරි අහිංසකී අක්කගේ මල් හතේ පහන් අයිඩියාව මල් ඵල ගන්නමින් මම ගොහින් වේවැල් අන්කල් කෙනෙක්ගෙන් අවැසි අඩුම කුඩුම ගත්තා... අපේ ප්‍රියන්ත ගලගේලිටිය අයියා.. දාහක් වැඩ රාජ කාරි මැද දෙපාරක්ම අපේ ඔපීසියටත් ඇවිත් විස්තර කාතා කරගෙන අවැසි උණ බම්මුව හොයා ගත්තා... හසී නගාත් පුළු පුළුවන් හැටියට කොළඹින් හොයාගන්න පුළුවන් දොවල් හොයන්න  ඉදිරිපත් උනා මැටි පහන් නෙළුම් මල්.... ආදිය


දැන් අරලියා මල් කැඩීමේ මහා සංග්‍රාමය..... අපේ ඔපීසිය ඉස්සරහා තියෙන සීතාදේවී බාලිකා විදුහලේ තමා තියෙන්නේ අරලියා යාය.. අපේ ඔපිස් එකේ සිකියුරිටි අයියලා දෙන්නට කීවම අනේ ඉතින් අෆරාදේ කියන්න බැහැ  ‍යුනිපොම් එකෙන් ෂෝටට බැහැලා අරලියා මල් ගොඩාරියා කඩලා දුන්නා... සයිබරේ ගැන අයිඩියාවක් වත් නැති (හැමෝම මාරයියා වගේ නැහැනේ... :D) අපේ සිකියුරිටි අයියලාට උත්තමාචාරය දක්වන්න තමා මේ හැටි වැල්වටාරමක් ලීවේ......


ඉතින් ඔන්න තුන් වෙනිදා පාන්දරින් නැගිටලා.බලා ඉන්නවා ඒ සී වැන් එකක් එනකල්.. ඇගේ මාළු රත් කරමින් එනවා නේද කබල් සුදු වෑන් එකක්.. සික්.. මොනා කරන්නද උදේම ලේ කොප වෙන්න නොදී.. පටවා ගත්තා බඩු ටික..  ඒ වෙද්දි උණ බම්මු රාජයා සහ කූරු ටික සමග ප්‍රියන්ත අයියා නැගලා හිටියේ... මල් වැල් රෙදි පට් ඩිකියට පටවලා මායි අපේ මව්තුමියයි යන බර වාහන දෙකත් ගොඩ උනා... ඔන්න නමෝ විත්තියෙන් ගමන් ආරම්භ කලා..


ටික දුරක් යද්දි අපේ රැඩිකල් කවියා අයියා.. නැංගා.. මම බලාපොරොත්තු උනේ.. සුට්ටක් වයසක අපේ මාරයියා වගේ අන්කල් කෙනෙක් ඒත් දුටුවනම හිතා ගන්න බැරිව ගියා.... ඊළගට ගැටඹේ පන්සල ලගින් අපේ ගීත් සහෘද්දයා.. කැම්පස් එක ලගින් සංජු අක්කා.. පේරාදෙනියෙන් අපේ දෙව්ලොවින් ආපු ළමයා මල්ලි. නංගාගෙන ගමන් ආරම්භ කලා.. මාවනැල්ලෙන් අපේ ඉලන්දාරි අයියා නැගා... හැමෝටම ගුඩ්මොනිං කියාගෙන... හේම.. දැන් වාහනේ කට කපලා.. මායි ප්‍රියන්ත අයියයි ඉස්සරහා කතාවක්.. ඉලන් අයියයි අනෙක් අයයි පිටිපස්සේ කතාවත්... මෙන්න බොලේ.. ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස ගානවා.. මළසේකර කීවලු හුලන් යනවා වාහනේ.. (ඔන්න මම හිටි පැත්තේ නෙවෙයි)


‍අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්ලු.. කියාගෙන ඒකත් හදාගෙන ආයි පිටත් උනා.. (ටයර් මාරු කරේ අපේ ගීත් අයියයි ඉලන්දාර් අයියයි‍) මගින්  ගීත්අයියා ගානේ උදේ කැමත් අරන් දෙයියනේ කියලා එනවා ඔන්න....


