මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Dec 19, 2010

සෙනෙහසක සටහන

දුක්ඛප්පත්තා ච නිද්දුක්ඛා
භයප්පත්තා ච නිබ්භයා
සොකප්පත්තා ච නිස්සෝකා
හොන්තු සබ්බේපි පාණිනෝ

කෙහෙරැලි අතරින් දුවන අත්තම්මාගේ වියපන් ඇගිලිවල පහස මට දැනේ ඇට කටු වලින් පටන් ගෙන රිදුම්දෙන ශරීරය මොහොනතට පාවෙන සෙයක් මට දැනුනි... පසුබිමින් ඇසෙන්නේ මම කවදත් ආදරය කල හඩින් ඇසෙන අත්තම්මා ගේ පිරිත් මිමිනිල්ලයි, 


ගෙල අගට දැනුනු සීතල සුළන් පහරට ගැස්සී මම දෙනෙත් විවර කලෙමි, ආදරය දෙනෙතෙහි පුරවාගෙන ඔබ මගේ ගිලන් සයනය අසලය... මම බෙහෙත් සැරට වියලී ගිය දෙතොල් මැත් කර සිනා සීමට උත්සහ කලෙමි, ඔබේ දිගු දෑගිලි  මගේ හිසකෙස් අතරින් සෙනෙහෙබර ලෙස දිව යද්දී.. දෙතොලින් ඔබ මා නලලතෙහි මොට්ටුවක් සිත්තම් කලේය... ඇද විට්ටමට බරදී වාඩි වී උන් මා ඔබගේ පපුතුරෙහි මුහුණ හොවා ගතිමි. දකුණතින් හිස පිරිමදිමින් වමත ඔබ මගේ පිට පුරා ආදරයෙන් ගෙන ගියේය...



"ඉක්මනට සනීප වෙයි චූටි මැණිකේ..... බය වෙන්න එපා.. මම ඔයාගේ ළගම ඉන්නම්....." 


මම සදාකල් ලැබේවායි පෙරුම් පිරූ සෙනෙහස මෙයයි.. මම තවත් උනුහුමට ඔබ් පපුවට තුරුලු උනෙමි.

 *******************************************************
********************************
*****************
********

මම දෙනෙත් විවර කිරීමට උත්සහ කලෙමි ‍හිස පුපුරන්න තරම් රිදුම්දේ.. සයනයේ දකුණු පසට අත දිගු කරන්නට උත්සහ කලෙමි, ඒ අත්තම්මාට තුරුළු වන්නටය.... අත වැදුනේ යම් ඝණ ද්‍රව්‍යයකය...ඇගිලි තුඩු වලින් අතගා බැලීමි... බිත්තියයි....මා සිටින්නේ ගෙදර මගේ කාමරයේ නොව.. මේ කොහේද.... මොහොතක් කල්පනා කරන්නට වීමි..... 
 හවස ‍කාර්යාලයෙන් පිටතට පැමිනෙන විටත් මගේ හිසම ගිනියම්ව තිබුනා මතකය.. මටම මා පාලනය නැති නිසාවෙන්ම වැඩිපුර වේදනා නාශක ලග තමා නොගැනීමට මා මටම සපථ ‍කරගෙන තිබූ නිසා.. බෙහෙත් පෙත්තක් ගැනීමට කිලෝමීටරයකට වඩා පයින් යන්නට සිදුවිය. බොඩිමට ගොඩවු අයුරු මට මතක නැත, දවල් ආහාර වේල පාන් කැල්ලකින් පිරි මසා ගන්නට සිදුවු නිසා බත් ටිකක් බෝඩිමෙන් ඉල්ලාගෙන කුස පුරවාගත් සැටිත් බෙහෙත් පෙති අහුර ගිල දමා මොහොතක් විවේක ගත් සැටිත්, මටත් වඩා අසාධ්‍යව රොහල් ගතව සිටින බොඩිම් හිමිකාරිය  බැලීමට රෝහලට ගොස් ඇයට කවා ආ සැටිත් මතකය, වෙලාව බැලීමට දුරකතනය සෙවීමි එයද බැටරි බැසීම නිසා ක්‍රියාත්මක කල නොහැක, .... අත්තම්මාගේ පිරිත් හඩත්... මම විදි සෙනෙහසත් සැබෑවට සිදුවු ඒවා නොවේ...මම යලිත් නිදන්නට උත්සහ කලෙමි.

No comments:

Post a Comment