මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Dec 2, 2010

අපේ ගෙදර

ඔන්න අදත් මම කියන්න යන්නේ චුට්ටක් වෙනස් කතාවක්, මම ඉතින් පහුගිය මාස ටිකේ වැඩිපුර නිවාඩු එහෙම ගත්තේ නැහැනේ.... අර ගිය ආත්මේ ගෙවල ඉවර කරන්න බැරි වුන ණයක් ගෙවන්න මෙලෝ සිහියක් නැතුව දවස් හතම වැඩ කරානේ,    ඒකටත් හරියන්න මේ ටිකේ මම නිවාඩු ගන්නවා...   ප්රේම පරාජය ව්දින්න සතියක් ගෙදර හිටියනේ(ගිය මාසේ 10 වැනිදා ඉදන් 17 වැනිද වෙනකල්) ඒ ටිකේ ගුලට රිංගපු මීයා වගේ කාමරේටම වෙලා හිටිය නිසා.. වැඩිය දැනුනේ නැහැ...ඇයි ඉතින් බැනුම් රසේ පහස විද විද නේ උන්නේ... හික්  හික්  .... අපේ අම්මා බනින්නේ.... “ආදරේ නැත්තම් පිස්සුවෙන් පස්සේ යන්නේ මොකද?” කියලා... අත්තම්මා බනිනනේ....... “කෝ... ලස්සනට හිටියා....ඇයි දැන් ඔය කො තිබුණ ලස්ස්න... වැරහිලා ගිහින්......” අප්පච්චි බනින්නේ.... “ මගේ ආරස්සාවෙන් ඇත් වුණා විතරයි.... හැදියාව ඉවරයි..... දැන්.... ඔනි නැ රස්සාවල් එනවා ගෙදර.....” හප්පේ... ..... ගෙවා ගත්ත අමාරුව ඒ දවස් ටික..... මං ඉතින් හයියෙන් සින්දු දානවා... මූඩ් එක වෙනස් වෙන්න... බූට් සින්දුවක් දාපු ගමන් අම්මා එනවා රොකට් එක වගේ.... “වහනව ඔය සින්දුව.... මකනවා ඔය කොල්ලගේ පොටෝ කොම්පියුටරෙන්.... තියා ගන්නේ නැහැ එකක් වත්....”... දැන් මතක් වෙනකොටත් හිනා.....  


දැන් මට ඔව්වා මතක් වෙන්නේ මං ‍අද නිවාඩු පිට ගෙදරනේ ඉන්නේ.. ගෙදර කියන්නේ ඉතින් සුන්දර නුවරඑළයේ... මේ දවස් වල නිවාඩු දවස් දෙකේ පහුගිය දවස් වගේ දුක් කතා නැ... සාමාන්ය්යි..... චුට්ටි චුට්ටි බැනුම් පාරවල් නං එල්ල වෙනවා.. මං ඒවා ඩෝන්ට් කෙයා ද‍ාල ඉන්නවා..  මට ඉතින් ගෙදර ආවා කියන්නේ සුර සැප තමා (බැනුම් අතර උනත්) කාල කාල ඉවරයක් නැහැ... අත්තම්මා ඉතින් මොනදේ කැවත් මගේ පන්ගුව ඉතුරු කරන් ඉන්නවා.... මී කිරි..නැවුම් පළතුරු.....කොස් ...... පොළොස්...... මැල්ලුම්... දිවුල් බීම.... ඉදි ආප්ප.. අග්ගලා.. හැලප... කියල නිම කරන්න බැරි වට්ටෝරුවක්.....       මටත් ඉතින් බොඩිමේ පරිප්පුයි සම්බෝලයි කාල වාත වෙලා ඉන්න එකේ ඒවා දිවිය බෝජන තමා.....


