මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Feb 7, 2011

I am a looser - මම පරාජිතයෙක්





සොයාගත නොහැකි අරමුණක් පසුස යන 
නිමක් නැති ගමනක අතරමග
හමුවුණු හැම අම්බලමක් ළගම 
නැවතුණු අකීකරු හිත
මෙල්ල කරන්න හිතුණා මට
අන්තිමට
නමුත්
සිතිවිලි මෙල්ල නැති කොට
යදම් බැදගෙන සිරකොට තියා ගත්තෙමි හදවත
ඇස් පිපිරී ඉකිබිදුම් පිටාර යනවිට්‍
මට්ටු කරන්න උනා 
හිතුවන්කාර ඇස් දෙකත් මට 
කොයිතරම් හිර කරත්  සිතිවිල්ල
අමාරුයි කොටු කරන්නට යකඩ කම්බි අතර 
පිටාර ගලන ගගක් පරදන
මගේ කවි උල්පත
මතු කලා නේද ඒ කවි හැගුම
දිය යට ගිලුණු බැලුමක් ලෙස සීරුවට
සගවාගෙන මුළු ලොවෙන් මම
ඒ හිතුවක්කාර සිතිවිල්ල
ගුලිඋනා මුල්ලකට
තද කරන් පියාගෙන ඇස්දෙක
මට හොරෙන් ඇස් අගින් ගලන කදුලක
සීතල දැණුනු විට කම්මුලට
ඉක්මනින් පිසදමා සැගවීමි ඒ කදුල
වැටුණු අගාදයෙන් ගොඩට නැග ගන්නට 
මම ගොඩ වුණු ඉනිමගින් 
අතරමගදි පය ලිස්සා වැටුණු කල 
ආයෙත් ගොඩ ඒමක් නැති අගාදෙකට
ඉකිබිද නොහඩා මම 
හිනැහුණා කරුමක්කාර දෛවයට
හදවතින් හිර කරන් ඉකිබිදුම
නොපෙනුනා නොවේ එය නුඹට
ඒත් හිනාහුණා නුඹ මා එක්ක
නොදැන මම හිනැහෙන්නේ
හඩන්නට බැරි කමට වග
වෙඩරු පිඩක් මෙන් මොලොක් වූ හිත
ගල් කරන් තිරුවාණා පතුරක් ලෙස
අදිටනින් යම් හෙට දිනට
නොහඩමි තවත් මම ගැනම හිත හිත
අහිමී වී ගිය සන්තකය
මගේ නොවේ යැයි සපතගෙන
හිදිමි මහ පවුරක් ලෙස
නොහෙලා දුප්පත් මගේ කදුල
ඉතින් කිසිදින නොඑනු ඇත වස්සානය
වසා දැමුවෙමි හදවතේ දොර මම
තිරුවාණා ගලකට
බැරි නිසා කරන්නට ආදරය
යලිත් කිසිදු දිනයක
නොදෙමි කිසිවෙකුට ම‍ගේ හිත
සිතිවිලි සිල් අරන් අද
බිදිණූ බැරිවෙයි කිසිම කෙනෙකුට

6 comments:

  1. කියවලා රසවිදින්නද විඳවන්නද?

    ReplyDelete
  2. දිගම දිගම දිගම...පුන්චි නිසදැසක්....

    ReplyDelete
  3. හිමිවීමට වඩා අහිමිවීම සාමාන්‍යයයි...

    ReplyDelete
  4. අනිසි අය ආවත් කෙතෙක් දිවියට
    හිමි නොවෙයි කිසි දින
    එයයි දෛවය
    නිසි කෙනා පැමිණි විට නිසි කල
    කැඩී බිඳී ගොස් බැඳි සිල් පද
    අහිමි වෙයි තම සිත තමුන් හට

    ReplyDelete
  5. ටිකක් දිග අඩු උනි නම් තවත් සිරාය.
    දිගටම ලියන්න.

    ReplyDelete
  6. *ලස්සනයි අප්පා* සිරාම සිරා...

    ReplyDelete