ක්‍රීඩාංගනය පේන මානේදි පොඩි කොල්ලෙක් දුවන් ආවා  බාටා සෙරෙප්පු දෙකක් දාලා මඩ නාගෙන යකඩෝ මේ අපේ පණු මල්ලිනේ... එයා තමා අපිව වෙල් කම් කලේ... ඇදුම් මාර් කරන්න යන ගමන්ලු.. හා පලයන් කියලා අපි  ගියා ඇතුලට.. අපේ ජවසම්පන්න ඉලන්දාරි අයියා.. උණ බම්මුවත් කරතියන් ගිය හැටි මට මේ තාමත් මැවිලා පේනවා.... ඇතින් අපි එන දිහා බල බල අපේ වැප්නි සාන්න අයියා සීනි බොල ටී එකකුත් ඇදන් ටිකට් පොත් හොයනවා රුපියල් සීයට විදින්න... පව්නේ කියලා ඔන්න දුන්නා.. සීයක් දීලා ඇතුලට යද්දිම.. මෙන්න එනවා හයේ හතරේ ඩයල් එක පසන් අයියා.. ඊට එහායින් මරණය අයියා බරටම වැඩ....  සන්දුක්කාර් ඒදිහා බලාලෙන මඩයියයි අභීත අයයිය මේසයක් උඩ වාඩිගෙන ඉන්නවා... සිකේ.... :D


ප්‍රියන්ත අයියයි ළමයා මල්ලියි ඇරෙන්න ඔය සැට් එකම මම ප්‍රථම වතාව දුටුවේ එදානේ.... හප්පේ.. මුන් ‍ පොටෝ වල ඉදලා තියෙන්නේ මේකප් දාගෙනද කොහේද.. හී.. හී.... :D :D


ගිය පයින් අපි වැඩට බැස්සා.... සුකිරි කැටේ වගේ අහිංසකී අක්කත් ඇවිත් පහනේ වැඩ ඇරඹුවා.. අපි සප් එක දුන්නා.. මල් වැල් ගොතලා.. ඒකට අපේ ජනනි,  දිල්  අක්කා වගේම සන්ජු අක්කත් උදව් උනා...


අලේ.. රතට රතේ ඇවිත් අක්කා කෙනෙක් මාව දන්වැයි අහනවා .. නොදන්නේ මොකෝ අපේ බෂ් මව.. රන්දුනා අක්කා නොවෑ... අර සූකිරි කෙල්ලත් එක්ක ඇවිත්....


ටිකකින් සොහොන් ගදක් ඇවිත් වට පිට බලද්දි මෙන්න බොලේ... මාරයා ඇවිත්.... සන්තොසේ බැරුවා... හරිම ළද බොළද පාටයි... දරු කමට හදාගන්න හිතෙනවා...( :‍‍/ හීනෙන් තමා)....  අනේ.. මේ යසට අපි එක්ක කතා කරකර හිටි මාරයා එක පාර ඇවිස්සුනා.... මොහිනි දැක්කනා වගේ... දුවගෙන ගියා දොර දිහාට බැලින්නම් සදුනි ඇවිත්... හනේ.. මම සදුනිවත් දැක ගත්තා. ළගට ගිහින් මාව අදුනනවද අහන කොට " ඇයි තැන්තේ.. සුදු අක්කීනේ......"..  හම්මේ කෙල්ල මාව අදුන ගෙන...


ආයි ටික වෙලාවක් යද්දි නිල් ටී එකක් ගහගෙන කෙල්ලක් දුවන් එනවා පුරුදු ඩයල් එකක් පිටිපස්සෙන් ඒ වගේම ටී එකක් ගහලා කොල්ලෙක් අම්බේ.. ජේ ඩී.... යා කෝ මේකගේ කොන්ඩේ.... ?? මම න‍නොසෑහෙන්ඩ කල් පනා කලා..... ඊට කලින් කම්පනා උනා මේ කෙල්ල ශානු වෙන්න ඔනි කියලා... මයේම නගා උනාට දැකලා තිබුනේ නැහැනේ....


ඔය අතරේ දුවන් අවා කොලු ගැටයෙක්.. අක්ෂරේ පොඩි මහත්තයා... ඒ අස්සේ අභිත අයියා කතා කරනවා බැලින්නම් වියත් රවාට අදුන්වාදෙන්න.... අප්පේ මම ලබපු භාග්යයක්..... කොමෙන් කොම හරි වටේට ඇහැ දාද්දි. නිකමට උඩ බැලුවා... හප්පේ.. කණ්නාඩි දාපු කෙට්ටු කෙනෙක් බැලුම් එල්ලනවා.. හත්දෙයියනේ.. අපේ සොලෝ අයියා..... කියනා දේවල් වල හැටියට  මේ හැටි කුඩා ජීවියෙක් සහ නිහඩ ජීවියෙක් කියලා අනුමාන කලේ නැහැ.. හී.. හී..