අපේ ගෙදර තියෙන්නේ නුවරඑළිය බදුල්ල ප්රකධාන පාර අද්දර.. ළගදි කාපට් එහෙම කරපු නිසා.. පැත්තම ලස්සනයි










මේ.... මේ .......කස්ට්ය ඉරිසියා කරන්න එපා මෙතනින් තමා මම බස් එකෙන් බහින්නේ, මේ මගේ දුප්පත් පෝන් බබාගෙන් ගත්ත පොටෝස් ඉතින් එඩිටි කරල එහෙම නැහැ... ඔය තියෙන්නේ රියල් එව්ව තමයි. හැබැ ඇහින් දකිද්දි මීට වඩා ලස්සනයි 


බොරු කියන්නේ මක්කටැයි මේ මම අද ගත්තු පොටො එකක් නෙවෙයි, අද මෙහෙට වහිනවා නැතිවෙන්න...  අනික මගේ පෝන් බබා අත්තඩංගුවේනේ...  අම්මිගේ පරණ කබලක් පාවිච්ච් කරන්නේ ඒකේ කැමරා නැ....    
මම ඉතින් මෙහෙට ගොඩක් ආස මේ සුන්දර පරිසරය නිසා තමයි, ඉන්ටකෝ තව පොටෝ කැලී ටිකක් දාන්නම්...










මේ පාරට අපේ මහ ගෙදර පේන විදිය... 





























































මේ ගෙදර ඉදන් බලද්දි පේන විදිය... අපේ ගම... කියන්නේ බැලුම්ගල කියලා....









ඔය මදැ.... නේද... දැනට ඔච්චරයි ‍තියෙන්නේ.. උදේට පෝන් බබා ඉල්ලගෙන ඉර පායන වෙලාවට තව පොටෝ ටිකක් ගහන්න උත්සහ කරන්න ඔනි, ඉර පායන දසුන තමයි ගෙදර මිදුලේ ඉදන් බලන්න පුළුවන් ලස්සනම දසුන (වැඩේ කියන්නේ මම නැගිටිද්දි ඉර මුදුන් වෙන එකයි)
මේ තමයි ඉතින් අපේ ලස්සන ගෙදර... මගේ හීනයක් තියෙනවා මෙතන ලස්සන ගෙස්ට් හවුස් එකක් කරන්න... ඒත් අම්මි තාම අවසර දුන්නේ නැහැ...


මමත් හොද පරිසර ලෝලියෙක්, අපේ අප්පච්ච්ගෙනුයි ඒක ඉගෙන ගත්තේ.. මේ තැනම අපේ ගෙදර හදන්න අපි පුංච් කාලේ ඉදන් අප්පච්චි හීන මැව්වා... ඒත් දැන් .. ගෙදර ඉන්නේ අම්මියි අප්පච්චියි අත්තම්මයි විතරයි... මමයි මල්ලියි දෙන්නම නුවර නේ.... ඔය ලස්සන මල් සේරම වවන්නේ අපේ පිය තුමා තමයි... 


මම ඉතින් ගෙදර ආවම කල්පනා කරන්නෙම මොකට මම අර හුන්ඩු බෝඩිං කාමරේ දුක් විදිනවද කියලා... දාඩිය දාගෙන.... බස්වල තෙරපිලා.. තනියම දුක් විද විද.. මහ ලොකුවට ‍ෙජාබ් කරනවා...මේ ලස්සන ගෙදරින් ගිහින්... ඒත් ඉතින් මක්ක කියල කරන්නද... අපේ සුදුසුකම් වලට හරියන රැකියාවන් මේ පැත්තේ නැහැ.. තියෙන රැකියා වලට සුදුසු වැටුප් නෑ...  එකනේ අපිට නුවර කොළඹ දුවන්න වෙන්නේ...


