මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Feb 9, 2011

සුන්දර දවසක්

ඉස්කෝලේ යන කාලේ කොයි තරම් සුන්දරද අපිට ජීවිතේ ආයේ කිසිම කාලෙක ඒ සුන්දර අවදියට ආපහු යන්න බැහැ.. ඒත් ඊයේ මම එක මොහොතකට ඒ සුන්දර ලෝකෙට ගියා... හැබැයි ඒ  සිසුවියක් විදියට නෙවෙයි... අමුත්තියක් විදියට. ඒත් ඒ මොහොත මම සිසුවියක් තරම්ම සැහැලුලුවෙන් වින්දා‍...
මහනුවර ත්‍රිතත්ව විද්‍යාලයේ වානිජ දිනය වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන්න අපේ ආයතනයට භාග්‍යය උදාවුණ නිසා මටත් ඒ සුන්දර පැය කිහිපය ගත කිරිමේ වාසනාව උදාවුනා. ඒ අවස්ථාව සංවිධානය කරලා තිබුනේ ත්‍රිතත්ව විද්‍යාලීය වැනිජ සංගමය. අපි හත්වැනිදා හවස ගිහික් අපේ බැනර් එක දාද්දි මල්ලිලා ටික බරටම වැඩ උණ බට උස්සන් එනවා  කොහු ලණු වලින් කැටයම් ගෙතනවා... වැඩ කෝටියයි.

ඉතින් ඊයේ ඒ කියන්නේ අටවැනිදා උදෙන්ම අපි විද්‍යාලයට යනවිට ඒ මල්ලිලාගේ මහන්සියේ සුන්දර ප්‍රතිඵලයක් ඇතුල් වීම් දොරටුවෙන්ම පෙණුනා..  සුළු සුළු  තාකෂණිත ගැටලු තිබුණත් ඒයාල ලස්සනට සංවිධානය කරලා තිබුණා. එයාලගේ තෙමාව උනේ නිල් මහනෙල් මල. මුළු ශාලාවම ලස්සනට නිල් මහනෙල් වලින් සරසලා තිබුණා. 







 

පිළිගැනීම් අහවර වෙලා විදුහල්පති තුමා සභාට අමතලා ඉවර වුණු ගමන්ම මල්ලිලාගේ වානිජ සංගමයේ වෙබ් අඩවිය එළිදක්වනු ලැබුවා ඊට පස්සේ ගොඩක් දක්ෂ මල්ලිලා කිහිප දෙනෙක් එකතුවෙලා ලස්සන සින්දු ට්කක් කීවා... 

දවසේ ලස්සනම මොහොත උදාවුනේ උත්සවයේ අවසාන භාගයේ..

ආරාධිත පාසල් වල නංගිලා මල්ලිලා‍ වෙනුවෙන් සංවිධානය කරල තිබුණු වෙළද දැන්වීම් ඉදිරිපත් කිරීමේ  තරගය ගොඩක් සුන්දර අවස්ථාවක් උනා... ඒ අවස්ථාව ලස්සන වෙන්න ඒ වෙලාවේ නිවේදන කටයුතු කරපු මල්ලිගේ දක්ෂතාවය ගොඩක් බල පාන්න ඇති. ඒ වෙලාවේ නංගිලා මල්ලිලා රග දක්වපු හැටි ලියන්න තියෙනවනම් මම ගෙඩක් ආසයි... ඒත් එහෙම කලොත් ටේ පොස්ට් එක ගොඩක් දිග වෙයි... ඒ නිසා මම පිත්තූර ටිකක් දාන්නම්...

තරගය අවසානයේ.. නිවේදක මල්ලී කියපු සචන ටික විතරක් මම සදහන් කරන්නම්...

නිවේදක මලිලී:  කවුද එක.........ධර්මරාජ......???? නෑ....... සිල්වෙස්ටර්......???? නෑ.......  ඒහෙනම්.... රණබිම රොයල්......???
ප්‍රෙක්ෂකයින් :   ඔව්..........
නිවේදක මලිලී : හිල්වුඩ්.........????
ප්‍රෙක්ෂකයින්: නෑ........??
නිවේදක මලිලී: රණබිම රොයල්.......????
ප්‍රෙක්ෂකයින්:   ඔව්..........
නිවේදක මලිලී: හිල්වුඩ්.........????
ප්‍රෙක්ෂකයින්: නෑ........??
නිවේදක මලිලී : හිල්ඩුඩ් නෑ...........ඔව්....රණබිම රොයල්.... මිසිස් ෆැරැන්සිස් එන්න  තෑග්ග දෙන්න

මම ලියනවට වඩා එයා ඉදිරිපත් කරපු විදිය අපූරුයි ගොඩක් සැහැල්ලුවෙන්.....








ඒවගේම කියන්න ඔනි ඒ මල්ලිලාගේ ඉස්කෝලේ ගැන තියෙන ආදරය සහ භක්තිය...
ඇත්තමට මට ඊයේ ගොඩක් සතුටු දවසක් ඒ සතුටට හේතුව ඒ මල්ලිලාගේ දක්ෂකම

මට උඹලා ගැන ගොඩක් ආඩම්බරයි මල්ලියේ..... හෙට දවස බාර ගන්න ඉන්න උඹලට ජය.... 

1 comment:

  1. අප්ප...මටත් අපේ සයන්ස් ඩේ කාලේ මතක් උනා අක්කේ....කියලා වැඩක් නෑ..මුල් පාර විභාගේ ඇන ගන්න හේතුව ඒක තමා..ඒත් අපිඋ එකෙක් වත් දුක් උනේ නෑ..අවුරුදු 13ක් ඉගෙන ගත්තු ඉස්කෝලේ වෙනුවෙන් යුතුකම කරා...අද අපි ඒ ගැන සතුටු වෙනවා

    ReplyDelete