මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Dec 5, 2010

ප්‍රෙමතෝ ජායතී සොකෝ

හද පුපුරුවා සොකාලාප ගැයෙන්නේ
නෙත පුපුරුවා උණු කදුලැලි සැලෙන්නේ
සැනසුම් සිතුම් මවෙතින් පැන දුවන්නේ
ප්‍රෙමය නිසා සොව පමණයි උපන්නේ


මට හිමි අහිමි වේ යැයි සිත බියෙන්නේ
දිව රැ සුසුම් හෙලමින් පෙම් පුරන්නේ
අන් ළදුනට ලං වෙයි සිත බියෙන්නේ
මසිතට මමම දුක් දීගෙන පෙලන්නේ

නුඹ මට හොරෙන් අන් ළදුනට බැදෙන්නේ
මසිතින් නුඹට බැදි පෙම පැන දුවන්නේ
පෙම නම් දුකකි ගැලවෙමි මම සිතන්නේ
හිත හිර කරන් ගුලිවී මම සිටිනනේ

නෙත් තෙමු කදුලු වියලී සැනසුමෙන්නේ
සෝගී හෙමින් මට අමතක වියන්නේ
අහිමි බවේ බිය නැතිවී ගියෙන්නේ
දුක බිය නොමැත පෙම මට නැති වුනෙන්නේ

2 comments:

  1. ම්..අට ලෝ දහමේන් කම්පා නොවන්න කියන්නෙ මේකටද මන්දා..ගෑණු ළමයිනට විතරක් නෙමේ මම හිතන්නෙ පිරිමි ළමයිනටත් ඕක ඔහොමම තමා...

    ReplyDelete
  2. බුදු බණ බොරුනොවෙයි සොයුරිය හෑමදාම
    අතිරයි ලොවෙ උපදින මේ හෑමදේම
    හෑකිනම් දිනක මේ හෑමදේ අත් හෑර යාම
    සෑනසුම දෑනේ ඔබට ඉන් නොවරදවම

    ReplyDelete