ඉතින් මම හිතුවා දැන් හැම සතියෙම එන්න ගෙදර... වියදම සැරයි ඒත් සැනසුම ඉහලයිනේ..... 
මේ වතාවේ මට සුන්දර අත් දැකීමකුත් ලැබුණා... අපේ ගෙදරට වතුර දෙන්නේ ප්රා දේශිය සභාවේ ටැප් ලයින් එකින්... දිගටම වැස්ස නිසා බට නායකට අහුවෙලා... වතුර නැහැ ටැංකි දෙකම හිස්.... හ්..ම් ඇදපන්කෝ වතුර... දැන්... පරණ කලයකුයි බාල්දි තුනකුයි අරන් අම්මියි අත්තම්මයි අපේ නැයො වෙන මල්ලි කෙනෙකුයි ගියා වතුර ගේන්න.. මහ පාර අයිනේ උල්පතකින් තමයි වතුර ගන්නේ... කලෙයි බකට් තුනමයි පිරෙව්වා කියමුකෝ... මම පණ්ඩිත ආච්චිනේ ගත්තා කළේ උකුලට.. චන්ඩි රැජින වගේ.. ඒක මට හුරුත් නැති නිසා ඇවිද ගන්න අමාරුයි .. මීටර් සීයක් විතර ප්රනධාන පාරේ එන්නත් ඔනි... අතත් රිදෙනවා උකුලත් රිදෙනවා... අපහසුව පෙන්නුවොත් නින්දාව..  ඉවසන් ආවා... හරි විහිලුව ත්රීි ක්වාටක් ගහගෙන කලේ උකුලෙ තියාගෙන  එනව මහ පාරේ...ඒ මදිවට ඇඹරෙන්න ගිහින් වතුර ටිකකුත් හැළුනා... පිරුණු කලේ දිය නොසැලේ නේ... ඒකත් මදැ... දැන් කලේ වතුරත් හැලෙනවා.... වැස්සකුත් එනවා... කෝම කෝම හරි හිතේ ධෛර්යයෙන් ආව ගෙදරටම... හෆොයි ආයේ නං මම නෙවෙයි කලෙන් වතුර ඇද්දේ.... බාල්දියෙන්ම පමණයි.... හික්.... හික්... ඒ උනාට මම පොඩි කාලේ (අවුරුදු හතරක් පහක් කාලේ)... මම පොඩි ප්ලාස්ටික් කලේකින් වතුර ඇද්දා ඒ දවස් වල ගෙදරට වතුර තිබුනේ නැහැ...  දැන් ඉතින් ‍අවුරුදු හතකට කිට්ටු වෙන්න කොම්පිටුටරෙන් එහා ලෝකයක් නැනේ... අතපය හොරවෙලා... මං කල්පනාකලේ දුප්පත්රස්සාවක් හරි කරන් ගෙදර ඉන්න තියෙනවනං හොදයි කියලා....ඒත් ඉතින් නිදි මරාගෙන දුක් විදගෙන මමම හම්බ කරගෙන වියදම් කරල ඉගෙන ගත්තු ඒවටත් වටින කමක් දෙන්න ඔනිනේ..... ඉතින් මොනා කරන්නද... සියල්ල සම සිතින් ඉවසනව වගේ... ‍ගමයි නුවරයිත් විදගන්නවා.....
.............................................*********************......................................................
ඔන්න එක සුරංගනාවියක් උදේම නැගිට්ටා.. ඉර පායනවා පොටෝ ගහන්න.... අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්ලු....අද ඉර පායන්නෑ....  බලන්නකෝ වෙලා තියෙනදේ.....


video




මේ මීදුම.... හික්.... හික්... මම පුංචි කාලේ අපේ ආතා මෙහෙම දවසට මාව බයකරනවා අහස කඩාවැටිල කියලා.. මට මතක්වෙන්නේ අර පස්ස නොබල දුවපු හාවව...  (අපේ බනී කොලුව නෙවෙයි මේ උදේ පාන්දර මතක් කරන්නම කෙනා...මූණු පොතේන් මට මඩ ගහ ගහ හඃහේහ්)


