මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jan 1, 2011

නව වසරේ නව වෙනස

හැමදාමත් සුදු හංසි කලේ අඩපු එක ඒත් 2011 දී කදුලු සගවන් සිනහසීමේ අහිංසක උත්සහයක් ගන්නවා..
 2011 දී සුදු හංසී  ජීවය ලබන්නේ අරුන්දතියත් එක්ක... නැහැ නැහැ ආයෙත් නම වෙනස් කලේ නහැ... අරුන්දතිය කියන්නේ මම අක්ෂරය වෙනුවෙන් ලියන අළුත්ම නව කතාව... 
 සොයුරියන් දෙදෙනෙක් වටා එතෙන මේ කතාව මම අවුරුදු ගනනක ඉදන් ලියන්න සිහින මවපු කතාවක්
වන්දනා, රන්දනා, ඉසංක, අසංක, තාරුක, චාරුණී, මාලිකා, මහින්ද, වසන්ත   කියන චරිත වටා ගෙවෙන කතාවේ පළමු කොටස අද පළ කලා....  




‍අරුන්දතියට පණ පොවන්න මම ඔයාලගේ අවංක ආදරණිය අදහස් ලැබෙනකල් බලාගෙන ඉන්නවා...

ඔයාලට නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන... සුභම සුභ නව වසරක් වේවා  කියලා ප්‍රාරථනා කරන ගමන් මේ වසරෙත් මගේ අහිංසක තවලමත් එක්ක එකතුවෙන්න ආරාධනා කරනවා.....

2 comments:

  1. සුදු හංසිගේ සිනහව වෙනුවෙන් අපෙන් ඕනිම දෙයක් කරන්නම්කෝ....හැමදාම සතුටින් ඉන්න...ගොඩක් සතුටින්....

    ඔන්න සුදු හංසි නඟාටත් සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය ආදරය කරුණාව දයාව පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

    හැමදාම හිතේ සතුට රැදෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    මෙන්න හසියගෙන් පුංචිම පුංචිම තෑග්ගක් අළුත් අවුරුද්දේ......

    ReplyDelete
  2. ස්තුතියි හසියෝ.......... ගොඩාක් ගොඩාක්..

    ReplyDelete