කතාවෙන් කතාව පහන ගොඩ... මෙන්න බඩු.....








උත්සවේ පටත් ගත්තැයි කියමු කෝ.. අනේ ඉතින් මෙකී නොකී.. මිතුරු මිතුරියන් එකා දෙන්නා හදුනා ගත්තා.. අපේ අක්ෂර වාසින් වුනු චේ, හම් තුම්, සීතල මල්ලි.. බනියා,ඉරු ඇතුලු පිරිස වගේම මට කියලා යොගට් පේෂල් එකක් කරගත්තු පුස් මලයා... නෙරංජි , කොට අක්කා,  පාසල් අයියා ,ගයාන් තාරක,   චනිද්ක.. ටටූ මලාස් මෙකී නොකී.. අය අතරේ.. මයේ මලයා... සිරී කොලුවා නෙහොත් ආසිරි මලයා... ඒ එක්ක ආපු අපේ දගයා ෆාවර්.. කණා මුට්ටි වීරයා...  හසී නගා වගේම අපේ හසීයා... ගොල්ඩ් ෆිෂ්... හීමු අන්කල්... ඒ අතරේ ආපු මේඝ මානසී අක්කා.... ,අහිංසක මල් දෙකක් එක්ක ආපු අපේ තනෝජා අක්කා...


නම් කියන්න බැරිවුන් අනෙක් හැමොමව දකින්න කතා කරන්න ලැබීම ලොකු සතුටක්..... 





හී.. හී.. අපේ අම්මනම් දැන් පුල්ම වර්චස්.... පණුවාගේ ඉල්ලීම පරිදි සිහින කුමරියට ඉදිරිපත් වීම සහ ඩී ජේ එකේදී නැටීම (වගේ එකක් කිරීම) නිසා....  මගේ ඉතිරිව තිබුණු ලකුණු කැපී ඇත... ඊලග අවුරුද්ද වෙද්දි මහත්තයෙක් හම්බ උනොත් ගොඩ නැත්නම් ආයේ අම්මා එක්ක එනවා නම් බොරු....
ආපහු එදිදි අපේ ඉලන්දාර් අයියගේ සින්දු ටික නම් පන්කාදුයි.. අවසානේ.. රොස මලේ නටුවේ කටූ සින්දුවත් කීවා... " ඉක්මනට සනීප වෙන්න අයියේ.. ඔයාට අහන්න බැරිවුනු මේ අවුරුදු තුනෙම සින්දු මම හොයා දෙන්නම් අහන්න...."


අවසාන වශයෙන්.. අභිත අයියේ සුදු අයියේ.. ඔය වගේ හොද වර්ගයෙ හීනයක් ආයෙත් දකින්න කියලා ප්‍රාර්ථනා කරනවා... ආයෙත් ඒ වගේ ලස්සන දිනයක් උදාවෙන්න......


ප:ලී... පින්තූර හොරකම් කල ඒවාය....

31 comments:

  1. අන්තිමට කිව්ව එක ඇහැව්නේ නැහැ :DDD

    ReplyDelete
  2. හී හී හී එලකිරි පෝස්ට් එක..... අම්මා මාත් එක්ක කීවා මේකේ බැක්ටීරියා වෛරස් වලින් පටන්ගෙන තෝරු මෝරු පිසාචයො හිපාටුවො ඔක්කොම ඉන්නවනේ මේ මොකක්ද කියල. මමත් ඉතින් හිනා වෙලා නිකන් හිටියා. ඒක නිසා තමයි බැනුම් අහගෙන හරි මම අපේ එක්කෙනාව ගෙදර තියල ආවෙ නැත්නම් ඕවට ඉත්තර දීලා මට දිව හපාගෙන මැරෙන්නයි වෙන්නේ. ඇයි බොලන් හොය ගත්තොත් කියන්නේ එතකොට අර ඉන්න මහත්තැන්ට මොකෑ වෙන්නේ? ලබන පාර එයත් එක්ක එමු

    ReplyDelete
  3. ලබන පාර අවුරුදු උත්සවේ *නුවර* ය. ඇහුනද කට්ටියටම????

    ReplyDelete
  4. අලේ අම්මියෝ සංජු අක්කි ඔහොම කියන්න එපා. ඒකත් මඟ ඇරව ගන්න මට බෑ.............