ලස්සනයි නේද දර්ශනය.... “සුදු පාට මීදුම් ගලාලා.... අර පේන කන්දේ හැපීලා......” කියල ‍ජෝති පාල මාමා කිව්වලුනේ.....
විඩියෝ එකෙන් ඔයාල නොදැනෙන මිහිරක් සැබැවට විදින්න පුළුවන් ඒ මොකක්ද දන්නවද...මීදුම් සුවද.... ඒක පුදුම සුවදක්.... ෂා.... ඇස් පියාගෙන විදින්න ඔනි.. නාස් පුඩු අතරින් යන සීතලත් එක්ක ඒ මිහිර විදලම බලන්න ඔනි.... නුවරළුළිය පැත්තේ ආව වෙලාවක් මං කියනවට ම්දුම් වැටෙන වෙලාවට හයියෙන් හුස්මක් අරන් බලන්නකෝ...... 

12 comments:

  1. දහසක් බැදක මැද....පොස්ටි එක දඅම්මා..... :)

    ReplyDelete
  2. බැරිද අපිට ඔය පැත්තේ ඇවිත් යන්න එන්න :-D

    ReplyDelete
  3. මාරයිනෙ අක්කේ...මේ වගේ ගෙදරක ඉන්න තියෙනවනම් මරේ මරු...කොච්චර ලස්සනද..අපිට කොයින්ද මේ ‍වගේ පිනක්..ඔයා ඒ අතින් නම් හරිම වාසනාවන්තයි..නැද්ද ඔය පැත්තෙ විකුණන ඔය වගේ ඉඩමක්..

    ReplyDelete
  4. හලේ............ මරු අෆ්ෆා.........
    හලි හලි අපි ලඟදිම ඔහෙ එනවා අක්කා........
    හික්xxxxx
    ගහල පන්නගනිද මන්දා ;)

    ReplyDelete
  5. පින්තූර ටික දැක්කහම දුවගෙන එන්න හිතෙනවා නිවාඩුවක් ගත ගක‍්රලා යන්න.

    ReplyDelete
  6. I invite you to follow my blog.

    ReplyDelete
  7. හ්ම්ම් මේක දැක්කම මටත් ගෙදර මතක් උනා. අපේ ගෙදර තියෙන්නෙ beach එක අයිනෙමයි. ගෙදර ඉන්නවනම් වෙලා තිබුනොත් ඉර බහිනව බලන්න යනවමයි. මටත් ඔය ගැලපෙන රස්සාවල් නැති හේතුව නිසාමයි කොළඹ එන්න උනේ. ආව මුල් කාලෙ හැම සති අන්තෙකම ගාල්ලෙ දුවනව. පස්සෙ මාසෙට දෙපාරක්. ඊට පස්සෙ office වැඩ වලට රට රටවල යන්න උනාට පස්සෙ, ලංකාවෙ ඉන්නව නම් මාසෙට සැරයක්. රට හිටියොත් ලංකාවට ආව දවසට පහුවෙනිද ගෙදර යනව.ගෙදර තියෙන සැපත් එක්ක බැලුවම හිතෙනව අය්යෝ ඇයි මේ සල්ලි පස්සෙ දුවන්න කාමරේක හිර වෙල ඉන්නෙ කියල.

    ReplyDelete
  8. මාර ලස්සනයි අප්පා... මාවත් එක්ක ගෙන යන්නකො...

    ReplyDelete
  9. හරිම ලස්සනයි ,මටත් ඔය පෑත්තෙ අවුරුදු 4ක විතර සුන්දර මතකයක් තියනව.ඉස්සර සුදුම සුදු පාට මිදුමෙන් කදු වෑහිල යනව බලන්න මම් කොච්චර ආස උනාද?

    ReplyDelete
  10. අද ලියලා තියෙන විදියකම් ලස්සනයි.. ගෙදර තියෙන තැනත් මාර සෝයි වගේ.... :)

    ReplyDelete
  11. මාර ලස්සනයි අක්කී
    අපි පින් කරල නෑ ඔය වගේ පලාතක ඉපදෙන්න

    ReplyDelete