මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Dec 10, 2010

නොඇසූ පෙම්බස්.....



"සුදු මැණිකේ ...අහන්න..."
"ම්.........."
"ආදරෙයි  නේද ...මට"
"නෑ......."
මම කියද්දි මවාගත්තු නෝක්කාඩුවකින් මහ හයියෙන් හිනා වුනා ඔයා..
"මැට්ටී... පිස්සී.... මෝඩී........"
"ඒ කවුද ඒ....."
‍මම ඇස් ලොකු කරන් ඇහුවා
"ඒ මගේ  අනිත් කෙල්ලො තුන්දෙනා..."
"කෙ..ල්..ලෝ... තුන්දෙනා..???"
"ම්...ඔයා හතර වෙනියා.. මගේ කරුමෙට අත් අරින්න බැරුව ඉන්නේ"
මම තරහෙන් අහක බලා ගත්තා ඔයාගේ අත මගේ බද වටා එතුනා..
"ඔනි නෑ යන්න අහකට..." මම ඔයාගෙන් මිදෙන්න උත්සහ කලා
"බැ..රී..යෝ..."
ඔයා කන්පෙති අද්දරටම දෙතොල් ලං කරල ම්ම්නුවේ රහසින්
"ඇයි කෙල්ලෝ තුන් දෙනෙක් ඉනනේ... මම මොකටද..."
ඔයාගේ මූණෞ ඇදුනේ මම ආසම කරන ඔ පළල් හිනාව
"ඔහේ හිටපුවාවේ...උන්ගෙන් වැඩක් නැහැ"
"ආ....ඇයි..ඒ..."
මම ඇහුවේ නොක්කාඩුවට..ඔයා නිහඩයි....ගොඩා..ක් වෙලා ඈත ක්‍ෂිතිජය දිහා බලාගෙන හිටියා...
"සුදු අය්යේ..මො..කෝ..."
නොක්කාඩු මුහුණ වෙනස් කරගෙන මම ඇහුවාගගසුපුරුදු හුරතල් හඩින්..ඔයාගේ උරහිසේ දැවටීගෙන උන්න මාව ඔයා නොහාතපු වෙලාවක ඔයාගේ උර මඩලට තුරුල් කරගත්තා
"ඇයි මාව මේතරම් වාසනාවන්තයෙක් කලේ සුදු මැණිකේ...."
"ම්....."
"ඇයි‍ මේ තරම්ම මට ආදරේ උනේ...."

video

3 comments:

  1. සුදු මැණිකේලා නම් මතක් කරන්න එපෝ....

    ReplyDelete
  2. මාරම ලස්සනට ලියලා තියෙනවා.. ඔයා දවසක් කිව්ව දෙයක් මතක් වුනා... "මැට්ටී... පිස්සී.... මෝඩී........" වගේ වචන ගැන.. මොන කරුමයක්ද මන්දා මටත් ඕවාමයි කියවෙන්නේ සමහර වෙලාවට.. හික්..

    මේක කියවද්දී ඕං ආයෙත් මට තව එකක් මතක් වුනා.. මූණූපොතේ දී දැකගන්න ලැබෙයි සමහරවිට... :D

    ReplyDelete
  3. ලස්සනයි අක්කියෝ...

    ReplyDelete