    ලබන පාර බලමු...... :D

    ReplyDelete
  5. හික් හික් හික්.. :D

    ReplyDelete
  6. අපොයි ඇහේ පොටත් ගියා මේක කියෝලා.. :D

    ReplyDelete
  7. මගේ හක්ක පැන්නා.

    ReplyDelete
  8. අහ් ඔයා ආවද....දැක්කේ නෑනේ....ගොඩක් කෙට්ටු ඇති....ඒ හන්දා දකින්න නැතිව ඇත්තේ....

    ReplyDelete
  9. තොට මම කිව්වාය කියලා හිතාගං ගස් ගෙම්බි...
    හම්මපා..මට එන කේන්තියක්...
    පටන් ගත්තු වෙලේ ඉඳලා මාවම කාලා..හිටු මං කොරන්ට හොඳ වැඩක්...

    ReplyDelete
  10. මගේ සුදු අක්කා.. උම්ම්ම්මහ්... ගිවිසුම මම කඩ කලාට මොකද ඔයා කඩ කරලා නෑ... ♥ ♥

    ReplyDelete
  11. ඊලග සැරේ නම් එනවා මයි...අනේ සංජු අක්කේ අපිව අමාරුවේ දාන් එපෝ..කොළඹ එන ටිකත් කොහොම වේයිද දන් නැ...නුවර එන්න ...අප්පේ...

    ReplyDelete
  12. @ සංජු
    ඇහුනෝ. ලබන පාර අපි නුවරට කට්ටය ගෙන්නමු....

    ReplyDelete
  13. අපි නුවර එනවා එහෙනම් ලබන අවුරුද්දේ ඔයාලා හීන දකින්න හොඳද?

    ReplyDelete
  14. හෆොයි නුවරනම් එපෝ............
    මටත් වෙන්නේ හා පැටික්කිට උනදේ තමයි එතකොට

    ReplyDelete
  15. @ වැප්නිසාන්ත අයියා... ඇහුනේ නැති උනාට පෙනුනනේ.. හි.. හී...

    ReplyDelete
  16. @සංජු අක්කා.. අනිවා අනිවා.. ඊළග පාර නුවර ගමු

    ReplyDelete
  17. @ හාවි දළදා වදින්ත් එක්ක එමු හාවි නගේ...

    ReplyDelete
  18. @ බනී... හී.. හී..

    ReplyDelete
  19. @ චන්දික අයියා.. ඒ මොකෝ හලේ..

    ReplyDelete
  20. @ ශාමින්ද.. මොකෝ බුල්ටෝ මගේ.. හක්ක පැන්නේ...?? හී.. හී.. හිනා වෙලාද..

    ReplyDelete
  21. @ හිසියා.. ඒකනේ මල්ලි.. ක්ඤුද්‍ර ජීවියෙක් තරම් උනාම තාටත් පේන්නේ නැහැනේ...

    ReplyDelete
  22. @ මාරයියා... සත්තලනේ ඔයානේ දවසේ චරිතය.. වෙන කා ගාන කතා කරන්නද ඔයා ඉන්නකොට....

    ReplyDelete
  23. @ ළමයා.. අයි ඇම් ගුඩ් ගර්ල්.... (හිටුකෝ.. ආයේ චාන්ස් එකක් එනකල්)

    ReplyDelete
  24. @ නිමේෂා.. ඒකනේ නගා.. අකෂරේ කාන්තා පාර්ෂවය නියෝජනය කලේ මම විතරයි...

    ReplyDelete
  25. @ ප්‍රියන්ත අයියා.. සුදු වැන් වලින් හරි ගිහින් මේ අයව නුවර‍ට ගේමු...

    ReplyDelete
  26. @ හීස නගා.. ඔන්න නගේ මම නිදි හීනේ බලන්න.. හැබැ නිරිම ඔයාලාගේ අතේ...

    ReplyDelete
  27. @ ශෘනි නංගියෝ.. අක්කා බලන්න ඊට කලින් නුවර එන්න වෙයි...

    ReplyDelete
  28. ඔව් ඉතින් තොපිත් එක්ක බලද්දි අපි පොඩි කොල්ලො තමයි.. :D

    ReplyDelete
  29. දුකේ බැරුවා එන්න බැරිවුන එකට ! මොනා කරන්නද ලබන පාරවත් බිසී නොවේවා කියා ප්‍රාර්ථනා කරමි !

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. මදැයි ලබන පාර එන්න බලං හිටියා... කොලඹ නං මොකක් හරි කරගන්න තිබුනා... ඒත් නුවර... අනේ එපෝ....

    ReplyDelete